ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතට කිලෝමීටර 300ක් ඈතින් සොයා ගත් සරණාගත බෝට්ටුවේ සිටි ශ්‍රී ලාංකිකයන් බව කියන පිරිස ශ්‍රී ලංකාවට භාර දීම අද සිට පැය 72කින් කල් දමන ලෙස ඕස්ට්‍රේලියා මහාධිකරණය අද ඕස්ට්‍රේලියා රජයට නියෝග කළ බව එරට ආරංචි කියයි.
ඉන්දියාවේ සිට සරණාගතයන් ලෙස ඕස්ට්‍රේලියාවට යමින් සිටි මේ පිරිස ශ්‍රී ලාංකිකයන් බව කියති.
ඕස්ට්‍රේලියා රජය මේ ගැන නිල ප්‍රකාශයක් කර නැතත් සරණාගතයන් ශ්‍රී ලංකාවට නොයැවිය යුතු යැයි පවතින විරෝධය නිසා එක්කෝ ඔවුන් නාවුරු හෝ පැපුවා නිව්ගිනියට යැවීමට ඉඩ ඇතැයි එරට ආරංචි කියයි. මේ අතර ඕස්ට්‍රේලියා නිලධරයන් දුරකතන මගින් ඔවුන්ගෙන් ප්‍රශ්න පහන් විමසන බවත් දැන ගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ සිට සරණාගතයන් ලෙස යමින් සිටි අය නම් ඉන්දියාවටම භාරදීලා දාන්න කියන්න. (ස)
වස්කෝ ද ගාමා, ලොරෙන්සෝද අල්මේදා ,මැගලන්ලා දැන් කැළේ!! අපේ අයියලා මාලිමා නැතුවම සත් සමුදුර තරණය කරනවා. කාටද ආඩම්බර! (නි)
මෙම සරණාගත ගැටලුව විසඳීම ඉතාමත් අසීරු වී තිබෙනවා. (නි)
එනවා නම් හරි විදියට එන්න උත්සාහ කරන්න (නි)
ඇයි මිනිසුන් මෙහෙම රට දාලා යන්නේ? (නි)
කෙසේ වෙතත් මේ අයට සරණාගත තත්වය ලැබුනත් ඔවුන්ට ඕස්ට්‍රේලියාවේ පදිංචියට ඉඩලැබීම ගැන සැකසහිතයි. (නි)