සයිබර් ප්‍රහාරය එල්ල වී ඇත්තේ විදේශයෙන් මෙරට වෙබ් අඩවි කිහිපයකට ඉකුත් දා එල්ල වූ සයිබර් ප්‍රහාරය විදෙස් ගත කණ්ඩායම් දෙකක් විසින් සිදුකර ඇති බව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය කියා සිටී. 23 May 2019
බදියුදීන්ගේ චෝදනා ගැන වාර්තාව සති දෙකෙන් දෙන්න’යි අගමැතිගෙන් ඉල්ලීමක් පාස්කු ඉරුදින ඇතිවූ සිද්ධිය සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ තේරිම් කාරක සභාවේ පළමු වාර්තාව සති 2 ක් තුළ දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් අද (23) ඉල්ලීමක් කළේය. 23 May 2019
මුස්ලිම් ගුරුවරයකු පාසලෙන් ඉවත්කරන්නැයි මව්පියවරු විරෝධතාවක අම්බලන්තොට මල්පෙත්තාව මහ විදුහලේ සේවය කරන මුස්ලිම් ගුරුවරයෙකු පාසලෙන් ඉවත් කරන ලෙස ඉල්ලා එම පාසැලේ සිසුන්ගේ මව්පියවරුන් පිරිසක් (23) විදුහල ඉදිරිපිට පැවති විරෝධතාවයකට අනුව ගුරුවරයා ඉවත්කිරීමට හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීහු පියවර ගත්හ. 23 May 2019
බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට පක්ෂ නායකයෝ විරසක වෙති පාර්ලිමේන්තුවේදී අද පැවැති පක්ෂ නායක රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ. 23 May 2019
කොටහේන බ්ලූමැන්ඩල් පාරේ වෛද්‍යවරයකුගේ මළ සිරුරක් කොටහේන බ්ලූමැන්ඩල් මාර්ගයේ තිබී වෛද්‍යවරයකුගේ මළ සිරුරක් අද(23) හමු වූ බව කොටහේන පොලිසිය කියයි. 23 May 2019
මාධ්‍යවේදීන් දංගෙඩියට යැවීමේ පනතක් පාර්ලිමේන්තුවට මාධ්‍යවේදීන්ට දඬුවම් සහ දැඩි දඬුවම් පැමිණවිය හැකි, සිංගප්පූරුවේ දැනට ක්‍රියාත්මක නව ආරක්ෂිත අණ පනත් ලංකාවේ ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සොයාබැලීම සඳහා හෙට(24) පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් පැවැත්වෙන බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල මහතා පැවසීය. 23 May 2019
කොහුවලට-ගැටඹේට නව ගුවන් පාලම් කොහුවල සහ ගැටඹේ මංසන්ධි ආශ්‍රිතව නව ගුවන් පාලම් ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. 23 May 2019
ඉන්දීය මැතිවරණයේ ජයග්‍රාහකයා සමඟ කටයුතු කිරීමට ඇමෙරිකාව සූදානම් ඉන්දීය මහ මැතිවරණයෙන් කවුරු ජයග්‍රහණය කළ ද ඔවුන් සමඟ ඉදිරියට කටයුතු කරන බවත් මහ මැතිවරණය ක්‍රියාවලිය සාමකාමීව සහ සාධාරණව අවසන් වනු ඇති බවත් විශ්වාස කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි. 23 May 2019
ඉදිරිපෙළ ලොක්කෝ ගලගොඩඅත්තේ හිමි හමුවෙති සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද ( 23) ජනාධිපති විශේෂ සමාව හිමි වන බවට ලත් ආරංචිය මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් අද (23) වැලිකඩ බන්ධනාගාර රෝහලවෙත පැමිණ තිබේ. 23 May 2019
නව ධීවර යාත්‍රා මිලදී ගැනීමේදී රජයෙන් සහනයක් ධීවර කටයුතුවලදී අනතුරට පත්වන ධීවර යාත්‍රාව වෙනුවට නව යාත්‍රාවක් මිලදී ගැනීමට වැය වන මුදලින් 50% ක මුදලක් සහනාධාරයක් ලෙස ලබා දෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවැසීය. 22 May 2019
පිළියන්දල පොලිසියේදී කළහකාරී ලෙස හැසිරුණු හිටපු මන්ත්‍රී ඇතුළු පිරිසට ඇප මත්පැන් පානය කර පිලියන්දල පොලිසිය තුළ දී කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් චෝදනා ලද බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය. 22 May 2019
බදුයුදීන් - හිස්බුල්ලා - සාලි ඉවත් කරන්නැයි ඉල්ලා ජනපතිට සංඝ සංදේශයක් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියාවලට අනුග්‍රහය සහ අනුබලය දුන් අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. ඒල්. ඒ. එම් හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආසාද් සාලි යන මහත්වරුන් දැනට දරන සියලුම තනතුරු වලින් වහාම ඉවත් කරන්නැයි ඉල්ලා දහස් ගණනක මහා සංඝරත්නයේ අත්සනින් යුත් සංඝ සංදේශයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජාතික සංඝ සම්මේලනය අද (22) භාර දුන්නේය. 22 May 2019
බ්‍රිගේඩියර්වරුන් 10කට උසස්වීම් බි්රගේඩියර් නිලයේ සිටි නිලධාරීන් දස දෙනකු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් අද මේජර් ජනරාල් නිලයට උසස් කරනු ලැබ ඇති බව යුද හමුදාව කියයි. 22 May 2019
කසිප්පු වැටලීමට ගිය කොස්තාපල් වෙඩි වැදී මරුට අකුරැස්සේ නීති විරෝධී මත්පැන් වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමක සිටි කොස්තාපල්වරයකු වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 22 May 2019
කැස්බෑවෙකු මැරූ ගුවන් භටයින් හයදෙනාට ඇප කැස්බෑවෙකු මරා ළඟ තබාගෙන සිටීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ගුවන් හමුදා භටයින් හයදෙනා එක් අයෙකු රුපියල් ලක්ෂ දෙක බැගින්වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද (22) නියෝග කළාය. 22 May 2019
රත්නපුර නගරය ඡායාරූපගත කළ තරුණයන් තිදෙනා තවදුරටත් රිමාන්ඩ් ඉකුත් 20 දින නිකුත් කළ පැය 72 රැඳවුම් නියෝගය අනුව පොලිස් භාරයේ රඳවාගෙන සිටි රත්නපුර නගරය ඡායාරූපගත කළ තරුණයන් තිදෙනා අදාල විමර්ශන සිදුකර අද (22) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනිතා රෝෂිණි පෙරේරා මහත්මිය විසින් එම සැකකරුවන් ජූනි 03 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළාය. 22 May 2019
ඥාණසාර හිමිට සමාව සිරදඬුවම් විඳින බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ ලිපියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ අත්සන් තබා ඇතැයි වාර්තා වේ. 22 May 2019
ගංජා සමඟ හිටපු පොලිස් පරීක්ෂක අත්අඩංගුවට හිටපු පොලිස් පරික්ෂකවරයෙකු සමඟ තවත් පුද්ගලයකු ගමන් කරමින් සිටි සුඛෝපභොගී මෝටර් රියක් පරික්ෂා කිරීමේදී රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා සමඟ මැදවච්චිය පොලිස් මාර්ග බාධකය අසළදී අද (22) සවස අත්අඩංගුවට ගෙන ඇත. 22 May 2019
මධුමාධව මිනුවන්ගොඩට ආ ජීප් රිය පොලිස් බාරයට මිනුවන්ගොඩ නගරයේ ඉකුත් 13 දින සිදු වු ප්රචණ්ඩ කි‍්‍රයා සිදුවන අතරතුර පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා ඇතුළු පිරිසක් එම ප්‍රදේශයේ සැරිසරූ බව කියන සුඛෝපභෝගී ජිප් රථයක් කිරිල්ලවල වෑවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසක තිබී අද (22) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 22 May 2019
වෛද්‍ය පාදෙණියට එරෙහි පෙත්සම් විභාගයට දින නියම වෙයි මාලබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අධිකරණයට අපහාසයක් සිදු කරන ලදැයි කියමින් ගොනු කළ පෙත්සම මේ මස 28 දින විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (22) දින නියම කළේය. 22 May 2019
අල්ලස් ගත්තැයි අත්අඩංගුවට ගත් විශේෂඥ වෛද්‍යවරයාට ඇප කුලියාපිටිය මූලික රෝහලේ රසායනාගාර ටෙන්ඩරය ලබාදීම සඳහා එම රෝහල ඉදිරිපිට ඇති වෛද්‍ය රසායනාගාරයේ හිමිකරුගෙන් මාස්පතා අල්ලස් ඉල්ලා ඉන් රුපියල් 75,000 ක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින කුලියාපිටිය මහ රෝහලේ හිටපු විශේෂඥ වෛද්‍යවරයා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට දෙවැනි ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (22) නියම කළේය. 22 May 2019
කාදිනල් ෆිලෝනි හිමිපාණෝ කොච්චිකඩේ දෙව් මැදුර ආශිර්වාද කරති අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝගේ විශේෂ නියෝජිතයකු වූ වතිකානයේ අති උතුම් ප්‍රනාන්දු කාදිනල් ෆිලෝනි හිමිපාණෝ අද (22) කොටහේන, කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ විශේෂ ආශීර්වාද වැඩසටහනකට එක්වූහ. 22 May 2019
ප්රභූන්ට යන්න මාර්ග වහන්න එපා ප්‍රභූ වාහන ගමන් කිරීම සඳහා මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා නොදමන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇත. 22 May 2019
ත්‍රස්ත ප්‍රහාරයෙන් පවුල් 344ක් විපතට පත්වෙයි පාස්කු ඉරිදා දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පවුල් 344ක් විපතට පත්ව ඇති බව රජය පවසයි. 22 May 2019
හදිසි විදුලි මිලදී ගැනීමකට ඇමති මණ්ඩල අනුමැතිය විදුලිබල ක්ෂේත්රයේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වයට විසඳුමක් ලෙස හදිසි විදුලි මිලදී ගැනීම් ලෙස ලබන වසරේ මැයි මාසය දක්වා බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 22 May 2019
හදිසි නීතිය දීර්ඝ කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කරයි හදිසි නීතිය දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය අද(22) නිකුත් විය. 22 May 2019
තඹ කම්හලේ සේවකයින් 7 කට යළි උසාවි එන්නැයි නියෝග පාස්කු දා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු සැකපිට අත්අඩංගුවට ගෙන පසුව මුදා හළ වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවය කළ පුද්ගලයින් 7 දෙනකුට ලබන 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළේය. 22 May 2019
වීදි නාම පුවරු සිංහල - දෙමළ - ඉංග්‍රීසි භාෂාවලින් පමණයි සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් පමණක් ලංකාවේ සියලු වීදි නාම පුවරු සකස් විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. 22 May 2019
රාජ්‍ය සේවකයන්ගේ 2,500 දීමනාව ජූලියේ සිට සියලු රාජ්‍ය සේවකයන්ට 2019 අයවැය මඟින් ගෙවීමට යෝජිත රුපියල් 2,500 ක මාසික දීමනාව ජූලි 1 වැනිදා සිට ලබාදීමට රජය තීරණය කර ඇත. 22 May 2019
කෝටි දෙකක මත්කුඩු ගෙන ගිය සැකකරුවෙක් අත්අඩංගුවට රුපියල් කෝටි 2 ට අධික වටිනා හොරොයින් මත්කුඩු තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. 22 May 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026