වසර මැදදී සෑම දරුවකුටම අමතර නිල ඇඳුමක් ද, අඩු ආදායම් පාසල් දරුවනට සපත්තු කුට්ටමක් ද, හුදකලා පාසල් දරුවනට ධාන්‍ය, කිරි, බිත්තරවලින් සමන්විත ආහාර වේලක් ද, ලබා දීමට මහින්ද රාජපක්ෂ ජනපති අයවැයෙන් යෝජනා කරයි. ජාතික සංවිධානයේ කේන්ද්‍රස්ථානය බවට ගමේ පංසල, පල්ලිය හා කෝවිල පත් කරන බවත්, විදේශ ආදායම වැඩි වර්ධනය කර රජයේ ණය සීමාව පහත හෙලීමට ද ලබන වසරේ ආර්ථික සංවර්ධනය 8% දක්වා වැඩි කිරීමට ද අදහස් කරන බව ජනපති කීවේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩාක් හොද වැඩක් (දී)
චතුර, හුදකලා පාසල් වල දරුවන් කියන්නේ එක ළමයෙක් විතරක් ඉන්න පාසල්. (නි)
මේකත් පුංචි ළමයි දකින සුරංගනා ලෝක සිහිනයක් තමයි. (නි)
මෙහෙම ගියොත් ගමන් යන එනකොට කෑම බීම දෙන දන්සැලුත් පාර අයිනෙ හදනවා කියයි. (නි)
වටිනවා
පින් සිද්ද වෙන වැඩ
ජාතියේ උපහාරය
විකාර... (නි)
ඒ ළමයින්ට කල උදවුවක්
හුදකලා පාසල් මෙවා තියෙන්නෙ මොන ප‍්‍රදේශයේද? (නු)
විදේශ ආධායම් වැඩිකරන්න යනවලු .එහෙනම් අපේ කාන්තාවන් රට පටවන්නද දන්නේ නෑ හදන්නේ (ස)
පාසැල් දරුවන්ට කිරි දෙන්නේ 2005 ඉදලනේද?අනේ බොරු පොරොන්දු දෙන්නේ නැතිව අර දෙනවා කිව්ව 2500.00 මේ පාරවත් දෙන්න (ස)
අදහස නම් හොදයි ඒත් ඕක හරියට කළොත් හොදයි.. නැත්නම් ඕකෙනුත් හොර කරනවා..!(නු)
ජය වේවා!! ඔබතුමාට බැරිනම් කාටද පුළුවං.. මුරලිගෙ වාර්තා කඩන්න තවම කෙනෙක් බිහිවෙලා නැහැ.. ජනාධිපතිවෙන්න තවම කවුරුවත් නැහැ..(නු)
කතාවනම් දෝලාවෙන් යන්නේ පයිං..!(නු)
ජාතික සංවිධානයේ කේන්ද්‍රස්ථානය බවට ගමේ පංසල, පල්ලිය හා කෝවිල කරනවා කියල තියෙන්නෙ........... මේව දැනටමත් රජයට පක්‍ෂපාතී ආයතන බවට පත්කරගෙන ඉවරයි, මුලින්ම රට පෙරට, ඊට පස්සෙ සුබ අනාගතයක්, මහන්ද චින්තනයේ ඉදිරි දැක්ම, ආසියාවේ ආශ්චර්යය, අද මුල්ගල - අපිව මේවාට තවත් රවට්ටන්න ඉඩ දෙමුද? (නු)
මේවා හරියටම ක්‍රියාත්මක කළොත් හොදයි..දැං අයවැයත් බණ වගේ වෙලා..!(නු)
මේවගේ සීනීබෝල දෙන්නෙ නැතිව රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයන්ට රුපියල් දහ දාහකින් විතර වැටුප් වැඩිකළ යුතුයි..!(නු)