බස්නාහිරින් පිටත ආසාදිතයන් වාර්තා වීම අඩු මට්ටමක බස්නාහිර පළාතෙන් බැහැර සෙසු දිස්ත්‍රික්කවලින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම අඩු මට්ටමක පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. 13 November 2020
ආණ්ඩුව 20වන සංශෝධනයෙන් සිය දිවි නසා ගත්තා බලයට ඇති කෑදර කම මත පදනම්ව විසිවන සංශෝධනය සම්මත කරගැනීම මගින් වත්මන් ආණ්ඩුව සියදිවි නසාගත් බව හිටපු කථානායක සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය. 13 November 2020
එල්.ටී.ටී.ඊ. තහනම දිගටම පවත්වාගෙන යන්න‘යි ඉන්දියාව එංගලන්තයෙන් ඉල්ලයි එල්.ටී.ටී.ඊ. සංවිධානය සදහා එක්සත් රාජධානිය තුළ පනවා ඇති තහනම තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි ඉන්දීය රජය එක්සත් රාජධානියෙන් ඉල්ලීමක් කර ඇතැයි ඉන්දීයාවේ ඩී.එන්.ඒ පුවත් සේවය අද (13) වාර්තා කළේය. 13 November 2020
නිදන්ගත රෝග තිබේ නම් පොලිසියට - නාගරික සංවර්ධන අධිකාරියට කියන්න කොළඹ මහ නගර සභා සීමාවේ නිරෝධායනයට ලක්ව ඇති නාගරික මහල් නිවාසවල පදිංචිකරුවන්ට දිගුකාලීන රෝග තිබේ නම්, ඒ බව එම මහල භාර පොලිස් නිලධාරියට හෝ නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකාරවරයාට දැනුම් දිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 13 November 2020
කළුතර බන්ධනාගරයේ රැඳවියෝත් වහලයට නගිති කළුතර බන්ධනාගාරයේ වහලය මත නැගී රැඳවියන් කිහිපදෙනෙකු තමන්ගේ රස පරීක්ෂක වාර්තා කඩිනම් කර තමන්ට ඇප ලබා ද ලෙස ඉල්ලා උද්ඝෝෂණයේ යෙදෙන බව කළුතර උතුර පොලීසිය කියයි. 13 November 2020
සුවය ලැබූවන් ගණන 11,000 පනී කොරෝනා වයිරසය හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 378 දෙනෙකු සුවය ලබා අද (13) පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. 13 November 2020
විදේශවල රැඳී සිටින අය ගෙන්වා ගැනීම ලබන සතියේ සිට මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් විදේශ රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම ලබන සතියේ සිට ආරම්භ කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා එකඟතාව පළ කළ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙනිය මහතා පැවැසීය. 13 November 2020
සේවක අඩුවෙන් වරාය කටයුතු පමාවෙයි කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ වරායේ කටයුතු ප්‍රමාදවීමෙන් නෞකා 14ක් පමණ දින ගණනක් තිස්සේ වරායෙන් පිට නැංගුරම් ලා ඇතැයි වාර්තා වේ. 13 November 2020
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වයට උර දෙන්න චීනය සූදානම් ‘කොවිඩ්-19’ වසංගතයට එරෙහි ඒකාබද්ධ ගෝලීය ප්‍රතිචාරයට පහසුකම් සැලසීමේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීරණාත්මක නායකත්වයේ කාර්යභාරය සඳහා පූර්ණ දායකත්වය දිය යුතු යැයි චීන ජනාධිපති ෂී ජින්පින්ග් පැරිස් සාම සංසදයේ තෙවැනි සමුළුවේ නිල උත්සවය අමතමින් පැවැසීය. 13 November 2020
’සර්කස් පෙන්වීම නවත්වලා පරාජය පිළිගන්න’ සර්කස් පෙන්වීම නවතා නව කොරෝනා වයිරස සහන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩිමොක්රටික් පක්ෂයේ නැන්සි පෙලොසි කැපිටල් හිල් හිදි ප්‍රකාශ කළාය. 13 November 2020
ගාල්ලේ වැඩිම ආසාදිතයින් බලපිටියෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ මේ දක්වා කාලය තුලදි වැඩිම කොරෝනා රෝගින් සංඛ්‍යාවක් වාර් තා වී ඇත්තේ බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් බවත් එම සංඛ්‍යාව 44ක් බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි. 13 November 2020
හවුල කැඩි හලාවත නගර සභා අයවැය පරදී හලාවත නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර මහතා අද (13) ඉදිරි පත් කරන ලද 2021 වාර් ෂික අයවැය වැඩි ජන්ද හතකින් පරාජයට පත්විය. 13 November 2020
පී.සී.ආර්. නොකිරිමෙන් මහජන සේවා සැපයීමේ අවදානමක් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර් යාලයේ මේ වනවිට කොරෝනා ආසාදිතයන් පස්දෙනකු වාර් තා වුවද කාර් ය මණ්ඩලයට පී.සී.ආර්. පරීක්ෂණ නොකිරිමෙන් එම ප්‍රාදේශීය ලේකම් කාර් යාලයට අනුයුක්ත ක්ෂේත්‍ර නිලධාරීන් අවදානමක් මැද අත්‍යවශ්‍ය මහජන සේවාවන් පවත්වාගෙන යාමට නොහැකි විය හැකි බවද සංවර්ධන නිලධාරි සේවා සංගමය කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාට ලිඛිතව දැනුම් දී තිබේ. 13 November 2020
ඔබාමාගෙන් ජෝ බයිඩන් ගැන හෙළිදරව්වක් ඔසාමා බින් ලාඩන් ඝාතනය කෙරුණු මෙහෙයුම කිරීම මදක් ප්‍රමාද කරන්නැයි ජෝ බයිඩන් උපදෙස් දුන් බව ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා සඳහන් කරයි. 13 November 2020
රට වහන්න අවශ්‍ය නැහැ - වෛද්‍ය ෆවුචි ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට අගුළු දැමීමේ අවශ්‍යතාවක් නැතැයි බෝ නොවන රෝග පිළිබඳ එරට ප්‍රමුඛතම විශේෂඥයා ලෙස සැලකෙන වෛද්‍ය ඇන්තනි ෆවුචි අද (12) පැවැසීය. 12 November 2020
ඩ්‍රෝන කැමරාවලින් බලා 15 ක් අත්අඩංගුවට ගනී කොළඹ දිස්ත්‍රික්කයේ අගුලු දමා ඇති ප්‍රදේශ ඩ්‍රෝන කැමරාවලින් නිරීක්ෂණය කිරීමෙන් අනතරුව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෝදර ප්‍රදේශයේ පුද්ගලයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි. 12 November 2020
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුර 12,000 පනී මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (12) පස්වරු 21.30 වනවිට තවත් ආසාදිතයන් 92 දෙනෙකු එක් වී තිබේ. එම පිරිසත් සමග අද දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 369 ක් දක්වා ඉහළ ගියේය. 12 November 2020
බූස්සේ රැඳවියන් තිදෙනෙකුට කොරෝනා බුස්ස බන්ධනාගාරයේ රැදවියන් තිදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි. 12 November 2020
සෙනසුරාදා - ඉරිදා සියලු දුම්රිය අවලංගුයි සෞඛ්‍ය අංශ උපදෙස් මත ලබන(14) සහ (15)යන දෙදින තුළ ධාවනයට නියමිතව තිබූ සියලුම මගී දුම්රිය අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 12 November 2020
2021 වසරේ ඕස්ට්‍රේලියානුවා වෛද්‍ය දිනේෂ් පලිපාන ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත වෛද්‍යවරයෙකු වූ වෛද්‍ය දිනේෂ් පලිපාන මහතා ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ’’2021 වසරේ ඔස්ට්‍රේලියානුවා’’ ලෙස නම් කිරීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන ඇතැයි එරට පළවන ඒ.බී.සී පුවත් සේවය වාර්තා කර සිටී. 12 November 2020
ශ්‍රී ලංකාවේ 48 වැනි කොරෝනා මරණයත් වාර්තාවෙයි කොරෝනා අසාදිතව අයිඩිඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් දෙදෙනකු අද (12) මිය ගොස් තිබේ. 12 November 2020
470ක් සුවය ලබා පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 470 දෙනෙකු සුවය ලබා අද (12) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 12 November 2020
හුදකලා කරන ලද ප්‍රදේශවල විශේෂ මෙහෙයුමක් හුදකලා කරන ලද ප්‍රදේශවල අධීතාක්ෂණ ඩ්‍රෝන කැමරා උපයෝගි කරගනිමින් විශේෂ මෙහෙයුම් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 12 November 2020
වේරහැර රියදුරු බලපත් අංශය විවෘත වෙයි කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් සති තුනකට වැඩි කාලයක් වසා දමා තිබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර පිහිටි රියදුරු බලපත්‍ර අංශය යලි ජනතාවට විවෘත කෙරිණ. 12 November 2020
නිවසක බිත්තියක් කඩා වැටී දරුවකු මරුට කිලිනොච්චිය , තොණ්ඩමන්නගර් ප්‍රදේශයේ නිවසක බිත්තියක් කඩාවැටීමෙන් අට හැවිරිදි පිරිමි දරුවකු එයට යටවී අද(12) දහවල් මියගොස් ඇතැයි කිලිනොච්චිය පොලිසිය කියයි. 12 November 2020
විරෝධතා කළ බෝගම්බර රැඳවියන් 250 ක් මාරුකරති බන්ධනාගාර දෙපාර්තුමේන්තුව විසින් බෝගම්බර පැරණි බන්ධනාගාරයේ විරෝධතාවක නිරතව සිටින රැඳවූවන් අතරින් පී.සී.ආර් පරීක්ෂණ දැනට සිදුකර අවසන් 250 ක පමණ පිරිසක් කෑගල්ල හා මීගමුව බන්ධනාගාර වලට යොමු කිරීමට පියවර ගෙන ඇත. 12 November 2020
පී සී ආර් කරන්නැයි බෝගම්බර රැඳවියන් පිරිසක් විරෝධතාවක් බෝගම්බර බන්ධානාගාරයේ රැදවියන් පිරිසකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමත් සමඟ තම ජීවිත අවදානම් මට්ටමකට පත්ව ඇතැයි කියමින් එහි රඳවා සිටින 100 කට ආසන්න රැඳවියන් පිරිසක් වහලය මතට නැගී අද (12) පෙරවරුවේ විරෝධතාව නිරත වූහ. 12 November 2020
නිවෙස්වල සිට වැඩකරනවාට වැටුපෙන් සියයට 5 ක බද්දක් නිවෙස්වල සිට වැඩ කරන අයගේ වැටුපෙන් 5% ක් බදු වශයෙන් අය කරගත යුතු බවට වන යෝජනාවක් ජර්මන් ඩොයිෂ් බැංකුවේ ආර්ථික විද්‍යාඥයන් පිරිසක් ඉදිරිපත් කර තිබේ. 12 November 2020
ටී එම් වී පි මහලේකම් අත් අඩංගුවට තමිල් මක්කල් විඩුතලයි (විමුක්ති කොටි පක්ෂයේ මහ ලේකම් හා නැගෙනහිර පළාත් හිටපු මන්ත්‍රී පූ ප්‍රසාන්තන් මහතා අද(12) අත් අඩංගුවට ගෙන තිබේ. 12 November 2020
චීන වරාය ඉංජිනේරු සමාගමේ ව්‍යාපෘතියක 6 දෙනකුට කොරෝනා චීන වරාය ඉංජිනේරු සමාගම (සී.එච්.ඊ.සී) , කොළඹ 13 කොටහේන ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන වෙනත් ව්‍යාපෘතියක සේවය කරන පිරිසකට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 12 November 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026