IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අතුරුගිරිය සිද්ධිය කත රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

(කේ. බුද්ධික කුමාරසිරි)

අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා මනුෂය ඝාතන දෙකක් හා සිවු දෙනකුට තුවාල කිරීමට අදාලව අත් අඩංගුවට ගත් සැකකාරියක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස පොලිසිය කළ ඉල්ලීමට කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් ඩී.ජී.පී. කරුණාරත්න මහතා අවසර ලබාදුන්නේය.  

අතුරුගිරිය පොලිසියේ නිළධාරීන් විසින් සැකකාරිය වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරමින් මෙම සැකකාරිය පැය 48 ක කාළයක් රදවා ගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ඉල්ලා සිටින ලදී.

මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද්දේ වයස අවුරුදු 21 වනඅඹගහ වත්ත පොල්වතුමෝදර මිරිස්ස යන ලිපිනයේ පදිංචිකාරියකි.

මෙම සැකකාරිය හෙරොයින් නඩුවක් සදහා මාතර බන්ධනාගාරයේ සිරගතව සිටිව අබේසිංහ ලියන ආරච්චිගේ අසංක ප්‍රියශාන් (24) යන මෙම තම ස්වාමි පුරැෂයාගේ ඉල්ලීම මත ඔහුගේ මිතුරෙකු සමග එකතුවී අතුරැගිරිය ගල්පොත්ත පාරේ පිහිටි නිවසක් කුලී පදනම මත අපරාධයට දින 02 කට පෙර ලබාගෙන අපරාධ කරුවන් වෙත නවාතැන් පහසුකම් සැපයීම හා ඒ වෙනුවෙන් විදේශගතව සිටින ලොකු පැටි යන අයගෙන් ලැබුනු ලක්ෂ 40ක මුදල යොදවා ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් මිලදීගෙන සැකකරුවන් රැගෙන ඒමට හා පලා යාමට අවශය සහය ලබා දී ආධාර අනුබල දී ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිසිය විසින් අධිකරණය හමුවේ කරුණු දක්වන ලදී.

 



අදහස් (0)

අතුරුගිරිය සිද්ධිය කත රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 816 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 1738 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1642 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 410 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 671 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 489 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36822 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24317 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 563 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 232 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site