අනුරාධපුර නිවන්තක ඡේතිය මහා විද්‍යාලයයේ විදුහල්පතිවරයකුට මිහින්තලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ පුතකු පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිසිය කියයි.
13 වසරේ ඉගෙනුම ලබන එම සිසුවා පාසලේ තැනින් තැන ඇවිදිමින් සිටියදී ඒ ගැන විමසූ විට විදුහල්පතිට පහර දීමට තැත් කළ බවත්, එම පහර අතින් වැලැක්වූ බවත් දැනගන්නට ඇත.
අද උදෑසන සිදුවූ මේ සිද්ධියට විරෝධය පා පාසල් ගුරුවරු පන්තිකාමරවලින් ඉවත්ව කාර්යාලයයට වී සිටිති.
ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රණාන්දු මහතා ඇතුළු පිරිසක් සිද්ධිය සැල වූ වහාම එම ස්ථානයට ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්නතියෙනවා පාසල් වල තත්වය (දී)
මට කියන්න අපිට කොතනද වැරදිලා තියෙන්නේ කියලා (දී)
මේ රටේ ළමයින්ගේ හිත් මේ වගේ වෙන්න හේතුව නම් ආගමක් නොමෙති කම ලංකාවේ අර කම මේ කම රැකගන්න සේනාව ඉන්නවා එත් මනුස්සකම රැක ගන්න කවුරුවත් නැහැ අනේ අපේ රටට ගිය කල (දී)
මවන් පසුබිමක් තුල පැහැදිලි අනාගතයක් ලංකාවේ දකින්න ලැබෙන්නේ නැහැ (දී)
අහෝ මෙහෙමත් ළමයි (දී)
දැන් ගොඩක් මේ වගේ දේවල් ආරංචි වෙන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීලගෙන්. එක්කෙනෙක්ගේ දුව කොට ගවුමක් ඇඳගෙන ඉස්කෝලේ ගිහින් ඒකට අවවාද කරපු ගුරුවරියට දඬුවම් දුන්න. අනිත් කෙනාගේ පුතා ප්‍රින්සිපල්ට ගහලා. තව ගොඩක් දැනටමත් ආරංචි වෙලා ඉවරයි. මේක තව දුරටත් යන්න දෙනවද? (දී)
කුරුත් විහිළු කරන්න එපා.රටේ ,ජාතියේ අනාගතය අවසානේ (දී)
තරහා වන්න එපා මෙහෙම කියුවාට, ලංකාවේ නිතිය එක සමාන නැති කමයි මේකට හේතුව එකම වරදට දෙන්නෙක්ට නීති දෙකක් (දී)
මේවාට මොනවාද දෙන දඩුවම් (දී)
ලංකාවේ අධ්‍යාපනය පිරිහිලා
මේවා පිට රටවල් ධිර්ග කාලිනව ලංකාවේ අධ්‍යාපනය නැති කරන්න දරපු උත්සාහ (දී)
අයියෝ සල්ලි
අයියෝ සල්ලි ලංකාවේ අධ්‍යාපනය (දී)
ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ (දී)
පළාත් සභා ඇමති කෙනෙක් වෙන්න හොදටම සුදුසුකම් තියෙනවා. නමුත් තාත්තගේ පට්ටමත් ගහලා යයි මෙහෙම වුනොත්.(නදී)
මේවගේ ගුරුවරුන්ට ගරු කරන්න දන්නේ නැති මැරවරයන්ට කිසිඳු පාසලක දොරටු අරින්න එපා. අධ්‍යාපනය තහනම් කරන්න. ගෙදර හරි පාලනයක් නැහැ. මව්පියන්ගේ ආදරය කරුණාව නැතිව ඇතිදැඩි වෙන අය තමයි මේ. (නි)
මෙහෙම ළමයි මොකටද ඉස්කෝලේ තියාගෙන (දී)
ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ පුතා මෙහෙම නම්, මෙයා පළාත් සභා මන්ත්‍රී කෙනෙක් වුණොත් පුතා මොනවා කරයිද? (ත)
13 වසර කියන්නේ ලොකු ළමයි. ඒ දරුවන්ට හමුදා නීතිය නැතුව ආදරයෙන් කතා කළ යුතුයි. (නි)
ඉවසන්න තව වුනේ නැහැ. තාම ලංකාව ඉඩිඅමීන් ගේ කාලේ උගන්ඩාව තරමටම නරක් වෙලා නැහැ. උගන්ඩා ජනපති හා සගයෝ මිනී මස් කන තැනටත් ආවනේ. ඒ එක්ක බලනකොට තාම ලංකාව ධර්මද්වීපයක්(නි)
අර " වැරදි කරන අයට අපි තරාතිරම නොබලා දඬුවම් කරනවා" කියන වගන්තිය යටතේ දඬුවම් කරන්න.(නි)
මහ කකුළුවන් යන පාරේම පොඩි කකුළුවන් යනවා.මේක කොල්ලගේ වරද වගේම රටේ ඉන්න ලොකුම ලොකු කකුළුවන්ගේ ආදර්ශ.රටේ කකුළුවන්ට පැහැදිලි නීතියක් නැහැ. ඒක පොඩි කකුලුවොත් දන්නවා.උන් යන්නෙත් ඇදේටම තමා (නි)
මෙහෙ අයට නාම යෝජනා දුන්න අය සහ එයාලට ඡන්දෙ දුන්න අයගේ වැරැද්ද තමයි මේ(නි)
ගහේ කටු උල්කරන්න ඕනෑ නැහැනේ.(නදී)
එස්.ටී.කේ, තව ඉවසන්න තව උනේ නෑ , තාම ලංකාව, ඉඩිඅමීන් ගේ කාලේ උගන්ඩාව තරමටම නරක් වෙලා නෑ, උගන්ඩා ජනපති හා සගයෝ මිනී මස් කන තැනටත් ආවනේ. ඒ එක්ක බලනකොට තාම ලංකාව ධර්ම ද්වීපයක්.(නදී)
මේ කාගේ අවාසනාවද කියලා කව්ද දන්නේ? එක්කෝ අපේ නැත්නම් රටේ .......(නි)
මම සුජිත් එක්ක 100% එකගයි. ඕක තමයි දැනට කරන්න තියෙන හොදම විසදුම. එතකොට ඔය ප්‍රාදේශීය මැරයන් මහා පොලවේ පය ගහලා ඉදියි. නමුත් ඒක එහෙම කරන්න රජය හෝ විපක්ෂය කවදාවත් කැමති වෙන්නෙ නැහැ. (නි)
බලමු මේ පළාතේ දේශපාලකයොත් එකතුවෙලා නායකයන්ට කියලා මේ මන්ත්‍රීත් අස් කරවයිද කියලා. එහෙම නැත්නම් අසාධාරණයි නේ. (නි)
තාත්තලා ගුරුවරු දණ ගස්සනවා.පුත්තු විදුහල්පතිවරුන්ට ගහනවා. මේ රට මේ කොතැනටද ගෙනියන්නේ?(නි)
තාත්තා කාගේ හරි ගෝලයෙක්ද ?(නදී)
එස්.ටී.කේ, තව ඉවසන්න. තව වුනේ නැහැ.(නි)
ඔන්න ඔහොමලු වැඩේ උනේ (දී)
මේ හොර මැර දේශපාලුවන් දණ ගස්සවන්න පුළුවන් ජනතාවට විතරයි. අනේ ඒක මේ ජනතාව කවදා තේරුම් ගනීද ? (නි)
මම මොකුත් කියන්නේ නැහැ (දී)
වගකිවයුත්තන් ගොළු බිහිරන් සේ හැසිරෙන රටක මීට වඩා වෙන මොනවද? (නි)
මේ ළමයට අනාගතේ ඇමති කෙනෙක් වෙන්න සුදුසුකමක් මේක (නි)
ඇමති මණ්ඩලය 20 දක්වා අඩුකර පළාත් සබා ප්‍රාදේශීය සබා සියල්ල අහෝසි කළ යුතුයි.දිසාපතිවරුන් හරහා ප්‍රාදේශීය පරිපාලනය ඉටු කර ගත හැකිය. (නි)
ඉස්සෙල්ලම වැඩිහිටියො හොඳට හැසිරෙන්න ඕනෑ. පුජ්‍ය පක්ෂය ගරු කටයුතු ලෙස කටයුතු කරන්ඩ ඕනෑ. අපි දෙමාපියන් හැටියට වැරදි නිවැරදි කරමු. (නි)
ආශ්චර්‍යමත් රටක් අපට ලබා දීමට දායක වූ සැමට අපේ ප්‍රනාමය! (නි)
තාත්තා ඇවිත් විදුහල්පතිතුමාව දණ ගස්වයිද දන්නේ නැහැ. (නි)
මේවා වෙන එක දැන්ම නවත්තන්න ඕනෑ. සුදුසු ස්ථාවර ක්‍රියාමාර්ගයක් තියෙන්න ඕනෑ. පාසල් වල විනය නැති වුනොත් ඊළඟ පරම්පරාව සමාජයට යනකොට කොහොමද යන්නේ ? (නි)
රටත් ඉවරයි, අධ්‍යාපනෙත් ඉවරයි, දෙමව්පියන්ට දරුවො පාලනය කරන්ඩ බැරි නම් මෙහෙම මරුවො නොහදා ඉන්න ඕනෑ (නි)
නිල්මිනිගේ අදහස් වඩාත් හොදයි. නමුත් කව්ද මෙයාලට උගන්වන්න ඉදිරිපත් වෙන ගුරුවරු ? (නි)
එස්.ටී.කේ.ලට තියෙන අමාරුව තේරෙනවා. ඔය අමාරුවට බේත් ගන්න ඉක්මනට. හරියට අද ඊයේ ඉපදිලා ලෝකේ දැකපු අය වගේ කතාව. මේ වගේ ඒවා ඔය මහත්තය ඉපදුනාට පස්සේ ඇහුවමද ඔය? (නි)
හොදම දේ තමා මේ ඇමතිවරුන්ගේ ළමයි ටික ඔක්කොම එක ඉස්කෝලෙකට දාන එක (නි)
තාත්ත ප්‍රදේශිය සභා මන්ත්‍රී . පුතා ඇමති කෙනෙක් වෙන්න සුදුසුකම් එකතු කරන ව . ලංකාවනේ ... (ත)
ආසියාවේ ආශ්චර්යය. සාදු සාදු සාදු! නීතියක් නැති , පොලිසිය මිනී මරණ, ගසා කන, සදාචාරයක් නැති ආසියාවේ ආශ්චර්යය ... රටක් මෙච්චර පහත් වෙන්න පුලුවන්ද කියලත් හිතෙනවා (නි)
අනේ අපොයි මොනවද මේ වෙන්නේ? තාත්තලාගේ උණ ළමයින්ටත් බෝ වෙලා වගේ..රටට ගිය කලක් (ත)
පහරදීමක් සම්බන්දයෙන් පොලීසියේ පැමිණිල්ලක් දැම්මහම පොලීසිය එය සමථ මණ්ඩලයට යොමු කරාවි. (ත)
මේ දරුවට දෙන්න තියෙන හොදම දඬුවම තමයි අර මන්ත්‍රීරියගේ කොට ගවුම් අදින කෙලීව යාළුකරලා දීලා පාසල් දෙකෙන්ම අයින් කරන එක. දෙපාර්ශ්වයම හොදටම ගැලපෙනවා (නි)
තාත්තලා මදිවට පුතාලත් ගුරුවරුන්ට ගහන්න පටන් අරන්. ගුරුතුමා තනියම ගහගත්තා කියලා ඔන්න පස්සේ කියන්න එපා. (නි)
13 එපා කියල කෑගහන්නේ මොකද කියලා දැන්වත් තේරෙනවද ? මේ සේරම අපරාධ 13 නිසා (නි)
කරුණාකරලා කොසොල් මහා රජු දුටු සිහින 16 කියවන්න. සිංහල බන පොත් තිබෙනවා. එතකොට තේරෙනවා මිනිස්සුන්ට (නි)
තාත්ත ප්‍රාදේශීය මන්ත්‍රී කෙනක් වෙන්න ඇති. (නි)
නිල්මිණි, ඔයාගේ කතාවනම් මාරු. නමුත් ඔය ටිකක් පරක්කු වැඩයි. මොකද ඔය අහල නැද්ද "දියවන්නාව" ගැන? ගොඩක් දේශපාලන පුත්තු ඒක ඇතුළේ. මෙයාලත් කවද හරි යන්නේ එතෙන්ට තමයි. රට ගැන දුකයි. (ත)
කොට ගවුම් සිද්දියට ප්‍රතිචාර දාපු රවිනාත්, දිල්කි කෝ? (ත)
වැඩිහිටියකුට ගුරුවරයකුට සලකන්න දන්නේ නැති උන්නම් රටේ ජීවත් වෙන්නේ මොකක්ද ආශ්චර්යය? (ත)
පුතත් තාත්තා වගේම වෙයි. රටේ අනාගතය ගැන හරිම දුකයි. (ත)
ඉස්සරහට දේශපාලකයින්ගේ ගෙවල් වල හදන බල්ලොත් අපට පාට් දායි. දැන්ම හදා ගත්තේ නැත්නම් උනුත් නරක්වෙයි. (නි)
ලංකාවේ අධ්‍යාපනය පිරිහෙන්න පටන් අරන් (දී)
මේ ඇමතිලාට , එයාලගේ දරුවන්ට මොනවද මේ වෙලා තියෙන්නේ? හිතාාගන ඉන්නවද දන්නේ නැහැ ජනතාවට ගන්න මරන්න එයාලට ඡන්දය දුන්නා කියලා. පුදුම උණක්නේ මේ ඇමති පුත්තුන්ට ගහලා තියෙන්නේ. (නි)
මේවා රජයේ නම කැතකරන්න කවුරුහරි කරන කුමන්ත්‍රණ වෙන්න බැරිද? (නි)
මේ මිනිස්සුනට ඡන්දෙ දීපු අපි අපිටම ටොකු ඇන ගත ගත්තොත් හොදයි (නි)
මෙහෙමත් ළමයි ඉන්නවාද ඉස්කෝල වල (දී)
මොකද දැන් මේකට කරන්නේ? මන්ත්‍රී අස් කරනවද ? කොල්ල අත උස්සලා තියෙන්නේ ගුරු පියෙකුට ගහන්න. ඒ නිසා මේ කරපු වරද බරපතල ලෙස සලකන්නම ඕනෑ. මේකට නිසි දඬුවම නොදුන්නොත් දවස ගානේ මේ වගේ දේවල් ආරංචි වේවි. මේවට අනුකම්පා කරන්න එපා. (නි)
පරම්පරාවෙන් ඇමති කෙනෙක් වෙන්න සුදුසුකම් සම්පුර්ණ කරනවා වගේ (නි)
මෙයත් ලොකු වෙලා ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් වෙන්න පුරුදු වෙනවා වගේ. පළමුව ගෙවල් වලින් ඉගෙන ගත යුතුයි සදාචාරය. වැඩිහිටියන්ට ගරු කිරීම, ගුරුවරුන්ට ගරු කිරීම, ආගමට ගරු කිරීම,... මේවා ගෙවල් වල නොමැතිකමින් ළමයින් මේ වගේ වැඩ කරති (නි)