කොළඹ ක්‍රීඩා පිටි මැයි දිනයට පමණක් ලබා දීමට තීරණයක් කොළඹ මහ නගර සභාවට අයත් සියලු ක්‍රීඩා පිටි මැයි දින රැස්වීම් වලට හැර වෙනත් දේශපාලන රැස්වීම් සඳහා ලබා නොදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති එම්.පි.එම් ඉක්මාල් මහතා පැවැසීය. 03 September 2018
මාධ්‍යවේදීන් දෙදෙනා නිදහස් කරන්න - මානව හිමිකම් කොමසාරිස්වරිය මියන්මාරයෙන් ඉල්ලයි සිරදඬුවමට ලක්වූ රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනා නිදහස් කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ අද (3) මියන්මාරයෙන් ඉල්ලීමක් කළාය. 03 September 2018
බෙලිඅත්ත - හම්බන්තොට දුම්රිය මග ඉදිකිරීම සමාගමකට පැවැරීමට යයි බෙලිඅත්තේ සිට හම්බන්තොට දක්වා වන දුම්රිය මාර්ගය අලුතින් ඉදිකර පවත්වාගෙන යාම සඳහා දේශීය හෝ විදේශීය ආයතනයකට පැවරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ. 03 September 2018
මාකඳුරේ මදූෂ්ගේ පියාගේ දේහයට හෙලිකොප්ටරයෙන් මල් ඉසියි රිය අනතුරකින් මිය ගිය තම පියාගේ අවසන් කටයුතු හෙලිකොප්ටරයකින් මල් ඉස සිදු කිරීමට පාතාල කල්ලි නායක මාකදුරේ මදුෂ් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් ආරංචී මාර්ග සඳහන් කරයි. 03 September 2018
එස් පවර් බලාගාරයට කෝටි 200ක් ගෙවීමට සිදුවීමෙන් ලංවීම අර්බුදයක එස් පවර් ඇඹිලිපිටිය පෞද්ගලික විදුලි බලාගාරයෙන් ඉකුත් මාස 4ක කාලයක් සඳහා ලබාගත් විදුලිය වෙනුවෙන් රුපියල් කෝටි 200 කට අධික මුදලක් ගෙවීමට සිදුවීමෙන් ලංකා විදුලි බල මණ්ඩලය අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තාවේ. 03 September 2018
ගුරු විදුහල්පති ගැටලුවලට ජනපතිගෙන් විසඳුම් ඉල්ලයි ගුරු හා විදුහල්පති සේවාවන්හි උසස්වීම් සකස් කිරීමේදී මතුව ඇති ගැටලු ඇතුළු කාරණා රැසක් සඳහන් කරමින් ලංකා ගුරු සේවා සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකර ඇත. 03 September 2018
කතානායකගේ ඇරයුම ඒකාබද්ධය ප්‍රතික්ෂේප කරයි තමාගේ නායකත්වයෙන් යුත් පාර්ලිමේන්තු මන්ත්රීකණ්ඩායමට ඉන්දීය සංචාරයට එක්වන ලෙසට කතානායක කරූ ජයසූරිය මහතා විසින් කරන ලද ආරාධනය ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප්‍රතික්ෂේප කර ඇත. 03 September 2018
ඉදිරියේ ජන කැළඹීමක් ඇතිවිය හැකි බව මන්ත්‍රී සුසිල් කියයි වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ හරහා ඉදිරියේදී රට තුළ විශාල මූල්‍ය අර්බුදයක් හා ජනතා කැළඹීමක් ඇතිවිය හැකි බවත්, ආණ්ඩුවට එය වැළැක්විය නොහැකි නම් කළ හැකි කෙනෙකුට භාර දී ගෙදර යන්නැයි බලකිරීම 5 වැනිදා පවත්වන උද්ඝෝෂණයේ අරමුණ බවත් හිටපු අමාත්‍ය, කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සුසිල් ප්‍රෙමජයන්ත මහතා පැවසීය. 03 September 2018
සබරගමුවේ නවක වද සිද්ධිය ගැන ඇමැතිගෙන් පැමිණිල්ලක් නවක වදය හේතුවෙන් දැඩි චිත්ත පීඩාවකට පත්ව ගෙලවැලලාගෙන මියගිය අමාලි චතුරිකා සිසුවියගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කොට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පොලිස් කොමිසමට පැමිණිලි කර තිබේ. 03 September 2018
සාකච්ඡා අසාර්ථකයි - දකුණේ ලංගම සේවක වර්ජනය දිගටම දකුණු පළාතේ ශ්‍රී ලංගම ඩිපෝවල සේවකයින් ආරම්භකොට ඇති වැඩ වර්ජනය පිළිබඳ වෘත්තිය සමිති නියෝජතයින් හා ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා අතර අද (03) පස්වරුවේ පැවති සාකාච්ඡාව විසඳුමකින් තොරව අවසන් වු බව ශ්‍රි ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සමිතියේ ප්‍රධාන ලේකම් බන්දුල රත්නායක මහතා පවසයි. 03 September 2018
රොහින්ග්‍යා ඝාතනය හෙළිකළ මාධ්‍යවේදීන් දෙදෙනාට සත් වසරක සිරදඬුවම් රාජ්‍ය රහස් සම්බන්ධ නීති උල්ලංඝණය කළ බවට එල්ල වූ චෝදනාවට වරදකරුවන් කරමින් මියන්මාර විනිසුරුවරයකු අද (3) රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනකුට වසර හතක සිර දඬුවමක් නියම කළේය. 03 September 2018
දැවෙන විහඟුන්ට ප්‍රදර්ශන සහතික දෙකක් දීමට එරෙහි පෙත්සම 17ට කල්යයි දැවෙන විහඟුන් චිත්‍රපටය සඳහා රැඟුම් පාලක මණ්ඩලෙයන් ප්‍රදර්ශන සහතික දෙකක් ලබා දීමට ගෙන ඇති තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා එම චිත්‍රපටයේ ප්‍රදාන නිළිය වන අනෝමා ජනාදරී මහත්මිය ගොනු කළ රිට් පෙත්සම මේ මස 17 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (03) දින නියම කළේය. 03 September 2018
කෙරවලපිටිය චීනයට දීම නවත්වන්නැයි ඉල්ලූ පෙත්සම කල්යයි කෙරවලපිටියේ ඉදිකිරීමට නියමිත ස්වභාවික වායු බලාගාරයේ ඉදිකිරීම් කටයුතු චීන සමාගම වෙත පැවරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සැප්තැම්බර් 17 වැනිදා සලකා බැලිමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) නියෝග කළේය. 03 September 2018
දකුණේ කළමනාකරණ සේවයේ අධි ශ්‍රේණියේ පුරප්පාඩු පිරවීම අත්හිටුවන්න නියෝග දකුණු පළාත් රාජ්‍ය කළමනාකරණ සේවයේ අධි ශ්‍රේණියේ පුරප්පාඩු පිරවිම ඔක්තෝබර් 31දක්වා අත් හිටුවමින් දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම්වරයා වෙත අද අතුරු ආඥාවක් නිකුත් කළේය. 03 September 2018
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රෙගුලාසි සංශෝධනය කරන්න යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රෙගුලාසි සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට කටයුතු කරන බව ක්‍රීඩා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 03 September 2018
යුද උපකරණ ළඟ තියාගත්තැයි කොටි සාමාජිකයන් 8කට අධි චෝදනා මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල, පැති බෝම්බ, මැග්නට් බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් ළඟ තබාගත් බව කියන කොටි සාමාජිකයින් අට දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත. 03 September 2018
අතුරුදන් වූවනගේ සාමාජිකයන්ට දීමනාවක් ගෙවීමේ යෝජනාවක් අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපතිවරයාට නිල රථයක් දීම හා එහි සාමාජිකයන්ට දීමනාවක් ගෙවීමට අදාළ යෝජනාවක් අඟහරුවාදා (4) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 03 September 2018
‘ඒකාබද්ධය දවල් සිහින දකිනවා’ මහජන උද්ඝෝෂණයක් පවත්වා කොළඹ වැටලීමෙන් ආණ්ඩුව පෙරළිය හැකි බවට ඒකාබද්ධ විපක්ෂය දවල් සිහින දකිමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 03 September 2018
‘උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමට ආණ්ඩුවේ කණ්ඩායමක් සුදානම්‘ කොළඹ නගරයේදී පවත්වන සාමකාමී උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමට ආණ්ඩුවේ කණ්ඩායම් සූදානමින් සිටින බවට තොරතුරු ලැබී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (03) පැවසීය. 03 September 2018
රැලියට එන එක නවත්වන්න නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරලා ජන බලය කොළඹට එන එක වළක්වන්න ආණ්ඩුව සමෘද්ධි නිලධාරීන්ගේ හා කෘෂි පර්යේෂණ නිලධාරීන්ගේ නිවාඩු අහෝසි කර ක්ෂේත්‍ර රාජකාරිත් තහනම් කරලා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. 03 September 2018
‘මුළු කොළඹම වටලා අලුත් ආණ්ඩුවක් අරං ගෙදර එනවා’ - පවිත්‍රා ජනතාවගේ පෝර සහනාධාරය කප්පාදු කරන, රටේ ආර්ථික සම්පත් විකුණන, වැඩබැරි ආණ්ඩුව ගෙදර යවන්න ඕනෑයි හිතන මහින්ද මහත්තයාගේ නායකත්වය පිළිගන්න සියලූම ජනතාව සමඟ කොළඹට පැමිණ කොළඹ වටලා අලූත් ආණ්ඩුවක් අරං ගෙදර එන බව 03 September 2018
දෙකෝටි අසූලක්ෂයක විදේශ මුදල් සමඟ ලාංකිකයෙක් රේගුවේදී අල්ලයි දෙකෝටි අසූ ලක්ෂයක් ක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (03) දහවල් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 03 September 2018
‘ඒකාබද්ධයේ උද්ඝෝෂණය සාමකාමී එකක් පොලිස්පති බියවිය යුතු නෑ’ ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණය අහිංසක එකක් බවත් ඒ පිළිබඳව පොලිස්පතිවරයා අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බවත් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවැසීය. 03 September 2018
රජරට කිරි ගොවියෝ කිරිපිටි සමාගමේ ප්‍රාදේශීය කාර්යාලය වටලති ප්‍රසිද්ධ කිරිපිටි සමාගමකට සපයන ලද කිරි සදහා ලැබිය යුතු මුදල් ඉල්ලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිරි ගොවින් දහසකට අධික පිරිසක් අද (03) එම ආයතනයේ අනුරාධපුර ප්‍රාදේශිය කාර්යාලය වටලා එහි නිලධාරින් සිර අඩස්සියට ගත්තේය. 03 September 2018
පන්තිභාර ගුරුවරිය නැතැයි දඹුල්ලේ පාසලක පළමු වසරේ සිසුන් ආපසු හරවා යවලා තුන්වැනි පාසල් වාරය ආරම්භක දිනයේම දඹුල්ල ප්‍රදේශයේ විදුහලක පළමු ශ්‍රේණිය (ඒ) පන්තියේ දරුවන් පාසල් නොමැතිව නැවත නිවසට හරවා යැවීමේ පුවතක් වාර්තා විණි. 03 September 2018
‘ඒකාබද්ධය සමඟ එක්ව ඇතැම් මාධ්‍ය දැගලූවද ආණ්ඩුවේ මයිල් ගහක්වත් හෙළවීමට බෑ’ ‘ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව ඇතැම් මාධ්‍ය දැගලූව ද ආණ්ඩුවේ මයිල් ගහක්වත් හෙළවීමට නොහැකි’ යැයි මුදල් හා ජනමාධය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. 03 September 2018
බදාදා පාර්ලිමේන්තුව නොපැවැත්වීමට හේතුවක් නෑ එළඹෙන බදාදා (5) සහ බ්‍රහස්පතින්දා (6) දිනවල පාර්ලිමේන්තුව නොපැවැත්වීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැතැයි කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 03 September 2018
ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස හේමසිරි ප්‍රනාන්දු පත් කෙරේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කර තිබේ. 03 September 2018
බෙංගමුවේ නාලක හිමි ඇතුළු හිමිවරු සිව් දෙනාට ඇප ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයක් අතුරතුර රාජ්‍ය දේපළවලට හානි කළැයි කියන සිද්ධියකට අදාළව අධිකරණයේ පෙනීසිටි භික්ෂූන් වහන්සේ සිව් නමක් රුපියල් ලක්ෂ එකහමාරක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (3) නියෝග කළාය. 03 September 2018
ව්‍යාජ මුදල් නෝට්ටු 13 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට පිටකොටුව බැස්ටියන් මාවතේ දී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 13 ක් සමග පුද්ගලයකු අද (03) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 03 September 2018
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026