IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


හිමිනම ඝාතනයට සැකපිට 4ක් අල්ලයි

 

( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න )

හංවැල්ල තුන්මෝදර කොඩි කන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ  උඩුවිළ ධම්මසිරි හිමියන් පැහැරගෙන ගොස් ඝාතනයකොට  පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හංවැල්ල පොලිසිය පවසයි.

ඒ අතර ආරණ්‍ය සේනාසනයේ වැඩවසන සාමනේර හිමිනමගේ මාපියන් ද ඇතුළත් බව පොලිසිය කියයි .


සිද්ධිය සම්බන්ධයෙන් තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර පොලිස් නිලධාරිනියකගේ සැමියකු පිළිබඳවද විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

ඒ අතර සැකකරුවන් පැමිණි වෑන් රථය ද හඳුනාගෙන ඇති බව කියයි.

ඉකුත් 2දා කොඩි කන්ද ආරණ්‍ය සේනාසනයට පැමිණි සැකකරුවන් එහි සිටි දණගස්වා තර්ජනය කොට 65 හැවිරිදි ධම්මසිරි හිමියන් පැහැරගෙන ගොස් තිබුණි .

සිද්ධියෙන් අනතුරුව සිදු කළ විමර්ශනයකදී පැහැර ගත් ස්වාමීන් වහන්සේ  බවට සැක කෙරෙන  පුද්ගල මළ සිරුරක් කොටදෙනියාව නාවාන පොදු සුසාන භූමියේ තිබී (04) දා සොයාගත් බව කියයි .

එම මළ සිරුර පුළුස්සා දමා ඇති අතර එය වලදැමීම සදහා  සුසාන භූමියේම කුඩා වලක් ද කපා තිබූ බව පොලිසිය කියයි.

පැහැර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ  විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි



අදහස් (15)

හිමිනම ඝාතනයට සැකපිට 4ක් අල්ලයි

පිටිගල මිලානෝ Tuesday, 05 January 2021 10:37 AM

හේතුව තමයි කලකට පෙර රන්ජන් කිව්වේ...

:       14       36

HasarangaWednesday, 06 January 2021 05:13 AM

ඕවම පල්ලියෙත් වෙනවා. ඒත් කවුරුවත් මීඩියාවල දාන්නේ නෑ. ඒවා පල වෙන්නේ නෑ.

:       1       2

janahitha Tuesday, 05 January 2021 10:42 AM

තවම හොයාගන්න බැරි වෙලා තියෙන්නේ ඔහේලට පමණි.

:       5       24

apaharana Tuesday, 05 January 2021 10:44 AM

බෝර දමා කැඩිය යුතු ගල් වෙනත් විදිහට කැඩීමට යාමේ ඵල විපාක තමයි මේ සිදුවෙලා තියෙන්නේ. ඔන්න ඕකයි තත්වේ...

:       11       14

nil akil mangala Tuesday, 05 January 2021 10:54 AM

පසුගිය රජයේ අගමැති සහ ඇමැති කණ්ඩායමක නීතිගත කිරීමට ගිය එක්තරා දෙයක් වළකාලීම මෙම මරණයට හේතුවක් කියලත් කියනවා...

:       6       14

gamage Tuesday, 05 January 2021 10:58 AM

වෙහෙර විහාරස්ථානවල සිදුවන ඇතැම් දේවල් වෙන කිසිම තැනක සිද්ද වෙන්නේ නැහැ. අනිත් නායකයින්ටත්, පණ්ඩිතයින්ටත් මේක හොඳ පාඩමක් වේවා...!!!

:       3       17

සඳුන් - කැනඩාව Tuesday, 05 January 2021 11:13 AM

රන්ජා කිව්වේ මෙව්වා තමා... වෙලා තියෙන දේ හැටියට " හිමිනම" කියලා කියන්න බෑ. අද බොහෝ පන්සල්වල එක් හාමුදුරු කෙනෙක් යටතේ ඉන්නෙ සාමනේර උන්නාන්සේලා පමණයි. ඒකාධිකාරය වෙනුවෙන් හෝ වෙනත් හේතු නිසා වෙන උපසම්පදා ස්වාමීන්වහන්සේලා තියාගන්නේ නෑ. ඒ නිසා ඒ කුඩා සාමනේරයන් වහන්සේලා අවදානම්...

:       6       20

පිටිගල මිලානෝ Tuesday, 05 January 2021 12:25 PM

පොඩි ළමයි පන්සල්වල තනි කරන්න එපා. මහණ වෙන්න ඕනේ නම් පවුල පිටින්ම මහණ වෙන්න.. නැත්නම් ගෙදර ඉඳන් ගිහි පින්දහම් පුරන්න. අද බහුතරයක් පන්සල්වල පොඩි සාමනෙර උන්නාන්සේලාට සිදුවන දෙවල් කවුරුත් දන්නවා. එන්ගලන්තයේ බර්මින්හැම් වලත් මෙසේමයි.

:       4       30

මෝ Tuesday, 05 January 2021 01:13 PM

සාමනේර නමගේ දෙමාපියන් ඉන්නවා කියන්නේ හරිම තමයි. ශාසනේට ආදරේ සහ ගරුකරන මහනායකලා ඉන්නවා නම් වහාම සංඝ කතිකාවතක් කරලා ශාසනයට ඇතුලුවිය හැකි අවම වයසක් නියම කරන්න. කුඩා දරුවන්ගේ නොතේරුම්කමින් ගනින්නාන්සේලා අයුතු ප්‍රයෝජන ගන්නවා.

:       0       0

Pradeep Tuesday, 05 January 2021 01:49 PM

කොයි ලොව යන්නේ මරණින් පස්සේ.. පින් පව් එනවා අපි පසු පස්සේ..

:       2       13

prabha Tuesday, 05 January 2021 01:50 PM

මේකේ ලියලා තියෙන බහුතරය රහස් පරීක්ෂකයෝද මන්දා.

:       13       15

සල් ගාදු Tuesday, 05 January 2021 01:59 PM

පිරිවෙන් හා ආරම තුළ මෙවැනි සිද්ධීන් විටින්විට වාර්තා වෙනවා. සමාජයෙන් හා පොලීසිවල මැදිහත් වීමෙන් ප්‍රශ්න ගොඩින් බේරා ගන්නවා. නමුත් උත්තරය ඒක නොවෙයි. මේවාට පෙරමුණ ගත්තේ මහානායක හිමිවරුන් හා රජය. මේ එම ප්‍රශ්නය දුරදිග ගිය අවස්ථාවක්. රන්ජා ඔබ හරි.

:       5       19

Mr Don Tuesday, 05 January 2021 02:32 PM

සිංහල බෞද්ධ රටට ගිය කලක්... ජයවේවා සිංහල ...

:       5       12

leel gunawardena Tuesday, 05 January 2021 06:31 PM

මේවා සෑහෙන කාලයක පටන් සිදු වෙනවා. පිළියමක් ලැබෙන්නේ කවදාද?

:       0       1

janahitha Wednesday, 06 January 2021 04:32 AM

සිංහල කතාකරන සොළී, පාණ්ඩ්‍ය, නාඩු, කේරළ, තෙළඟු, බංගලි ආක්‍රමණිකයින් පිරිසක් හැර රාවණා පරපුරේ සිංහලයින් මේ බිමේ නැහැ.

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

තැපැල් ජන්දය යළිත් අද හෙට
2025 අප්‍රේල් මස 28 20 0

පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්දය සළකුණු කිරීම අද (28) සහ හෙට (29) රාජ්‍ය ආයතනවලදි පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


යාපනේ නිවුන් සොහොයුරෝ උසස් පෙළින් කප් ගහලා
2025 අප්‍රේල් මස 28 458 0

මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු


පළාත් රැසකට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි
2025 අප්‍රේල් මස 28 251 0

උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක


කිලිනොච්චිය ගංවතුරින් යටවේ
2025 අප්‍රේල් මස 28 388 0

කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස


මහනුවර ශුද්ධ කරයි
2025 අප්‍රේල් මස 28 768 0



මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 944 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 419 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 566 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site