චිකාගෝ ක්‍රමයට පලා ගිය සැකකරු අත්අඩංගුවට බන්ධනාගාර අත්අඩංගුවේ සිටියදී චිකාගෝ ක්‍රමයට පලා ගොස් සිටි මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන සුනිල් ශාන්ත නැමැත්තා මීමුරේ ප්‍රදේශයේ දී සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. 12 December 2018
වතු කම්කරුවන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හෙටින් අවසන් වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රු.1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා දින 8 ක් පුරා වතු කම්කරුන් ආරම්භ කර තිබූ වෘත්තිය සමිති ක්‍රියාමර්ගය හෙට (12) අවසන් කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසීය. 11 December 2018
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුවත් කණ්ඩායමක් ලෙස ඉදිරියට කටයුතු කළ යුතුයි පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කුමන තීන්දුවක් ලබාදුන්නද එකම කණ්ඩායමක් ලෙස ඉදිරියටත් කටයුතු කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (11) රාත්‍රී පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 11 December 2018
විභාග මධ්‍යස්ථාන අවට ජංගම පොලිස් මුර සංචාර යොදවයි අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන අවට ජංගම පොලිස් මුර සංචාර යෙදවීමට පොලිසිය කටයුතු කරනු ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවැසීය. 11 December 2018
පුරවැසි බලය නියෝජිතයාගේ ප්‍රකාශයක් ගැන පරීක්ෂණයක් පුරවැසි බලය සංවිධානයේ නියෝජිත සමන් රත්නපි‍්‍රය මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රට තුළ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමේ සහ අරගලයක් නිර්මාණය වන අන්දමේ ප්‍රකාශ නිකුත් කළ බව කියන සිද්ධියන් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 11 December 2018
පොලිස් ඥාති සංසදයේ උද්ඝෝෂණය වළක්වන්න’යි කළ ඉල්ලීම ඉවතට ‘පොලිස් ඥාති සංසදය’ නැමැති සංවිධානයක් විසින් හෙට (12) කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී සංවිධානය කර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරය තහනම් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි කොටුව පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (11) ප්‍රතික්ෂේප කළේය. 11 December 2018
ගාලු කොටුවේ තැපැල් කාර්යාලයේ කොටසක් කඩා වැටෙයි ගාල්ල කොටුවේ පිහිටි පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ කොටසක් අද (11) කඩා වැටී ඇත.ඒ අසල නවතා තිබූ ත්‍රී රෝද රථයකට හානි සිදුවී ඇති නමුත් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැත. 11 December 2018
මාධ්‍යවේදීයකු ඝාතනය කළැයි හිටපු හමුදා සෙබළකු රිමාන්ඩ් නිදහස් මාධ්‍යවේදී ලක්මාල් ද සිල්වා මහතා වෙඩි තබා ඝාතනය කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් යුද හමුදාවේ හිටපු හමුදා සෙබළකු ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගල්කිස්ස මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අද (11) නියෝග කළාය. 11 December 2018
නීතිඥ දොළවත්තගෙන් පොලිසියට ලිපියක් දඹර අමිල හිමියන්ට ලිට්රෝ ගෑස් සමාගම විසින් මාසිකව රුපියල් 95,000 බැගින් මාස 39 ක පමණ කාලයක් මුදල් ගෙවා ඇති බවට නීතිඥ ප්‍රේම්නාත් දොළවත්ත මහතා ඇතුළු ’’සත්‍ය ගවේෂකයෝ සංවිධානය’’ අද (11) පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා පොලිස් මූලස්ථානයට ලිපියක් බාරදීමට පැමිණියහ. 11 December 2018
ඔස්ට්‍රේලියාවේදී පිරිමි දරුවන් දෙදෙනකු අපයෝජනය කළැයි ලාංකිකයාට දඬුවම් ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී හත් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනකු ලිංගික අපයෝජනයට ලක් කළැයි කියන ශ්‍රී ලාංකිකයකුට වසර 5 ක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණය තීරණය කර තිබේ. 11 December 2018
බන්ධනාගාරයේ සිටින සැමියාට සිම්කාඩ් දෙන්න ගිය බිරිඳට සිරදඬුවම් ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින තම සැමියාට කෑම පාර්සලයක දමා ජංගම දුරකතන සිම්කාඩ් හතක් දිමට තැත් කිරිම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකාර කාන්තාවකට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (11) මාස හයක සිරදඬුවම් සහ රුපියල් දහසක දඩයක් නියම කර සිරදඬුවම වසර දහයකට අත්හිටුවනු ලැබීය. 11 December 2018
ගමනාගමන සේවකයෝ ජනපතිගෙන් ප්‍රසාද දීමනාව ඉල්ලති ප්‍රසාද දීමනා හා දරුවන්ට පාසල් උපකරණ ගැනීම වෙනුවෙන් රුපියල් 25,000 මුදලක් ලංකා ගමනාගමන මණ්ඩල සේවකයන්ට ලබාදෙන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත. 11 December 2018
ආණ්ඩු පක්ෂය හෙටත් පාර්ලිමේන්තුවට නෑ පාර්ලිමේන්තුවේ හෙට (12) රැස්වීමත් වර්ජනය කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇත. 11 December 2018
ජනපති ඝාතන කුමන්ත්රණයේ ඉන්දීය ජාතිකයා යළි රිමාන්ඩ් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියට සම්බන්ධ මර්සියෙල් තෝමස් නැමැති ඉන්දිය ජාතිකයා ලබන 19 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (11) නියෝග කළේය. 11 December 2018
පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් හෙට කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් හෙට(12) පෙරවරු 11.30ට කැඳවා ඇත. 11 December 2018
පුවරසම්කුලම් පොලිස් ස්ථානාධිපතිවරයා රිමාන්ඩ් වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසුරිය මහතා දෙසැම්බර් 13 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා අද (11) නියම කළේය. 11 December 2018
ජනාධිපතිගේ සම්මුඛ සාකච්ඡාවේ වීඩියෝ පටය අල්ලස් කොමිසමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍යට ලබාදුන් සම්මුඛ සාකච්ඡාව සැළකිල්ලට ගන්නැයි ඉල්ලමින් එම සාකච්ඡාවේ වීඩියෝ පටය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලබා දුන් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයේ විධායක අධ්යක්ෂ අසෝක ඔබේසේකර මහතා ලංකාදීපයට පැවසීය. 11 December 2018
රේගු නිලධාරීන්ගේ වර්ජනය අවසන් සිය වැටුප් විෂමතාව ඉවත් නොකිරීමට විරෝධය දක්වා රේගු නිලධාරීන් අද(11) ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව රේගු නිලධාරීන්ගේ සංගමය පවසයි. 11 December 2018
‘බෙංගාල බොක්ක ආශ්‍රිතව මුහුදු ගමන් එපා’ දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරියේ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බැවින් බෙංගාල බොක්ක ආශ්රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල අද (11) ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින ලෙසත් දැනටමත් මුහුදු ගොස් සිටින ධීවරයින් එම ප්‍රදේශවලින් වහා ඉවත්වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 11 December 2018
රෝහිත අබේගුණවර්ධනට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය කල් යයි සිය නිත්‍යනූකූල ආදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපළ වල හිමිකරුව සිටින බවට චෝදනා ලැබ සිටින හිටපු වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමති රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ලබන වසරේ මාර්තු මස 18 සහ 28 වැනි දිනවල පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (11) තීරණය කළේය. 11 December 2018
නාලක ද සිල්වා යළි රිමාන්ඩ් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා 19 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (11) නියෝග කර තිබේ. 11 December 2018
දුම්රියත් වර්ජනයකට සැරැසේ අමාත්‍ය මණ්ඩලය මගින් අනුමත කරන ලද එම්. පී. 1හා 2 වැටුප් පරිමාණ ලබාදීම තවදුරටත් ප්‍රමාදකිරීමට විරෝධය දක්වා දුම්රිය රියැදුරු, නියාමක, දුම්රිය පාලක, ස්ථානාධිපති හා අධීක්ෂණ කළමණාකරුවන් ලබන 26 මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක 11 December 2018
නැති වු ජංගම දුරකතන ගැන පැමිණිලි කරන්න නව වෙබ් අඩවියක් ජංගම දුරකතනයක් අස්ථානගත වු විට හෝ සොරකම් කළ විට ඒ සම්බන්ධව පැමිණිලි කළ හැකි නව වෙබ් අඩවියක් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව අද (11) හඳුන්වා දුන්නේය. 11 December 2018
187 බස් වර්ජනයක් මාර්ග අංක 187 කටුනායක ගුවන්තොටුපළ-කොළඹ කොටුව සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ ධාවකයෝ අද (11) සිට වර්ජනයක් ආරම්භ කර තිබේ. 11 December 2018
ප්‍රංශ ජනපතිගෙන් කහ කබාකරුවන්ට පොරොන්දුවක් සති ගණනාවක් පුරා ප්‍රංශයේ පැවති කහ කබා විරෝධතාකරුවන්ට ප්‍රතිචාර දැක්වීමක් ලෙස අවම වැටුප් වැඩිකිරිමට සහ බදු සහන ලබාදීමට ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්රොන් මහතා පොරොන්දු වී තිබේ. 11 December 2018
ප්‍රශ්න පත්‍ර මාරු වීම ගැන පරීක්ෂණයක් අම්පාර බණ්ඩාරනායක බාලිකා විදුහලේ විභාග මධ්‍යස්ථානයේ ශාලා දෙකක සහ අම්පාර ඞී. එස්. සේනානායක මධ්‍ය මහා විදුහලේ විභාග මධ්‍යස්ථානයේ ශාලාවක අද(11) උදය වරුවට නියමිත සෞන්දර්ය විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍ර නියමිත වේලාවට ලබා දී නොමැති වීමේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අරඹා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි. 11 December 2018
පාර්ලිමේන්තුවේ ප්‍රභූ-මහජන ගැලරි හෙටත් වැසේ හෙට දිනයේදී පැවැත්වෙන පාර්ලිමේන්තු සැසි වාරයේදී මහජන ගැලරිය හා කතානායක ආරාධිත ප්‍රභූ ගැලරිය වසා දැමීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. 11 December 2018
පුවරසන්කුලම් පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට 2010 වසරේ දී කිරිබත්ගොඩ ප්‍රදේශයේ නිවසක සිදුවු බව කියන සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුට සහ ඔහුගේ පුතාට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වව්නියාව පුවරසන්කුලම් පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 11 December 2018
හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී-දැව සංස්ථා සභාපතිට එරෙහි නඩුවේ විමර්ශන අවසන් බව රහස් පොලීසිය කියයි අල්ලස් වශයෙන් රුපියල් මිලියන 20 ක් ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාලව ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී කුසුම්දාස මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අය සම්බන්ධයෙන් විමර්ශන අවසන් බව අල්ලස් කොමිසම අද ප්‍රකාශ කළේය. 11 December 2018
පෙත්සම් තීන්දුව කඩිනමින් දෙන්නැයි ජනපතිගේ ඉල්ලීමට එරෙහිව මෝසමක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්හි තීන්දුව කඩිනමින් ලබා දෙන මෙන් ජනාධිපතිවරයා විසින් කර ඇති ඉල්ලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කර තිබේ. 11 December 2018
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026