තවත් දශක එක හමාරකින් එනම් 2030 වසර වන විට ඉහළ ආදායම් ලබන රටක් බවට පත්වීම ශ්‍රී ලංකාවේ ඉලක්කය වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒ සඳහා ගෝලීය ආර්ථික ප්රවණතාවයන් මෙන්ම නව තාක්ෂණයද උපයෝගී කරගත යුතු බව කී අග්‍රාමාත්‍යවරයා ගෝලීය ආර්ථිකය ආසියාකරය වෙත කේන්ද්‍රගත වෙමින් තිබෙන බවත්, ආසියාකරය මධ්‍යයේ පිහිටි ශ්‍රී ලංකාව එහි උපරිම ප්‍රයෝජනය ලබාගත යුතු බවත් සඳහන් කළේය.
චීන සමාගම් ද සම්බන්ධ කරගනිමින් රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධව හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපළ පවත්වාගෙන යාමට රජය එකඟතාවයකට පැමිණ ඇතැයි ද කී වික්‍රමසිංහ මහතා එම වැඩපිළිවෙළින් මෙරට විදේශ සංචිතයට ඇමෙරිකානු ඩොලර් බිලියනයක් එක් වනු ඇතැයිද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි එතකන් ඉදීද දන්නේත් නෑ.(හේ)
අනේ ඔයාලගේ කතාව විතරයි. කරපු දෙයක් නැහැනේ (නි)
කියනවා විතරයි. වැඩ නැහැ (නි)
දුගී දුප්පත්කම නැතිවුණ, නැති අය ඇති හැකි අය වුණ, සැමට සෙවණක් ලැබුන, ගම්උදාව ගෙවල් දස ලක්ෂයක් දී සැමට නිවසක් දුන්, අසරණ සරණ මා පිය ක්‍රමය සැදුව එකේ ඕකත් ෂුවර් එකටම ලැබේවි (නි)
තවත් විශාල පරිමාණයේ කෑරට් අලයක්! (අ)
අයියෝ එතකල් අපි ජීවත් වෙයිද ? (අ)
ඔබතුමාලා ඡන්දෙට කලින් නම් කිව්වේ, අපිට බලය දුන්නොත් මේ රටේ ජනතාව ඉහල අදදයම් ලබන, වොක්ස්වාගොන් පාවිච්චි කරන පිරිසක් කරනවා කියලනේ? දැන් මොකද 2030 වෙනකම් ඉල්ලන්නේ? (අ)
ඔබතුමා මාස 21 ක් කාදමල චීන්නුන්ට වන්දිත් දීල දැන් කරන්න හදන්නේ මහින්ද මහතාගේ වැඩපිළිවෙලේ ඉතිරි කොටසමනේ . (අ)
අනේ අම්මේ මොන තරම් දෙයක්ද? එතකොට අර ස සල්ලි එකේ සී.බී එකේ තියෙනවද? පුදුම මොලයක්නේ!! පව් එත් ඔයා තව අවරුදු දෙකෙන් යනවනේ!!(අ)
ඔන්න ආයෙත් කිව්වා අර ගෝල්ඩ් චේන් වගේ කතාවක්. අගමැතිතුමනි, මිනිසුන්ට හීන දැකපල්ලා කියන්න කලින් රට දැනට වැටිලා තියෙන ආර්ථික ව්‍යසනයෙන් ගොඩගන්න. ඊටපස්සේ අපි හීන දකින්නම්. ඔබතුමා ඉදිරිපත් කරනවා කිව්ව වසර හතරක සැළසුමට මොකද වුණේ? දැන් නම් ඔබතුමන්ලාගේ කතන්දර අහලා ඇතිවෙලා... (නි)
මේ වැස්ස නාන්න ජීවත්වෙලා ඉන්න එපැයි 2030 වෙනකල්. දැන් දැන් තේරෙනවා ඉක්මනටම නාන්න නම් වෙනවා කියලා (නි)
හොද තීරණයක්.(හේ)
මොන බොරුද. දැන් කීයක් දේවල් කරනවා කිව්වද?(හේ)
එතකන් ජීවත්වෙලා හිටියොත් හොඳයි අපි. (හේ)
මේ කරන්නේ දිගු කාලීනව දෙයක්.(හේ)
කියනවා විතරයි මහත්තයෝ.(හේ)
අනේ! තව අවුරුදු 14 කින් ඕගොල්ලෝ කොහෙද? (නි)
තව ඒකට අවුරුදු කියක් තියෙනවද?(හේ)
වචන වලින් විතරක් මදි වැඩ වලින් පෙන්විය යුතුය .(හේ)
පොඩ්ඩක් ඉන්න.(හේ)
එහෙනම් අපිට කාර් එකක් ගන්න 2030 වෙනතුරුවත් ඉඳලා බලමු. (නි)
2030දී වෙන්නැති අර බුලත්කාපු අය ඒ වෙනුවට චුයිංගම් කන්න ගන්නේ ? (අ)
ඇයි මහත්තයො ගියවර ප්‍රෝග්‍රෑම් එකේවගේ බ්‍රේස්ලට් එහෙම නැතෙයි. (අ)
පේනවානේද මත්තලිනුයි වරායෙනුයි වැඩගන්න කල්යන බව.හදපුගමන් අසාර්ථක ව්‍යපෘති කියල දේශපාලන වාසිගන්න හැදුවට මෙවැනි වැඩවලින් ක්ෂණික අාප්ප බලාපොරාෙත්තුවිය නොහැක.හැබැයි කියන විධියට වෙයිද කියලනම් ෂුවර් නෑ. (අ)
මේ වැස්ස නැති වෙලාවේ අපිට කියන්නේ අවුරුදු 14 බලාගෙන ඉන්න කියලද. බොරු කයිවාරු එපා. අදට තියන වැඩේ කළොත් මිනිස්සු ඒ වෙනකන් ඉඳියි. ඕවා ඡන්ද වෙලාවේ කිවුවේ නැහැනේ. එහෙම කිවුවා නම් 2030 මහජනතාව ඉන්නවා ඔබව ඔය තනතුරට පත් කරන්න. (නි)
අනේ මෙහෙමත් කතා? (නි)
ඒකට තව කොච්චර කල් තියෙනවද? අපෝ! අපිට නම් බැහැ (නි)
ගොඩක් කට්ටියගේ අදහස් බොහොම පටුයි. අවුරුදු 10 තිස්සේ වූ දේවල් අවුරුදු 2 න් කරන්න බැහැ. ඔහොම කරගෙන ගියොත් 2030දි හොඳ අාර්ථිකයක් ලැබෙයි. (නි)
කතන්දර සියා සිහින ලෝකයේ රට ගිල්වන තවත් වතාවක් (බ)
මහින්ද මහත්තයා හිටියා නම් මෙලහකටත් රට ගොඩක් දියුණු වෙලා. මෙයාලම නේද දින 100 රට සුරපුරයක් කරනවා කිවුවේ? දැන් බොරුවට කියනවා 2030 දී කරනවලු. කියනවා විතරයි මහත්තයෝ. පුදුම මොළයක්නේ!!. (නි)
මේ අයට ඡන්දය දුන් අය කොහෙද දැන්? (නි)
මේ කතා දැන් කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ. කෝ, මේ දැන් පටන්ගන්නවා කිවු වොක්ස්වැගන් කම්පැනිය ? (බ)
දවස් 100න් රට සුරපුරක් කරන බවක් කියා, අපේ ඡන්දය හොරාකම් කළා මදිවට, දැන් කියනවා තව අවුරුදු 15කින් වෙන දේ. හිටපු කෙනාව එළවපු එකේ පාපය අපිම ගෙවන්න ඕනෑ. (නි)
ඒ කියන්නේ හිටපු ජනපතිතුමාගේ ඉදිරි දැක්ම හරියටම හරි කියන එක නේද. (නි)
සිහිනයක් දකිනවා වගෙයි (නි)
මොනවා කියවනවද මන්දා? (නි)
අම්මෝ! 2030 වෙනකම් ඉන්නද බලාපොරොත්තුව? අපි නම් කියන්නේ තමුන්නාන්සේට 2018 අන්තිම වෙනකම්වත් බලයේ ඉන්න ලැබුනොත් ලොකු දෙයක්. (නි)
21වෙනි සියවස අගදී දකුණ චීන භාෂාව විතරක් කතා කරයිද දන්නේ නැහැ? ඒවටත් පිළියම් යොදා ඇති කියලා හිතනවා. එහෙම නැත්නම් 2030 ඇමරිකාව අඟහරු වලට යන්න හිතා ඉන්නවා. ඒ එක්කම අපිත් එහෙට ගිහිල්ලා අලුත් සිංහල ජනාවාසවත් පටන්ගනිමුද? (නි)
මෙතුමාගේ වැඩේ ලොකු ලොකු හීන දකින එකනේ. අර වොක්ස්වැගන් කොම්පැනි එකේ ශාකා දැන් ලංකාවේ හැමතැනම. (නි)
අපි නම් ඡන්දෙ දුන්නේ දවස් 100න් ඔය කියන රට අපිට දෙනවා කියලා අපට බොරු පොරොන්දු දුන්න නිසා. දැන් කියනවා තව අවුරුදු 15ක් ඉන්න කියලා. අපි මෝඩ වුණා. රට කරන්න පුළුවන් කෙනා ගෙදර යැව්වා. දිට්ට ධම්ම වේදනීය කම්ම! (නි)
ඒ කියන්නෙ ණය වැස්සක් වෙන්න ඇති (නි)
රටේ හෙට දවස??? (නි)
රැවටිල්ලක් නෙමෙයි නම් ජයවේවා! (නි)
අපි එතරම් කල් ජීවත් වෙන එකක් නැහැ
මෙතුමාට ඇත්තටම පිස්සුද? නැත්නම් ජනතාව හරක් කියලා හිතාගෙන ඉන්නවද? කෝ අර ලක්ෂෙකට රස්සා දෙන ෆොක්ස්වැගන් කොම්පැනිය? (නි)
ඇයි ඔහෙට මහා සල්ලි වරුසාවක් වැස්සේ මහබැංකු හොරකම හරහා. තව මදිද? 2030 දක්වා හිටියොත් ලංකාවක් නැහැ. එත් රනිල් මහත්තයෝ තව අවුරුදු දෙකක්වත් ඉන්න පුලුවන්ද කියල බලනවා හරිද (අ)
මගෙත් ආයුගෙන, මටත් වඩා කල් ඔබ ජීවත්වේවා! (නි)
මේවත් අර සුමනදාසලාගේ කතාවලට දෙවෙනි නැහැ නොවැ (නි)
මහ සල්ලි වැස්ස වහින්නේ අර්ජුන මහේන්ද්රලා ඉන්න පැත්තටද? (නි)
අම්මෝ..! 2030 වෙනකන් ඉන්නයි වගේ කල්පනාව. දැන් අපේ රටේ මිනිස්සු ජීවත්වුණොත් බැරියෑ 2030 වෙනකන් ඉන්න. (නි)
මේ කතා අහලා දැන් ඇතිවෙලා (නි)
රනිල්ට ඒ හැකියාව තියෙන බව විශ්වාසයි (නි)
එතකොට මත්තල වී ගබඩා කරන්න ගත්ත තීරණය? ඔය සුරංගනා කතා මිනිසුන්ට අහලා එපාවෙලා. ඔබතුමා හිතන තරම් දැන් ඉන්න මිනිස්සු මෝඩ නැහැ. පරණ බොරු දැන් හරියන්නේ නැහැ! (නි)
එච්චර කල් ඉන්න වෙයිද? හැබැයි කිව්වේ 2020 කියලා නේද? (නි)
එහෙනම් අපිටත් බැරියෑ ඒ වැස්සට තෙමෙන්න (නි)
තිබුන ටිකත් නැතිකොට තව මොන කතාද? (නි)
මේ යන විදිහට 2030 ශ්‍රී ලංකාව කියන නම තිබේවිද කියාත් සිතා ගැනීමටවත් නොහැක. (නි)
මේ වගේ කතා විශ්වාස කරන අය තවත් ඉන්නවා ෂුවර්... (නි)
අර ගෙනාපු වොක්ස්වැගන් කොම්පැණිය වගේ තවත් අල්ලේ පැලවෙන බොරුවක්ද? (නි)
ඇත්තටම මේවා කෙරෙන දේවල්ද? (නි)
ඇත්තටම මෙතුමා මේ කියවන්නේ මොනවාද? (නි)
දවල් හීන කියන්නේ මෙන්න මේවට. හැබැයි ඉහළ අාදායම් ලබන දෙතුන් දෙනෙක් ඉන්න බැරි නැහැ. මේ යන විදියට. (නි)
බුලත් විට වෙනුවට චුයිංගම් කාලා, ඩෙනිම ගහලා කුඹුරු කොටලා, පාරේ යනකොට බ්‍රේස්ලට් එකක් දාගන්න පුළුවන් වෙන්නේ ඒ කාලේ වෙනකොට වෙන්න ඇති. (නි)