අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරියේදී දින 1500ක ආර්ථික සැලැස්මක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කියයි.
එම සැලැස්ම ඔස්සේ ඉදිරි කාලයේදී ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට නියමිත ආර්ථික ප්‍රතිපත්තිය පැහැදිලි කෙරෙනු ඇතැයි ද හේ පැවසීය.
පසුගිය කාලය පුරාවට ආණ්ඩුව යහපත් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයි ඔහු කිවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
88 / 89 වගේ සංවර්ධනයක් කරන්නද දන්නෙ නැහැ මේ දින 1500? (නි)
සමන්, හොරු අල්ලලා දඬුවම් දීමෙන්ම රටේ දියුණුව ඇති වෙනවද? තාම සැළසුම් සකස් කරමින් කාලය ගතවෙනවා. (නි)
රටේ ජනතාවත් දිනයක් දීලයි තියෙන්නේ. (බ)
දැනට මේ ආණ්ඩුව බලයට ඇවිත් දින 415 ක් ගෙවිලා ඉවරඊ, මොනවද රටට කලේ ? ඉතිරි දින 1500 ත් මේ විදියටම ගෙවන්නද කල්පනාව ? මැතිවරණයට කලින් අාදායම් සොයාගැනීම් පිළිබඳ ප්‍රශ්න අහපුවම කිව්වේ දුෂණය නැවතුනාම ලැබෙන ආදායම හොදටම ඇති කිවුවා (බ)
දින ගණනින් කරන සැලසුම් බකල්වෙන බවට අපට අත්දැකීම් තියෙනවා. උදා: දින සීයේ සැලැස්ම. ඉස්සර තිබුනේ අවුරුදු සැලැස්ම දස අවුරුදු සැලැස්ම ආදී සැලසුම්. ඒවා ඒ විදියටම සිදුවුණා (බ)
මිනිසුන්ගේ පුංචි මොළවලට තේරුනේ නැති වුනාට ජනතාව අතින් ගිලිහී තිබූ බොහෝ අයිතිවාසිකම් ඔවුන්ට අාපහු ලැබිල අසීමිත් නිදහසක් ඔවුන් අද භුක්ති විඳිනවා. භීෂණය අද නැහැ. එයම අපට ඇති. ඔබට ජයවේවා රනිල් මැතිඳුනි (බ)
දින වකවානු වලට සැලසුම් කරලා වැඩ කරන එක හොඳ දෙයක්. එ්ත් අර දින සිය වැඩපිලිවල වගේ විකාරයක් නම් ආයේ එපා. මොනවා වුනත් ජනාධිපතිතුමාට වඩා අගමැතිතුමාට රටේ දියුණුවට යම් වැඩපිළිවලක් තියන බව පේනවා. අගමැතිතුමනි පුළුවන්නම් ඔය ආණ්ඩුව ඇතුලේ ඉන්න හොරු ටිකටත් නීතියෙන් දඩුවම් දෙන්න. (බ)
රටක් දියුණු කරන්න තිරසාර ප්‍රතිපත්ති තියෙන්නම ඕන, දේශපාලන පක්ෂය වෙනස්වුණා කියලා රටේ සංවර්ධන නතර කළාම මුළු රටම අගතියට පත් වෙනවා ,ඩුබායි ,සිංගප්පුරුව වැනි රටවල් ආදර්ශයට අරගෙන රට ගොඩනගන්න ඔබට ශක්තිය ලැබේවා, එමෙන්ම ශ්‍රී ලංකික ශ්‍රමිකයන්ට නවසීලන්තය තුල වැඩිපුර රැකියා අවස්ථා ලබාගන්න විධිමත් සැලැස්මක් ගොඩ නගන ලෙස ඉල්ලා සිටිනවා (බ)
පලවෙනි සැලැස්මට දින 100කි . දෙවන සැලැස්ම 100 x 15 = 1500 ඊලග සැලැස්මට දින කීයද කියල දැන්මම කියන්න පුළුවන්. 1500 x 15 = 22500. (බ)
මගේ පුද්ගලික අත්දැකීම අනුව, මෙයා කියන්නෙම බොරු. දින 100 දැන් දින 1500 වෙලා. රැවටෙන්න එපා. මෙතෙක් කල් ඒගොල්ල වාහන ගෙන්න ගත්ත. මහා බැංකු කොල්ලය..තව කොපමණද? (බ)
දින 100 ට කරපු දෙයක් නැහැනේ. අම්මෝ! ඊටකලින් තීරණයක් නොගත්තොත් රට විනාශයි (නි)
පරිණත නායකයකුගේ ලක්ෂණයකි සැළැස්මකට අනුව රට දියුණුකිරීම. ඔබට ජයවේවා! (නි)
100 වගේද 1500? කොච්චර නම් රට සවාරි එහෙම ගියහැකිද? (නි)
සියලු ආයතන වැඩ කරන්නේ වර්ෂ වලින් නිසා මම හිතන්නේ වර්ෂ වලින් ඉලක්ක හදන එක ලේසියි. ආර්ථිකය විතරක් නොවෙයි හැමදෙයටම ප්‍රතිපත්ති අවශ්‍යයි. එබැවින් මම හිතන්නේ දැනට තියෙන සියලු ප්‍රතිපත්ති පිළිබඳ විශ්ලේෂණයක් අවශ්‍යයි මුලින්ම. එකිනෙක බැඳී ඇති ප්‍රතිපත්ති වැනි දෑ හඳුනාගන්න අවශ්‍යයි. ඉන්පසු කෙටිකාලින මාධ්‍යකාලීන සහ දිගුකාලින ලෙස ප්‍රතිපත්ති රාමුවක පිහිටීම කළයුතුයි. මෙවැනි දෙයක් කිරීමට වසරක දෙකක කාලයක් අවශ්‍යයි. මෙලෙස රටට අවශ්‍ය ප්‍රතිපත්ති හදුනාගැනීමෙන් පසු වෙනස්කම් කිරීම වඩාත් සුදුසු බව මගේ හැඟීමයි. ආර්ථික ප්‍රතිපත්ති පමණක් හිටිගමන් වෙනස් කරන්න ගියොත් වන්නේ තවදුරටත් රට අවුල්වීමයි. (නි)
දින විතරයි. වැඩ නැහැනේ. (නි)
අනේ අප්පේ! අපිට දින 100න්ම ඇතිවුණා (නි)
ඇයි දින 100ත් කළේ සෑහෙන දේවල්... (නි)
අර දින 100 වැඩ වගේද දන්නෙ නැහැ. සැළසුම් විතරයි, වැඩ නැහැ. (නි)
ඒ ඉතින් දින 1500ක් හිටියොත්නේ. මම හිතන්නේ මේ යන විදිහට දින දෙතුන් සීයක් ගියොත් ඇති. බලමුකෝ.! (නි)