පළාත් සභා දෙකක් හෝ කිහිපයක් එකතුවීමට අවකාශ නොතිබිය යුතු බවටත් 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පළාත් සභා ලැයිස්තුවේ යම් යම් විෂයයන්ට අදාල තීන්දු ගැනීමේදී සියලූ පළාත් සභාවල එකගත්වය ගැනීම වෙනුවට බහුතර පළාත් සභාවල කැමැත්ත මත එම තීන්දු ක‍්‍රියාත්මක කිරිම ප‍්‍රමාණවත් බවටත් සදහන්වු හදිසි යෝජනා දෙකක් සබරගමු පළාත් සභා මාසික රැස්වීමේදී වැඩි ඡන්ද 17කින් අද (25) සම්මත විය.
එහෙත් දකුණු පළාත් සභා රැස්වීමේදී එම යෝජනාවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හත් දෙනෙක් එම යෝජනාවට එරෙහිව විපක්ෂ සමග ඡන්දය දුන්හ.
එම යෝජානාව එක් ඡන්දයකින් සම්මත විය.
බද්දේගම සමිත හිමියෝද කෘෂිකර්ම ඇමැති විජය එස් වීරසිංහ, ගා දෙනෙත්ති, වීරසුමන වීරසිංහ, ඒ.ජී.සී පියසිරි, ආනන්ද පද්මසිරි කාරියවසම්, අජිත් ප්‍රසන්න යන මහත්වරු යෝජනාවට එරෙහිව ඡන්දය දුන්හ.
සරත් යාපා අබේවර්ධන මහතා ඡන්දය දුන්නේ නැත. ඇමැති යු.ඒ.ඩී ආරියතිලක මහතා පැවසුයේ හෘද සාක්කියට විරුද්ධව වුවද පක්ෂයේ තීන්දුවට ඡන්දය දුන් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභා ලැයිස්තුවේ යම් යම් විෂයයන්ට අදාල තීන්දු වල සඳහන් වෙලා ඇත්තේ කුමක්ද ? (ත)
දකුණේ සමහරුන්ට වෙනම රාජ්‍යයක් ඕනේ වෙලාද? (ත)
අනේ මේ දකුණු පළාත නේ (ත)
තමන්ගේ බඩ වඩා ගැනීම ගැන පමණක් හිතන මුන්ට ඉදිරියෙදී චන්දය නොදීමට ජනතාව වග බල ගත යුතුය (අ)
ඉතා නිවැරදි තීන්දුවක්. පළාත් සභා වලට පොලිස් සහ ඉඩම් බලතල දුන්නොත් ඉබේම ඊලම පිහිටවේවි. සිංහල සහ මුස්ලිම් වගේ සුළු ජන කොටස් වලට අසාධාරණයක් වෙනවා. (නි)
සම්පත් , සිංහලයෝ සුළු ජන කොටසක් නම් නෙමෙයි. හැබැයි අසාදාරනකම් වුනා නම් ඒ සිංහලුන්ටම තමා. (නි)
දකුණේ උනත් ගුණ මකුවෝ ඉන්නවා නේ..(අ)
මේක දකුණේ ජනතාවගේ මතයද? (නි)
ඇත්තටම අපි සුළු ජාතිය වුනොතින් කුමක්ද කරන්නේ ? (නි)
ඇයි පළාත් සබාවේ වගන්ති විතරක් වෙනස් කරන්නේ. මුළු පළාත් සබා ක්‍රමයම අහෝසි කරන්න. (නි)
මේකෙන් පැහැදිලියි නේ කව්ද පළාත් සබා වලට කැමති කවුද අකමැති කියලා (නි)
මගේ අදහස වන්නේ පළාත් සභා වලට ඉඩම් , පොලිස් බලතල කිසිසේත්ම නොදිය යුතුයි.ඉන්දියාව මොන බලපෑම් කලත් අපි මෙතනදී අපේ රට ගැන පළමුව සිතිය යුතුයි. (නි)
පළාත් සභා ක්‍රමයම අහෝසි කළ යුතුයි. මේ සුදු අලියාව නඩත්තු කරන මුදලින් රටට යහපතක් වෙන වැඩක් කරන්න. චන්ඩි ටිකක් අඩුවීමේ වාසිය රටට දෙන්න. (නි)
පිටබෙද්දර ජයා, මම කිව්වේ උතුරු, නැගෙනහිර සිංහල සුළු ජන කොටසක් නිසා. මුළු රටම ගැන හිතලා නෙවෙයි. (නි)