ඊච්චන්කුලම ස්ථානාධිපති - කොස්තාපල් රිමාන්ඩ් එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් වවුනියාව කල්මඩු ප්‍රදේශයේ ඉඩමක්තුල වළ දමා තිබෙන රත්‍රං තොගයක් ගොඩගැනීම සඳහා ව්‍යාපාරිකයින් පිරිසකට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඊච්චන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයා ලබන අපේ‍්‍රල් 1 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස වවුනියාව මහෙස්ත්‍රාත් තෂ්මින් ෆවුෂාන් මහත්මිය අද (19) නියෝග කළාය. 19 March 2019
නොරොච්චෝල බලාගාරයේ ගැටලුව අවසන් නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ තාක්ෂණික ගැටළුව සමනයට පත්ව ඇති හෙයින් හෙට (20) විදුලි ජනනය කටයුතු ආරම්භ කිරිමට හැකි වෙතැයි විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි. 19 March 2019
අධිවේගී මාර්ගයේ දෙපස දැන්වීම් පුවරු ඉවත් කිරීමට යයි අධිවේගී මාර්ගයේ දෙපස හා ආසන්නයේ ප්‍රදර්ශනය කෙරෙන අනවසර දැන්වීම් පුවරු සියල්ල ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. 19 March 2019
මිනිස් කළලයක් සමඟ මැලේසියානු ජාතිකයෙකු මුම්බායිහිදී අත්අඩංගුවට ඉන්දියාවේ මුම්බායි ගුවන්තොටුපලේදී මිනිස් කළලයක් රැගෙන යමින් සිටි මැලේසියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව මුම්බායි ගුවන්තොටුපල බලධාරීහු පවසති. 19 March 2019
‘සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් අයදුම්පත්‍ර එවීම ප්‍රමාදයි‘ මේ වසරේ අධ්‍යන පොදු සහතිකපත් සාමාන්‍ය පෙළ හා උසස්පෙළ විභාග සඳහා පෙනී සිටින සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් අයදුම්පත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට විදුහල්පතිවරුන් හා පරිවේනාධිපතිවරුන් සැලකිල්ලක් දක්වා නැතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ලියනගේ මහතා පවසයි. 19 March 2019
කරන්නාගොඩගෙන් පැය 4 ක් ප්‍රශ්න කරයි කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල තරුණයන් 11 දෙනකු 2008 වසරේ දී පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් තෙවැනි දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (19) පැය 4 ට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය කියයි. 19 March 2019
විරෝධතාවට කඳුළු ගෑස් -ජල ප්‍රහාර සරසවි සිසුන්ගේ විරෝධතාව පාලනය කිරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. 19 March 2019
ටවුන් හෝල් අවට වාහන තදබදයක් විශ්වවිද්‍යාල සිසුන්ගේවිරෝධතාවක් හේතුවෙන් කොළඹ පුරහල අවට මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබේ. 19 March 2019
දැවැන්තම ආයෝජන ව්‍යාපෘතිය 24 වැනි දා විවෘත කෙරේ ඇමරිකානු ඩොලර් බිලියන 3.95ක් වටිනා, ඉතිහාසයේ දැවැන්තම ආයෝජන ව්‍යාපෘතිය ලබන 24 වනදා හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවැසීය. 19 March 2019
ජොන්ස්ටන්ගේ නඩු 4 ක් ඉල්ලා අස්කර ගනී වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විරුද්ධව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව පවරා තිබු වත්කම් බැරකම් නඩු 4 ක් අද (19) එම කොමිසන් සභාව විසින් අධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගනු ලැබිණි. 19 March 2019
නාලක ද සිල්වා තවදුරටත් රිමාන්ඩ් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඝාතනයට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 26 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 19 March 2019
ජිනීවා වාර්තාව හෙට සභාගත කරයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරියගේ කාර්යාලය විසින් සකස් කරන ලද සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ලිඛිත වාර්තාව හෙට (20) මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේදී නිල වශයෙන් සභාගත කෙරෙන බව ජිනීවා තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී. 19 March 2019
විරෝධතාවක් ගාලු පාර වහයි විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා තිබේ. 19 March 2019
බඹර කූඩුවක් ඇවිස්සී මොනරාගල පාසලක් වහයි මොනරාගල මදුරුකැටිය විද්‍යාලයේ තිබු බඹර කූඩුවක් ඇවිස්සීමෙන් විදුහල තාවකාලිකව වසා දැමීමට විද්‍යාල බලධාරීන් කටයුතු කර තිබේ. 19 March 2019
රත්ගම ඝාතනයට තවත් අටක් රිමාන්ඩ් රත්ගම පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ තවත් නිලධාරින් හත් දෙනෙකු සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි වන නිලධාරියකු ඇතුළු සැකකරුවන් අට දෙදෙනකු ද 27 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය. 19 March 2019
ඊච්චන්කුලම් පොලිස් ස්ථානාධිපති - කොස්තාපල්වරයකු අත්අඩංගුවට පුරාවස්තු කැණීමකට අනුබල දීමේ චෝදනාව යටතේ වව්නියාව ඊච්චන්කුලම් පොලිස් ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයකු අද (19) අත්අඩංගුවට ගත් බව වන්නි දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික්‍රම මහතා කියයි. 19 March 2019
අධ්‍යාපන චාරිකාවක් පැමිණි බසය අනතුරකට ලක් වී 20 ක් රෝහලේ ගාල්ල මහින්ද විද්‍යාලයේ සිට හම්බන්තොට ප්‍රදේශය දක්වා පැමිණි අධ්‍යාපන චාරිකාවක් පැමිණි බසයක් අම්බලන්තොට දෙහිගහලන්ද මහා විද්‍යාලය ඉදිරිපිටදී තවත් බස් රථයක ගැටීමෙන් පාසැල් බස් රථයේ ගමන් කරමින් සිටි සිසුන් 15 දෙනකු ඇතුළු 20 දෙනකු තුවාල ලබා හම්බන්තොට දිස්ත්‍රික් මහරෝහලට ඇතුළු කර තිබේ. 19 March 2019
හිටපු නාවික හමුදාපති තෙවැනි දිනටත් සිඅයිඩියට ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු නාවික හමුදාපති කමාන්ඩර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා තෙවැනි වරට අද (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. 19 March 2019
ඔසාකා උළෙලේ විශිෂ්ටතම නිළි සම්මානය නිල්මිණි සිගේරාට ජපානයේ ඔසාකා ආසියානු සිනමා උළෙලේ තරගකාරී අංශයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ නිල්මිණි සිගේරා මහත්මිය, ‘අසන්ධිමිත්තා’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සිනමා උළලේ විශිෂ්ටතම රංගනය සඳහා පිදෙන ’’යශිකෝ මුතු’’ සම්මානය දිනා ගත්තාය. 19 March 2019
ග්‍රාමීය කාන්තාවන් ලබාගෙන ඇති ණය කපාහැරීමේ වැඩපිළිවෙළක් ග්‍රාමීය කාන්තාවන් ලබාගෙන ඇති කුඩා ණය කපාහැරීම මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවත් ගමේ ආර්ථීකය ශක්තිමත් කරමින් වෙහෙර විහාර සංවර්ධනයට විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැකිරාවේදී පැවැසීය. 19 March 2019
නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍රයක දෝෂයකින් රට පුරා විදුලිය කැපීමේ අවදානමක් නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ එක් යන්ත්‍රයක් අද හදිසියේ ක්‍රියාවිරහිත වීමත් සමඟ රටපුරා විදුලිය විසන්ධි වීමේ දැඩි අවධානමක් හටගෙන ඇතැයි ලංවීම ආරංචි මාර්ග සඳහන් කරයි. 18 March 2019
උපාධිධාරී ගුරුවරුන් 8,500ක් බඳවාගැනීමට පියවර මේ වසරේදී උපාධිධාරී ගුරුවරුන් 8,500ක් බඳවාගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 18 March 2019
ඉන්ෆ්ලුවන්සා රෝගය පැතිරයාමේ අවදානමක් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මේ දිනවල ඉන්ෆ්ලුවන්සා උණ රෝගය පැතිරයාමේ අවදානමක් හට ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. 18 March 2019
රත්ගම ඝාතනය ගැන පොලිස් නිලධාරීන් 7ක් ඇතුළු 8ක් අත්අඩංගුවට ගාල්ල රත්ගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දකුණ පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 7දෙනෙකු සහ අඩවි වනනිලධාරියෙකු මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. 18 March 2019
කොටි වළ දැමූ රන් ගොඩගන්න ගිය සැකකරුවෝ රිමාන්ඩ් වව්නියාව ඊච්චන්කුලම් ප්‍රදේශයේදී කොටි සංවිධානය විසින් වල දමනලද රන් ගොඩ ගැනීමට උත්සහ කළ සැකකරුවන් 05 දෙනෙකු අද (18) දින වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන අප්‍රේල් මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස වව්නියාව මහේස්ත්‍රාත් නස්මීන් ෆවුසර් මහත්මිය නියෝග කළාය. 18 March 2019
රාගම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය බාගෙට වැඩ රාගම ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය මාස දෙකක් තිස්සේ සවස 4.00න් පසුව වසා දමා ඇතැයි ද මේ නිසා රෝගී ජීවිත රැසක් අවදානමට ලක්ව ඇතැයි ද නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය නිලාන් ප්‍රනාන්දු මහතා ‘ලංකාදීප’යට පැවසීය. 18 March 2019
නෙදර්ලන්තයේ වෙඩි තැබීමක් නෙදර්ලන්තයේ යූට්රෙක්ට් නගරයේදී පුද්ගලයකු කළ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් කිහිපදෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. 18 March 2019
අල්ලස දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු සැලැස්ම එළිදකී අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු සැලැස්ම එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී දී අද (18) සිදුකෙරිණි. 18 March 2019
‘බැදුම්කර වංචාවේ මහමොළකරු අල්ලන්න සිංගප්පූරු සහාය නැහැ‘ මෙරට සිදුවූ මහ බැංකු වංචාවට සම්බන්ධ ප්‍රධාන වගඋත්තරකරු අත්අඩංගුවට ගැනීම සඳහා සිගප්පූරුවෙන් ලැබිය යුතු සහයෝගය නොලැබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 18 March 2019
මන්ත්‍රී රොෂාන් රණසිංහ ඇතුලු 07 දෙනාට ඇප පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ඇතුලු වග උත්තරකරුවන් 07 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොලොන්නරුව මහාධිකරණයේ ගොනු කළ නඩුවක් අද (18) දිනයේ කැඳවූ අවස්ථාවේදී එක් අයෙකුට රුපියල් 25000 බැගින් මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස පොලොන්නරුව මහාධිකරණ විනිසුරු ඉන්දික සුමේධ සුරවීර මහතා නියෝග කළේය. 18 March 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026