අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සදහා අඟහරුවාදා (04) ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණීමට නියමිතය.
නවදිල්ලි නුවරදී පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගීවීම සදහා අග්‍රාමාත්‍යවරයා මෙලෙස ඉන්දියාවේ නිල සංචාරයක නිරත වේ.
මේ අතර ලබන බදාදා (05) දිනයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය වරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡාවක නිරතවීමට නියමිතය. මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඔහුගේ අමාත්‍ය මණ්ඩලය සමඟ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙත දිවාභෝජන සංග්‍රහයක්ද සංවිධාන කර ඇති බව නවදිල්ලි නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මම දැනගන්න කැමතියි මෙතුමා රටේ අගමැති වුණාට පස්සේ දවස් කීයක් ලංකාවේ හිටියද කියලා? (නි)
අපි කලබලනොවී බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
ඉන්දියාවේ පාලකයෝ ලංකාවේ වර්තමාන තත්වය ගැන ඉතා සතුටින් සිටිනවා වගේ. (නි)
මේ දිනවල ඉන්දියාව දැඩි උත්සාහයක යෙදෙනවා දකුණු ආසියාවේ සියලුම රටවල් ඔවුන් සමඟ සිටින බව පෙන්වන්න. පකිස්තානය තනි කරලීම ඔවුන්ගේ එකම අරමුණයි. (නි)
ඔන්න ආයෙත් රට යන්න පටන් ගත්තා... (නි)
නව ව්‍යවස්තාව කවදාද එළියට එන්නේ කියලා අහන්නද? (නි)
හොරෙන්ම අර ගිවිසුමත් අත්සන් කරලම එයිද දන්නෙත් නැහැ (නි)
පාකිස්තානයට පේන්න ඉන්දියාවට ගෙන්නා ගන්නවා. රටම අමාරුවේ වැටෙනවා (බ)
මහින්ද රනිල් මෙෙත්‍රි ඔබලාගෙ න්‍යාය පත්‍රය එකිනෙකා සකස් කරන්න ඒ් කල්ලා ජාතික සමගිය වෙනුවෙන් එක වේදිකාවට එන්න. මහින්ද 100ට 100ක් හරියි කියන්න බැ මෙෙත්‍රි 100ට 100ක් හරියි කියන්න බැ රනිල් 100ට100ක් හරියි කියන්න බැ ඔබලා තුන්දෙනා විෂමතා සාකච්ඡාවට බදුන් කර එක්කහු වෙන්න එකිනෙකාට ගුණමකු වෙන්න එපා (බ)
රට රටවල් ගානේ දවල් රෑ නොබලා මෙතුමා යන්නේ ලංකාවට සේවය කරන්න නේද? මේ වගේ උත්තමයින් අපේ නායකයෝ වෙන්න අපි මොන තරම් පින් කරලා තියෙනවාද? (හේ)