IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


අඩු ලංසු ඉදිරිපත් කරන්න රවී උපදෙස් දුන් බව බැංකු තුනක ලොක්කෝ කියති

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

මහ බැංකු බැඳුම්කර වෙන්දේසි දෙකකදී අඩු ලංසු ඉදිරිපත් කරන ලෙස හිටපු මුදල් ඇමති රවී කරුණානායක තමන්ට දැනුම් දුන් බව ලංකා බැංකුවේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සහ මහජන බැංකුවේ සභාපතිවරුන් තිදෙනා සහ එම බැංකු වල ප‍්‍රධානීන් බැඳුම්කර කොමිසම හමුවේ අද (4) හෙළි කළහ.

රාජ්‍ය බැංකු තුනේ ප‍්‍රධානීන් මුදල් අමාත්‍යංශයට කැඳවා හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා මේ බව තමන්ට දැනුම් දුන්නේ යැයි කී ඔවුහු රවී කරුණානායක මහතාගේ මෙම දැනුම්දීමට අනුව කටයුතු කිරීම හේතුවෙන් රාජ්‍ය බැංකු වලට ලබාගත හැකිව තිබු විශාල ලාභයක් අහිමිව ගිය බවද රාජ්‍ය බැංකු වලට විශාල පාඩු සිදුවු බවද වැඩිදුරටත් දැනුම් දුන්හ.

බැඳුම්කර කොමිසම හමුවට කැඳවනු ලැබු ලංකා බැංකුවේ සභාපති රෝලන්ඞ් පෙරේරා මහතා, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අස්වින් ද සිල්වා මහතා, සහ මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා මෙන්ම එම බැංකු තුනේ නිලධාරීන් මහ බැංකු බැඳුම්කර වෙන්දේසි වලදී හිටපු මුදල්  ඇමති  රවී  කරුණානායක  මහතාගේ මැදිහත්වීම් හෙළි කළහ.



අදහස් (31)

අඩු ලංසු ඉදිරිපත් කරන්න රවී උපදෙස් දුන් බව බැංකු තුනක ලොක්කෝ කියති

mahesh Wednesday, 04 October 2017 01:28 PM

මගේ නම් මතය මේ බැඳුම්කර වංචාව සියලු පාර්ශ්ව එකතුවී මාස්ටර් ප්ලෑන් එකක් අනුව සිදු කර ඇති බවයි. සියල්ලන්ගේම දේපල රාජ සන්තක කල යුතුය.

:       2       446

RaveendraWednesday, 04 October 2017 03:06 PM

මහේෂ් මයා වෙත, ඔබගේ අදහස ඉතා නිවැරදිය. අවසානයේ ලක්වාසී ඔබ අප සියල්ලෝම " ලෝකයේ හොඳම හොරාට හිමි කුසලානය ලබාගත් " අපගේ හොඳම මුදල් හොරා ඇතුළු තක්කඩි රැළට අසුවී හමාරය. අවුරුදු 70 ක් තිස්සේ අපව රැවැට්ටු මෙම අයගෙන් ඉදිරියේ රට වෙනුවෙන් කිසිඳු හොඳක් නොවනු ඇත.

:       319       684

yenuraWednesday, 04 October 2017 03:18 PM

කාටද කියන්න පුළුවන් මිස්ටර් ක්ලීන් ඔතන නැහැ කියලා.

:       343       418

සමන් - ඕමානයThursday, 05 October 2017 07:00 AM

ඒක අහන්නත් දෙයක්ද මල්ලි! ඇයි මතක නැද්ද? අර මහලොකු කොමිසමක් දාලා මේ ගොල්ලන්ගේ සුදුහුණු ගාපු හැටි? කිසිම වැරදි දෙයක් වෙලා නෑ කියලා බෙරිහන් දීපු හැටි? සියලු වගකීම තමන් බාරගන්නවා කිවුව හැටි? දැන් එළිවෙන දේවලින් පැහැදිලි වෙන්නේ මෙයා සෙල්ලමේ මුලටම ඉන්න බව නේද? ලැජ්ජා නහරේ තියනවානම්, වගකීම කියලා අංශු මාත්‍ර හැඟීමක් තියනවානම්, තනතුරෙන් ඉල්ලා අස්වෙන්න ඕනෑ.

:       31       71

LalWednesday, 04 October 2017 03:55 PM

මේ දේශද්‍රෝහීන්ව එල්ලා මැරීම සඳහා එල්ලුම් ගභ නැවතගෙන ආ යුතුයි.

:       116       192

ටී.රජින්ද Wednesday, 04 October 2017 02:32 PM

රට මොනතරම් මුලාවක තියලා මේ යහපාලනය කියා ගන්නා ආණ්ඩුවේම මැක්කෝ ටික පොදු ජනතාවගේ මුදල් කොයි තරම්නම් උරා බොන්න ඇතිද? වැරදි කාරයෝ පෙනී පෙනී ඉඳලත් අල්ලන්නේ නැහැ. මෙහෙම රටක වසලා මොකටද කියලයි හිතෙන්නෙම....

:       267       355

සමන් - ඕමානයThursday, 05 October 2017 06:51 AM

ඉහළම තැන ඉඳන් මේකට හවුල් කියලා ජනතාවට පැහැදිලියි නේද? එක පන්තියේ හිටිය නිසා හා ඡන්ද ව්‍යාපාරයට මුදල් දුන්න නිසා රටේ පුරවැසියෙක් වත් නොවන ලෝක හොරෙක් ගෙන්නා ගෙන ඉහළම තනතුරක් දුන්නා. මිනිහා තමන්ගේ බෑනා එක්ක එකතු වෙලා රටේ සල්ලි හූරා කැවා. ආසියාවේ (හොරකමට) දක්ෂතම මුදල් ඇමතියා ඒකට උදවු දීලා ලුණු බිකක් සහ ඉන්න ගෙවල් හම්බ කරගත්තා. තව තව දේවල් කාට කාට ගියාද කියලා තාම හොයලා නෑ. අනේ අපේ රටට ගිය කල! නියම යහ පාලනය! ඉස්සරහට මුන් රංචුව තව මොනවා කරයිද?

:       3       6

SAMJAY Wednesday, 04 October 2017 02:38 PM

කොහොමද රවී හෝරාව බැඳුම්කරෙන් දැනේ නේද? මේ කෙනා කලින් ආණ්ඩුව ගසා කෑ ඒවා අල්ලන්න ඇවිල්ල මේ වැඩත් හොරකලා. වහාම මෙයට නඩු දාලා දඬුවම් කරන්න. අයියෝ බලාගෙන යනකොට හොරුන්ගෙත් හොරු කම්බ හොරු කියන්නේ මේවට තමයි. කලිසමක් ඇඳගෙන ඉන්න පුළුවන්ද මේ කරලා තියන හෙන ගහන ජාතික අපරදෙට... ලැජ්ජයි දැන් ඉතින්...

:       539       619

rocky Wednesday, 04 October 2017 02:40 PM

ආසියාවේ ශ්‍රේෂ්ඨතම මුදල් ඇමති අපේ රටේ බැංකු වලට කෙළවු හැටි මෙයින් හෙළිවේ !

:       236       326

RaveendraWednesday, 04 October 2017 03:26 PM

රොකී මයා වෙත, ඔබ විසින් අප මවුබසෙහි ඇති වැදගත් වූ වචනයකට නිග්‍රහ කොට ඇතිබව කණගාටුවෙන් සදහන් කිරීමට කැමැත්තමු.එම වචනය (ශ්‍රේෂ්ඨතම) වෙනුවට වඩාත්ම සුදුසු වචනය වනුයේ "තුප්පහි " හෝ "අවලන්" යන්න බව කාරුණිකව දන්වමු.

:       309       562

සමන් - Omaanaya Wednesday, 04 October 2017 02:46 PM

හෝ හෝ හෝ ! ඔය එළි වෙන්නේ ඔක්කොම බලවත්තු එකතු වෙලා නටපු තොවිල් ටික. අපුරු යහ පාලන නායකයෝ! අන්තිමේදී බලනකොට් මේ ගොල්ලොත් රට හූරා කාපු එක තමයි කරලා තියෙන්නේ.

:       107       197

Thilina Wednesday, 04 October 2017 03:31 PM

මේකෙන් කිසිම කෙනෙකුට දඬුවම් ලැබෙන්නේ නැහැ කියලා හොඳට මතක තියාගන්න.. මේවා එසේ මෙසේ සැලසුම් නෙමෙයි හාමු මහත්තයත් එකතු වෙලා කරපු දේවල් ..

:       262       394

LapayaWednesday, 04 October 2017 04:28 PM

හාමු මහත්තයා හෙට ජර්මන් යනවා අපිට පොරොන්දු වෙච්ච ෆොක්ස්වැගන් කොම්පැනිය ගේන්න. ආවට පස්සේ මහා බැංකුවත් චීනෙට අවුරුදු 200 කට බදු දෙනවා. කොහොමද අපේ ආර්ථික මොලේ?. ඇයි කන්න වගේ බලන්නේ පේන්නේ අලයක් වගේද? බලනවා නම් 2025 වෙන කල් බලන් ඉන්න. ඔයාලනේ ඡන්දේ දුන්නේ.

:       430       518

RaveendraThursday, 05 October 2017 01:58 AM

උන්දැ එහෙ යන්නේ උන්නැහේට පිරිනැමෙන " ලෝකයේ තම රට පාවාදීමේ පළමු ස්ථානය" සඳහා වූ "අසුචි කුසලානය " ලබාගැනීමට බැවින් කරුණාකර එය අප රටට රැගෙන එනවිට හැකිතාක් දුරට උත්සව පැවැත්වීමට උදවු කරන මෙන් ඉල්ලා සිටිමි.

:       6       95

අප්පුහාමිට පිස්සු Wednesday, 04 October 2017 04:04 PM

රවී මහත්තයා හැමදාම කිව්වේ මම යහපාලනය වෙනුවෙන් එදා සිටම පෙනී සිටිය කෙනෙක් කියලා. මට හිතෙන්නේ මේ බැංකු ලොක්කෝ බොරු කියනවා.

:       1       35

Lal Wednesday, 04 October 2017 04:13 PM

පළමු බැඳුම්කර වංචාව වුණේ 2015 පෙබරවාරි 27දී... එතකොට එජාපෙට තිබුණේ ජනාධිපති පත්කළ ආණ්ඩුව අර දවස් 100 ආණ්ඩුව... ඒක ආණ්ඩු බලයක් අරගෙන මාස 1 1/2යි. මහදවාලේ මේ අපරාධය කළේ.... මොහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකිරීම සඳහා ජාතික උද්ඝෝෂණ පැවැත්විය යුතුය.

:       155       232

CHANDA Wednesday, 04 October 2017 07:01 PM

"ඉගුරු දී මිරිස් ගත්ත" ලංකාවේ අම්බාරුවෝ....

:       1       5

siri Wednesday, 04 October 2017 07:52 PM

කාගේ කාගේත් හෙළුව ප්‍රදර්ශනය වෙමින් තිබේ.එත් කවදද ඔවුන්ට දඩුවම් දෙන්නේ?මේ ටික කාලෙට මෙච්චර විපත් ලග කල යමපලනය ඉදිරි ටික කාලේදී මුළු රටම විකුණගෙන කන බව නම් සිකුරුයි.

:       1       7

lalin Thursday, 05 October 2017 01:35 AM

මිට වඩා සාක්ෂි මොකටද ? අපරාධ නීතිය යටතේ වහාම අත්අඩංගුවට ගන්න බැරිද?

:       0       2

Rohana Thursday, 05 October 2017 02:44 AM

රවි ඇතුළු සියලුදෙනාට විරුද්දව අධි චෝදනා ඉදිරිපත් කිරීම. මුදල් නැවත ලබාගැනීමට කට යුතු කලයුතුය . සියල්ලන්ගේම දේපල රාජ සන්තක කල යුතුය. කඩිනම් කරන්න. මෙවැනි හොරකම් නොකිරීමට ඉදිරියට ආදර්ශයක් දිය යුතුය .

:       0       20

de silva Thursday, 05 October 2017 02:48 AM

දැනට අවරුදු 3 කට ඉස්සෙල්ල ව්‍යාපාරික සහ නිවාස ණය සඳහා පොලි අනුපාතය තිබුනේ 9 % වැනි ප්‍රමාණයක....දැනට පොලි අනුපාතය 16-17 % වැනි ප්‍රමාණයකට ඉහළ ගිහින් තිබෙන්නේ මේ හොරකම නිසා , රටේ ආර්ථිකය පසුබෑමකට ලක්වීමට මේක බලපෑවා.....කරුණාකර මේ හොරු ටික අත්අඩංගුවට අරන් නඩු පවරන්න.....

:       0       7

Suranimala Thursday, 05 October 2017 04:07 AM

වෙන්දේසියේ අඩු මිලට ඉල්ලන්න කියලා ඕනෑම ලොක්කෙක් තමන්ගේ ගෝලයින්ට කියන බව මේ අයට තේරෙන්නේ නැද්ද?. වැඩි මිලට ඉල්ලන්න කිව්වනම් තව මොනවා කියයිද.

:       1       1

DonThursday, 05 October 2017 09:26 AM

වෙන්දේසි කියන්නේ මහත්තයෝ කට්ටියව කැඳවල වැඩියෙන්ම ඉල්ලන කෙනාට දෙන ක්‍රමයයි .අඩුවෙන් ඉල්ලන කෙනාට පස්සේ හිතෙනවා එතනට ගිය එකත් පාඩුයි කියල ..ටෙන්ඩරේ තමයි අඩුම මිල දාන කෙනා හොඳනම් චාන්ස් එක තියෙන්නේ ..

:       0       4

emerson Thursday, 05 October 2017 04:46 AM

අප්පුහාමිට මෙයාට මහත්තයා කියල කියන්නම ඕනනම් මුලට 'හොර' කියල දාන්න

:       0       10

සරත් Thursday, 05 October 2017 05:12 AM

සාමාන්‍ය අහිංසක මිනිස්සුන්ට වාහන ලීසිං වලට ණය වලට අසාධාරණ ගිණි පොළියක් ගෙවන්න වෙලා තියෙන්නෙ රවියගෙ මේ ජාවාරම නිසා. මුන්ට හෙණ ගහල මදි.කවදහරි පනුවො ගහල මැරෙන්නෙ.පොල් ගහන්න දෙයක් නෑ. මිනිස්සුන්ගෙ සාපෙ ඇති.

:       0       6

සරත් Thursday, 05 October 2017 05:12 AM

සාමාන්‍ය අහිංසක මිනිස්සුන්ට වාහන ලීසිං වලට ණය වලට අසාධාරණ ගිණි පොළියක් ගෙවන්න වෙලා තියෙන්නෙ රවියගේ මේ ජාවාරම නිසා. මුන්ට හෙණ ගහල මදි.කවදහරි පනුවො ගහල මැරෙන්නෙ.පොල් ගහන්න දෙයක් නෑ.මිනිස්සුන්ගෙ සාපෙ ඇති.

:       0       4

chinta Thursday, 05 October 2017 05:27 AM

මේ දේශ ද්‍රෝහිි මහා වංචාව හෙළිවී හමාරයි... දැන් මොහු අත්අඩංගුවට ගන්න ඇයි පරක්කු....පස්සේ මිනිස්සු මුගේ ගෙට ගල් ගැහුවම උන්ව අල්ලන්න නම් තදියම තියේවි.....මේ නීච හොරා අතඩංගුවටගැනීම උගේ පරිස්සමටම හොඳය....

:       0       10

srimala Thursday, 05 October 2017 06:02 AM

යහපාලන ඇමතිවරු මෙවැනි විශාල වංචාවන්ට සම්බන්ධ බව දැන් ඉතා පැහැදිලියි , නමුත් පුදුමේ කියන්නේ ඒකාබද්ද සහ රාජපක්ෂලා සුදනන් සේ මේවා ගැන කෑගහන එකයි. ඔවුන් මීටත් වැඩ සිය ගුණයකින් රට කාපු බව අමතක වෙලා . දෙගොල්ලොම ඩීල් දාගෙන රට කනවා .

:       5       1

Don Thursday, 05 October 2017 09:20 AM

නීතියට අනුව මේ සභාපතිවරු 3 දෙනා කරලා තියෙන්නේ ඇති විශාල වරදක් .. වංචාවකට සහය දීමට මුදල් ඇමතිගේ කීමට අනුව රාජ්‍ය ආයතන 3 කට ලබාගත හැකි ලාබය වෙනත් පුද්ගලික ආයතනයකට යන්නට සැලැස්වීම .. අනිවාර්යෙන්ම අලෝසියස්ගෙන් මේ සභාපතිවරු 3 දෙනාටත් ලොකු ගානක් අනිවාර්යෙන්ම ලැබිල තියෙන්න ඕන .. ඒක ස්ථිරයි .. මේ 3 දෙනා කරලා තියෙන්නේ බරපතල වංචාවක් ... දැමිය හැකි ලන්සුව නොදමා මුදල් ඇමතිගේ කීමට අඩු ලන්සුවක් දමා රජයේ ආයතන 3 කට ලබාගත හැකි ලාබයක් වෙනත් පුද්ගලික ආයතනයකට යන්නට සැලසීම .. මෝඩ කමට මුදල් ඇමතිව පාවාදෙන්න කිවුවට වරද මුදල් ඇමති පමණක් අතේ නෙමෙයි .. වංචාවට මුදල් ඇමති සහ මේ 3 දෙනාත් හවුල් වෙලා බව මේ කතාවෙන්ම ඔප්පු වෙලා ඉවරයි ..

:       0       14

සෙනෙවි Friday, 06 October 2017 06:30 AM

ඇයි මොවුන්ව වහාම හිර භාරයට ගන්නෙ නැත්තේ ?

:       0       0

bamunu Sunday, 08 October 2017 05:39 AM

පාදඩ දේශපාලකයන් කියන දේ කළොත් තමන් නසී නොකලොත් අඹුදරුවන් නසී. මේ සභාපතිවරු තිදෙනා කර තිබෙන්නේ කාලෝචිත වැඩක්. එම ඇමැති කියන දේ කරන්න බැහැ කියා බැංකු සභාපතිවරු අස් වුණොත් මේ ඇමතිගේ උපදෙස් භයානක කම බැංකුවලට වුණු පාඩුව රට දැන ගන්නේ නැත. එසේම ඇමති කරන්න පුළුවන් සභාපතිවරු දමා ඔහුගේ වැඩේ කර ගන්නයි. දැන් ජනතාවට තිබෙන්නේ ඉලක්කය බලා ගල් ගැසීමය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලංකාව ඩොලර් ලක්ෂ 13 ක එජා සාමාජික ගාස්තුව ගෙවයි
2025 අප්‍රේල් මස 20 256 0

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්


බද්ද ගැන කතා කරන්න මුදල් නියෝජ්‍ය ඇමති ඇමරිකාවට
2025 අප්‍රේල් මස 20 197 0

එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය


පානදුරාවාදයේ ලේඛන හතරක් ලෝක උරුම ලේඛන අතරට
2025 අප්‍රේල් මස 20 70 0

මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ


චයිනා හාබර් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි
2025 අප්‍රේල් මස 20 499 0

මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා



සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 710 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site