මාලදිවයින අත්අඩංගුවේ සිටින ලංකික ධීවරයින් ගෙන්වා ගැනීමට පියවර දැනට මාලදිවයින අත්අඩංගුවේ පසුවන ලංකික ධිවරයින් ඉදිරි දින කිහිපය තුළ දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවැසීය. 13 March 2019
ඡන්දයක් නැතිවම ජනපති වැය ශීර්ෂය සම්මත වෙයි ඡන්දයකින් තොරව ජනාධිපති වැය ශීර්ෂය අද පාර්ලිමේන්තුවේ දී සම්මත විය. 13 March 2019
ජනපතිගේ වැය ශීර්ෂය පරාජය නොකරන ලෙස අගමැති ඉල්ලයි ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය නොකරන ලෙස අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත. 13 March 2019
තංගල්ල හිටපු සභාපති ඇතුළු සිව්දෙනාගේ අභියාචනය ඉල්ලා අස් කරගනී තංගල්ල ද නේචර් හෝටලයේදී බි්රතාන්ය ජාතික කුරාම් ෂෙයික් නැමැත්තා මරා දමා ඔහුගේ පෙම්වතිය දුෂණය කරන ලදැයි චෝදනාවට කොළඹ මහාධිකරණය මඟින් තංගල්ල ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු චූදිතයින් සිව් දෙනෙකුට නියම කර ඇති වසර 20ක සිර දඬුවමට එරෙහිව නීතිපතිවරයා සහ විත්තිකරුවන් විසින් ගොනු කළ අභියාචන පෙත්සම් දෙක අද ( 13) ඔවුන් විසින් ඉල්ලා අස් කර ගන්නා ලදී. 13 March 2019
අන්තරේ විරෝධතාවේ දී සහකාර පොලිස් අධිකාරිවරයකු තුවාල ලබයි පාර්ලිමේන්තු පිවිසුමේ දී අන්තරේ විරෝධතාවේ සිසුන්ගේ ප්‍රහාරයකින් පාර්ලිමේන්තු පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි. 13 March 2019
දැරියකට අතවර කළැයි ගුරුවරයෙක් අත්අඩංගුවට තම පාසලේම ඉගෙනුම ලබන 13 හැවිරිදි ශිෂ්‍යාවකට බරපතල ලිංගික අපයෝජනයකට ලක්කළ බව කියන ගුරුවරයෙක් අද (13) අත්අඩංගුවට ගත් බව අඟුණකොළපෑලැස්ස පොලිසිය පවසයි. 13 March 2019
අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර සිසුවා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු වට රවුමේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 13 March 2019
කිරිපිටි වලටත් මිල සූත්‍රයක් ආනයනික කිරිපිටි මිල තීරණය කිරීම සඳහා සකස් කරන ලද මිලසූත්රයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 13 March 2019
රියැදුරු බලපත් සේවා සෙනසුරාදාත් විවෘතයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සෙනසුරාදා දිනයේද විවෘතව තැබෙන බව ප්‍රවාහන සහ සිවිල්ගුවන්සේවා අමාත්‍යංශය පවසයි. 13 March 2019
මහපොළ 1000 කින් වැඩිකරයි ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම ලබන සිසුන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 1000 ක් වැඩිකර තිබේ. 13 March 2019
ජනපතිගේ වැය ශීර්ෂය පරදවන්නට එක්වන්නැයි ඒකාබද්ධ විපක්ෂයට ආරාධනා කරයි ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට අදාළව අද (13) පැවැත්වෙන ඡන්ද විමසීමේදී එය පැරදවීමට එක්වන්නැයි තමන් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 13 March 2019
විරෝධතාව නවත්වන්න කඳුළු ගෑස්-ජල ප්‍රහාර අන්තර් විශ්වවිද්‍යාල සිසු විරෝධතා පා ගමනට නැවැත්වීම සඳහා මේ වන විට පොලීසිය විසින් පාර්ලිමේන්තු මාර්ගයේදී සිසුන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ. 13 March 2019
ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දකුණු අප්‍රිකාවේ පොර්ට් එළිසබෙත්හිදී අද (13 වැනිදා) පැවැත්වෙන සිව්වැනි එක්දින තරගයේදී කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය. 13 March 2019
අන්තරේ විරෝධතාව නිසා පාර්ලිමේන්තු මාර්ගය වසා දමයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ශිෂ්‍ය විරෝධි පාගමන මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයට පිවීසීමට කළ උත්සාය වළක්වමින් මේ වන විට පාර්ලින්මේන්තු මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ. 13 March 2019
'මැතිවරණ මැරයොත් මහජන නියෝජිතයන් වෙනවා' මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ඡන්ද පොළ මැර ක්‍රියා කරන්නන්ට එරෙහිව පවතින නීති තවත් දැඩිවිය යුතු යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ‘ලංකාදීප’ යට පැවසීය. 13 March 2019
ඉදිරියේදී ලංගමයට සැප බස් පමණයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මින් ඉදිරියට මිලදී ගනු ලබන්නේ සුඛෝපභෝගී බස් රථ පමණක් බවත්, ඒ සදහා නව පිරිවිතර ඉදිරියේදී හඳුන්වා දෙන බවත් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 13 March 2019
මයිකොපිනලේට් ගෙන්වයි වකුගඩු බද්ධ කළ රෝගීන් වෙනුවෙන් ලබාදිය යුතු අත්‍යවශ්‍ය ඖෂධයක් වන මයිකොපිනලේට් ඖෂධය මාස තුනකට ප්‍රමාණවත් තොගයක් ලැබී ඇතැයි වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය ඒ ටී සුදර්ශන මහතා අද (13) පැවසීය. 13 March 2019
අය වැයට පක්ෂව ඡන්දය දුන්නැයි මන්ත්‍රී කවීන්ද්රන්ට විනය පරීක්ෂණ පක්ෂ තීරණය නොතකමින් අයවැය දෙවන වර කියවීමට අදාල ඡන්ද විමසුමේදී ඊට පක්ෂව ඡන්දය ලබාදුන් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද්‍රන් කෝඩිස්වරන්ට එරෙහිව ටෙලෝ සංවිධානය විසින් විනය පරීක්ෂණයක් ආරම්බ කර තිබේ. 13 March 2019
රත්ගම ඝාතනයේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් රත්ගම පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින පොලිස් නිලධාරින් හය දෙනා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බිට්ටු නිලධාරියා ඇතුළු සැකකරුවන් හත් දෙනා තව දුරටත් 27 දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (13) නියෝග කළේය. 13 March 2019
පකිස්තානය ඉන්දීය චිත්‍රපට තහනම් කරයි පාකිස්ථානය ඉන්දියානු චිත්‍රපට ප්‍රදර්ශනය සහ රූපවාහිනි නාලිකා විකාශනය තහනම් කර ඇති බව වාර්තා වේ. 13 March 2019
ටවුන්හෝල් අවට රථවාහන තදබදයක් විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ නගර ශාලාව අවට මාර්ගයන්හි රථ වාහන තදබදයක් පවතී. 13 March 2019
නව සන්ධාන සාකච්ඡා හෙට අරඹයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට නියමිත නව සන්ධානය පිළිබඳ සාකච්ඡා නිල වශයෙන් 13 March 2019
ජිනීවා යන්න අලුත් කණ්ඩායමක් මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියගේ කාර්යාලය විසින් සකස් කරන ලද සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ වාර්තාව සළකා බැලීමේ අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපාන මහතාගේ නායකත්වයෙන් යුතු දූත පිරිසක් ශ්‍රී ලංකා රජය නියෝජනය සහභාගී වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 13 March 2019
අගුණුකොලපැලැස්ස ප්‍රහාරයත් ජිනීවා කවුන්සිලයට අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රිමාන්ඩ් රැඳවියන් පිරිසකට එල්ල වූ ප්‍රහාරයේ වැරැදිකරුවන්ට එරෙහිව රජය නීතිය ක්‍රියාත්මක නොකරන බවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ජිනීවාහි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කළේ යැයි එහි සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා ‘ලංකාදීපය’ ට පැවසීය. 13 March 2019
පැගිරිවත්තේ සුද්දා අත්අඩංගුවට මාකදුරේ මධුෂ් නැමැත්තාගේ පියාගේ අවමගුල් උත්සවයට උදව් උපකාර කළ ඔහුගේ ප්‍රධාන ගෝලයකු වන පැගිරිවත්තේ සුද්දා නැමැත්තා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ පොලිස් කණ්ඩායමක් අද (13) දහවල් දෙල්කද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. 13 March 2019
අල්ලස් කොමිසම අක්‍රීය වීම ගැන ජනපති වගකිව යුතුයි අල්ලස් කොමිසම අක්‍රීයවීම ගැන ජනාධිපතිවරයා වගකිව යුතු බව ජනතා විමුක්ති පෙරමුණු කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (13) පැවසීය. 13 March 2019
රාජ්‍ය ආයතන තුළ බුලත්විට-දුම්කොළ ආශ්රිත නිෂ්පාදන භාවිතය තහනම් රාජ්‍ය ආයතනයන් තුළ බුලත් විට, දුම්කොළ සහ පුවක් ආශ්රිත නිෂ්පාදන භාවිතය හා විකිණිම තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ. 13 March 2019
‘ජිනීවා යෝජනාව වෙනස් කරන්න එපා‘ ජිනීවා මානව හිමිකම් කොමිෂමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාව රටට වාසිදායක එකක් බැවින් එය වෙනස් කිරීමට උත්සාහ නොකරන්නැයි ජනාධිපතිවරයාගෙන් හා ජිනීවා යන බව කියන ජනපති නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තුවේ සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 13 March 2019
රංජන්ට එරෙහි පැමිණිල්ල ජුනි 12 වැනි දා විභාගයට ඉකුත්දා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සඳහා පත් කළ විනිසුරු මඬුල්ල සම්බන්ධයෙන් ඔහු සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ජුනි මස 12 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) දින නියම කළේය. 13 March 2019
අල්ලස් ගත් විදුහල්පති රිමාන්ඩ් අල්ලස් මුදලක් ලබා ගත් බවට සැක පිට අත් අඩංගුවට ගත් දෙයියන්දර ජාතික පාසලේ විදුහල්පතිවරයා ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස දෙයියන්දර මහේස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකීර්තී මහත්මිය නියෝග කළාය. 13 March 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026