( රොමේෂ් ධනුෂ්ක සිල්වා )
කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් සති තුනකට වැඩි කාලයක් වසා දමා තිබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර පිහිටි රියදුරු බලපත්‍ර අංශය යලි ජනතාවට විවෘත කෙරිණ.
ජනතාව එක්රැස්වීමේ අවදානම සැලකිල්ලට ගෙන රියදුරු බලපත්‍ර එක්දින සේවය තාවකාලිකව නවතා ඇති බවත් , සාමාන්‍ය සේවය සඳහා ද පැමිණෙන බලපත්‍ර ඉල්ලුම්කරුවන් දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් මගින් දිනයක් සහ නියමිත වෙලාවක් වෙන්කරගෙන පැමිණිය යුතු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (රියදුරු බලපත්‍ර ) කොමසාරිස් වසන්ත ගුණරත්න මහතා පැවසීය.
අපි දැනට සාමාන්‍ය සේවයත් ක්‍රියාත්මක කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි ඉල්ලුම්කරුවන් සඳහා පමණයි.සෞඛ්‍ය නීතී රීති වලට සම්පුර්ණයෙන්ම අනුගතවෙමින් දිනකට සීමිත ඉල්ලුම්කරුවන් පිරිසකට සේවය සපයන බැවින්, අපහසුතාවයට පත්නොවී කරුණාකර නියමිත වෙලාවක් වෙන්කරගෙන සේවය ලබාගැනීමට පැමිණෙන ලෙස මම ඉල්ලා සිටිනවා.
ඒ වගේම රටේ පවතින වත්මන් වසංගත තත්ත්වය පහව යෑමත් සමගම හැකි විගස එක්දින සේවය ඇතුළු සම්පුර්ණ සේවයම බලපත්‍ර ඉල්ලුම්කරුවන් ට ලබාදීමට අපි සුදානම් වෙලයි ඉන්නේ යැයි කොමසාරිස් ගුණරත්න මහතා වැඩි දුරටත් පැවසීය.
ඒ අනුව, විභාග සඳහා දින ලබාදී තිබූ අයදුම්කරුවන් හට නව දිනයක් හා වේලාවක් ලබාගැනීම සඳහා 070-6354122 ද ප්‍රයෝගික පරීක්ෂණ සඳහා දින ලබාදී තිබූ අයදුම්කරුවන් හට නව දිනයක් හා වේලාවක් ලබාගැනීම සඳහා 070-6354123 ද නව රියදුරු බලපත්‍ර ලබාගැනීම ,බලපත්‍ර සංශෝධනය කිරීම හෝ බලපත්‍ර සම්බන්ද වෙනත් විමසීම් සඳහා 070-6354124 ද බර සහතික හා වාහන පරීක්ෂා කිරීමට අදාළ විමසීම් සඳහා 070-6354125 ද වෙනත් ඕනෑම දෙයක් සම්බන්ධයෙන් විමසීමට 070-6354121 යන දුරකථන අංක භාවිතා කල හැක.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වේරහැර රියදුරු බලපත් අංශය විවෘත වෙයි
W.සුජීව නිලන්ත Wednesday, 20 January 2021 06:22 AM
රියදුරු බලපත්‍රය අලුත් කරන්න පුළුවන් නේද?
අනුරැද්ධිකා පෙරේරා Tuesday, 07 September 2021 03:55 PM
මට මගේ රියදුරු බලපත්‍රය අලුත් කරගන්න අවශ්‍යයි. ඒක දැන් කරගන්න පුළුවන්ද? ස්තුතියි.
Sandya Wednesday, 29 September 2021 10:13 AM
මේ ෆෝන් නම්බර් වැඩ කරන්නේ නෑනේ
Tiran Madhushanka Thursday, 14 October 2021 10:46 AM
අස්ථාන ගතවූ රියදුරු බලපත්‍රය ලබා ගැනීමට වෙලාවක් වෙන්කරවා ගැනීමට දවස් කීපයක් උත්සාහ දැරිය ද තවම වෙලාවක් වෙන්කරවා ගැනීමට නොහැකි වූ බැවින් රියදුරු බලපත්‍රය ලබා ගැනීමට උපකාරී වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
L.S.P.perera Tuesday, 26 October 2021 11:04 AM
රියදුරු බලපත්‍රය අළුත් කිරීම සඳහා අවශ්‍යයි
තිලක්ශිකා Tuesday, 14 December 2021 02:18 PM
ෆෝන් නොම්බරේ වැඩ කරන්නේ නෑ.දැන් දවස් ගානක්ම උත්සාහ කලා. නිවැරදි ක්‍රම වේදයක් දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලමි
නිශාන්ත ධම්මික බණ්ඩාර Thursday, 21 April 2022 12:48 PM
මගේ රියැදුරු බලපත්‍රය අවේ නෑ.. මම අලුත් කලේ 2021.08.03 දිනයේ.. ඔබතුමලාගේ ටෙලිෆෝන් නම්බර් වැඩ නෑ. මේකට පිළිතුරක් එවන්න.!!!
Chamara indika Monday, 08 August 2022 09:35 AM
මගේ රියදුරු බලපත්‍රය අප්‍රේල් අලුත් කෙරුවේ... තාම රියදුරු බලපත්‍රය ආවේ නෑ.. ටැම්පරිය ඉවරයි. මම දැන් මොකද කරන්න ඕනේ..?
Sbs Ediriweera Friday, 13 January 2023 02:56 PM
රියදුරු බලපත්‍ර කාඩ්එක තවම ආවේ නෑ... මොකද කරන්න ඕනෑ?
USD VithanageThursday, 08 June 2023 11:46 AM
මගේ රියදුරු බලපත්‍රය තවමත් ආවේ නැහැ... මොකද කරන්නේ?
ටි.වික්‍රමතුංග 660991921 v Thursday, 26 January 2023 10:04 AM
රියදුරු බලපත්‍රය තවම ලැබී නැත...
ටි.වික්‍රමතුංග 660991921 v Thursday, 26 January 2023 10:21 AM
මෙතෙක් මගේ රියදුරු අවසර පත් ලැබීනැත..
චමරි නාලිකා Friday, 17 February 2023 01:23 PM
මේ නොම්බර වැඩ කරන්නේ නෑනේ...
S.R.M.Mathara Arachchi Tuesday, 25 April 2023 11:54 AM
මම රියදුරු බලපත්‍රය අලුත් කෙරුවේ පෙබරවාරි 02. තාම බලපත්‍රය ආවේ නෑ ..ඒක වෙනවද කෙරෙන තැන කොහෙද කියල හොයාගන්න ක්‍රමයක් නැද්ද
සිනෙත් ඉදුවර Tuesday, 06 June 2023 04:19 PM
මට නැති උන ලයිසන් එක ගන්න දිනයක් දාගන්න ඕනේ
W AS Fenando Thursday, 22 June 2023 07:44 PM
ලයිසන් එක අලුත් කෙරුවා. තාමත් ලයිසන් එක ආවෙ නෑ
ඩී.එම්.එස්.එස්.ලක්මාල් Sunday, 09 July 2023 08:52 AM
රියදුරු බලපත්‍රය තවම ලැබිලා නෑ
රෝහන විජේසිරි Monday, 05 February 2024 01:03 PM
රියදුරු බලපත්‍රය ලැබී නැහැ... නම්බරය දෙන්න...
එ එ සංජය සම්පත් Sunday, 09 July 2023 09:09 PM
වසරක් ගතවී ඇත. රියදුරු බලපත්‍රය ලැබී නැත...
බි ජේ බි රත්නායක Sunday, 17 September 2023 08:33 PM
මගේ ලයිසන් ළුක 2022 03 29 දින භාර දුන්නා තාම නැ
ඉලුප්පැල්ල විතානගේ පසන් අනුරුද්ධ Thursday, 29 February 2024 12:59 PM
මගේ ලයිසන් ළුක 2023 07 25 දින භාර දුන්නා .තාමත් ලයිසන් එක ආවෙ නෑ.
දිල්කි Thursday, 18 July 2024 10:11 AM
මගේ ලයිසන් කාඩ් එක තවම ලැබී නැත.වේරහැර ආවොත් ගන්න පුලුවන් ද