(අංජුල මහික වීරරත්න)
දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර, එම රැකියා අවස්ථා ලබාදෙන්නේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බව එම කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
වෙනත් කිසිඳු පුද්ගලයෙකුට හෝ විදේශ රැකියා නියෝජිතායතනයකට E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීමට අවසර ලබානොදෙන බැවින් ඔවුන්ට මුදල් ලබාදීමෙන් වලකින්නැයි සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
දකුණු කොරියාවේ E-9 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා හිමිවූ තරුණයින් පිරිසකට ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවට කාර්යාංශයේ දී එක්වෙමින් සභාපතිවරයා මේ බව කීය.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද උදෑසන , ඉතාලිය බලා පිටත්ව ගියහ.
පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.
බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල
වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ
මාතර බන්ධනාගාරයේ කළහකාරී ලෙස හැසිරෙමින් ගැවසුණු රැඳවියන් 250 දෙනකු මේ වන විට සිය කැමැත්තෙන්ම බාර වී ඇතිබව බන්ධනාගාර පාලනාධිකාරිය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
E- 8 රැකියා රජයෙන් පමණයි
Sirisena Wednesday, 26 February 2025 08:42 AM
දෙන්න එපා කාලකන්නි Agency වලට.
de silva berlin Wednesday, 26 February 2025 10:44 AM
රජය හැම දෙයකටම මැදිහත් වෙන එක සුදුසු නැහැ ? අනෙක් රටවලට පුද්ගලික ඒජන්සි හරහා ශ්‍රමිකයන් යවන්න පුලුවන්නම් , කොරියාවට පමණක් මොකද බැරි ? පුද්ගලික ඒජන්සි වලටත් ඉඩ දුන්න නම් ඔවුන් උනන්දුවෙලා කොරියාවේ රැකියා අබර්තු ගැන සොයා බලනවා , එහෙම වුන නම් අනිවාර්යයෙන්ම මෙයට වැඩිය විශාල ප්‍රමාණයකට කොරියාවේ රැකියා කරන්න අවස්ථාව ලැබෙනවා ,
Nihal Wednesday, 26 February 2025 11:20 AM
පෞද්ගලික රැකියා ඒජන්සි කාරයෝ කරන්නේ දුප්පත් තරුණයන් සූරා කන ඵකනේ .රුමේනියාවට රජයේ අය කිරීම ලක්‍ෂ 11ක් පමණ නමුත් ඔවුන් ලක්‍ෂ 20ක් අය කරනවා, එම මුදල හොයන්නම මාසයක් පමණ වැඩ කරන්න වෙනවා.සයිප්‍රස් වලටත් ඒ ටිකමයි.මේ මංකොල්ල නවත්වන්න රජයක් පිහිටුවා ගත්තත් හොරු පෙර පරිදියි.දුප්පත්ම තරුණයන්ට කවදාවත්ම විදේශ රටක රැකියාවකට යෑම සිහිනයක්.මෙම මුදල් ගැනීම ගැන අල්ලස් කොමිසමට පැමිණිලි කල හැකියාවක් තිබේනම් රජය ජනතාව දැනුවත් කලයුතුයි