
‘‘ඉතා ප්‍රබල සුළි කුණාටුවක්‘‘ දක්වා තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇති අක්වාන්ත නම් සුළං කුණාවට වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් 20 පෙරවරු 11.30 පමණ වන විට ඉතා දරුණු සුළි කුණාටුවක් ලෙස ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ සහ යනාම් වෙරළ තීරයේ නෙල්ලෝර් සහ ටුනි අතරින් වෙරළ තරණය කිරීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරමින් දැනුම් දෙයි.
ගිනිකොන දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැතින මෙම ගැඹුරු පීඩන අවපාතය ‘‘සුළි කුණාටුවක් දක්වා වර්ධනය වි ඇති මෙම පද්ධතියන නොවැම්බර් 16 පස්වරු 05.30 පමණ වන විට උතුරු අක්ෂාංශ 12.2° සහ නැගෙනහිට දේශංෂ 85.7° ආසන්නයේ කේන්ද්‍රගතව පැවැතිණි.
මෙම පද්ධතිය තවදුරටත් උතුරු - වයඹ දෙසට ගමන් කරමින් අද (17) පස්වරු 5.30 පමණ වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී ‘‘ප්‍රබල සුළි කුණාටුවක්‘‘ දක්වා තවදුරටත් වර්ධනය වීමේ ඉතා වැඩි ඉඩකඩක් පවතී. ඉන් අනතුරුව මෙම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් 19 වැනි දා පස්වරු 05.30 පමණ වන විට ‘‘ඉතා ප්‍රබල සුළි කුණාටුවක්‘‘ දක්වා තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇත. තවදුරටත් වයඹ දෙසට ගමන් කරමින් මෙම පද්ධතිය නොවැම්බර් 20 පෙරවරු 11.30 පමණ වන විට ඉතා දරුණු සුළි කුණාටුවක් ලෙස ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ සහ යනාම් වෙරළ තීරයේ නෙල්ලෝර් සහ ටුනි අතරින් වෙරළ තරණය කිරීමට ඉඩ ඇත.
එම නිසා උතුර අක්ෂාංශ 05ත 17ත් නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවල සහ කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ මඩකළපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලත් නැවත දැනුම් දෙනතුරු ධිවර සහ නාවුක කටයුතුවලින් වැලකී සිටින ලෙස දැනුම් දෙයි.
මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාවට ආරක්ෂිත ප්‍රවේශ කරා යාත්‍රා කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි.
මෙම සුළි කුණාටුව ‘‘අක්වාන්ත‘‘ ලෙස නම් කර ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd