අඟුලාන ශුද්ධ වූ ෆ්‍රැන්සිස් දේවස්ථානයට අද අලුයම ඇතුළු වූ පිරිසක් පූජාසන කරඬුව ද, සුරුවම් දෙකක් ද, පූජාසනය ද පෙරළා දමා ඇතැයි අඟුලාන පොලීසිය කියයි.
අඟුලාන ශුද්ධ වූ ෆ්‍රැන්සිස් දේවස්ථානයට අද අලුයම ඇතුළු වූ පිරිසක් පූජාසන කරඬුව ද, සුරුවම් දෙකක් ද, පූජාසනය ද පෙරළා දමා ඇතැයි අඟුලාන පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටෙනිසන්.... සත්‍යය වශයෙන්ම ඔබගේ ප්‍රතිචාරය ඉතාමත් අනර්ගයි .මාද එලෙසයි....ගෞරවයෙන් එය මා අගය කරනවා.(ස)
ලංකාවේ ආගම් ජාති භාෂා වශයෙන් ජනතාව භේද කිරීමේ යටිකූට්ටු වැඩපිළිවෙලක් තියනවා. සමහරුන්ට මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කතාව විහිළුවක් වගේ පෙනුනට ඒක ඇත්ත. (නි)
දුෂ්ඨයෝ කැළඹී තිබෙන මුහුදට සමානය, මක්නිසාද ඊට නිශ්චල වන්නට නුපුළුවන .එහි ජලය,මඩ හා කුණු මතු කරයි .දුෂ්ඨයන්ට සමාදානයක් නැත ..(ශු. බයිබලය) අන්‍ය ආගම් වලට ගරු නොකරන තැනැත්තාගෙන් සිය ආගමටද ගෞරවයක් හිමි නොවේ...(ස)
මේක ඉතින් මිනිසුන්ගේ හිත් වලට පෙවූ වස වල ප්‍රතිපලයක් තමා (නි)
මට නම් පේන්නේ කවුරු කළාද කියලා දන්නේ නැතුව බුද්ධාගමට මඩ ගහන්න අරන්. මේක කුමන්ත්‍රණයක්ද කවුද දන්නේ. ක්‍රිස්තියානි ලබ්ධිකයන්ගේ ප්‍රකාශ වලින් ඒක පෙනෙනවා. ක්ෂණිකව පහර ගහන්න උත්සාහ කරනවා. (නි)
කොහොමත් දෙවියන් වහන්සේ කරපු අයට දඬුවම් පමුණුවන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේ සැමටම එක ලෙස ප්‍රේම කරන බැවින්. මේවා අන්තවාදී ජාතිවාදී ආගම විරෝදී ක්‍රියාවක ප්‍රතිපලයක් (නි)
ආගමක් අදහන කෙනෙක් කරපු දෙයක් නොව ආගමක් දන්නේ නැතුව ආගම් විරෝධී වන අයගේ ක්‍රියාවක්. අද අපේ රටට අවශ්‍ය ආගම ධර්මය හොදින් දන්නා මිනිසුන්. ආගම බෞද්ධ වේවා ක්‍රිස්තියානි වේවා ඉස්ලාම් වේවා එම කිසිම ආගමක තව කෙනෙක් හිංසාවට භාජනය කිරීම හෙළ දකිනවා (නි)
මෙවැනි පහත් ක්‍රියා තුලින් රට තවත් අගාදයටයි යන්නේ.(ස)
කුලප්පු වෙච්ච හරක් රැලක් වගේ දැන් මිනිස්සු (නි)
අපි පාසල් යන කාලේ අපිත් එක්ක හිටපු කතෝලික හා මුස්ලිම් යාලුවෝ අපිත් එක්ක එකතුවෙලා වෙසක් කුඩු හැදුව සල්උයන් හැදුව,පල්ලියේ මංගල්ලෙට ,නත්තලට ගවමඩු හැදුව, මුස්ලිම් යාලුවෝ සිකුරාදා පල්ලි ගිහින් පන්ති අත පසු උනාම අපේ සටහන් ටික දුන්නා. මොනතරම් සමගියෙන්ද හිටියේ. කිසිම දවසක අපිට හිතුනේ නැහැ මෙය අනන්‍ය ආගමිකයෙක් කියල. අනේ මන්ද අපේ රටට දැන් මොකද වෙන්නේ කියලා. මට හිතෙන්නේනම් ලෝකය තනි පෞලක් වීමේ ප්‍රතිපල. විද්‍යාත්මක අතින් දියුණු වෙද්දී අද්‍යාත්මික වශයෙන් අගාදයට යනවා .(ස)
අයියෝ සල්ලි
අයියෝ වරුණ , මේවට කියන්නේ ජාතිවාදේ නෙවෙයි ආගම්වාදේ වාදේ. ඔයාගේ මොලේ හොඳයි ඇලේ දාන්න. ඔයත් ඉන්නේ ඔස්ට්‍රලියා වලද ? මොකද එහෙ ඉන්න කට්ටියටත් ටිකක් පැටලෙනවා.(නදී)
මේවා සහගහන අපරාධ.නීතිය කෙසේ වෙතත් අපි අදහන දෙවියන් වහන්සේ මේවට දඬුවම් ලබා දෙනු ඇත. (නි)
නුගත් පව් කරුවන්ට ජේසු කමාවනසේක්වා ! (ස)
දෙවියන් වහන්ස මොවුන් නොදැන කරන වැරදිවලට සමාවුව මැනවි!! ආමෙන්!!(නදී)
බළධාරීන් නිහඬව ඉන්න බව අපි හොදාකාරව දන්නවා (නි)
දෙවියන් වහන්සේ ඇත්ත නම් දින 3ක් ඇතුලත ලොකු දඬුවමක් කරලා පෙන්වන්න ඕනේ. මේවගේ දේවල් කරන්නේ බොර දියේ මාළු බාන්න.(නදී)
අද සිනාසෙන ඔබ හෙට අඩනු ඇත. (නදී)
මීට ඉස්සර මොරටුව කුරුස හන්දියේ කුරුසේ ගලවපු අයට වුන වින්නැහිය අමතක වෙලාද කොහෙද.(ස)
ඇයි පොලිසි ගියේ. අපි ඔවුන්ට අනුකම්පා කරමු.(නදී)
අපිට ලංකාව දාල වෙන රටකට යන්න වෙයි වගේ. නැත්තන් හිතටවත් නිදහසක් නැහැ. ලංකාව දැන් සෝමාලියාව වගේ වෙන්න ලගයි... (නි)
අයියෝ සල්ලි
මේ කරපු අපරාද වලට වන්දි ගෙවන්න වෙයි (නි)
අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ අපේ ආගම රුකගෙන අනිත් ආගම් වලටද ගරු කරමින් ඉදීමට පුරුද්දක් නොමැති කම. මොකද එක එක අය මිනිසුන්ව ගොනාට අන්දවනවා පටු අරමුණූ ඇතිව. එයින් මිනිසුන් උසි ගැන්වෙනවා. මෙයයි තත්වය. මම බෞද්ධයෙක් වශයෙන් මෙවැනි ක්‍රියා හෙලා දකිනවා. අන්‍ය ආගම් වලට ගරු කරන්න. (නදී)
අපේ මුළු ලංකාවම අගාධයට ඇද දමන්න යම් පිරිසක් උත්සහ කරනවා. දේවස්ථානයට සිදු කළ හානිය තරයේ හෙලා දකිමි. (නි)
චතුල වෙරෝනා කොහොමද දන්නේ කවුද කළේ කියලා. ඔයාට කියලද කෙරුවේ? (නි)
ඌරු කොටුවක්වත් තිබිලද?(නදී)
මම දන්නා හැටියට දෙවියන් කියන්නේ පලි ගන්න,කවුරු හෝ නොදැන හෝ නුගත්කමට කරන වරදකට දඬුවම් කරන කෙනෙක් නෙමෙයි. දෙවියන් මිතුරාටත් සතුරාටත් එක ලෙස ආදරය ප්‍රේමය දක්වනවා . එහෙයින් මේ කරපු දෙයට මිනිසුන් හැටියට අපිත් පලි ගන්න යන එක නරක දෙයක්. වරද කළ තැනැත්තා පසුව කළ වරදට පසුතැවිලි වෙනවා (නි)
සුරුවමක් පෙරලලා පල්ලියකට ගහලා මිනිස්සුන් ගේ ඇදහිල්ල විනාශ කරන්න පුලුවන්ද? ක්‍රිස්තුස් වහන්සේව කුරුසේ ඇන ගහලවත් බැරිවෙච්ච එකේ. දෙවියන් වහන්සේ මෝඩයින්ට සමාව දෙන සේක්වා.(නදී)
ඇමතිතුමා පටන් ගත්තද? අත තිබ්බේ නරක තැනට.(නදී)
ඊයේ ඇමතිතුමා ප්‍රවෘත්ති වලින් කියලා පැය 24ක් යන්නත් කලින් කිව්වා දෙය හරි ගිය හැටි පේනවා නේද? මොහුට කේන්දර කියන්නත් පුළුවන් බව කිව්වා.(නදී)
වැරදි දේශපාලනයක් කරලා බලය ලබා ගන්න මාන බලන අයගේ වැඩ. බෞද්ධයෝ හැටියට අපි හෙළා දකිනවා මෙය නැවත නගා සිටුවන්න.(නදී)
ඕක ප්ලෑන් එකක්. (නදී)
කමක් නෑ ඕන සේනාවක් ඔය බලුවෑඩ කරපුදෙන් පලවිපාක වෙලාවට ලෑබෙයි.(නදී)
කුරුණෑගල අතුගලේ බුද්ද ප්‍රතිමාවට ඇසිඩ් ගහන්න කලිනුත් අර උත්තමයත් ඔය වගේම කතාවක් කිවුවා කියල කනින් කොනින් ඇහිලා තියෙනවා නේද ?(නදී)
මේ , අනුන්ට පෙරලන බාල්දි හැටියට මේක පොඩි දෙයක් නේ .(නදී)
අපේ රට ඉතාම භයානක තත්වයක් කරා ඇදෙමින් යන්නේ. ඉතාම කණගාටුදායකයි. (නදී)
මෙවැනි ක්‍රියා අනුමත කරන්න බැහැ, වහාම මේ ගැන පරීක්ෂණයක් කර වරදකරුවන් සොයා දඩුවම් කල යුතුයි.(නදී)
මෙතුමන්ලට පුදුම ඉවක් නේ තියෙන්නේ. බුද්ධිය තමයි.(නදී)
මම හරියටම දන්නේ නැහැ සිද්දිය ගැන. බෞද්ධයෙක් වශයෙන් සිද්ධියට කනගාටුයි.(නදී)
මේක අහවලාගේ වැඩක් නෙමෙයි නම් ජාත්‍යන්තර කුමන්ත්‍රනයක්.(නදී)
මන්ත්‍රී තුමා කිව්වේ මේක බෞද්ධ රටක් නොවේ කියලා නේද?(නදී)
මෙහෙම යුද්ධයකුත් එයි කියලා වීරවංශ ඇමතිතුමා අනතුරු අගවලා දවස් කියද ගියේ. (ස)
කවුරුකලත් වැඩේ කැතයි. (ස)
සතියක් යන්න කලින් කරපු දඩුවම් ලැබේවි.(ස)
30 වසරක යුද්දයන් පසුව විය යුතු යහපත් දේවල් නැතුව මොනවද මේ සිද්දවන අයහපත් දේවල්. (ස)
සමහර අය ආස මෙහෙම දේවල් වෙනවට. බහුතරය කැමති නැත. (ස)
ජාතිවාදය අව්ලුවන්න තමා මේ වලිකන්නේ.(නදී)
දියුණු නැති රටවල් වලේ ආගමික නිදහසත් නැහැ . දියුණු රටවල්වල පන්සල් කඩන්නේ නැහැනේ.(නදී)
දෙවියන් වහන්සේ මේ පාපතරයින්ට සමාව දෙන සේක්වා.(නදී)
ලංකාවේ දැන් වෙන දේවල් බලද්දී ලංකාව අත්හැරලා වෙන කොහේ හරි ගියානම් සැනසීමේ ඉන්න පුළුවන් වෙයි කියා ම සිතනවා දැන් දැන්. (ස)
අනේ අපොයි! (නි)
බුද්ධිමත්ව ක්‍රියා කරන්න. (ස)
පාලකයන් වහසි බස් දොඩමින් සල්ලි තනතුරු පස්සේ දුවද්දී හැම අතින්ම හෙම්බත් උණු මිනිස්සු කර කියා ගත දෙයක් නොමැතිව පිස්සුම කෙළිති. ජාතිවාදයට ආගම්වාදයට ලෙහෙසියෙන් හිස ඔසවන්න පුලුවන්. අනේ අපේ රටට ගිය කලක්.(නදී)
මනුෂ්‍යයා විනාශ කල හැක . නමුත් දෙවියන් වහන්සේ විනාශ කල නොහැක....මේවන් නුගත් මිනිසුන්ට කල හැකි එකම දේ අනුකම්පාවෙන් ඔහුන් දෙස බැලිම පමණි...(ස)