මොහාන් පීරිස් අග විනිසුරුගේ පත්වීමට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ පාක්‍යෙසෝති සරවණමුත්ත මහතා විසින් ගොනු කළ පෙත්සම අග විනිසුරු හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන්නැයි ජ්‍යෙෂ්ඨ නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා කළ ඉල්ලීම පිළිබඳ තීරණය මාර්තු 5 වැනි දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ශිරාණි තිලකවර්ධන, එස්.අයි ඉමාම්, ප්‍රියසාද් ඩෙප් යන ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ පෙත්සම විභාගයට ගැනුණි.
මොහාන් පීරිස් මහතාගේ පත්වීමට එරෙහිව පෙත්සම ගොනු කර ඇති හෙයින් ඔහු හැර සෙසු විනිසුරුවරුන් දස දෙනා මෙම පෙත්සම විභාග කිරීමට පත් කරන්නැයි නීතිඥ සුමන්තිරන් මහතා කරුණු දැක්වීය. ඒ සඳහා ආණුඩුක්‍රම ව්‍යාවස්ථාවේ ප්‍රතිපාදන ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.
නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටරි ජනරාල් ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කීවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විනිසුරුවරුන් නම් කිරීමේ බලය අග විනිසරුට ඇති හෙයින් මෙම පෙත්සම විභාග කිරීමේ විනිසුරන් නම් කිරීමේ බලය ද ඔහු සතු වන බවයි. නීතිඥ සුමන්තිරන් මහතා ඊට විරුද්ධ විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විධායකය,ව්‍යවස්ථාදායකය, අධිකරණය යන කුළුනු තුන ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නමැති දෙවොල දරා සිටී (නි)
අනේ අනිචිචං, බඩුත් හාමුදුරැවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ.(නදී)
ඩයස්පෝරාවට ආවඩන සිංහලයින් සිටියත් බහුතරය අපේ ජනාධිපතිතුමා සමගයි. (නි)
විභුති, ඇයි දන්නේ නැද්ද ඒ දෙවොල දෙදරලා ඉවරයි කියලා.(නදී)
නියෝජ්‍ය සොලිසිටරි ජනරාල් ශවේන්ද්‍ර ප්‍රනාන්දු?(නදී)
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කියලා අගවිනිසුරුතුමියට කෑ ගහපු අය මේකට මොකක්ද දන්නේ නැහැ කියන්නේ? (නි)
ප්‍රසන්නලා වගේ අය සිටින රටක යුක්තිය වෙනුවෙන් හඩක් නගන්නන් බිහිවේවිද? (නි)
ඒක හොද වැඩක් (දී)
තවමත් මේ අවනඩුව ඉවරයක් නැද්ද ? (ස)
එය අවශ්‍යම දෙයක් (දී)
තවම ඉවර නැහැ නේද (දී)
සාධාරණ කමිටුවක් වන බවට අපිට විස්වාසයි (දී)
පාට කණ්ණාඩි ගලවලා බලන්න. කොටි ඩයස්පෝරාවට ආවඩන්න එපා සිංහලයිනේ. (නි)