IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘20 සම්මත කරගන්න බැරිනම් ආණ්ඩුව අපට දෙන්න‘

එක්සත් ජාතික පක්ෂයට නව මැතිවරණ ක්‍රමයක් ඇති කරන විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට නොහැකි නම් ඔවුන් තම ආණ්ඩු බලය අත්හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට ආණ්ඩු බලය ලබා ගැනීමට ඉඩ දිය යුතු යැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

විස්ස සම්මත කර ගැනීම කඩා කප්පල් කිරීමට  හවුල්කාර පාර්ශ්ව සමඟ එක්ව දෙබෙඩි ප්‍රතිපත්තියක් අනුව කකුලෙන් අදින බව ද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු විපක්ෂය ප්‍රායෝගික ක්‍රමෝපායන් හරහා එය සම්මත කර ගැනීමට කටයුතු කරන බව ද සිරිපාල මහතා සඳහන් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ගැනීමට ලබන බ්‍රහස්පතින්දා (25) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේ දී දිනයක් ලබා ගන්නා බවත්, ජූලි තුන් වැනිදාට පෙර එය විවාදයට ගත යුතු බවත් විපක්ෂ නායක කීවේය.



අදහස් (0)

‘20 සම්මත කරගන්න බැරිනම් ආණ්ඩුව අපට දෙන්න‘

නිමල් Thursday, 18 June 2015 04:59 AM

මෙන්න නිමල් මම ඉස්සුවා ගන්න. ගන්න අඩුවක් නැතිව ගන්න. (ස)

:       0       0

මර්වින් Thursday, 18 June 2015 05:05 AM

ඔන්න තමන්ගේ ආසනය පරදවුණු කෙනා විපක්ෂ නායක වෙලා .නිදාගෙන ඉඳල නැගිටලා හීනෙන් දොඩවනවා. අපි ඔබලාව පරාජයට පත් කළා. කරුණාකර ඡන්දයකට ගිහින් දිනලා එන්න .අනිවාර්යෙන්ම මෙයා පරාද වෙනවා .(ම)

:       0       0

ඉසුරන්දි Wednesday, 17 June 2015 01:29 PM

මෙයින් එක දෙයක් ගම්‍යවෙනවා.මේ කොයි කවුරුත් බලයට කෑදරකමකින් කතාකරනවා මිසක් රටට සෙතක් වෙන වැඩපිළිවෙලක් ගැන මොන තැනකවත් කතාකරන්නේ නැත. (නි)

:       0       0

නදීශ් Wednesday, 17 June 2015 02:43 PM

හා හොඳයි. කියන නිසාම අපි දෙන්නම් (නි)

:       0       0

සිල්වා Wednesday, 17 June 2015 02:48 PM

ජනතාව දන්නවා කවුද හොරු, කාවද ගෙදර යවන්න ඕන. කාටද රට ස්ටාවරව ඉස්සරහට ගෙනියන්න පුළුවන් කියලා. බය නැතුව ඡන්දෙකට යන්න. (ර)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Wednesday, 17 June 2015 05:04 PM

දෙනවා නම් ඉතින් නිකම්ම දෙන්න එපා. රිදී බන්දේසියක තියලම හොඳ නැද්ද? මෙහෙම හදිස්සියක් !!! (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 17 June 2015 09:59 PM

කෙනෙක් පන්සල් ගානේ ගිහින් දඟලනවා බලය අල්ලන්න, තව කෙනෙක් දඟලනවා අගමැති වෙන්න, තව කට්ටියක් දඟලනවා හොරු සමඟ හොරු රැකගන්න. හැමෝටම ඕනෑ රට කන්න මිසක් රට ගැන හිතලා ප්‍රතිපත්ති දේශපාලනය කරන්න නම් නෙමෙයි (නි)

:       0       0

ශිරන්ති Wednesday, 17 June 2015 10:02 PM

මේගොල්ලෝ විස්සක් ගැන කතාව. නමුත් මීළඟ ඡන්දය විස්සට අනුව තියන්නෙත් නැහැ.අපිට ඡන්දයක් දෙන්න හොරුන්ව ස්ත්‍රී දුෂකයන්ව,මිනීමරුවන්ව කුණු බක්කියට දාන්න. අලුත් පාර්ලිමේන්තුවෙන් පුළුවන් අලුත් ව්‍යවස්ථාවක් හදාගන්න.අලුත් ව්‍යවස්ථාවට අනිවාර්යෙන්ම දැන් තියෙන ගොලුබෙලි නීතිය නැතුව අද ලෝකයට ගැළපෙන නීති ,හොරුන්ට වංචාකාරයන්ට පැනයාමට නොහැකි ලෙස සාදා ගත යුතුයි.අධිකරණය ,පොලිසිය ,මැතිවරණ කොමසාරිස් ඇතුළු මහ ජනතාවට සේවය කරන ආයතන ස්වාධීන වියයුතුයි. (නි)

:       0       0

දිලාන් Thursday, 18 June 2015 12:45 AM

බැරිකමක් නෙමෙයි. බහුතරයක් විරුද්ධ වන නිසයි. සන්ධානය මේක කඩාකප්පල් කරන්න හැමදේම කරනවා. හැබැයි එක්සත් ජාතික පක්ෂය අාසන වැඩිකරලා හෝ 20 සම්මත කර රටට වාසියක් වෙන්න වැඩකරනවා. මෙය මීළඟ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට අවාසි වූවත් රට ගැන හිතා ඔවුන් අාසන වැඩිකර හෝ 20 දිනවා රට දිනවන්න හදනවා. ස්තූතියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 5327 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 3570 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 4371 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3629 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 842 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1576 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36249 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24152 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 520 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 225 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site