හිටපු ඇමතිගේ අවුරුදු සාජ්ජයේ දී දෙපිරිසක් ගැටේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අවුරුදු සාදයේ දෙපිරිසක් ගැටී දෙදෙනෙකු තුවාල ලබා නාවලපිටිය රෝහලට ඇතුළත් කොට ඇතැයි නාවලපිටිය පොලිසිය පවසයි. 17 April 2022
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම අනිද්දා සිට රජයේ පාසල්වලට 2022 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම අනිද්දා (19) රටපුරා සියලුම පාසල්වල සිදුවන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 17 April 2022
’’විගණනයට මම සූදානම්’’ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේම ආදායම් සහ වත්කම් විධිමත් විගණනයට ලක් කළ යුතු බවත් එම කටයුත්ත තමාගෙන් ආරම්භ කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවත් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවැසීය. 17 April 2022
නාමල්ගෙන් තොණ්ඩමන්ට යළි ඇරයුම් ලංකා කම්කරු කොන්ග්‍රසයට යළිත් රජය සමග එක් වි කටයුතු කරන ලෙස හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ලංකා කම්කරු කොංග්රස් ආරාධනාවක් ලැබුණු බව කම්කරු කොංග්රස් ජාතික සංවිධායක පි.සත්තිවේල් මහතා පැවසිය. 17 April 2022
ජේතවන දා ගැබට නැග්ග අයකු අල්ලයි අනුරාධපුර පූජා භූමියේ පිහිටි ඓතිහාසික ජේතවනාරාම චෛත්‍යය මුදුනට නැග විරෝධතාවයේ නිරත වූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලීසිය පවසයි. 17 April 2022
පාසල් කාලය පැය දීර්ඝ කිරීම අත්හිටුවයි රජයේ පාසල් පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කිරීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටුවූ බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 17 April 2022
යතුරු පැදිය ඇළට වැටී දෙකක් රෝහලට දෙකක් මරු තුරුළට දඹුල්ල වෑමැඩිල්ල ජලාශයේ වාන් ඇළට වැටීමෙන් පාසල් සිසුන් දෙදෙනකු මියගොස් තවත් සිසුන් දෙදෙනකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කළ බව දඹුල්ල පොලිසිය කියයි. 17 April 2022
අලුත් කැබිනට්ටුව ගැන ජනපති හිටපු ඇමැතිවරුන්ට කියයි ආණ්ඩුවේ කටයුතු පවත්වාගෙන යාම සදහා සීමිත කැබිනට් මණ්ඩලයක් පත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයේ හිටපු ඇමැතිවරුන්ගේ හමුවේ දී ප්‍රකාශ කර ඇත. 17 April 2022
ජන අරගලයට ශක්තිය දෙන්න සජබෙන් යෝධ පා ගමනක් ආණ්ඩුවට එරෙහිව යෝධ පා ගමනක් ලබන 24දා මහනුවරින් ආරම්භ කිරීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත. 17 April 2022
අත්‍යවශ්‍ය සේවාවලට ඉන්ධන සීමා නෑ අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන සීමාවන් බල නොපාන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. 17 April 2022
බොහෝ පළාත්වලට අද වැස්ස නෑ පළාත් කිහිපයකට හැර සෙසු ප්‍රදේශයන්හි අද (17) දිනයේදී වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 17 April 2022
මුදල් ඇමැති ඇතුළු පිරිස අයි.එම්.එෆ් යති ශ්‍රී ලංකාව පත් වී තිබෙන මූල්‍ය අර්බුදයට විසදුම් සොයා මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා ඇතුළු කණ්ඩායම ඇමෙරිකාවේ වොෂින්ටන්බලා අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය . 17 April 2022
‘‘ජනතා උද්ඝෝෂණ මර්දනය නොකරන්න‘‘ රට මුහුණදී සිටින අර්බුදයට දීර්ඝ කාලීන විසඳුමක් ලබා දෙන තෙක් අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය ඉවත් කර ජනතාවට යම් තරමකින් හෝ පිළිගත හැකි පක්ෂ විපක්ෂ දෙපාර්ශවයම ඇතුළත් අමාත්‍ය මණ්ඩලයක් පත් කළ යුතු බවත් එම විසැඳුමින් බැහැරව ජනතාවගේ සාමකාමී උද්ඝෝෂණය කවර ආකාරයෙකින් හෝ මර්දනය කරන්නට රජය කල්පනා කරන්නේ නම් එය ඉතිහාසයෙහි කිසි දිනෙක නිවැරැදි කරගත නොහැකි වරදක් වන බවත් බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසයි. 16 April 2022
ගෝල්ෆේස් විරෝධයට සහාය දෙන්න මාතරත් විරෝධයක් කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන රජයට එරෙහි විරෝධතාවයට සහාය දක්වමින් මාතර නගරයේ ද අද විරෝධතාවක් ආරම්භ කෙරිණි. 16 April 2022
‘‘බන්දු මිලානෝ කොන්සල්වරයා ලෙස පත් කර නෑ‘‘ ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා මිලානෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස පත්කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 16 April 2022
මාතර දී නිපුණට විරෝධයක් මතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතාට අද (16) මාතර ඌරුබොක්ක හීගොඩ ප්‍රදේශයේ දී කිසියම් පිරිසක් හූ තබමින් විරෝධය පල කර තිබේ. 16 April 2022
මාළු අල්ලන්න ගිය දෙදෙනා අකුණු සැරෙන් මරුට ධිවර කටයුතු සදහා පුල්මුඩේ කලපුවකට ගොස් සිටියදි අකුණු සැර වැදි මියගිය දෙදෙනකුගේ මළ සිරුරු දෙකක් අද සොයාගත් බව පුල්මුඩේ පොලිසිය කියයි. 16 April 2022
20 ජාතික විරෝධතා දිනයක් කර වැඩවර්ජනයකට මෙම මස 20 වැනි දින ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කරමින් වැඩ බිම් තුල අඛණ්ඩව වැඩවර්ජනයක් දක්වා වැඩකරන ජන විරෝධය ඒකරාශී කිරීමට වෘත්තීය සමිති තීරණය කර ඇති බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පවසයි. 16 April 2022
රජයේ වත්මන් තත්ත්වය ගැන සාකච්ඡා වට කිහිපයක් වර්තමානයේ පවතින කාරණා පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් අද (16) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 16 April 2022
පියා-පුතා දුම්රියේ ගැටී මරුට මුහුදු බඩ දුම්රිය මාර්ගයේ බලපිටිය පාතෙගම්ගොඩ දුම්රිය හරස් මාර්ගයේදී අද (16) යතුරු පැදියක් දුම්රියේ ගැටී එහි ගමන්ගත් පියා සහ පුතා මියගොස් ඇතැයි අහුන්ගල්ල පොලිසිය කියයි . 16 April 2022
ගාලු මුවදොර සෙලියුලර් ඇන්ටනා ඩයලොග් ඉවත් කරයි ගාලු මුවදොර ධාරිතා වැඩිදියුණු කිරීමේ විසඳුම සම්බන්ධයෙන් මහජනතාව විසින් කරන ලද පැමිණිලි සහ අදහස් සැලකිල්ලට ගනිමින් අදාළ cellular antenna ගලවා ඉවත්කිරීමට ඩයලොග් සමාගම තීරණය කර ඇති බව ඩයලොග් සමාගම දන්වයි. 16 April 2022
‘නව කැබිනට්ටුවේ ඇමැතිකම් බාර ගන්නේ නැහැ‘ ඉදිරි දින කිහිපයේදී පත් කරනු ලබන කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධූරයක් තමා බාර නොගන්නා බව හිටපු වෙළෙඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත. 16 April 2022
හිටපු ඇමැතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් හිටපු ඇමතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද(16) පස්වරු 4:30 ට පැවැත්වේ. 16 April 2022
විශ්වාසභංග යෝජනාවට ටී.එන්.ඒ සහයත් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කෙරෙන විශ්වාසභංග යෝජනාවට දෙමළ ජාතික සන්ධානයද සහය ලබාදීමට තීරණය කර ඇත. 16 April 2022
පෞද්ගලික බස් වලට ලංගම ඩිපෝවලින් ඉන්ධන අන්තර් පළාත් පෞද්ගලික බස් රථවලට ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) අඛණ්ඩව ඉන්ධන ලබා දෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය. 16 April 2022
ගමේ ගිය අයට කොළඹ එන්න පෞද්ගලික බස් 1000 ක් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 1000 කට අධික සංඛ්‍යාවක් ධාවනයේ යෙදවෙන බව ජාතික ගමනාගමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පැවසීය. 16 April 2022
ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂ වලින් නිවේදනයක් ආණ්ඩුවට එරෙහිව රට පුරා පැවැත්වෙන උද්ඝෝෂණ සහ විරෝධතා වලට සහාය පළ කරමින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ආණ්ඩුවෙන් ඉවත් වූ හවුල්කාර පක්ෂ ඇතුළු කණ්ඩායම තීරණය කර ඇත. 16 April 2022
ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් යළි ආණ්ඩුවට ගැනීමේ මෙහෙයුමක් ? ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් යළි ආණ්ඩුවට ගැනීමේ මෙහෙයුමක් මේ වනවිට ආරම්භ වී ඇතැයි වාර්තා වේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙම මෙහෙයුම ආරම්භ වී ඇති අතර,ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරුන් කිහිපදෙනකු ද ඊට සම්බන්ධ වී සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 16 April 2022
ඉන්ධන ප්රශ්නය විසඳන්න ජනපති ඛනිජ තෙල් ප්‍රධානීන් කැඳවයි ඉන්ධන ප්රශ්නය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධානීන් ඇතුළු අදාළ ආයතන ප්‍රධානින් සමඟ විශේෂ සාකච්ඡාවක් මේ වනවිට ආරම්භවී ඇතැයි වාර්තා වේ. 16 April 2022
අගමැතිකම අතහරින්නැයි විමල්-ගම්මන්පිල ඉල්ලයි නව අග්‍රාමාත්‍යවරයකු යටතේ අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගැනීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉවත් වන්නැයි ආණ්ඩුවෙන් ඉවත් වූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් අගමැතිවරයා හමුවී ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. 16 April 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026