මේ මස අවසන් සතියේදී ආරම්භ වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය සංචාරය සඳහා අජන්ත මෙන්ඩිස් කැඳවා තිබේ.
පාදයේ ආබාධයක් හේතුවෙන් තිලකරත්න ඩිල්ෂාන් මෙම සංචාරයට එක් නොවන අතර ඩිල්ෂාන් වෙනුවෙන් ආරම්භක පිතිකරුවාගේ ස්ථානය සඳහා උපුල් තරංග කැඳවා තිබේ.
ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට එක් වුවද එකම තරගයක් හෝ කී‍්‍රඩා කළ නොහැකිවූ හෙයින් දිල්හාර ලොකුහෙට්ටිගේට කොදෙව් සංචාරයේදීත් අවස්ථාව ලැබී තිබේ. තුන්ඉරියව් කී‍්‍රඩක තිසර පෙරේරාට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ.
බටහිර ඉන්දීය සංචාරය සඳහා නම්කරන ලද ශී‍්‍ර ලංකා කණ්ඩායම
ඇන්ජලෝ මැතිව්ස් (නායක), කුසල් ජනිත් පෙරේරා, උපුල් තරංග, කුමාර් සංගක්කාර මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්, ලසිත් මාලිංග, ෂමින්ද එරංග, නුවන් කුලසේකර, දිල්හාර ලොකුහෙට්ටිගේ, රංගන හේරත්, සචිත‍්‍ර සේනානායක සහ අජන්ත මෙන්ඩිස්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිසරව කපන්නේ ඇයි? කුසල්ට වඩා මට නම් තිසර හොදයි (නි)
මේ පාරත්...කමුකෝ මලේ........මම නම් කියන්නේ ශ්‍රී ලංකා 19 පහල ටීම් එක යවමු... කියල.....කොහොමත් කනවනේ.......අපේ නාකි අය්යල ගෙදර තියල..(අ)
රට ගැන කැක්කුමක් නැති අය.මේක එයාලට තවත් තරඟයක් විතරයි. (ස)
බුදුසරණයි!(නදී)
මාලිංග ඉන්දියාවත් එක්ක ක්‍රීඩා කරන විදිහ ගැන දෙපාරක් හිතන්න වෙනවා. වෙන තරගාවල ගොඩක් හොදට පන්දු යවන මාලිංග ඉන්දියාවට විතරක් මේ විදියට පන්දුයවන එක ගෙන හැම ප්‍රේක්ෂකයෙකුටම ප්‍රශ්නයක්. ඇයි එහෙම වෙන්නේ කියලා අපේ හිත්වලට දැනෙනවා. මේකේ අපි නොදන්න මොකක් හරි රහසක් තියනවා.(නදී)
අජන්තව මේකට ගැලපෙන්නේ නැහැ. (ස)
මේකට කණ්ඩම්බි නම් කරන නැතේ මොකද කියල අපිට ප්‍රශ්නයක්. (ස)
සනත් ලගදීම නම්ල්වත් බස්සි වගේ ..............සුබ අනාගතයක් (අ)
මමත් හිතන්නේ තිසර හිටියනම් හොදයි. මොකද මේ වගේ තරගාවලියකවත් තිසර හරි චන්දිමාල් හරි ඕපන් එකට දන්නා පුළුවන්. අජන්ත ගෙනියන්න තිබුනේ චැම්පියන් ට්‍රොපි එකට. මොකද එහෙ තරග වලටයි අජන්ත ගැලපෙන්නේ. මම නම් හිතන්නේ මේකට එයා හරියන්නේ නැහැ. මොකද ඉන්දියාව මෙයාට හොදට සෙල්ලමි කරනවා.(නදී)
මාර තීරණ කුසල් ඇතුලේ තිසර එළියේ. මේ පාරත් කනවා නැති වෙන්න. ඒ කප් එකත් ඉන්දියාවට තමයි.(නදී)
නරකද සංගක්කරලා මහේලලා ටිකක් රෙස්ට් එකේ තිබ්බා නම්? (නි)
අයි.සී.සී. සෙමි ෆයිනල් එකේ අපි බැට් කරනවා දැකලා එක මහත්තයෙක් කිව්වා මේක මාර ටෙස්ට් මැච් එකක් නේද ඕයි කියලා (නි)
තිසර හින්ද අපි පහුගිය කාලේ ගොඩක් මැච් දිනුවා. ඒත් තිසරව එලියට දැම්මා.තව හැමදාම සංගක්කාර, මහේල, දිල්ෂාන් විතරක් බර කරට අරන් සෙල්ලන් කරන්නේ. ඒගොල්ලෝ ගැහුවේ නැත්තන් මැච් පරදිනවා.... (නි)
අපි ඉතින් හැමදාම බංකුවේ තමා ... (නි)
සමහරුන්ට නම් තාමත් අකුසල් පලදීලා නැහැ වගෙයි පෙනෙන්නේ (නි)
ආපහු සැරයක් ...? (නි)
අනේ මන්දා කව්ද මේ කට්ටියව තෝරන්නේ කියලා. තිසරව කැපුවේ මොකද? කුසල් දිගටම අසමත් නම් ටිකක් නවත්තලා තිසරව ඇතුලට අරන් චන්දිමාල් ඕපන් කලානම් හොදයි කියලා මටනම් හිතෙන්නේ. කොහොම උනත් අපේ අය ඉන්දියාවත් එක්ක ගහපු මැච් එක බැලුවට පස්සේ තාම බඩ දගලනවා අපේ අයගේ බැටින් දැකලා.(නදී)
කාලා එයි.(නදී)