ඇඟළුම්හල් 200 මකර කටේ සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් 200 ක් පමණ ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව ඇතුළු ප්‍රශ්න හේතුවෙන් කඩා වැටීමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි. 01 July 2022
මහබැංකු අධිපතිට වසර හයක සේවා දිගුවක් ලංකා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ජූලි 04 දින සිට ක්‍රියාත්මක වන පරිදි තවත් වසර 06කට මහ බැංකු අධිපති ධුරයට පත් කෙරේ. 30 June 2022
වගා සංග්‍රාමයට සජබ සහ ජවිපෙ එකතු කරගන්න රටේ ආහාර සුරක්ෂිතතාවයක් ඇති කිරීම සඳහා ඇරැඹූ වගා සංග්‍රාමයට සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ද එකතු කර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අහාර සුරක්ෂිතාව පිළිබඳ කමිටුවට අද පැවසීය. 30 June 2022
සජබේ විරෝධයට මහා පිරිසක් ඉන්ධන, ගෑස් හිඟය, බඩු මිල ඉහළ යාම, විදුලි කප්පාදුව ඇතුළු ජනතාව මුහුණ දෙන අර්බුදය සහ ජනාධිපති අගමැති එම ධූරවලින් ඉවත් වන්නැයි බල කරමින් සමගි ජන බලවේගය කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් අද(30)ආරම්භ කළ විරෝධතාවය විශාල පිරිසක් සහභාගී වූහ. 30 June 2022
කට පුංචා කොලොන්නාවට බසී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු කොලොන්නාව හන්දියේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නීහාල් තල්දුව මහතා පවසයි. 30 June 2022
ඇමෙරිකානු තානාපතිනියගෙන් ජනපතිට තවත් පොරොන්දුවක් ආර්ථික ගැටළුවට විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා උත්සාහයට හැකි උපරිමයෙන් සහය වන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (30) පොරොන්දු වූවාය. 30 June 2022
කටාර් චැරිටි අරමුදලට පනවා තිබූ තහනම ඉවතට කටාර් චැරිටි පුණ්‍යායතනයේ අරමුදල සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පනවා ඇති තහනම ඉවත් කිරීමට තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එම පුණ්‍යායතනයේ නිලධාරීන්ට දැනුම් දී ඇත. 30 June 2022
කදිනල්ගේ ඉල්ලීමට මැති සබේ පිටුපායි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඉතිරි වෙළුම් 87 ප්‍රසිද්ධ කිරීමෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි විය හැකි නිසා ඒවා ලබාදීමට නොහැකි බව පාර්ලිමේන්තුවෙන් දැනුම් දී ඇතැයි කොළඹ අගරදගුරු පදවිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 30 June 2022
ඉන්ධන නැතිව ගිලන්රථ ගිලන්වෙයි රෝහල් රැසක ගිලන්රථ, ඖෂධ ප්‍රවාහන ලොරි රථ හා ජෙනරේටර් සඳහා ඉන්ධන ලබාගැනීම මේ වන විට ගැටලුවක් වී ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි. 30 June 2022
ගෑස් මෙට්‍රික්ටොන් 100,000ක් ගන්න ගිවිසුම් අත්සන් කරයි මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ලිට්රෝ ගෑස් සමාගම එල්.පී ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක් ලබාගැනීමට අද (30) ගිවිසුම් අත්සන් කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි. 30 June 2022
පාර්ලිමේන්තු රැස්වීම් දින තුනකට සීමා වෙයි ඉන්ධන ප්රශ්නය හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් දින 3 කට සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ තීරණය කළේය. 30 June 2022
බස් නැති අවස්ථාවක ගාස්තු වැඩිකිරීම අසාධාරණයි පෞද්ගලික බස්රථවලින් සියයට 90ක් ධාවනය කළ නොහැකිව මගීන් අසීරුතාවට පත්ව සිටින අවස්ථාවක බස් ගාස්තු වැඩිවීම අසාධාරණ බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. 30 June 2022
සජිත්, බුද්ධිකට ලොකු වැඩක් පවරයි ජනතාව ඉල්ලන සමාජ ප්‍රතිසංස්කරණ ඉටුකිරීම සඳහා විපක්ෂ නායක කාර්යාලයෙන් පිහිටවූ ජාතික වැඩපිළිවෙළක් සැකසීමේ මහලේකම් කාර්යාලයේ ප්‍රධාන ලේකම් ලෙස මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පත්කර තිබේ. 30 June 2022
ධීවරයන්ට අනතුරු ඇඟවීමක් පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ අද (30) දිනයේදීව රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 30 June 2022
තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධුරයට ජයන්ත ද සිල්වා ජයන්ත ද සිල්වා මහතා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධුරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (30) පත් කරනු ලැබීය. 30 June 2022
මන්ත්‍රී තොරතුරු මැතිසබා වෙබ් අඩවියෙන් ගැලවේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලිපින සහ දුරකතන අංක පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් හදිසියේම ඉවත් කරනු ලැබ ඇත. 30 June 2022
වී ගොවීන්ගේ වෙනත් බෝග වලටත් වැඩි සැලකිල්ලක් යුරියා පොහොර ලබා දෙන අවස්ථාවේ වී ගොවීන් අස්වනු නෙළා අවසන් නම් ඔවුන්ට යුරියා පොහොර වෙනත් බෝගවලට යොදා ගැනීමට අවස්ථාව සලසා දිය යුතු යැයි කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 30 June 2022
චීන තානාපති-ධම්මික පෙරේරා අතර හමුවක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චි චෙන්හොන්ග් මහතා සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා අතර හමුවක් පැවැත්විණ. 30 June 2022
ගනේමුල්ල අවිගබඩාවෙ භාරකරු වෙඩි වැදී මරුට ගනේමුල්ල විශේෂ කාර්ය බලකායේ අවිගබඩාවෙ භාරකරු ලෙස සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු අද (30) උදෑසන මරුමුවට පත් ව ඇතැයි පොලිසිය පවසයි. 30 June 2022
බස් ගාස්තු අද රාත්‍රී සිට ඉහළට බස් ගාස්තු අද (30) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 22 කින් ඉහළ දමන බව ජාතික ගමනාගමන කොමිසම උසස් නිලධාරියකු ලංකාදීපයට පැවැසීය. 30 June 2022
’’වැඩබැරි ආණ්ඩුව ගෙදර යවනවා’’ වැඩ බැරි, ජනතාව ප්‍රතික්ෂේප කළ ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙදර යවන සටන සමගි ජන බලවේගය ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී පැවසීය. 30 June 2022
22 සංශෝධනය ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කෙරේ විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත 30 June 2022
ලක්ෂ නවයක ඉන්ධන එස්.ටී.එෆ් දැලේ ගිරාඳුරුකෝට්ටේ නිවෙසක සඟවාගෙන තිබූ රුපියල් ලක්ෂ නවයකට ආසන්න වටිනාකමින් යුත් ඉන්ධන තොගයක් සමග එක් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි. 30 June 2022
වටිනා පිළිමයක් විකුණන්න ගිය අයෙක් මාට්ටු පෞරාණික වටිනාකමක් ඇති රත්‍රං බවට සැක කෙරෙන පිළිමයක් වංචණික ලෙස විකිණීමට තැත් පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි. 30 June 2022
ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජය වහාම ඉවත් විය යුතුයි සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කර ඇති රට ගොඩ ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජය වහාම ඉවත් විය යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවසීය. 30 June 2022
ඇමෙරිකා නියෝජිතයෝ සජබ නායකයන් හමු වෙති එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා නියෝජ්‍ය රාජ්‍ය සහකාර ලේකම් කෙලී කීඩර්ලින්,එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියාව සඳහා වන භාණ්ඩාගාරය බාර නියෝජ්‍ය ලේකම් රොබර්ට් කැප්‍රෝත් යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ සමගි ජන බලවේගයේ නායකයන් අතර හමුවක් පැවැත්විණ. 30 June 2022
උපරිම සිල්ලර මිල - බර සටහන් කිරීම අනිවාර්යයි පාරිභෝගිකයා සිල්ලර මිලට මිලදී ගනු ලබන සියලුම වෙළෙඳ භාණ්ඩවල අවසන් ඒකකය අඩංගු ඇසුරුමේ උපරිම සිල්ලර මිල සහ බර ඇතුළු තොරතුරු 7 ක් සටහන් කිරීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. 30 June 2022
’කොවිඩ් 19’ වෙනස් වෙලා: අවසන් නෑ ‘කොවිඩ් 19’ කොරෝනා වසංගතය වෙනස් වෙමින් පවතින නමුත් එය තවමත් අවසන් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ අනතුරු ඇඟවූයේ, රටවල් රැසකින් ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගේ වැඩි වීමක් පෙන්නුම් කරන බැවිනි. 30 June 2022
හක්මන ඉන්ධන හලක තෙල් මඟඩියක් හක්මන බෙලිඅත්ත පාරේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන අවසන් බව පවසා හිතවතුන්ට හොර රහසේ ඉන්ධන නිකුත් කරන බව දින ගණනාවක සිට පෝලිම්වල සිට පාරභෝගිකයෝ පවසති. 29 June 2022
‘‘ජාත්‍යන්තර මට්ටමේ රෝහල් සහ ප්‍රමාණවත් මානව සම්පත් රට තුළ තිබෙනවා‘‘ වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණෙන සංචාරකයින්ගේ ගමනාන්තයක් බවට පත් කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ රෝහල් සහ ප්‍රමාණවත් මානව සම්පත් රට තුළ ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. 29 June 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026