2022 සඳහා වන බුකර් සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලාංකික ලේඛක ශෙහාන් කරුණාතිලක සමත් විය.
2011 වසරේ සිය පළමු නවකතාව වන චයිනමන් (Chainaman - The Legend of Pradeep Mathew) හරහා ශෙහාන් කරුණාතිලක සාහිත්‍ය ක්ෂේත්රයට පිවිසියේ විචාරක පැසැසුමට ලක් වෙමිනි.
චයිනමන් (Chainaman - The Legend of Pradeep Mathew) ) කෘතිය, ක්‍රිකට් ක්‍රීඩාව විෂය කරගනිමින් ලියවුණු දෙවැනි හොඳ ම නවකතාව ලෙස පිළිගැනෙයි.
සාහිත්‍ය වෙනුවෙන් පිරිනැමෙන ඉහළම ජාත්‍යන්තර සම්මානය ලෙස සැලකෙන බුකර් සම්මානයට පාත්‍ර වූයේ ශෙහාන් කරුණාතිලකගේ දෙවැනි නව කතාව වන 'සෙවන් මූන්ස් ඔෆ් මලී අල්මේදා' (Seven moons of Mali Almeida) ය.
වෘත්තීය ලේඛකයකු වන ශෙහාන් කරුණාතිලක ගාල්ලේ උපත ලැබුවෙකි. කොළශ මැදී වැඩුණු ඔහු වැඩි දුර අධ්‍යාපනය හදාරා ඇත්තේ නවසීලන්තයේය.
ජනමාධ්‍යවේදියකු ද වන 46 හැවිරිදි ශෙහාන් කරුණාතිලක ලේඛන කලාවට පිවිසීමට පෙර, දැන්වීම්කරණ ක්ෂේත්රයේ රැකියාව කළේය. ශෙහාන් කරුණාතිලක ළමා පොත් රචකයකු, තිරපිටපත් රචකයකු මෙන්ම ගීත පද රචකයකු ද වෙයි.
ඔහු සුප්‍රසිද්ධ The Guardian, Newsweek, Rolling Stone, GQ, National Geographic, Conde Nast, Wisden, The Cricketer සහ the Economic Times ආදී සගරාවලට ලිපි සම්පාදනය කරයි.
ශ්‍රී ලංකාවේ උපත ලැබු ලේඛකයකුට බුකර් සම්මානය හිමිවුණු දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවේ මයිකල් ඔන්ඩච්චිය. ඒ,1992 වසරේ 'ඉංග්ලිෂ් පේෂන්ට්' (The English Patient) කෘතිය වෙනුවෙනි.
(බීබීසී)
2022 බුකර් සම්මානය ලාංකික ලේඛකයාට
මැක්ස් Tuesday, 18 October 2022 08:03 AM
සුබ පැතුම් ශෙහාන්! ඔබ රටට ආඩම්බරයක්. අලුත් පොත චයිනමන්ට වඩා ඉදිරියෙන් ඇතැයි සිතමි. රස විඳීමට නොතිත් ආසාවකින් පෙළෙමි.
Perera Tuesday, 18 October 2022 08:56 AM
ලංකාවේ කිව්වට අධ්‍යාපනය ලබලා තියෙන්නේ නවසිලන්තේ, පදිංචිය එංගලන්තේ නේද.?
nimal Tuesday, 18 October 2022 10:16 AM
වැරදි, ඇද කුද හොයන එක අපේ රටේ අශිලාචාර පුරුද්දක් නිසා.... මිට වඩා යමක් මගෙන් අහගන්න එපා.හරිද ? ඉර්ෂයාව පෙරෙනවා.
බද්රානිTuesday, 18 October 2022 03:36 PM
නිමල් මොකක්ද මනුස්සයෝ, මෙතන පෙරේරා මහත්තය ලියල තියන එකේ වැරැද්ද? අනික මේ ලිපියේම ලියල තියනවා ෂෙහාන් මහත්තය ඉපදිලා තියෙන්නේ ලංකාවේ උනාට අධ්‍යාපනය හදාරලා තියෙන්නේ නවසීලන්තයේ බව. නිකම් මෙතන බොරු පම්පෝරි නැතිව ඇත්ත ඇති සැටියෙන් දැකලා ආත්ම වංචාවෙන් තොරව යතාර්තවාදීව ජීවත් වෙන්න පුරුදු වෙන්න. ලංකාවේ ඉගෙන ගත්තු උගත් මෝඩයින්ට වඩා ෂෙහාන් කරුණාතිලක වැනි උගත් බුද්ධිමතුන්ට අපි ගරු කරන්න පසුබට වෙන්නේ නැහැ කවදාවත්. ලෝකේ කොහේ හරි රටකට ගිහිල්ලා ස්ව උත්සාහයෙන් යමක් දිනා ගන්නකොට ඒවාට අයිතිවාසිකම් කියන්න නම්, අම්බරුවෝ ඕනා තරම් ඉන්නවා. හැබැයි අත හිත දෙන්න නම් බල්ලෙක් වත් නැහැ. ලංකාවේ හිටියනම් ඉතින් එතුමත් දේශපාලකයින්ට කුලියට ලියන්නෙක් තමයි.
යෝගා Tuesday, 18 October 2022 10:17 AM
ලංකාව ඇලජික් කෙනෙක්ගේ කමෙන්ට් එකක්
kamalTuesday, 18 October 2022 10:18 AM
එහෙම තමයි. දින්නොත් අපේ, පැරදුනොත් අපෙ නෙමෙයි.
DeepalTuesday, 18 October 2022 03:15 PM
එහෙම තමයි. ලෝක ජයග්රහණයකදී උපන් රටට තමා ගොවුරව කරන්නේ. රට තුලදී ගවුරවය ලබා දෙන්නේ ජයග්‍රහණය කල පුද්ගලයා උපන් නගරයට. මවුපියන් සහ පවුල ලෙසින්ම උපන් පරිසරයත් බොහෝ ජයග්‍රණ සඳහා බලපානවා . විභාග ප්‍රතිඵල වලදීත් එහෙම තමයි වර්ගීකරණය කරන්නේ.
donTuesday, 18 October 2022 06:27 PM
ගොඩක් දුරට ලංකාවේ ඉගෙනගෙන ලංකාවේම හිටියානම් මේ මහත්තයා තවම පොතක් ලියන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්.නැත්නම් වෙන මොකක් හරි රස්සාවක් කරනවා වෙන්න පුළුවන්
GamayaWednesday, 19 October 2022 09:50 AM
අයියෝ පෙරේරා මහත්මයා, ඔයයි බද්‍ර අක්කයි චාර්ටර් ඩබලක් නේ
Abheetha Senaratne Tuesday, 18 October 2022 09:46 AM
සුභ පැතුම් ! මොනතරම් ජයග්‍රහණයක්ද. ශ්‍රී ලාංකිකයෙක් විදියට ඇත්තටම සතුටුයි.
කිරිපතා Tuesday, 18 October 2022 10:26 AM
උපත ලංකාවෙ . එච්චරයි
kamalTuesday, 18 October 2022 01:50 PM
මෙහෙ හිටියනම් විපතත් ලංකාවෙම තමයි.
P.d goonawardene Tuesday, 18 October 2022 12:07 PM
සුභ පැතුම් ! මොනතරම් ජයග්‍රහණයක්ද. ශ්‍රී ලාංකිකයෙක් විදියට ඇත්තටම සතුටුයි......
fairoos Tuesday, 18 October 2022 12:10 PM
සුභ පැතුම්
ලුම්බිණි Tuesday, 18 October 2022 12:20 PM
සුභ පැතුම්!
Senarath Tuesday, 18 October 2022 12:37 PM
ඔබෙ විෂිශ්ඨ කෘතියට සහ ජ්යත්යන්තර සම්මානයට අපේ සුභ පතුම් ! තව තවත් අලුත් කෘති ලියන්ට ශක්තිය ද්යර්ය ලැබේවා !
කිරිපුතා Tuesday, 18 October 2022 10:31 PM
පොත කියවනතුරු කිසිවෙකුත් කලබල නොවිය යුුතුයි. ඔහු ලියා ඇත්තෙ ත්රස්තවාදයක් ගැන නොව්. සිවිල් යුද්ධයක් ගැනයි. කොටි ඩයස්පෝරාව සහ උවුන්ගෙන් යැපෙන බටහිරයන් සතුටු වන ගනයේ පොතක් විය යුතුයි. මේ සම්මානය පිටුපසත් තවත් කුමන්ත්‍රණයක් තිබෙනවා විය හැකියි.
GonputhekWednesday, 19 October 2022 09:57 AM
කිරිපුතේ ඔයා වගේ අය හැමදා අසතුටින් ඉන්නේ නැගෙනහිර ඉන්න හින්ද තමයි. මොකද නැගෙනහිරෙ ඉන්නේ ඔයාවගෙ අය . බටහිරෙ කිසි වරදක් නෑ.
randilWednesday, 19 October 2022 10:09 AM
තවත් ගොබ්බ හරකෙක්ගේ කමෙන්ට් එකක්
randil Wednesday, 19 October 2022 10:08 AM
මේවා තමා නියම ජයග්‍රහණ ප්‍රයිස් එක ගත්ත වෙලාවේ කරපු කතාව ඒකට වඩා සුපිරි.
චන්දිම ෆොන්සේකා Wednesday, 19 October 2022 04:04 PM
මෙහෙමයි වැඩේ. මෙතුමා හොඳ යහපත් අදහස් තියෙන පොතක් ලියලා නම් තියෙන්නේ අපි එතුමාට ගරු කළ යුතුයි. හැබැයි මෙහෙමත් එකක් තියෙනවා. ඔය සමහර බටහිර රටවල සංවිධාන අපේ රටේ සිංහලයන් ද්‍රවිඩයන්ට කුරීරු විදියට සලකනවා යන වැරදි අදහස් කෙලින් හෝ වක්‍රව ඉදිරිපත් කරන අයට දිරි ගන්වන්න සම්මාන දෙනවා. ඔබ දන්නවානේ ඔය නොබෙල් සම්මානේ. ඒක දෙන්නෙත් බටහිර මතය ඉදිරිපත් කරන අයට. ඔන්න මේ සැරේ යුක්රේන් ජාතිකයෙකුට දීලා රුසියාවට ඇනෙන්න හිතලා. ඉතින් මෙතුමාගේ පොතේ අන්තර්ගතය හරියට බලලා තමයි පසසන එක හරි, විවේචනය කරන එක හරි කරන්න ඕනෑ...