තරුණ බාල මහළු සියලු දෙනා එක්රැස්ව සංවිධානය වූ මෙත් සවිය සමථ විදර්ශනා භාවනා වැඩසටහනේ තවත් අදියරක් කොළඹ 06 ශ්‍රී විජයාරාම විහාරස්ථානයේදී පැවැත්විණි
මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාවට නැංවෙන මෙහි ප්‍රධාන අනුශාසක අහංගම ආනන්ද නාහිමියෝය.
මෙත් සවිය මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදය මහියංගනය පූජා භූමියේ අඩි 84 උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ද ඉදිකිරීමට යයි.
4500 දෙනෙක් මෙම වැඩසටහනට හවුල් වි සිටිති.
www.methsaviya.lk සහ www.methsaviya.org යන වෙබි අඩවි ඔස්සේ මෙහි වැඩි විස්තර සොයා ගත හැක.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු සරණ වේවා! (නි)
ලක්විඳු,සඳ පෙන්වා එය ගැන පවසන විට, කරුණාකර එය දෙස පමණක් බලා නුවණින් විමසන්න. එය පෙන්වන ඇඟිල්ල දෙස බලා එහි තිබෙන ඇද නොසොයන්න. ගුරුතුමනි, ඔබ කරන්නාවූ මේ කුසල කර්මයේ බලයෙන් සතර අගතියෙන් මිදී උතුම් වූ සත්‍ය ධර්මය අවබෝධ වේවායි එක සිතින් පතමි. (නි)
අවශ්‍යතාවය වන්නේ ගමනෙහි අවසානය දැකීමයි ගුරු පියාණෙනි .... ඔබ කරංනවූ මේ උතුම් කර්තව්‍යන්ගෙන් ලෝකය තවත් යහපත් තැනක් වේවා.(අ)
ඉතා උතුම් පින්කමක් (නි)
මහාචාර්ය ජයරත්න මහතාණනි, පවුල් සංස්ථාව කඩාගත් අය වෙනුවෙනුත් භාවනා වැඩසටහනක් කරදෙන්න.ඔබට බොහෝ පින්. (නි)
මට නම් මේවා විකාරයක්. රුපියල් ලක්ෂ හාරසීයකින් පුංචි ගෙවල් 40 ක් හදලා ඒවා හව්හරණක් නැති අසරණ පවුල් වලට පුජා කරන්න. මම රුපියල් ලක්ෂයක් ප්‍රදානය කරන්නම්.(නදී)
මෙයයි සැබවින්ම අවශ්‍ය වන්නේ (නි)
මෙම කාර්යය අගය කරමි. (නි)
අනවශ්‍ය දේවල් වලට වියදම් නොකර මිනිසුන්ට සරලව ජීවත්වෙන්නට කියාදෙනවා නම් හොඳයි (නි)
මගේ අදහස් ගැන අදහස් දැක්වූ අයට කියන්නේ, කරුණාකරලා ත්‍රිපිටකය අධ්‍යයනය කරන්න. එතකොට ඔයාලටම හරි දෙය තේරේවි. (නි)
මට නම් පේන විදිහට උපාසක ඇත්තෝ බොහොමයක් පොෂ් කට්ටියක් වගේ. වඩා හොඳ නැද්ද වහලක් නැති මිනිස්සුන්ට අතුපැලක් හරි හදා දුන්නොත්? බුදු හාමුදුරුවෝ දේශනා කරලා නැහැ 84 රියන් පිළිම හදන්න කියල. (ස)
ස්තූතියි උදාර මහතාණනි, ඔබ ත්‍රිපිටකය නමැති සඳ දෙස බලන්න. (නි)
අර කව්ද කිව්වා වගේ මේක අරුම පුදුම රටක්. නළුවෝ සින්දු කියනවා, මැති ඇමති වරු ක්‍රිකට් ගහනවා, සංගීතය ගැන මෙලෝ දෙයක් දන්නේ නැති අය සුපර් ස්ටාර් ල වෙනවා, තාරකා විද්‍යාංඥයෝ බන කියනවා. (නදී)
ලක් විඳු මහතාණනි, හොඳ බෞද්ධයෙකු වීමට ත්‍රිපිටකය අවැසි නැත. අවැසි වන්නේ ශ්‍රද්දාව වඩවා ගැනීම සහ නුවන ඇති කරගැනීමයි. බුදුන් දවස සියලු දෙනා සත්‍ය අවබෝද කරගත්තේ ත්‍රිපිටකය කියවලා නෙවෙයි. එ්ක පස්සේ කාලේ අාපු දෙයක්. බුදුන්ගේ රුව දැකලත් සසර දුකින් මිදුන පිරිස ගොඩක් ඉන්නවා. ඔබට තව ලෙකු දුරක් යන්න තියෙනවා. තෙරුවන් සරණයි (නදී)
බුදුදහමෙන් තොර ත්‍රිපිටකයක්ද, ත්‍රිපිටකයෙන් තොර බුදු දහමක්ද නැත. බුදුන් වහන්සේ දෙසු සියලු ධර්මය අඩංගු වන්නේ ත්‍රිපිටකයේය. (නි)
' ත්‍රිපිටකය කියවලා නෙවෙයි. එ්ක පස්සේ කාලේ අාපු දෙයක්. 'උදාර 2014-07-18 05:00:13 මෙම ප්‍රකාශයෙන්ම පෙනෙනවා මෙම පුද්ගලයාගේ බුදුදහම පිලිබදව ඇති නොදැනුවත් කම.(නදී)
බුදුදහම පිලිබඳ නිවැරදි අවබෝධයක් නොමැතිව දේශනා පවත්වන පුද්ගලයන් පසුපසගොස් බොහෝ උදවිය දෘෂ්ටිගතවී අතරමංවී ඇතිබව ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් වාර්තාවන සිද්ධීන් වලින් පෙනේ. (නදී)
අපි නම් ස්වාමින් වහන්සේලා අසුන්ගන්න ආසන වලට අතුරන්නේ සුදුපාට ඇතිරිල්ලක්. (නදී)
සැබවින්ම උතුම් කාර්යයක් . (ම)
මෙය හොඳ වැඩක් වෙන්න පුළුවන්. එහෙත් චන්දන ජයරත්න මහතා කියන බෞද්ධ දර්ශනය ගැන මට ගැටළු තියෙනවා. විද්‍යාව යොදාගෙන බෞද්ධ දර්ශනය ඔප්පු කිරීමට යාම අනුවන කමක් සහ ජනප්‍රිය වීමට බුද්ධ ධර්මය යොදා ගැනීමක්. අනික බුදු පිළිමයේ උසෙන් මොකක් තීරණය වෙනවද කියල මට හිතාගන්න අමාරුයි. (ස)
මේ උතුම් පුණ්‍යකර්මය ඉතා උනන්දුවෙන් අනුමෝදන් වෙමි. සාධු ! සාධු !! සාධු !!! මේ පින්කමින් සහභාගි වූ සහ උදවු කළ සැමට පරම ශාන්ත උතුම් නිර්වාණය ශාක්ෂාත් කරගැනීමට හැකි වේවා! තව තවත් මෙවැනි පින්කම් කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා! තෙරුවන් සරණයි! (නි)
දකිනකොටත් සිතට සතුටුයි (නි)
අනගි ක්‍රියාවක්. ඉතා සතුටුයි. භාවනාවට ආගම් භේද නැහැ (නි)
තමන් සදා අමරණීය යැයි සිතාගෙන ඉන්න දේශපාලකයන් අතරේ ජීවිතයේ යථාර්ථය තේරුම්ගත් පොදු ජනතාව දැකීමත් සතුටක්. සැමට යහපතක්ම වේවා! (නි)
චන්දන මහත්මයා සියල්ලන්ටම ආදර්ශයක් (නි)
පිටරට ඉන්න අපිට මෙවැනි පින්කම් ලංකාදීප පුවත්පත නිසා දැකීමත් සතුටුයි. මගේ මව්බිමටත් එහි සැමටත් තෙරුවන් සරණයි. (නි)
මනස සංවර්ධනය කර එතුළින් අනුන් කෙරෙහි මෛත්‍රිය කරන්න පුරුදු කරන එක ඉතාම හොඳ දෙයක්. මේක තමා සත්‍ය බුදු දහම. අද මේ රටට අවශ්‍ය වී ඇත්තේ එවැනි අය තමා. අඩි ගණනාවක් උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේනමක් හදනවට වඩා එම මුදලින් මෙවැනි දේවල් දියුණු කරන එක හොඳයි කියලා තමයි මටත් හිතෙන්නේ. (නි)
රටේ විශාල අද්‍යාත්මික පරිහානියක් සිදුවෙන මේ කාලයේ මෙවැනි හොඳ වැඩ සටහන් සිදුකිරීම නිවන් දකින පිනක්, රටේ සියලුදෙනාගේ ඇස මේ දෙස යොමු වේවා. (ස)
මහාචාර්ය චන්දන ජයරත්න මහතා සිව්වනක් පිරිසට ආදර්ශයක්. සාධු ! සාධු ! සාධු ! (නදී)
අපිටත් සහභාගි වෙන්න තිබුණා නම්.... (නි)
ඉතා හොඳයි (නි)
රටේ හැම තැනකටම මෙවැනි වැඩසටහන් අවශ්‍යයි. සමාජයේ හැම තරාතිරමකම පුද්ගලයන්ට සහභාගි විය හැකි ලෙස. (ස)
බුදු පිළිමයේ උසින් තීරණය වන්නේ බුදු හාමුදුරුවෝ දෙසන ලද අසු හතර දහසක් ධර්මස්කන්ධයි.චන්දන ජයරත්න මහතාට ජනප්‍රිය වෙන්න බුදු දහම යොදා ගන්න උවමනා නැත. එතුමා ලංකාවේ ඉන්න හොඳම තාරකා විද්‍යාඥයා හා භෞතික විද්‍යා මහාචාර්යවරයාය. මේ අවස්ථාව බුද්ධිමත් බෞද්ධයන්ට අටමහා කුසලක් කර ගැනීමට ලැබෙන විරල අවස්ථාවකි. (ස) a
ලක්විදු , අැවිත් බලන්න, ඔබගේ ගැටළුවට මෙත්සවිය උපකාරයක් වේවි. (නදී)
චන්දන ජයරත්න ගුරු දේවිය ගැන දැන ගැනීමට බවන වැඩ සටහනට සහභාගී වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. (නදී)
මට හිතෙන විදිහට සංසාරයේ පිං කර තියෙන්නත් ඕනෑ එතුමා වගේ කෙනෙක්ගෙන් උපදෙස් ලබා ගන්න. කොහොම වුණත්, මේ සංසාරයේ ලෞකික මෙන්ම ලෝකෝත්තර ජීවිතය සැබෑ තත්වයෙන් අවබෝධ කර ගැනීමටත්, සැලෙන සිතකින් තොරව ජීවිතයට සතුටින් මුහුණ දීමටත්, මට ඉතා පුංචි කාලයකදී හැකි වීම මා ලද පිනක් වන අතර, චන්දන ජයරත්න මහාචාර්යතුමාටත්, ස්වාමීන් වහන්සේටත්, මා හට මෙම අවස්ථාව ලබාදීමට උදව් උපකාර කළ සැමටත් නිදුක්, නිරෝගී, දීර්ඝායුෂ ලැබීමටත්, තව තවත් මෙවැනි උතුම් සේවාවන් කිරීමට අනන්ත බුදු ගුණය හා විශ්ව ශක්තිය ලැබීමටත් මම දිනපතා උදය සවස මෙත් වඩා අධිෂ්ඨාන කරමි. (නි)
ඉතා හොඳ අගය කළ යුතු ක්‍රියාවක්. (නි)