IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


2008-2015 කාලයේ බැඳුම්කර නිසා බිලියන 10000ක් රජයට ගෙවන්න වෙලා - අගමැති කියයි

2008 සිට 2015 කාලය තුළ මුල්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් ට්‍රිලියන 4 ක මුදලක් බැඳුම්කර මගින් වෙන්දේසි කිරීම නිසා ඉදිරි වසර 25 තුළ රුපියල් බිලියන දසදහසක මුදලක් ගෙවීමට රජයට සිදුවී ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා අනාවරණය කළේය.

වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ අද (07) දින බොරැල්ල කැම්බල් පිටියේ පැවැති එක්සත් ජාතික පක්‍ෂ විශේෂ සම්මේලනය අමතමින් වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

 ඒ පිළිබඳ විගණනය කළ යුතු බව බැඳුම්කර ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇති බැවින්, කඩිනමින් ඒ පරීක්‍ෂණ ඇරඹිය යුතු බවද පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා, බැඳුම්කර කොමිසම පිළිබඳ විවිධ අදහස් පළ කරන ජනමාධ්‍ය දැන් බිලියන දසදහස පිළිබඳව ද ප්‍රශ්න කිරීම ආරම්භ කරන්නේදැයි තමන් බලා සිටින බව ද පැවසීය.

මේ අයුරින් රට සහ රටේ අනාගතය විනාශයට පත් කළ රාජපක්‍ෂවරු දැන් ගම හදන්නට බලය ඉල්ලන බවත්, රටේ ආර්ථිකය පරිහාණියට පත් කළ අයට ගම නංවාලීමට කිසිඳු හැකියාවක් නැති බවත් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ඡායාරූප චතුර එස් කොඩිකාර



අදහස් (59)

2008-2015 කාලයේ බැඳුම්කර නිසා බිලියන 10000ක් රජයට ගෙවන්න වෙලා - අගමැති කියයි

manoj Sunday, 07 January 2018 11:31 AM

කමක් නැහැ. යුද්දෙ ඉවරම කරලා, අධිවේගී මාර්ගත් හදො, ණය පොලි අනුපාතිකෙත් පහලටම දැම්ම කාලයක්. මෙයාලා හොරාකාපු සල්ලි වලින් බෝක්කුවක්වත් හැදුවද? හොඳට තිබ්බ ආර්ථිකේ බින්දුවටම වට්ටලා, මිනිස්සුන්ට ණයක් වත් ගන්න බෑ. අන්තිමේට අල්ලපු හොරෙකුත් නෑ. මෙයාලට ඡන්දෙ දීලා මහජනතාව ඉල්ලන් කාපු එක විතරයි වුණේ...

:       741       3639

RaveedraSunday, 07 January 2018 02:43 PM

රැවටුණු නිසා දුන්නා මොවුන් හට බලය.. ලැබුණු විටම කැඩුවා බැංකුවේ බලය.. කවට සිනා දන්නවා කොමිසමෙ බලය.. නටනව හැලියේ රත්වෙන තුරු ජලය..

:       66       795

akilaMonday, 08 January 2018 02:05 AM

ආර්ථිකේ හොඳට තිබනම් ,අප්පචිට මොකට අවුරුදු 2කත කලින් ගෙදර යන්න උනේ ?

:       142       8

dahamMonday, 08 January 2018 04:18 AM

ගෙදර යන්න උනේ ආර්ථිකේ හින්ද නෙමෙයි.

:       1       47

manojMonday, 08 January 2018 04:44 AM

අප්පච්චි රටේ ඡන්ද දායකයන් විශ්වාස නොකර කේවට්ටයන් විශ්වාසකර සාස්තරකරුවන් පසුපස යාම සහ රටේ ජනතාව යහපාලනය නම් වූ මුව හම පෙරෙවූ කොටියට රැවටීම තමයි මේ වෙන්නේ...

:       1       50

SathyaMonday, 08 January 2018 04:50 AM

අප්පච්චිට තේරුම් ගන්න බැරි වෙන්නැති කාලගුණ නොදන්නා මිනිස්සු ටිකකට තමයි මේ කරන්නේ කියලා. ගැටලුව තියෙන්නේ අපේ මිනිස්සුන්ට මුල මතක නෑ. පැදුරක් ලැබුනම බිම නිදාගෙන දුක් විදපු හැටි අමතකයි, ඇඳක් ලැබුනම පැදුරේ නිදාගත්ත හැටි අමතකයි. කතිරේ ගහන්නේ දැක්මක් , රටගැන කැක්කුමක් තියෙන අයට නෙවෙයි.

:       1       93

asad Monday, 08 January 2018 08:07 AM

මනෝජ් මෝඩයෙක් වගේ අදහස් ඉදිරිපත් කරන්න එපා. මහින්ද බලයට අවේ යුද්ධය ඉවර කරනවා කියලයි. එක ඔහු කළේ තනියම නෙවෙයි, අපේ හමුදාවත්, මහජනතාවත් ලබා දුන් සහයෙන්. ඒ කියල මහජන මුදල් හොරකම් කරන්න අයිතියක් නැහැ. මහින්දගේ කාලේ මහජන මුදල් ගසා කෑවා කියලා වහලුන් හැර ඔක්කොම දන්නා දෙයක්. එ්කට දඬුවම් ලැබිය යුතුයි. ඒ ගැන විවාදයක් නැහැ. හැබැයි ඒ කියලා දැන් පවතින ආණ්ඩුවට මහජන මුදල් සොරාකෑමට නොහැකියි. මේ ආණ්ඩුව පත් වුණේ හොරු අල්ලනවා කියලයි. මේ අය හොරකම් කර හිටියොත් වෙන්නේ මහින්දට වුණුදේම තමයි. අකුලාගෙන ගෙදර යන්නයි වෙන්නේ. මොකද ඔබ වැනි වහල්ලු සුළු පිරිසක් හැර බහුතර මහජනතාව දැන් ඉස්සරට වඩා බුද්ධිමත්....

:       77       3

manojMonday, 08 January 2018 12:47 PM

හමුදාවට, ජනතාවට විතරක් යුද්දේ ඉවර කරන්න පුළුවන් වුණානම් කොබ්බෑකඩුව සෙන්පතියා වගේ දක්ෂ නිලධාරීන් ඉන්න කාලේ, වඩමාරච්චි මෙහෙයුමෙන්ම යුද්දේ ඉවරයි. ඔබ වගේ කලගුණ නොදත් අමන පිරිසක් අදටත් මේ රටේ ඉතිරි වෙලා ඉන්න තමයි රනිල් වගේ කෙනෙක් අගමැති වෙන්නත් හේතුව. 2005 මහින්ද මහත්තයා දුන්න දේශපාලන ශක්තිය තමයි හමුදාවට මේ යුද්දේ කරගෙන යන්න තිබුණු ලොකුම ශක්තිය. 2005 මහින්ද නැතුව රනිල් දින්නනම් රනිල් කොළඹ අගමැති. ප්‍රභාකරන් යාපනේ අගමැති.... එහෙමනම් අද අපේ අතේ ගමන් බලපත්‍ර දෙකක් තියනවා. එකක් කොළඹ ඉන්න. එකක් උතුරේ යන්න. ගුණමකු වුණාට කමක් නෑ. ප්‍රසිද්ධියේ දොඩවන්න එපා.

:       36       179

asad Monday, 08 January 2018 01:52 PM

බලාගෙන යුද්ධය ඉවර කළා කියලා ගෙදර ඇවිත් කාව හරි ඉල්ලන්නේ නැතුව, වහල්ලුන් නම් ඉතින් දෙයි ඕනෙම දෙයක්. යුද්දේ ඉවර කිරීම සම්බන්ධයෙන් මහින්දගේ චරිතය හේතුවක් නොවෙයි කියනවා නෙවෙයි. හැබැයි එය ඒ කතාව එක චරිතයක් පමණයි. මට ප්‍රශ්නය තියෙන්නේ යුද්ධය ඉවර කලා කියලා කල වැරදි සාධාරණීකරණය කරන වහල්ලු සම්බන්ධව. මෙවැනි වහල්ලු මහින්දටත් ඉන්නවා. රනිල්ටත් ඉන්නවා. ඒ හින්දා තමයි ඒ උදවිය සැප විඳින්නේ මහා ජනතාව දුක් විඳින්නේ....

:       93       9

prakaash Sunday, 07 January 2018 11:45 AM

ලෝකේ වටේ යමින් මේ රට පාවා දෙමින් විනාශ කරන රනිල් බොරුවෙන්, වංචාවෙන් සහ මංකොල්ලයෙන් තමයි දේශපාලනය කරන්නේ. මේ වගේ බොරු කාරයින්ගෙන් ප්‍රවේශම් විය යුතුයි.

:       150       1934

BamunuarachchiMonday, 08 January 2018 12:15 AM

මහින්ද මහතා කල හොරකම් ගැන පසුව සොයමු. සොරු වෙන්න ඉන්න යටත් බලාගන්නත් එක්ක දැනට අල්ලාගෙන ඉන්න සොරුන්ට අමතක නොවන දඬුවමක් දෙමු.

:       1       40

ජගත් ලියනගේ Monday, 08 January 2018 12:59 AM

ඔය 2008-15 කතා අහල අපිට එපා වෙලා ඇති වෙලා තියෙන්නෙ . ඒවට විරුද්ධව දීපු එක දඬුවමක් කියන්න . අපිව කඩේ යවන එක නේද ඔයා කරේ බලයට පත් වූ දා ඉඳල .

:       0       32

siri Sunday, 07 January 2018 11:48 AM

කතාව දෝලාවෙන් ගමන පයින්. අවුරුදු තුනක් බලයේ හිටියා නේද?. මොකද 2008-2015 කාලයේ බැඳුම්කර ගැන හොයා බලන්න හිතුනේ නැත්තේ? තාජුඩීන්, ලසන්ත, ප්‍රගීත් තවමත් වලපල්ලේ. අල්ලනවා කීව කිසි කෙනෙක් තවම අල්ලන්න බැරි වෙලා තියෙන්නේ මොකද?. 2015 ජනවාරි 9 වෙනිදා මිහින් ලංකා ගුවන් යානයක් සී ෂෙල්ස් වලට යැව්වේ කවුද? එම යානයේ ගමන් කලේ කවුද ? ගෙනගියේ මොනවාද? වගේ දේවල් ගැනත් හොයල බැලුවොත් නරකද?

:       165       1039

rohitha Sunday, 07 January 2018 11:58 AM

මහින්දලා දන්නවා බැඳුම්කර හොරුන්ට දඬුවම් කලොත් ඒ ගොල්ලන්ගේ පැත්තේ ඉන්න හොරුන්ටත් දඬුවම් ලැබෙනවා කියලා. හතුරාගේ හතුරා මිතුරා කියන සංකල්පය පාවිච්චි කරලා දැන් පොහොට්ටුවත් එජාපයත් එක්ක ඩීල් දානවා. මහින්ද, එජාප සාමාජිකත්වය ගත්තත් මම පුදුම වෙන්නේ නැහැ. දැන් ජී. එල් කියකියා යනවා අර්ජුන් පිටරට හින්දා දඬුවම් කරන්න බැහැ කියලා. ජි එල් ට ඕනේ අර්ජුන්ලව රකින්න තමයි.

:       4146       3485

dahamSunday, 07 January 2018 01:44 PM

ගොනා වුණාට උම්බෑ කියන්න එපා කියන කතාව අහලා තියෙනවද?

:       758       868

alwisSunday, 07 January 2018 10:47 PM

රෝහිත කියන කතාව ඇත්ත. ඇත්තම කතාව ඔන්න ඕකයි. දහම්ලා අද දේශපාලනය තේරුම් ගන්න ලාමක වැඩියි.

:       152       38

etra helaya Sunday, 07 January 2018 12:04 PM

නොදකින්.... තවත් ජනතාව ගොනාට අන්දවන්න හදනවනේ.

:       161       1050

erdi Sunday, 07 January 2018 12:20 PM

සේරම වංචාවල් හොයලා දඬුවම් දෙන්න තමයි රෙජීමය එලවලා අලුත් ජනපතිවයි, අගමැතිවයි එකතු කරලා යහපාලනයක් පිහිටවා ගත්තේ. පහුගිය රජයේ වංචා, දූෂණ හොයන එක පැත්තකට කරපු ජනාධිපති මෛත්‍රිපාල පසුගිය රජයේ හොරුන්ව, දූෂිතයන්ව ආරක්ෂා කරමින් මේ රජයේ බැඳුම්කර සිද්ධිය පමණක් ප්‍රසිද්ධ කළේ කන්න දීපු අත හපා කැමෙනුයි.. (මේ බැඳුම්කර වංචාවටත් දඬුවම් කලයුතු අතර පරීක්ෂණ අවසන්වී ඇති රෙජීමයේ වංචා, දූෂණ ගැන ජනපති නිහඬ ඔහුත් දැන සිටි නිසාද?)

:       974       608

asad Sunday, 07 January 2018 12:33 PM

රාජපක්ෂලා හොරකම් කලා කියකියා ඉඳලා හරි යන්නේ නැහැ. ඒක ඔබලාට හොරකම් කරන්න ලයිසං එකක් නෙවෙයි. මහජන මුදල් ගසාකාපු සෑම දේශපාලකයෙක්ම සතු සියලු වත්කම් රාජසන්තක කල යුතුයි. ඔප්පු නොවුනට රාජපක්ෂ ආණ්ඩු කාලෙත් හොරකම් වුණා කියලා මහජනතාව දන්නවා. (වහලුන් හැර). ඩීල් නොදා පසුගිය ආණ්ඩු කාලෙත් කාබාසිනියා කල මහජන මුදල් සම්බන්ධව හොයා මහජනතාවට සෙත සැලසවීම තමයි හිතෛෂී රාජ්‍ය පාලනයක යුතුකම. තම කල්ලියේ උදවිය කල දේවල් පසුගිය කාලේ වූ දේවල් වලින් වසන්න බැරිබව දැනගත යුතුයි.

:       614       1675

Gamaya Sunday, 07 January 2018 12:41 PM

ජාතිද්‍රෝහීන්ව එල්ලා දමන්න කවුරුවත් නැතිද?

:       1       607

Cisco Sunday, 07 January 2018 12:53 PM

ඔබතුමා මුලින්ම ඔබතුමාගේ පක්ෂයේ තුන්දෙනෙක් කමිටුවක් දාලා කිව්වා බැඳුම්කර වංචාවක් සිදුවෙලා නැහැ කියලා. පසුව ඔබතුමා බැඳුම්කර කොමිසමට ගිහින් ඇවිත් බය නැති අගමැති කිව්වා. මොනවාද දැන් කියන බයිලා? ඔබතුමාලට බලය දුන්නේ මෙවැනි අකටයුතුකම් නැති කරන්න. නමුත් දැන් කියන්න සූදානම් වන්නේ කලින් මෙහෙම වෙලා තියෙන නිසා දැනුත් එහෙම වුණාට ගැටලුවක් නැහැ වගේ...

:       37       840

Sunil Sunday, 07 January 2018 12:57 PM

ඔබගේ විකාරවලට රජය මෝඩකම් පෙන්වාවි කියා ඔබ හිතනවාද? කලින් රජයේ වංචාකරුවන් නීතියේ ඉදිරියට ගෙනඒමට අවුරුදු 3ක්ම තිබුණා. ඇයි මෙවැනි දේ වගකීමකින් නොකරන්නේ?

:       0       608

Lusena Sunday, 07 January 2018 01:03 PM

බැඳුම්කර වැඩේ දුන්නු තුන් කට්ටුව රෙදි ඇඳගෙනද වේදිකාවේ ඉන්නේ?

:       31       644

naradha Sunday, 07 January 2018 01:11 PM

ඒ කියන්නේ ඉස්සර අය හොරකම් කළා. එම නිසා දැන් අපිත් හොරකම් කරන එක හරි කියලද කියන්නේ? 2015 ජනවරම ලැබුණේ හොරකම් නවත්වනවා කියලා නේද?

:       36       612

Yaser Arafath Sunday, 07 January 2018 01:12 PM

එදා වගේම අදත් මෝඩයා, මෝඩ චූන් කතා තමයි...

:       14       592

BEEN Sunday, 07 January 2018 01:22 PM

හොඳටම විකාර වගේ... සාගලටත් මේවට වගඋත්තර කියන්න වෙයි.

:       0       360

රජින්ද Sunday, 07 January 2018 01:37 PM

දැන් බලන්න මොවුන්ගේ ප්‍රකාශවල තියෙන ව්‍යාජත්වය. අනෙකාට වඩා වැඩියෙන් හොරාකාල මම නෙවෙයි අරයයි කියලා, ආයෙත් මිනිස්සුන්ව ගොනාට අන්දන ඇන්දිල්ල... බලන්නත් අප්පිරියයි. මේ උන්දැලා නායකයෝද? සරදියෙල් හොරෙක් මංකොල්ල කාරයෙක් තමයි, එ්ත් ඒ මිනිහා දුප්පතාගේ බඩට ගැහැව්වේ නැහැ. ඒත් මොවුන් දුප්පතාගේ දේත් හොරා කාලා සරදියෙල් හොරෙක් කරන්න හදනවා. මේ රටේ සිටින සියලුම පුරවැසියනි, මේ ඡන්දෙදීවත් එළඹ සිටි සිහි නුවණින් කතිරය ගහන්න. සුළු අඩුපාඩු නිසා හිටපු ජනපතිව පැන්නුවත් දැන් සිද්ධ වෙන්නේ ඔහුට බැන බැන ඔහුට වඩා සිය ගුණයක් යහපාලනය විසින් හොරකම් කිරීමක් නොවේද?

:       0       523

ධනුෂ්කSunday, 07 January 2018 03:03 PM

පහු ගිය පාලනය යටතේ ලංකාව රුපියල් කෝටියේ එ්වා දසලක්ෂයක් ණයයි. එතැනින් ලංකාවේ වත්කම් වශයෙන්, කරපු මහා පරිමාණ සංවර්ධන වැඩවලට රුපියල් කෝටියේ එ්වා ලක්ෂ දෙකක්වත් වැය වෙලා නෑ. කරපු වැඩ වල වටිනාකමයි, ගත්ත ණය වල වටිනාකමයි අතර පරතරය හොයලා බලන්න. එතකොට තේරෙයි... කරලා තියන සුළු සුළු වැරදි වල තරම. අනික් වැරදි පැත්තක තියමුකෝ. දැන් අගමැති කියන්නේ එයාලගේ ගාන පොඩියි කියලා. එ් කියන්නේ දෙගොල්ලෝ මාරුවෙන් මාරුවට අපට වැඩේ දීලා. එ්කට උදව්වක් වශයෙන් අපි ඒ අයට කතිරේ ගහලා. අනේ අර 88,89 කාලේ ජේ.වී.පී කාරයන්ට බැරි වුනානේ මේ ටික ඔක්කොම ලංකාවෙන් අතුගාලා දාන්න. පොඩ්ඩක් හිතලා බලන්න මේ වගේ පාලකයෝ මොකටද? බඩු ටික රටින් ගේන්න අැමතිලා මොකටද?

:       163       549

චමින්ද මඩවල Sunday, 07 January 2018 01:42 PM

අනේ මහත්තයෝ, බලේ ගන්න ඒ වගේම බලේ අරන් දෙන්න කටයුතු කරපු කාලේ තිබුනේ රෙජීමයේ හොරකම් විතරයි නේද? දැන් ඇයි මේ අලුත් බැඳුම්කරයක්? මම ඇත්තටම ඔබට ගරු කරපු කෙනෙක්. කියන්න, ඔබ මගේ ගරුත්වය ලබන්න පුළුවන් කෙනෙක්ද?

:       1       326

dahamMonday, 08 January 2018 12:21 AM

ඔයාට ඔය ගණන් හිලවු හීනෙන්ද පෙනුනේ. ඔයා දන්නවද මේ රටේ ජනතාවට මර බිය නැතිව සාමයෙන් ජීවත් වෙන්න එල් ටී ටී ඊ එක විනාස කරන්න කොච්චර මුදලක් වියදම් උනාද කියල. කෙලෙහි ගුණ දන්නේ නැතිව ඔයාල මහින්දට කරපු අපරාදේ තමයි මේ රටට මේ පටිසන් දෙමින් තියෙන්නේ. මේ පෙබරවාරි 10 වෙනිදවත් ඒ කරපු වැරැද්ද හරි ගස්සන්න. එතකොට සහනයක් ලැබෙයි.

:       0       38

Sarath r Sunday, 07 January 2018 01:55 PM

මහතීර් මොහමඩ් බලයට පත්වෙලා සති තුනකට පසු සියලුම ආණ්ඩුපක්ෂයේ අයට කීවේ.. තවත් පෙර පැවති රජය විවේචනය කලොත් දැඩි පියවර ගන්නා බවයි. නමුත් අපේ අය වසර දෙකක් ගිහිල්ලත් තවම රාජපක්ෂ රජයට බැන බැන ඉන්නවා. රට පස්සට යනවා.

:       3       266

Chandra Sunday, 07 January 2018 02:11 PM

මේවා ගැන පරීක්ෂා කරන්න මෙච්චර කල් ගියේ ඇයි? කොයි දූෂණ ක්‍රියාවලියටත් රාජ්‍ය නීතිය අනුව දඬුවම් ලැබිය යුතුයි. දේශපාලනය කලා කියලා නිදහසට කරුණක් නොවේ. යහපාලන ආණ්ඩුව යටතේ වුණු දේවල් වුනත් සුළුපටු නොවේ. අනිවාර්යෙන් දඬුවම් දිය යුතුයි.

:       0       204

sampath pathirana Sunday, 07 January 2018 02:17 PM

ඒ හින්දා ඒ හොරකමට හරියන්න අපිත් හොරකම් කරා... කොහොමද ටිකිරි මොලේ...

:       0       260

ධනුෂ්ක Sunday, 07 January 2018 02:37 PM

අැයි ඔබතුමන්ලා එතකොට විපක්ෂයේ නේද හිටියේ? එතකොට ඔබලා අඳ, ගොළු, බිහිරිද? ඔබතුමන්ලාගේ නොහැකියාව කොච්චරද කියනවා නම්... ඔබලට අාණ්ඩුවක් තිබිලත් රට කරනවා තබා හොරකමක්වත් කර ගන්න බෑ. එ්කත් මාට්ටු. ගිය අාණ්ඩුවේ කට්ටියගේ වැඩ කොහොමද? ඔබතුමන්ලා දැන් අාණ්ඩුවේ වුණත් එ්වා අල්ලන්න බෑනේ. එයාලා රට කෝටියේ සල්ලි මිටි දසලක්ෂයක් රට ණය කරලා. හැබැයි සුළු පරිමාණ හෝ මහා පරිමාණ සංවර්ධන වැඩ වලට වියදම් කරලා තියෙන්නේ එතනින් 20% විතර... ඉතිරි සල්ලිවලට වෙච්ච දේ දන්නෝ දනිති. නුඹලාත් දනී කෝ ඉතින් එක රුපියලක් අල්ල ගත්තද? දැනගන්න නම් මොකවත් බෑ වගේ...

:       88       305

Ruwan Sunday, 07 January 2018 02:45 PM

අනේ යන්න. කිව්වොත් බොරුවක්ම තමයි.

:       36       429

Prase Sunday, 07 January 2018 03:21 PM

හරිම කාර්ය බහුලයි වගේ.. මම හිතන්නේ මහගෙදරට ඉතාමත් ළඟයි වගේ.. ගේට්ටුව අරින්න කළින් ටිකක් විවේක ගන්න.

:       0       242

naradha Sunday, 07 January 2018 03:47 PM

පළමුවෙනි පින්තුරයේ මෙතුමා ජනතාවට කියන්නේ "අපි දෙගොල්ලොම එකයි" කියලද?

:       0       110

රොමේෂ් Sunday, 07 January 2018 07:33 PM

මුන් ගෙදොල්ලෝම පුන පුනා කියනවා "අපි දෙගොල්ලොම එකයි" කියලා. නමුත් මෝඩ ජනතාව මුන්ව එපා කියලා උන්ව ගේනවා. පස්සේ උන්ව එපා කියලා ආයෙම මුන්ව ගේනවා. ඒ මදිවට අපේ ලොක්කෝ හොරකම් කරලා තියෙන්නේ පොඩ්ඩයි. හොරකම් කලත්මොකෝ අරක කලානේ. මේක කලානේ කියලා දෙපැත්තට බෙදිලා බෙරිහන් දෙනවා.

:       0       2

wijesundara france Sunday, 07 January 2018 08:09 PM

ගම තියා ගමේ බෝක්කුවක් වත් හදන්න බැරි ඔබ තුමා පම්පෝරි නොගහ ක‍රන්න පුළුවන් කෙනුකුට බාර දෙන එක තමා රටට හොඳ . අඩුමගානේ රටේ නොවිකපු බිම් අඟලක් වත් ඉතිරි වේවි ආර්ථිකය බල්ලට ගියත් !

:       0       28

Ruvan Sunday, 07 January 2018 11:47 PM

මේ අගමැති නම් රාජපක්ෂලාට බනිනවා හැර වෙන මොකුත් බෑ. ඒකාලේ රාජපක්ෂලා හොරකම් කලානම් විපක්සෙ ඉඳගෙන ඒ බැඳුම්කර ගැන හෙලිකෙලේ නැත්තේ ඇයි? නිකම් විහිළු සපයන්නේ නැතුව.

:       0       52

Shanaka Sunday, 07 January 2018 11:52 PM

තවත් ලජ්ජා නැතුව ජනතාව රවටනවා.

:       0       43

ආරියරත්න Monday, 08 January 2018 12:29 AM

උන් හොරකන් කලයි කියලා දන්න නිසානේ වෙනසක් කලේ. වෙනසත් හෙනයක් උනානේ පටන් ගනිද්දිම. Mr Clean ..බැංකු Clean උනෙක විතරයි උනේ. මේවා සාමාන්‍ය මිනිස්සුන්ටත් හොදට දැන් තේරෙනවා. මිනිස්සු මෝඩයෝ නෙවේ මහත්තයෝ...

:       0       79

daham Monday, 08 January 2018 12:34 AM

ඒ බැදුම්කර වෙන්දේසියේදී වංචාවක් වෙලා කියල ඔබතුමා කියන්නේ නැහැනේ. එච්චර මුදලක බැදුම්කර නිකුත් කළා කියල විතරනේ කියන්නේ. ඉතින් මොකක්ද කරලා තියෙන වැරැද්ද? ඔබ තුමාල කරපු වැරැද්ද වහන්න මේ වගේ දේවල් කියන්න ගිහින් හත් පොලේ ගා ගන්න එපා අනේ. පාක්ෂිකයෝ තවත් අනාත වෙනවා.

:       0       71

maraya Monday, 08 January 2018 01:50 AM

මහනිද ගෙදර යවල ගෙන්නගත්තා කට්ටියක් මහින්ද කරපු විදිහට නොකරන්න කියල. බලන් ගියාම ගෙන්න ගත්තු අය මහින්දත් කරා කියා කියා නේ හොරකම් කරන්නේ. ජනතාව නිහඬ නොවන්න

:       0       61

Perera Monday, 08 January 2018 02:15 AM

රටේ මිනිස්සුන්ව මීහරක් බූරුවන් ගානට දාල මේ දෙගොල්ලන්ම කරන්නේ හොරකම් කිරීම සහ හොරුන්ව ආරක්ෂා කිරීමයි. රටේ මිනිස්සුන්ට පේන්න බොරු රඟපෑමක් කරනවා එක විතරයි. හොරු වෙනුවෙන් හොරු සංකල්පයක් තමයි ඇත්තටම වෙන්නේ. ඔය කිසිකෙනෙකුට කිසිම දඬුවමක් ලැබෙයි කියල මම නම් හිතන්නේ නැහැ.

:       0       14

dahamMonday, 08 January 2018 04:23 AM

ඔහේ ඔය දෙගොල්ලම කියල කියන්නෙත්, මේ හොරකම සැහැල්ලු කරන්න. මහින්දලා හොරකම් කළා නම් අවුරුදු 10ක් විපක්සෙ හිටිය යූ එන් පී එක ඒවා ගැන ඒ දවස්වලම හෙළි කරන්නේ නැතිව නිදා ගෙනද හිටියේ? බලයට ඇවිල්ල අවුරුදු 3ක් යනකනුත් ඒ එකක්වත් හොයා ගන්න පුළුවන් වුනාද. පිටරට බැංකුවල මෙච්චර, මෙච්චර තියෙනවා කියලා පච කෙලිනවා විතරයි.

:       0       0

Rohana Monday, 08 January 2018 02:26 AM

අගමැතිතුමනි, ඔබතුමාගේ කාලයේ බිලියන 59 ක් පාඩු කල එක ගැන කතා කරමු. ඒ කට ඔබතුමා වගකිවයුතුයි. වෙනත් බයිලා කතාකරන්න එපා.

:       0       45

sensa Monday, 08 January 2018 02:53 AM

ඉදිරිපක් කරල තියෙන අදහස් බලපුවාම දුක හිතෙනවා, යහපාලනයට එන්න කලින් රනිල් හිටියෙ කොතනද දැන් ඉන්නෙ කොතනද කියලා. යහ කියන වචනයට ලොකු තේරුමක් ගැඹුරක් තියනවා මහත්තයෝ.

:       0       32

Senarath Monday, 08 January 2018 03:36 AM

මෙතුමා තවමත් හදන්නේ මින්ස්සු රවටන්න. බැදුම්කර ගනුදෙනු නිකම් කරන්න බැහැනේ , ඒවාට සාදාරන පොලියක් දෙන්න වෙනවා. රුපියල් ට්‍රිලියන 4 කට අවුරුදු දහයකදී රුපියල් බිලියන 10,000 ක් ගෙවන්න ඕනෙලු. ගත්ත මුදල වගේ දෙකහමාරක් අවුරැදු 25කදි. එක කොහොමද හොරකමක් වෙන්නේ ? 2015න් පස්සේ වෙච්ච බැදුම්කර ගනුදෙනුව මගින් හොරකමක් උනා කියන එක දැනටමත් ඔප්පුවෙලා ඉවරයි. මුදල් ඇමති රජයේ බැංකුවලට නියෝග කරනවා අඩු පොලියට ලන්සු තියන්න. ඇලෝසියස් වැඩිපොලියට ගනුදෙනුව දිනාගෙන රජයේ සල්ලි වලින්ම අදික ලාබ සොයනවා. මහබැංකු අධිපති නිලදාරීන් 572 ක් මාරුකරලා දැනුමෙන් අඩු නිලදාරීන් දමල අවශ්‍ය වටපිටාව හදනවා. පළමු ගනුදෙනුවට එකාබද්දේ කරපු විවේචන ගැන ක්‍රියාමාර්ග නොගෙන මහබැංකු අධිපති තියාගෙන එයටත්වදා වැඩි හොරකමක් තවත් අවුරැද්දක් ඇතුලත කරනවා. තවමත් ලැජ්ජා නැති අගමැති නං දොඩනවා.

:       0       25

Chandrasiri Monday, 08 January 2018 03:47 AM

මෙයා කට ඇරියොත් කියන්නේ අනුන්ගේ වැරදි.

:       1       31

chanaka Monday, 08 January 2018 04:40 AM

“දින 100න් අලුත් රටක් හදනවා කියපු අය දින 100න් රොබරි 60ක් සිදු කරපු බවයි දැන් අනාවරණය වන්නේ. මේ ආණ්ඩුව බලයට පත් වෙලා දින 20කින් මේ රටේ මහ බැංකුව සුද්ද කළ ආකාරය පිළිබඳව දැන් ඕනෑවටත් වඩා කරුණු අනාවරණය වී තිබෙනවා.

:       0       162

ravi Monday, 08 January 2018 05:07 AM

දැන් මේ හදන්නේ බොරු බැදුම්කරයක් ගැන කියලා මේපාරත් ජනතාවගේ කැමැත්ත අරගන්න.

:       0       0

Chanak los angeles Monday, 08 January 2018 05:08 AM

අපේ බය නැති අගමැතිතුමා.

:       0       0

jana Monday, 08 January 2018 05:15 AM

අවරුදු තුනක් ගිහිල්ලද ඕව මතක්වෙන්නේ ඔය බයිලා වලට මින්ස්ස්සු රවට්ටන්ට දැන් බෑ

:       0       0

wasantha Monday, 08 January 2018 06:39 AM

දැන් සියලුම හොරුන්ට දඬුවම් දිය යුතුයි. අලියට නව නායකත්වයක් ඕනෑ.

:       0       0

Chandima Monday, 08 January 2018 07:13 AM

ආ හරි හරි.. එහෙනම් ඉතින් අනේ අපි ඔන්න ඕක අමතක කරලා දාමු.

:       0       0

Chandima Monday, 08 January 2018 07:22 AM

අගමැතිතුමා පිටින් ගෙනැල්ලා හොරෙක්ව මහබැංකුවට පත් කලේ ඔය වගේ ගේමක් දෙන්න පුළුවන් කෙනෙක්වත් එතන හිටියේ නැති නිසානේ? මේ රටේ මහ බැංකුවට ලොක්ක වෙන්නේ කවදාවත් ඇතුලෙන් කෙනෙකුට ඉහලට එන්න දෙන්න බැහැ නෙව...

:       0       0

Lakvidu Tuesday, 09 January 2018 11:05 PM

කරන දෙයක් කරන එකනේ තියෙන්නේ,

:       0       0

Reks Friday, 12 January 2018 10:46 AM

ඒ කියන්නේ විපක්ෂයේ ඉන්න කොට ගත්තා කියලද? නැතිනම් වර්තමාන විපක්ෂය තමන්ගේ රාජකාරිය නියමෙට කළා කියලද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 35 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 664 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3434 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 908 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1306 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1079 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2034 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site