ශ්රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රතිසන්ධාන වැඩපිළිවෙළ මේ මස අවසානයේදී ආරම්භ කරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
නව සාමාජික හැඳුනුම් කාඞ්පතක් හඳුන්වාදීමට පියවර ගන්නා බව ද කී අමාත්‍යවරයා ප‍්‍රතිසන්ධාන වැඩපිළිවෙළ යටතේ තරුණ හා කාන්තා සමිති පිහිටුවීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් ලබන මස සිට ශාඛා සමිති පිහිටුවීම හා සම්මන්ත‍්‍රණ පැවැත්වීම ආරම්භ කරන බවත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තාවකාලික පැවැත්ම සදහා හැමදාම කියන කතා තමයි. කවද හෝ වැටුනම එල්ලෙන්නේ තමන් විසින්ම විවේචනය කළ අයගේ කරේම නොවේද (බ)
අපිට මහන්සියි. හැමදාම අලුත් පක්ෂ හදන එකයි, තියෙන පක්ෂ ප්‍රතිසංවිධානය කරන එකයි අහලාම ඇතිවෙලා. හැමදාම වචන ටික වෙනස්වෙන එක විතරයි. සාමාන්‍ය ජනයාගේ මනුෂ්‍ය ක්‍රියාකාරකම් වල ගුණයක් ඇතිවෙන ක්‍රමයක් හදලා දෙන්න. (නි)
අතේ වැඩපිළිවෙල අතේම පත්තුවෙලා තියෙන්නේ දැන්. එ්කයි ඔය දඟලන්නේ කාඩ් බදාගෙන. (නි)
චානක, කණ්ණාඩියක් ළඟට ගියාට මොකුත්ම පෙනෙන්නේ නැහැ. මොකද දැන් කණ්ණාඩිය හොඳට කලුවෙලා. පෙන්නේම නැහැ මොකුත්ම. දැන් අනාගතය හොඳටම අඳුරුවෙලා පෙනෙන්නේ. (නි)
මෙහෙම ගියොත් නම් ඉතින් රටේ මිනිසුන්ට අබ සරණයි තමයි! (නි)
මතක තියාගන්න, ඔයාලා අද ඔතන ඉන්නේ මහින්ද මහත්තය හින්දා. නැඟපු ඉනිමඟට පයින් ගහලා විසිකරපු අයට කවදාවත් හරියන්නේ නැහැ (නි)
එන්නේ බලාගෙනයි හොඳේ කාඩ් බෙදන්න! (නි)
ජනවරමට එරෙහිව වැඩකරලා කොහොමද ශ්‍රීලනිපයක් හදන්නේ? (නි)
අලියාට දෙන එකේ සහ ඔබතුමාලාට ඡන්දෙ දෙන එකේ වෙනසක් නැති හින්දා වෙන බලවේගයකට ඡන්දෙ දෙන්න අපි තීරණය කරලා තියෙන්නේ (නි)
ජයන්ත මහත්තයෝ, කණ්ණාඩියක් ළඟට ගිහිල්ල බැලුවනම් සමුපකාර ඡන්දෙන් මොකද වුනේ කියල පෙනෙයි ! (බ)
අනේ මහත්තයෝ, ඕකේ කොහෙද ශ්‍රීලනිප ජනවරමක් තියෙන අය ඉන්නේ? ජනවරමට පයින් ගහලා හෙන්චයියන් (ජනතාව එපා කියපු) අය දමාගෙන පක්ෂය අලි නැට්ටේ එල්ලිලා ගියාට අනාගතයක් නැහැ. (නි)
ප්‍රතිසංවිධාන කරලා වැඩක් වෙයිද? මියගිය පක්ෂයකට මොන ප්‍රතිසංවිධානද? (නි)
පක්ෂ බදාගෙන දුවපු කාලේ ඉවරයි මහත්තයෝ. ඡන්දෙ තියලා බලන්න පුලුවන්නම්. මිනිස්සු පක්ෂය හෝදලම යවයි (නි)
හොඳම ප්‍රතිසංවිධානය තමයි ජාතික ලැයිස්තුවෙන් ගත් පැරදුන අය ඉවත් කරන එක (නි)
ගොඩක් මහන්සි වෙන්න එපා ඇමතිතුමනි. නිකන් ඡන්දයක් තියන්නකෝ. අපරාදේ ඔය හැඳුනුම්පත් වලට සල්ලි වියදම් කරන්න එපා. දැන් ඔය සමූපකාර ඡන්දෙන් පෙනෙන්නේ වැඩේ කොහොමද කියලා. (නි)
ඡන්දෙ තියන්න අපි අපේ වැඩපිළිවෙළ පෙන්වන්නම්. එතකොට තේරෙයි (බ)
අපි නම් ඒකට බැඳෙයි. බලාගෙන ඉන්න. (බ)
ඉතුරු ටිකත් පක්ෂයෙන් යවාගන්නද ...(බ)
මෙච්චර කාලයක් සාමාජික හැඳුනුම්පත් නොතිබුණු නිසයි පක්ෂය ප්‍රතිසංවිධානය නොවී ඇත්තේ (බ)
පක්ෂයේ කුණු වලින් ජනවාරි ජනවරම ගඳ ගස්සන වැඩ නම් කරන්න එපා (නි)
වැඩපිළිවෙල අලුත් වුණාට ඉන්න ඔක්කොම පරණ දුෂිත අයම නේද? වරින්වර මේ වගේ ප්‍රතිසංවිධාන කොයිතරම් කරන්න ඇද්ද? ඒ වුණාට වැඩක් වෙලා තියෙනවද? පරණ බෝතල් වලට අලුත් ලේබල් අලවනවා වගේ වැඩක් නේද? (නි)