ජූලම්පිටිය අමරේ චූදිතයා වූ කටුවන ද්විත්ව ඝාතනයේ සාක්ෂි විභාගය අවසන් කටුවන හැඩිවත්ත ප්‍රදේශයේදී පවත්වනු ලැබූ ප්‍රාදේශීය ජනහමුවකට වෙඩි තබා ජනහමුවට සහභාගී සිටි දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය අද(17) තංගල්ල මහාධිකරණයේ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා ඉදිරියේ විභාගයට ගැණුනු අතර නඩුවට අදාළ සාක්ෂි විමසීම අද(17) දින අවසන් කළේය. 17 June 2019
සිඟමනෙන් ලැබූ මුදලින් යාචකයෙක් දන්සැලක් දෙයි මාතර නගරයේ දිනපතා සිඟමනේ යෙදී රැස්කරගත් මුදල් වියදම් කළ යාචකයෙකු මහජනතාවට පොසොන් පොහොය වෙනුවෙන් කේක් සහ බෙලිමල් දන්සලක් අද (17) පවත්වා ඇත. 17 June 2019
රතන හිමියෝ ෂරියා විශ්වවිද්‍යාලයේ තොරතුරු ඉල්ලති මඩකලපුවේ ඉදිකෙරෙන පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අද (17) ගොස් ලිපියක් භාරදුන්හ. 17 June 2019
පළාත් මැතිවරණය ඉල්ලූ පෙත්සම විභාගයට දින නියමකෙරේ කල් තබා ඇති සියලු පළාත් සභා මැතිවරණය වහාම පැවත්වීමට අදාළ පියවර ගැනීමට මැතිවරණ කොමිසමට නියෝගය කරන රීට් ආච්ඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීන්දු කළේය. 17 June 2019
ගෝඨාගේ අභියාචනයට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉල්ලයි ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුවට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති අභියාචන පෙත්සම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගත යුතු බව ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද(17) ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය. 17 June 2019
ලක්ෂ 20කට පුද්ගල ඝාතනයක් සැලසුම් කළ දෙදෙනෙකු අල්ලයි රුපියල් ලක්ෂ විස්සකට උණවටුන ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත් ලබාගෙන සිටි කාන්තාවක සහ ඝාතනයට සූදානම්ව සිටි පුද්ගලයකු ගාල්ල පොලිසිය විසින් අද(17) අත්අඩංගුවට ගෙන තිබේ. 17 June 2019
පොසොන් ජාතික උත්සවයක් කිරීමට යයි පොසොන් උත්සවය ජාතික උත්සවයක් සේ සැලකීම සහ මිහින්තලාවේ වාර්ෂික පොසොන් පෙරහර සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික කටයුතු කඩිනමින් සම්පාදනය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. 17 June 2019
වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි දහස ඉක්මවයි වඳ සැත්කම් කළැයි චෝදනා ලැබ සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ෂාෆි ෂියාබ්දීන් මහතාට එරෙහිව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව අද (17) 1,000 ඉක්මවා ගිය බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය සඳහන් කළේය. 17 June 2019
බැංකු සේවක සංගම් 19ක් වර්ජනයකට සැරසේ විශ්‍රාම වැටුප් ගැටලු හා සේවක සුභසාධන ප්රතිලාභ මත බදු අයකිරීම යන ගැටලු මුල් කරගනිමින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු සේවක සංගම් 19ක සහභාගීත්වයෙන් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා කොළඹදී පැවැසීය. 17 June 2019
අ’පුර නගර සබේ නගරාධිපති - උතුරුමැද හිටපු සභාපති ඇතුළු 4 ක් රිමාන්ඩ් අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ උතුරුමැද පළාත් සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු ජුනි 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තඹුත්තේගම වැඩබලන මහේස්ත්‍රාත් පුෂ්පපානී වික්‍රමසිංහ මහත්මිය අද (17) නියෝග කළාය. 17 June 2019
රාවණ - 1 අද කක්ෂගත වෙයි රාවණ - 1 චන්ද්‍රිකාව පෘථිවියට කිලෝමීටර 400 ක දුරින් පිහිටි කක්ෂයකට මුදාහැරීමට අද (17) කටයුතු කෙරෙන බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සඳහන් කරයි. 17 June 2019
බලංගොඩ ෆේස්බුක් සාදයේ දී අත්අඩංගුවට ගත් 53 දෙනාට දඩ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ හෝටලයක පැවැති ෆේස්බුක් සාදයක් තුළදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් 53දෙනාට දඩ ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (17) නියෝග කළේය. 17 June 2019
ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමේ යෙදුණාට දිවි ඇති තෙක් රිමාන්ඩ් හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ, ඩුබායි සිට ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමේ යෙදුණු කෙසෙල්වත්තේ දිනුක නමැත්තාගේ ගෝලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් අද (17) නියම කළේය. 17 June 2019
හිමි නමක් මාරාන්තික උපවාසයක කල්මුණේ ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී රන්මුතුගල සංඝරතන හිමියෝ අද (17) මාරාන්තික උපවාසයක් ඇරඹූහ. 17 June 2019
සහරාන්ගේ ගෝලයා රඳවාගෙන ප්‍රශ්නකරයි ජාතික තවුහීත් ජමාත් නායක සහරාන් සමඟ සබඳතා පැවැත්වීයැයි සැකපිට අත්අඩංගුවට ලත් මුස්ලිම් තරුණයා වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් නදීරා බෝගස්දෙණිය මහත්මියගෙන් ලබාගත් රැඳවුම් නියෝගයක් මත රඳවාගෙන ප්‍රශ්න කරන බව වැලිමඩ පොලිසිය පවසයි. 17 June 2019
මිහින්තලේ ප්‍රා. සබේ පොහොට්ටුවේ මන්ත්‍රී අත්අඩංගුවට මිහින්තලේ පුද බිමට පිවිසෙන පිවිසුම් මාර්ගයේ දී තරුණයන් පිරිසකට අද (17) අලුයම පොල්ලකින් පහරදී බරපතල තුවාල සිදු කළැයි කියන මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය කියයි. 17 June 2019
‘පළාත් සභා මැතිවරණය කල්දාන්නේ දෙවැනි පෙළට බය හින්දයි’ පළාත් සභා මැතිවරණය ප්‍රමාද කරන්නේ දැනට මහජන නියෝජිත ආයතනවල සිටින අයට දෙවැනි තැන ලැබේවි යයි සිතා බවත්, පළාත් සභා මැතිවරණය කල් දමන සැබෑ හේතුව එය බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කොස්ගොඩදී පැවසිය. 17 June 2019
පාර්ලිමේන්තු කාරක සභාව අර්බුදයක දැනට රාජකාරියේ යෙදීසිටින බුද්ධි අංශ නිලධාරීන් පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට නොඑවන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයත් සමග බුද්ධි අංශ නිලධාරීන් කැඳවීමේ ගැටලුවක් මතුවීම නිසා කාරක සභාවේ කටයුතු ඉදිරියට පවත්වාගෙනයෑම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබෙන බව එම කමිටු ආරංචිමාර්ගවලින් පැවැසේ. 17 June 2019
‘‘කිසිවෙකුත් නැත‘‘ තීරයක් ඡන්ද පත්‍රිකාවට එක්කිරීමට යෝජනාවක් මැතිවරණයකදී කිසියම් ඡන්ද දායකයකුට ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂකයකු නොමැති නම් ඔවුන්ට කතිරය ගැසීම සඳහා ‘‘කිසිවෙකුත් නැත‘‘ යනුවෙන් තීරයක් ඡන්ද පත්‍රිකාවට අලුතින් එක්කළ යුතු බවට මැතිවරණ කොමිෂන් සභාවට යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 16 June 2019
ලංකාදීප ආලෝක පුජාවේ දෙවැනි දිනය අදයි සීමාසහිත විජය පුවත්පත් සමාගමේ බැතිබර දායකත්වයෙන් 16 වැනි වරට පවත්වනු ලබන ඓතිහාසික තන්තිරිමලේ රජමහ විහාරස්ථානයේ ආලෝක පහන් පූජාවේ දෙවැනි දිනය අදයි. 16 June 2019
ජුනි අගදී ජනපති කාම්බෝජයේ සංචාරයක දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ මාසය අවසානයේදී කාම්බෝජය බලා පිටත්ව යෑමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී. 16 June 2019
කබීර් හෂීම්ට ඇමතිධුරය භාරගන්නැයි සජිත්ගෙන් ඉල්ලීමක් කබීර් හෂීම් මහතාට කඩිනමින් නැවත අමාත්‍යධුරය භාරගන්නැයි තමා නිල වශයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 16 June 2019
අගරදගුරුතුමෝ සියෝන් දේවස්ථානයේදී බැතිමතුන් හමුවෙති පසුගිය අප්‍රේල් 21 වැනිදා මඩකලපුව සියෝන් දේවස්ථානයේ බොම්බ පිපිරීමේ සිදුවීමෙන් අනතුරුව පළමුවරට අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද එහි සංචාරයක නියැලුණහ. 16 June 2019
‘ආණ්ඩුවේ මංකොල්ලයක් ගැන 18දා පාර්ලිමේන්තුවේ දී හෙළි කරනවා’ වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරයකු විසින් කරගෙන යන මහා පරිමාණ මංකොල්ලයක් පිළිබඳ එළබෙන පාර්ලිමේන්තු සැසිවාරයේ දී අනාවරණය කරමින් දේශපාලන වශයෙන් දැඩි තීන්දුවක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය. 16 June 2019
සහරාන් සමග සබඳතා පැවැත්වී යැයි සැකපිට අයෙක් අත්අඩංගුවට තවුහීත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හසීම් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පුද්ගලයෙකු අද (16) වැලිමඩ නිවසකදී අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලීසිය පවසයි. 16 June 2019
ජනපති යළි දිවයිනට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තජිකිස්ථානයේ පැවති සමුළුවකට සහභාගී වීමෙන් පසුව තෙදින නිල සංචාරය නිමාකර අද (16) යළිත් දිවයිනට පැමිණියේය. 16 June 2019
ඕස්ට්‍රේලියාවට ලකුණු 87 ක ජයක් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලන්ඩන්හි කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද පැවැති ලෝක කුසලාන තරගයේදී ඕස්ට්‍රේලියානු පිල ලකුණු 87 ක පහසු ජයක් අත්කර ගත්තේය. 15 June 2019
හිස්බුල්ලාගෙන් පැය 8ක ප්‍රකාශයක් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාගේ ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව අද (15) සවස 5.45ට පමණ ත්‍රස්තවාදී විමර්ශණ කොට්ඨාශයෙන් පිටව ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. 15 June 2019
ඕස්ට්‍රේලියාව කඩුලු 7 ට 334 යි ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලන්ඩන්හි කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 334 ක් ලබාගත්තේය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. 15 June 2019
ඓතිහාසික තන්තිරිමලේ ආලෝක පූජාවේ සමාරම්භක උළෙල අද සීමාසහිත විජය පුවත්පත් සමාගම 16 වන වරටත් දායකත්වය දක්වන ඓතිහාසික තන්තිරිමලේ ආලෝක පූජාවේ සමාරම්භක උත්සවය අද (15) පස්වරුවේ එම පූජා භූමියේ දී ආරම්භ විය. 15 June 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026