(රංජිත් රාජපක්ෂ)

ළමා ගායිකා සෙනුමි ගිවන්සා  ඇතුළු එකම පවුලේ සිව්දෙනෙකු හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින්  තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව දිඹුලපතන පොලිසිය පැවසීය.

මෙම අනතුර සිදු වී ඇත්තේ (16) දින අලුයම 4.00ට පමණ කොටගල කොමර්ෂල් ප්‍රදේශයේදීය.

ගාල්ලේ පැවැති සංගීත ප්‍රසංගයකට සහභාගි වී ආපසු වැලිමඩ දක්වා එම ළමා ගායිකාව සිය මව සහ තවත් එක් අයකු සමග ආපසු නිවස කරා ගමන් කරමින් සිටියදී මෝටර් රථය හැටන් ප්‍රදේශයේදි සංචාරක හෝටලයක තාප්පයක ගැටී මෙම අනතුර සිදු වී ඇත.

අනතුරින් මෝටර් රථයේ ගමන් කළ ළමා ගායිකාව, ඇයගේ මව, රියදුරු සහ තවත් එක් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.