විදුලි බිලට එරෙහිව ලබන 21 වැනිදා පැවැත්වීමට යන වර්ජනයට නීතීඥ සහාය ලබා ගැනීමේ සාකච්ඡාවක් නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය හා අන්තර් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා සමග අද පැවැත්විණි.
සංගමය සමග සාකච්ඡා කර සහාය දිය හැකි ආකාරය ප්‍රකාශයක් කරන බව ජයසූරිය මහතා එහිදී පැවසූ බව සමරසිංහ මහතා කියයි.
වර්ජකයන්ට රජය අයුතු බලපෑම් කළහොත් නීතීඥ සහාය දීමට ද ජයසූරිය මහතා පොරොන්දු වූ බව ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමගිය බලය වේ (නි)
මෙවැනි දෙයකට නීතිඥ සංගමය කෙලින්ම සහබාගි වෙන එක මම හිතන විදිහට සුදුසු නැහැ. එහෙත් සහාභාගි වෙන අනිත් අයගේ අයිතීන් වෙනුවෙන් නොමිලේ අධිකරණයක පෙනී සිටීම වඩාත් උචිතයි. (නි)
අපේ රටට ගිය කලක්. ඔහොම යමු. කොහේදි හරි ඇනගනීවි. අපි බලන් ඉඳිමු. (නි)
ඔක්කොම සහය දිය යුතුයි පක්ෂ වෙනුවෙන් නෙමෙයි මේක කරන්නෙ, මිනිස්සු වෙනුවෙන් (නි)
ජය වේවා! ජය වේවා! අපි සටන සමගයි . පීඩිත පන්තියට ජය වේවා! (නි)
සංචාරක රියදුරන්ට, නියාමකයින්ට, හොටෙල් සේවකින්ටත් පඩි මදි , විදුලි බිලත් ප්‍රශ්නයක් ඒ අයගෙත් සංවිදාන සමග සාකච්චා කර මෙයට සහභාගි කරවා ගනිමු.(ස)
සමහර නිලධාරීනට නිවාඩු අවලංගු කරලනේ. ඉතින් කොහොමද සහභාගී වෙන්නේ? (නි)
සියලු දෙනාම එකාමෙන් පෙළ ගැසෙමු.(ස)
මේවා කරලවත් විදුලි බිලේ වැඩිවීම නවත්වන්න පුලුවන්නම් වචනෙකින් හරි සහයෝගය දෙන්න වටින වැඩක්. සාර්ථක වෙයි කියල හිතනවා,(අ)
ආණ්ඩුවට පෙන්නන්න ඕනෑ අසාධාරණයට විරුද්ධව නැගිහිටින්න පිරිසක් ඉන්නවා කියලා (නි)