හිමිනම ඝාතනයට සැකපිට 4ක් අල්ලයි හංවැල්ල තුන්මෝදර කොඩි කන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ උඩුවිළ ධම්මසිරි හිමියන් පැහැරගෙන ගොස් ඝාතනයකොට පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හංවැල්ල පොලිසිය පවසයි. 05 January 2021
වික්ටෝරියා ජලාශය ආසන්නයේ භූ කම්පන හුණුගල් කැඩීම නිසා නොවේ මහනුවර දිස්ත්‍රික්කයේ වික්ටෝරියා ජලාශය ආසන්න ප්‍රදේශයන්හි ඉකුත් දා සිදුවූ භූ කම්පන කිහිපය එහි සිදුවන හුණුගල් කැඩීම නිසා සිදුවන්නක් නොවන බව එම භූ කම්පන පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාවේ සඳහන් වේ. 05 January 2021
කරාපිටිය රොහලේ ළමා ඒකකයේ වාට්ටුවක් වහයි කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා ඒකකයේ වාට්ටු අංක 02 හි සිටි මවක කොරෝනා ආසාදිත බව හඳුනාගැනීම හේතුවෙන් වාට්ටුව තාවකාලිකව වසා දමා ඇත. නේවාසිකව සිටින දරුවාගේ සාත්තුවට පැමිණ සිටිය දී සෙම් ගෙඩි ඇති බව පැවසීම හේතුවෙන් ඊයේ (04) මෙම කාන්තාව පීසීආර් පරීක්ෂණයකට යොමු කර ඇති අතර මවත් දරුවාත් වාට්ටුවේ වෙනම ස්ථානයක රඳවා තබා තිබිණි. 05 January 2021
ජෛව අවි ප්‍රහාරයකට අපි සූදානම් සිදුවිය හැකි ජෛව අවි ප්‍රහාර වළක්වා ගැනීම සඳහා රජය පියවර රැසක් ගෙන ඇති බව අමාත්‍ය චමල් රාජප්කෂ මහතා අද(5) පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 January 2021
අපුරේ උපකාරක පන්ති පැවැත්වීම අත්හිටුවයි අනුරාධපුර නගරයේ උපකාරක පංති පැවැත්විම වහාම අත් හිටුවන ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා බලධාරින්ට නියම කොට තිබේ. 05 January 2021
නාවින්න ආයුර්වේද රෝහලත් කොරෝනා රෝගීන්ට වෙන් කරයි නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනය, කෝවිඩ් රෝගීන්ට ආයුර්වේද ප්‍රතිකාර ලබාදෙන නේවාසික රෝහලක් බවට පත්කිරීමට දේශීය වෛද්‍ය ප්‍රවර්ධන ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා තීරණය කර ඇත. 05 January 2021
ජාඇල ලංගම ඩිපෝව වසා දමයි කොවිඩ් 19 ආසාදිත කොන්දොස්තර මහතකු හමුවීම හේතුවෙන් ජා-ඇල ලංකා ගමනා ගමන මණ්ඩල ඩිපෝව අද(05) සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව ජා-ඇල නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ධනංජය හේරත් මහතා කීවේය. 05 January 2021
බ්‍රිතාන්‍යට යළිත් අගුළු දමයි දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වීමත් සමඟ නැවත වරක් අගුළු දැමීමට බ්‍රිතාන්‍ය පියවර ගෙන ඇත. 05 January 2021
කොවිඩ් එන්නත් ලබාගැනීම සඳහා ගිවිසුම්ගතවීමට කැබිනට් අනුමැතිය කොවැක්ස් පහසුකම යටතේ කොවිඞ් -19 එන්නත් ලබාගැනීම සඳහා අදාළ නිෂ්පාදකයා සමග ගිවිසුම්ගතවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. 05 January 2021
ලබන 21 වැනිදා සිට සියලුම ගුවන්තොටුපොලවල් විවෘත කරයි විදෙස් සංචාරකයින් ඇතුළු සියලුම වාණිජ ගුවන් යානා සඳහා ලබන 21 වැනිදා රටේ සියලුම ගුවන්තොටුපොළවල් සම්පූර්ණයෙන්ම විවෘත කෙරෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (05) පැවසීය. 05 January 2021
ජර්මනියේ අගුළු දැමීමේ සීමා දීර්ඝ කරයි ජර්මනියට දැනට පනවා තිබෙන අගුළු දැමීම් සීමා තවදුරටත් දීර්ඝ කිරීමට එරට බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ. 05 January 2021
මුඛ ආවරණ නොමැතිව ගමන්කළ 10ක් අත්අඩංගුවට නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මහ මග මුඛ ආවරණ නොමැතිව ගමන් ගත් පුද්ගලයන් දස දෙනෙකු අද (5) පොලිසිය භාරයට ගත් බව පිළියන්දල පොලිසිය කියයි . 05 January 2021
මුඛ ආවරණ නොපළදින පුද්ගලයින් පී සී ආර් - රැෆිඩ් ඇන්ටිජන් පරික්ෂණවලට මුව ආවරණය නොපළදින පුද්ගලයන් අද (5) සිට පී සී ආර් සහ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණයට ලක්කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 05 January 2021
වවිනියාවේ ගමකට සංචරණ සීමා යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන වවුනියාවේ පදිංචි සිසුවෙකුට කොවීඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව වව්නියාව පට්ටානිචූර් ගම්මානයට සංචරණ සීමා පැනවීමට පියවර ගත් බවට වව්නියාව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 05 January 2021
මාවනැල්ලේ බුදුපිලිමයට හානි කළ පුදගලයෙක් අත්අඩංගුවට මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ස්ථාපිත කර තිබෙන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ වීදුරු ආවරණය ට අලාභානි කිරීම සම්බන්ධයෙන් කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය 05 January 2021
රතනහිමි පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස දිවුරුම් දෙයි අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු අසුන වෙනුවෙන් අතුරලියේ රතන හිමියන් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නේය. 05 January 2021
කොරෝනා උවදුර හමුවේ ගති පැවතුම්ද වෙනස් වෙන්න ඕනෑ සෞඛ්යාරක්ෂක ක්‍රම උල්ලංඝනය කරමින් ආසන සංඛ්‍යාවට වඩා වැඩිපුර මගීන් රැගෙන ගිය බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ 57ක ගමන් වාර අත්හිටුවා ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය පවසන බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 05 January 2021
හිටපු කොටි නායකයෙක් අත්අඩංගුවට එල්.ටී.ටී.ඊ. ජයන්තන් බලකායේ හිටපු නායකයකුට අයත් පුපුරන ද්‍රව්‍ය තොගයක් මඩකලපුව කරදියනාරු ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබියදී මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (3) සවස සොයාගනු ලැබීය. 05 January 2021
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද නව වසරේ පළමු වරට පාර්ලිමේන්තුව අද(05) රැස්වීමට නියමිතය. 05 January 2021
මෝදර ප්‍රදේශ දෙකක් හුදකලා කරයි මෝදර පොලිස් වසමේ ප්‍රදේශ දෙකක් අද(05) උදෑසන 5.00 සිට හුදෙකලා කර ඇති බව කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. 05 January 2021
කොඩිකන්ද සේනාසනයේ හිමියන් ඝාතනය කර ගිනි තියලා කොටදෙනියාව නවාන පොදු සුසාන භූමියේ මිනී වළක් මත දැවෙමින් තිබූ නාඳුනන මළ සිරුර අතුරුදන් වූ හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ උඩුවිල ධම්මසිරි හිමියන්ගේ සිරුර බවට හඳුනාගෙන තිබේ. 04 January 2021
රත්නපුර ප්‍රදේශයෙන් කොරෝනා මරණ 2 ක් කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (4) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. 04 January 2021
අද දිනයේදී ආසාදිතයෝ 467 ක් මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (4) පස්වරු 8.35 වනවිට එක්වූ ආසාදිතයන් 277 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 467 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නාගාර පොකුරේ ආසාදිතයෝ වෙති. 04 January 2021
අවිස්සාවේල්ල පොලිස් වසම යළි විවෘත කරයි හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කරන ලද අවිස්සාවේල්ල පොලිස් වසම මේ මොහොතේ සිට හුදකලා බවින් ඉවත් කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 04 January 2021
එංගලන්ත ක්රීඩකයකුට කොරෝනා ඉරිදා (3 වැනිදා) දිවයිනට පැමිණීමෙන් අනතුරුව හම්බන්තොට ගුවන්තොටුපළේදී සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මුයින් අලී කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. 04 January 2021
කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ හිමිනමක පැහැරගනිති හංවැල්ල තුම්මෝදර කොඩි කන්ද ආරණ්‍ය සේනාසනයයට පිරිසක් සමග කඩා වැදී එහි සිටි පිරිස දණගස්වා එහි වැඩ විසූ 65 හැවිරිදි උඩුවිල ධම්මසිරි හිමියන්ට පහර දී පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු හොරණ කිරිගල ප්‍රදේශයේදී අද (4) අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය කියයි. 04 January 2021
බස්නාහිර පළාතේ පාසල් සාමාන්‍ය පෙළ සිසුන්ට පමණක් 25 සිට ඇරේ බස්නාහිර පළාතේ හුදෙකලා කර ඇති පොලිස් වසම් හැර සෙසු ප්‍රදේශවල පාසල් ලබන මාර්තු මාසයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් මෙම මස 25 වැනිදා සිට විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය. 04 January 2021
කුරුවිට ප්‍රධාන තැපැල් කාර්යාලය වසා දමයි ලිපි බෙදන්නෙකුට කෝවිඞ් ආසාදිත බව තහවුරු වී ඇති නිසා කුරුවිට ප්‍රධාන තැපැල් කාර්යාලය ලබන 09දා තෙක් වසා දැමීමට දැනුම් දුන් බව කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික කරුණාරත්න මහතා අද 04 දැනුම් දුන්නේය 04 January 2021
ඉන්දීය විදේශ ඇමැති හෙට ශ්‍රී ලංකාවට දෙදින නිල සංචාරයක් සදහා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා හෙට(05) දිවයිනට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශය කියා සිටී. 04 January 2021
කම්කරු නීති සංශෝධන හෙට පාර්ලිමේන්තුවට පුද්ගලයකු රැකියාවකට බ`දවා ගැනීමේ අවම වයස අවුරුදු 16 දක්වා ඉහළ දැමීම ඇතුළු කම්කරු ක්ෂේත්රයට බලපාන පනත් හතරක් සඳහා සංශෝධන හෙට (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. 04 January 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026