IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අතට වැඩ එනකම් බලන් ඉන්නෙ නෑ...

JFP_5842-copy-NEW

JFP_5842-NEW-02

12316077_1516142095349509_5077793571483114

 

0101 මොනවද මේරියන්ස්ලගේ අලුත් තොරතුරැ?
අලුත් තොරතුරැ කිව්වම අලුත් වැඩනෙ නේද? අලුත් වැඩ විදිහට නම් මුකුත් නැහැ. අපි කරපු වැඩ එළියට දාන්න තමයි දැන් තියෙන්නෙ. 


0101 අලුත් ඇල්බම් එකක් කරන්න එහෙම සූදානමක් නැද්ද?

ඔව් ඇත්තටම අපි ලබන අවුරැද්දේ මුල් කාර්තුවේදී අලුත් ඇල්බම් එකක් එළියට දාන්න හිතන් ඉන්නවා. අවුරැදු දහයකට පස්සෙයි අපි අපේ ඇල්බම් එකක් නිකුත් කරන්නෙ. ඒ කටයුතුවලට දැන් ලකලෑස්ති වෙමින් ඉන්නවා. දැන් ඒකට හොඳටම කාලවේලාව ඇවිල්ලා.


0101 අවුරැදු දහයක් කියන්නෙ සෑහෙන ලොකු කාලයක්නෙ. ඇයි එච්චර කල් ඇල්බම් එකක් කරන්න බැරිවුණේ?

එකම හේතුව තමා කණ්ඩායමේ කාර්යබහුලත්වය. අපි මේරියන්ස් Unplugged සංගීත ප්‍රසංග මාලාව 2006දි පටන්ගත්තයින් පස්සෙ එකදිගටම කාරයබහුල වුණා. විදේශ රටවල ප්‍රසංගත් විශාල වශයෙන් පැවැත්වුණා. කාලවේලාව හොයාගන්න තිබ්බ ප්‍රශ්නෙ නිසාම තමයි ඇල්බම් එකක් කරන්න බැරිවුණේ.


0101 අලුත් ඇල්බම් එකෙන් අලුත් වෙනස්කම් ඉදිරිපත් කරනවද?JFP_8081

සංගීතය කියන දේ අපිට ලැබිලා ඉවරයිනෙ. ඉතින් අපේ නිර්මාණ ශක්තියෙන් වෙනස් වෙනස් පැතිවලට යන්න උත්සාහ කරනවා. විශේෂයෙන් ගීත මාතෘකා ගැන අපි වැඩි සැළකිල්ලක් දක්වනවා. මොකද අපේ සංගීත කණ්ඩායමේ ඉන්න හැමදෙනෙක්ම දැන් පියවරැ. ඉතින් වෙනදට වඩා බැරූරැම්ව වගකීම් සහිතව නිර්මාණ කරන්න තමයි බලන්නෙ. අනික අපි නිකම්ම නිකම් සංගීතකාරයො නෙමේ. වගකීමක් තියෙන සංගීත ශිල්පීන්. 


0101 අවුරැදු දහයකට පස්සෙ අලුත් ඇල්බම් එක එන්නෙ. එහෙම වෙලත් ජනප්‍රියත්වය පවතින්න හේතුව මොකක්ද?

ජනප්‍රියත්වයට හේතුව තමා අපේ කළමනාකාරීත්වය. කණ්ඩායම් නායකයා ලෙස මට කණ්ඩායම ගැන දැක්මක් තියෙනවා. එහෙම දැක්මක් නැත්නම් මට කණ්ඩායම් නායකයෙක් වෙන්නත් බැහැ. උදේ දවල් රූ තිස්සෙ මම කණ්ඩායමේ පැවැත්ම ගැන හිතන කෙනෙක්. නිකම් ෂෝ බුකින් එකක් ගෙරදට එනකම් මම බලන් ඉන්නෙ නෑ. ගී ගැයීම තිබ්බත් හොඳම ශිල්පීන් හිටියත් හරි පාරට යන්න දැක්මක් නැත්නම් අපිට මෙච්චර දුර එන්න බැහැ. 


0101 නායකයා විදිහට කණ්ඩායමේ ගෝලයෝ ගැන මොකද කියන්න තියෙන්නෙ?

අපරාදෙ කියන්න බෑ අපේ කණ්ඩායමේ බොහොම හොඳ ශිල්පීන් ටිකක් ඉන්නෙ. ක්‍රිකට් භාෂාවෙන් කිව්වොත් හොඳම බැට්ස්මන්ලා ටිකක් තමා මාත් එක්ක ටීම් එකේ ඉන්නෙ. එයාලා ගහන එක ෂොට් එකක්වත් බවුන්ඩ්‍රි ලයින් එකෙන් මෙහා නතර වෙන්නෙ නෑ. අන්න ඒ වගේ දක්ෂයො ටිකක්. 


0101 දැන් මේරියන්ස්ට වයස කීයද?

දැන් අවුරැදු 27ක්. අපි 1988 තමා පටන්ගත්තෙ. 


0101 ගෙවුණු අවුරැදු 27දි මේරියන්ස් කරපු හොඳම සහ කැමැතිම වැඩේ මොකක්ද කියල ඇහුවොත්?

අපි කණ්ඩායමක් විදිහට එකට වැඩ කරපු එක තමා වටිනාම දේ. හැබැයි 2006දි unplugged කියන ශෛලිය හඳුන්වා දෙන්න ගත්තු තීරණය බොහොම විශේෂයි. අපිට සංගීත කණ්ඩායමක් ලෙස ඉදිරියට එන්නත් ගොඩක් හේතුවුණා. ඒක ලංකාවටත් අලුත් සංගීත සංස්කෘතියක් ගෙන ඒමක්. 


0101 Unplugged ප්‍රසංග දැන් කීයක් විතර පවත්වලා තියෙනවද?

ම්ම් ගණන් කරලා නම් නෑ. ලංකාවෙයි පිටරටයි කරපු ප්‍රසංග ඔක්කොම බැලුවම සීයකට වඩා කරලා ඇති. අපි unplugged පටන් අරන් ලබන අවුරැද්දෙ ජනවාරිවලට අවුරැදු දහය පිරෙන හින්දා ලොකුවට වැඩක් කරන්න හිතන් ඉන්නවා. ඒ ගැනත් දැන් සැලසුම් හදාගෙන යනවා.


0101 මේරියන්ස් සංගීත කණ්ඩායමේ අනන්‍යතාවය නලින් පෙරේරාද?

JFP_6629

මම හැමතිස්සෙම මේරියන්ස් කිව්වොත් නලින් පෙරේරා, නලින් පෙරේරා කිව්වොත් මේරියන්ස් විදිහට තමයි පවත්වාගන්නෙ. අනික මේරියන්ස් කියන රහ හැමතිස්සෙම රුකගන්න මම උත්සාහ කරනවා. කොයි රටට ගියත් KFC එකම රහනෙ. මේරියන්ස්ලා තව අවුරැදු කීයක් හිටියත් අපේ රහ ඒ විදිහටම තියේවි. 


0101 එදා දැක්ක හීන දැන් ඉටුවෙලා ඉවරයිද?

මම එදා දැකපු හීන නම් සේරම වගේ ළං කරගෙන තියෙනවා. හැබැයි මේ හීන දැකිල්ලෙ ඉවරයක් නැහැ. තව හීන අලුත් හීන දකිනවා. අනික පුරවැසියෙක් විදිහට මම සමාජය දිහා දරැ පවුල් ගැන දකින මානය වෙනස්. මමත් බොහොම දරැණු අත්දැකීමක් අත්විඳලා ජයගත් කෙනෙක්. ඒ නිසා පවුල් සංස්ථාව සම්බන්ධව මම ඉගෙන ගත්ත දේවල් බෙදාගන්න මමත් බිරිඳත් සූදානමින් ඉන්නවා.


0101 මේරියන්ස් කණ්ඩායම තුළ තවත් ගායකයෙක්ට මතුවෙන්න ඉඩක් නැද්ද?

එහෙම නැහැ. මම ඉන්දැද්දි ශිවන්ත ප්‍රනාන්දු ගායනය පැත්තෙන් ලොකු සේවයක් කරනවා. ඒ වගේම රෝසා, දිලීප, චමින්ද හැමෝගෙම ගායන කුසලතා අපි පාවිච්චි කරනවා. හරියට ගත්තොත් එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න අපි හැමෝම ප්‍රසංගවලදි ගීත ගායනා කරනවා. මට එහෙම පෙරේතකමක් නැහැ. 


0101 ඉස්සරහට ඔබේ දුවට හෝ පුතාටත් මේරියන්ස් තුළ ඉඩක් තියේවිද?

මම එයාලට ඒ සම්බන්ධයෙන් කිසිම බලකිරීමක් කරන්නෙ නැහැ. මොකද මට කවදාවත් මගේ මව්පියන්ගෙන් සංගීතය කරන්න කියලා බලකිරීමක් තිබ්බෙ නෑ. පුතාට නම් මෑත ඉඳන් ගිටාර් පිස්සුවක් ගහල තියෙනවා. හැබැයි සංගීතය කරන්න නම් ඇම්ම ඕන. මම මේ ටික කරගත්තෙ මගේ ඇම්ම නිසයි. එයාටත් ඇම්මක් ආවොත් කරපුවාවෙ. 


0101 ඉදිරි දවස් කිහිපයේ මේරියන්ස්ලගෙ ප්‍රසංග මොනවද කියලත් මතක් කළොත්?

ලබන 20 වැනිද හවස ක්ලැරන්ස් unplugged ප්‍රසංගය මියිසුයස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී තියෙනවා. ඒ වගේම දෙසැම්බර් 31 රූ මේරියන්ස් හා ජිප්සීස් එකතු වෙලා හොඳ වැඩක් කරන්නයි ඉන්නෙ. ඒක හොඳ රාත්‍රියක් වේවි. 


 - රජිත - 

JFP_7995



අදහස් (0)

අතට වැඩ එනකම් බලන් ඉන්නෙ නෑ...

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 620 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4144 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2566 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 242 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1322 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1437 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 27708 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23556 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 401 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site