‘ජනපති චීනයට ගියත් අගමැතිට ආරක්ෂාව ගැන තීරණ ගන්න පුළුවනි’ ජනාධිපතිවරයා රටින් පිටව ගොස් සිටියත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඕනෑම තීරණයක් ගෙන ක්‍රියාත්මක කිරීමට සියලු බලතල හිමිව ඇතැයි රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී අද(13) පැවැසීය. 13 May 2019
‘දරුවන්ගේ බිය නැති කරන්න නම් මැති ඇමැතිවරු පාසලට ඇවිත් ඉන්න’ “මා දන්නා ඉතිහාසය තුළ බෞද්ධ හෝ අන්‍යාගමික කිසිවෙකු මේ රට සිංහල බෞද්ධ රටක් නොවේ කියල කියනවා මම අහලා නැහැ. මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුත් කියනවා මේක සිංහල බෞද්ධ රටක් එහෙම රටක ජීවත්වීමත් වාසනාවක් කියලා. එවැනි තත්වයක් තුළ කවුරුහරි කියනවා නම් මේ රට සිංහල බෞද්ධයින්ගේ රටක් නෙමේය කියලා එම පුද්ගලයා මේ රටේ සිටිය යුතු පුද්ගලයකු නොවේ” 13 May 2019
කුඩාඔය ඉඩමකින් ආයුධ තොගයක් වැල්ලවාය කුඩාඔය කොමාන්ඩෝ පුහුණු පාසලට යන මාර්ගයේ මුස්ලිම් ජාතිකයකුට අයත් ඉඩමක තිබී අද (13) විශාල අවි ආයුධ තොගයක් සොයා ගෙන ඇතැයි කුඩාඔය පොලීසිය පවසයි. 13 May 2019
ඕස්ට්‍රේලියාවට පලායාමට තැත් කළ 3ක් අත්අඩංගුවට නීතිවිරෝධීව ඕස්ට්‍රේලියාවට බෝට්ටු මගින් යාමට තැත්කළ පිරිසකින් තිදෙනෙකු අද (13) අත්අඩංගුවට ගත් බව මඩකලපුව මූලස්ථාන පොලිසිය කියයි. 13 May 2019
වියළි දින ගණන 65 කින් වැඩිවෙයි රට තුළ පැවති වාර්ෂික වර්ෂාපතනය වූ මිලිමීටර් 2005 මේ වන විට මිලිමීටර් 1061 කට අඩුවී ඇතැයි ග්‍රැෆික් ශ්‍රී ලංකා පදනම පවසයි. 13 May 2019
ඇමෙරිකානු හමුදා ප්‍රහාරවලින් අයි.එස් 17ක් මරුට අප්‍රිකාවේ සිටින ඇමෙරිකානු හමුදා එල්ල කරන ගුවන් ප්‍රහාරවලින් අයි.එස්. සංවිධානයේ යැයි සැක කෙරෙන සටන්කාමීන් 17 දෙනකු මියගිය බව ආරක්ෂක අංශ පැවැසීය. 13 May 2019
ජනපති චීනයට යයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා චීනයේ සංචාරයක් සදහා අද (13) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය. 13 May 2019
සමාජ මාධ්‍ය අවහිර කෙරේ රට තුළ විවිධ ප්‍රදේශවල ඇති වූ නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම සමාජ මාධ්‍ය අවහිර කිරීමට රජය තීරණය කර තිබේ. 13 May 2019
සීඩී 326 ක් සමඟ මුස්ලිම් මාධ්‍යවේදියෙක් අත්අඩංගුවට අනුරාධපුර උදය මාවතේ නිවසක සගවා තිබූ සංයුක්ත තැටි 326 ක් සමග මුස්ලිම් ජාතික මාධ්‍යවේදියෙකු අද(12) අත්අඩංගුවට ගෙන තිබේ. 12 May 2019
ප්‍රහාරයෙන් මව්පියන් අහිමි දරුවන්ගේ තොරතුරු ලබාගන්න දුරකථන අංක 3ක් පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ප්රහාරයන්ගෙන් මව්පියන් අහිමි වූ දරුවන් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා ළමා හා කාන්තා කාර්යාංශය මගින් දුරකතන අංක තුනක් හඳුන්වා දී තිබේ. 12 May 2019
‘රටට ජාතිකවාදී නායකයෙක් අවශ්‍යයි‘ ආණ්ඩුව කටයුතු කරන ආකාරය නිසා සිදුවන්නේ මේ වනවිට සමාජය ඉදිරියේ සළුපිළි ගැලවී නිරුවත් ව සිටින අන්තවාදි මුස්ලිම් දේශපාලඥයින් වටා යළි මුස්ලිම් ජනතාව එක් රොක් වීම යැයි පැපිලියාන සුනේත්රාදේවී මහ පිරිවෙනේ පරිවේණාධිපති ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවැසූහ. 12 May 2019
මධූෂ්ගේ ගෝලයෙක් හෙරොයින් සමඟ අල්ලයි ඩුබායි රටෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරුවකු වූ මාකඳුරේ මධූෂ් නමැත්තාගේ ගෝලයකු වන ඇල්පිටියේ ජොසා නැමැත්තා රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු සමඟ බේරුවල මරදාන ලැගුම්හලක් ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 12 May 2019
ප්‍රාථමික ශ්‍රේණි අධ්‍යයන කටයුතු හෙට ඇරැඹේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් කල් දැමූ රජයේ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි සඳහා දෙවන වාරයේ අධ්‍යයන කටයුතු හෙට (13) සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 12 May 2019
‘මේ විනාශයට නිලධාරීන් පමණක් නොව රටේ නායකත්වයත් වගකිවයුතුයි’ ‘පාස්කු දා ප්‍රහාරය මටත් පෞද්ගලිකව වැදුණු ලොකු පහරක්. ඒ වේදනාවෙන් තවමත් මම පීඩා විඳිනවා. මේ දේවල් හොඳටම දැනගෙන ඒවා මඟහැර ගැනීමට කටයුතු නොකරපු ඒ නිලධාරීන් විතරක් නොව මේ රටේ නායකත්වය පවා මේ විනාශයට වගකිව යුතු බව මා නැවත වරක් ප්‍රකාශ කරනවා යැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පැවසුහ. 12 May 2019
‘ජනපතිවරණය තෙක් භාරකාර ආණ්ඩුවක් පිහිටවිය යුතුයි’ පාස්කු ඉරිදා ප්රහාරයෙනන් පසු රට තුළ සාමකාමී වාතාවරණයක් පවත්වාගෙන යාමට නම් රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් යුත් ආණ්ඩුව වෙනුවට ඉදිරි ජනාධිපතිවරණය තෙක් භාරකාර ආන්ඩුවක් පිහිටුවාගත යුතු බව ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ කොළඹදී අද (12) පැවැසූහ. 12 May 2019
‘රටේ එකම නීතියක් තිබිය යුතුයි’ රටේ එකම නීතියක් ස්ථාපිත කරමින් දළදා වහන්සේගේ අයිතිය නිකායවලින් බැහැර කර එය ජනසතු කළ යුතු බවත්, එහි සියලු ආවතේව කටයුතු මහා සංඝරත්නයට පැවරිය යුතු බවත්, ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ බෞද්ධ හිමිකම් පිළිබඳ කොමිසම හමුවේ සාක්කි දෙමින් පැවසූහ. 12 May 2019
‘විපක්ෂ නායක ප්‍රතිත්‍රස්ත පනතෙන් දේශපාලන වාසි ගන්න හදනවා‘ ප්‍රතිත්‍රස්ත පනත යොදාගනිමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන වාසි ලබාගැනීමේ උත්සාහයක නිරත වන බව රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය. 12 May 2019
බුද්ධි නිලධාරීන් ලෙස රඟපා නිවසක් කොල්ල කෑ 4ක් අත්අඩංගුවට ආරක්ෂක අංශ සිදුකරන සෝදිසිකිරීම්වලට මුවා වී නාවික හමුදා බුද්ධි නිලධාරීන්ගේ වෙස්ගෙන කිරිඇල්ලේ මුස්ලිම් නිවසක් කොල්ලකෑ සිව්දෙනෙකුගෙන් යුත් කල්ලියක් අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය කියයි. 12 May 2019
‘ පාස්කු දා ප්‍රහාරයට සම්බන්ධ කිසිවකුත් ආරක්ෂා කරන්නේ නැහැ‘ පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ කිසිවෙකුත් ආරක්ෂා නොකරන බව ආග්රාමාත්ය රනිල් වික්‍රමසිංහ මහතා ඇල්පිටියෙදි පැවසිය. 12 May 2019
තහනම් ඇඳුමින් මළගමට ආ අඹුසැමි යුවළ අත්අඩංගුවට ප්‍රදේශවාසීන්ගේ විරෝධය මැද අවමංගල්‍ය උත්සවයකට මුහුණ වැසෙන ලෙසින් සකස් කළ ඇඳුමකින් සැරසී පැමිණ සිටි කාන්තාවක, ඇගේ ස්වාමි පුරුෂයා සමඟ හලාවත ජයබිම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි. 12 May 2019
ක්‍රීඩා පුහුණුකරුවන් 3850ගේ පත්වීම්වලට ගුරු සංගමයේ විරෝධය අපොස සාමාන්‍ය පෙළ විෂයන් 6ක් සමත් වීම මූලික සුදුසුකම සේ සළකා බඳවාගත් ක්‍රීඩා පුහුණුකරුවන් 3850දෙනෙකුට අධ්‍යාපන අමාත්‍යංශය විසින් පත්වීම් ලබාදීම පිළිබඳව දැඩි විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමය කියයි. 12 May 2019
හලාවතට ඇඳිරිනීතිය හලාවත ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කළ බව පොලිස් අධිකාරී මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. 12 May 2019
වෙසක් තොරණවලට එකතු වූ මුදල් විහාරස්ථාන සඳහා බෙදා දෙයි ජාතික වෙසක් දින උත්සවය වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබූ තොරණ කිහිපයක් සඳහා එකතු වූ මුදල් ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම විහාරස්ථාන අතර බෙදා දීමට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) සිදු කෙරිණි. 12 May 2019
හලාවත කලබලය දුර දිග යයි ශ්‍රී ලංකා තව්හීත් ජමාත් සංවිධානයේ හලාවත කාර්යාලය හා යාඥා කිරීමේ මධ්‍යස්ථානය වශයෙන් හලාවත වට්ටක්කලිය පවත්වා ගෙන ගිය නිවසට හා එහි තාප්පයකට අද (12) මැර ප්‍රහාරයක් එල්ල වී ඇති බව හලාවත පොලිසිය කියයි. 12 May 2019
‘පාස්කු ඉරිදා ප්‍රහාරය මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නයක් නොවේ’ “පාස්කු ඉරිදා ප්‍රහාරය මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නයක් නොවෙයි. ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර ජාතීන් විසින් ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණයක් විදියට මම දකිනවා. හම්බන්තොට වරාය චීනයට දීමෙන් ඇමෙරිකාවත් ඉන්දියාවත් විරසක වුණා. 12 May 2019
ටෙලෝ හිටපු මන්ත්‍රී සිවාජිලිංගම්ට හමුදාව ඕනෑවෙයි ‘හමුදාව උතුරු පළාතෙන් මුළුමනින්ම ඉවත්කළ යුතු යැයි මම කියන්නේ නැහැ. ඒකීය රටක් තුළ ජනතාවගේ ආරක්ෂාව සදහා ආරක්ෂක හමුදාවත් සිටිය යුතුයි‘ යැයි දෙමළ ඊලාම් විමුක්ති සංවිධානය හෙවත් ටෙලෝ පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. කේ. සිවාජි ලිංගම් මහතා පැවසීය. 12 May 2019
බටකැටියේ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි අඟුලුගහ බටකැටිය ප්‍රදේශයේ නිවසක බලපත්‍ර නොමැතිව ගබඩා කරගෙන සිටි පුපුරණ ද්‍රව්‍ය තොගයක් හබරාදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 12 May 2019
පකිස්ථානයේ හෝටලයකට ප්‍රහාරයක් පකිස්ථානයේ බලුකිස්ථාන ප්‍රාන්තයේ සුඛොපභෝගී හෝටලයකට ඇතුළුවූ තුවක්කුකරුවකු විසින් වෙඩිතැබීම හේතුවෙන් එක් පුද්ගලයකු මියගොස් ඇත. 12 May 2019
අයිඑස්ලා ඉන්දියාවේ පළාතක් නම්කරති ඉන්දියාව තුළ තමන් “පළාතක්” ස්ථාපිත කළේ යැයි අයි.එස්. සංවිධානය පළමු වරට නිවේදනය කර ඇත. 11 May 2019
බණ්ඩාරවෙල නගරය වීඩියෝ කළ අයෙක් අත්අඩංගුවට බණ්ඩාරවෙල පොලීසිය, රෝහල, ප්‍රධාන බස්රථ නැවතුම්පළ සහ නගරය වීඩියෝ ගත කරමින් සිටි මුස්ලිම් ජාතික තරුණයෙකු අද (11) හවස අත්අඩංගුවට ගෙන ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 11 May 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026