උදාරි වයස කීය ද?
අවුරුදු 22යි.
|
|
|
|
ගම කොහේ ද?
කොටහේන.
ලග්නය කිව්වොත්?
වෘශ්චික.
පාසල් ගියේ?
කොළඹ 7, මියුසියස් විදුහලට.
පවුලේ විස්තර.?
අම්මා, තාත්තා, නංගී, මල්ලී.
සරසවි ජීවිතය කොහොමද දැන්නෙන්නේ?
හරිම සුන්දරයි.
රැග් එක එහෙම ලැබුණෙ නැද්ද?
ඕක ඉතින් අහන්නත් දෙයක්යැ.
රැග් එක නිසා ගොඩාක් අපහසුතාවලට එහෙමත් මුහුණ දුන්නා ද?
එහෙමම නැහැ. මට නම් ඒක සුන්දර අත්දැකීමක්.
රැග් එකේ දී වෙච්ච වැඩක් ගැන මතක් කළොත්?
එක දවසක් ළමයි කට්ටියක් ඇවිත් මට නටන්න කීවා. අඩි පහක්xහයක් විතර ඈතින් පිරිමි ළමයින් කට්ටිය වට වෙලා හිටියෙ. සමහරු කැමරා කරන විදියටත්, තවත් අය ලයිට් ගහන විදියටත් හිටියා. මට එක පාරටම හිනා ගියා. ඒක අවාසියට හිටියා. ඒ පාර මම ෆුල් සීරියස් වුණා. හිනාව කාගෙන වැඬේ කළා. පස්සෙ, වේග රිද්ම ගීතයකට ස්ලෝ ඩාන්ස් එකක් දාන්න කීවා. මම ඒකත් කළා. එයාලා කියපු දේ කළ හන්දා දරුණු රැගක් මට ලැබුණෙ නැහැ. දැන් අපි හොඳ යාළුවෝ.
සරසවි යන නිසා ඔබ ටිකක් ආඩම්බරයෙන් ඉන්නෙ කියන්නෙ ඇත්ත ද?
කොහෙත්ම නැහැ.
එහෙම නම් මොන වගේ කෙනෙක් කියල ද හිතන්නෙ?
පිරිසිදු හදවතක් ඇති අවංක අසාධාරණයට අකැමැති, සැහැල්ලූවෙන්, විනෝදයෙන්, හිනා වෙලා ඉන්න කැමැති කෙනෙක්. හැකි විදියට මිනිස්සුන්ට උදව් කරන්නත් කැමැති කෙනෙක්. සතුන්ට ගොඩාක්ම ආදරෙයි.
රඟපෑමට ආවේ ලස්සනයි කියලා හැමෝම කියන නිසාලූ නේද?
නැහැ, ඒක එහෙම නෙවෙයි වුණේ.
එහෙම නම්, කොහොම ද ඒක සිද්ධ වුණේ?
මුලින්ම මම පුවත්පත් පිට කවර ඡායාරූපයකට පෙනී හිටියා. ඒවා දැකලා මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබුණා. ඒත් එක්කම මෝස්තර නිරූපණයෙත් යෙදෙන්න පටන් ගත්තා. ජානක සිරිවර්ධන මහත්මයා තමයි මුලින්ම රඟපෑමට ආරාධනා කළේ. අම්මයි-තාත්තයි එක්ක ගිහින් තිර පරීක්‍ෂණයට පෙනී හිටියා. පස්සේ තමයි දැන ගත්තෙ ගැහැනු ළමුන් දාහක් අතරින් මේ චරිතයට මා තෝරා ගත්ත බව.
සරසවි සිසුවියක ලෙස ඔබ රඟපෑමට යන විට ගෙදර අය කැමැත්ත දුන්න ද?
ඇත්තටම අපේ පරපුරේ කවුරුවත් රඟපාලා තිබුණේ නැහැ. තාත්තා කරන්නෙත් ව්‍යාපාරික කටයුතු. කොහොම වුණත් අත්තම්මා නාට්‍යයේ පළමු වැනි දර්ශනය රඟපාන්න තිබුණෙ දුලීකා මාරපන ශිල්පිනිය සමගයි. එයා දැක්කම මට පුදුම සතුටක් ඇති වුණේ.
ඇයි ඒ?
ඇත්තටම දුලීකා අක්කා කියන්නෙ රංග පාසලක් වගේ කෙනෙක්. මම කැමැතිම රංග ශිල්පිනියන්ගෙන් කෙනෙක්. ඒ සතුටට මාව වෙව්ලන්න වගේ වුණා.
සමහරු පළමු දර්ශනය කරන්න ගියාම හොඳටම බය වෙනවලූ. ඒ නිසා කීප වතාවක්ම එය කරන්න වෙනවා. ඔබ කොහොම ද පළමු වැනි දර්ශනයට මුහුණ දුන්නේ?
පළමු වැනි දවසේ ඇත්තටම ඔක්කෝම හරිම වෙනස්. එයාලා කතා කරන භාෂාව පවා වෙනස්.
භාෂාව වෙනස් කිව්ව?
මෙහෙමයි, ටෙලි නාට්‍යයක් කිරීමේ දී තාක්‍ෂණික වචන හුවමාරු වෙනවා. ඉතින් ඒ ටික ගැන මුලින්ම දැන ගත්තා. මට මුලින්ම තිබුණෙ යසා ආත්තම්මා (දුලීකා) එක්ක දෙබස් කියන දර්ශනයක්. මේකේ පහක් විතර අරගෙන හය වැනි එක හොඳයි කීවා.
මේ විදියට අවස්ථාවක් ගැනීම වෙනුවෙන් ඔබට මුහුණ දෙන්න සිදුවූ දේවල් තියෙනවා ද?
කාගේවත් බලපෑම් නම් එල්ල වුණේ නැහැ. අත්තම්මා ටෙලි නාට්‍යයට සම්බන්ධ සියලූම දෙනාගෙන් ලැබුණෙ ලොකු ගෞරවයක් වගේම ලොකු සහයෝගයක්. ඒකට මම ගරු කරන්නම ඕනෑ.
ඔයාගේ පෙම්වතා කැමැති ද ඔබ රඟපානවාට?
එහෙම කෙනෙක් ඉන්න එපායැ.
නළුවන්ගෙන් එහෙම යෝජනා ඇවිත් නැද්ද?
ම්ම්.... ම්.... නැත්තේමත් නැහැ.
මිනි ගවුමට ගොඩාක් ආසයි ද?
විලාසිතා කරන්න ආසයි. චරිතයට හානියක් නොවන විදියට විලාසිතා කිරීම ප‍්‍රශ්නයක් නොවෙයි. ඕනෑම කෙනෙකුට බාහිරින් බලලා ඕනෑම දෙයක් කියන්න පුළුවනි. මොකද අද පුටුවක වාඩි වෙලා හිටියත් කට කතා හැදෙන හදන ටේරන්ඞ් එකක් තියෙන්නෙ.
ඔබගෙ කැමැති දේවල් ගැනත් කිව්වොත්?
නිරෝෂා සහ සමිතාගෙ ගීත අහන්නත්, අතුල අධිකාරිගේ ගීතවලටත් ගොඩාක් කැමැතියි. මෙතෙක් නැරඹූ චිත‍්‍රපට අතරින් ”පුරහඳ කළුවර”, ”නිකිණි වැස්ස”, ”සමනළ සංධ්වනියට” කැමැතියි. විජය නන්දසිරි සහ දුලීකා මාරපන ප‍්‍රියතම නළු නිළි දෙපොළයි.
හැඩ ගැන්වීම: රසන්දි සිංහරාජ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය විදියට ඇදගෙන පුටුවක වාඩි උනොත් නං දරුවෝ, කතා හැදෙන එක අහන්න දෙයක්ද
අපොයි ඔව්, අපේ ගොඩක් දෙනෙකුට කටකතා හැදිලා තියෙන්නේ පුටුවේ වාඩිවෙලා ඉදල තමයි. (අ)
අද කාටද කටකතා නොකියන්නේ? (නි)
පුටුවක හරි කොතැනක හරි,හරියට වාඩි වුනොත් ඔය කියන කට කතා හැදෙන්න විදිහක් නම් නෑ.(නදී)
මම ඔබට කැමතියි සහෝදරිය. ලස්සන පින්තූරයක්.(නදී)
මාළනී පොන්සේකා ලගට ගියා නම් ටිකක් ඉගෙනගන්න පුලුවන්.(නදී)
ඒ කතාවනම් හරියටම හරි, නමුත් ඒ අපි වැරදි විදිහට පුටුවේ වාඩි උනොත් තමයි (දී)
එහෙනම් හිටගෙන ඉන්න.(නදී)
ඇත්තටම කියනවා නම් අපේ මිනිස්සු තාමත් හණමිටියි. මනුස්සයෙක් උනාම අලුත් විදියට හිතලා, ලස්සනට ඇඳලා, ලස්සනට ඉන්න ඕනේ. දැන් කලේ කෙල්ලෙක් කොටට අන්දම, මේක් අප් කරාම අපේ සමහර නොදියුණු මිනිස්සුන්ට ඒක කුණුහරපෙටමයි පෙනෙන්නේ. මන් හිතන්නේ ඒක වෙන්නැති අපේ රටේ දූෂණත් වැඩි. ඒක නිසා හැමදේම වැරදි ඇහෙන් බලන්න එපා, මිනිස්සු විලාසිතා නොකර සත්තු කරන්නද? ඒවගේම සහෝදරිය, ඔබ තුමිය ඔය කියපු විදියටම රංගන ශේස්ත්‍රයේ ඉන්න උත්සහ කරන්න. මොකද හැමෝම කියාගෙන එන්නේ එහෙමනේ. ඒත් ඒක 95% ක්ම විශ්වාස කරන්න අමාරුයි. මොකද ඕක බොහෝ දුරට කෙළවර වෙන්නේ පාපයෙන් නිසා. උදහරනත් ඕනෑතරම්. කොහොමහරි ඔයාගේ සියලු වැඩවලට සුබපතනවා.! ජය වේවා. (නදී)
සුභ පැතුම්! (නදී)
ළමයෝ ඔය රඟපෑම් කලකදී නවතිනවා. අනාගතයේ ආදායම් මාර්ගයක් හදා ගැනීමට අධ්‍යාපනයක් කළොත් හොඳයි නේද?? (ස)
වාඩි වෙලා ඉන්න ආකාරය අනුව කට කතා හැදෙන්නත් බැරි නෑ.(නදී)
මේ ළමයා තවත් ලස්සනයි මේක් අප් නොකර හිටියා නම්.(නදී)
මේකප්වලට කරන වියදම කළමනාකරණය කරගන්න. (අ)
සෑහෙන මේකප් පාවිච්චි කරනවා වගේ.(දිල්)
අනේ දුවේ අපිට ඔබව පෙනෙන්නේ නැහැ ඔබ ඉන්නේ මේකප් තට්ටුවට පිටිපස්සෙන් නිසා. පිංතුර නොදා කතාව විතරක් දැම්මා නම් පංකාදුයි.(නදී)
අනේ ශිවන්දි ඔහොම මිනිස්සුන්ගේ මුනට දමල ගහනවා වගේ කතාකරන්න ඔයාට මනුස්සකමක් නැද්ද? ඕකත් ලස්සනට කියන්න පුළුවන් විදි තියනවනේ බලන්න ලසන්ත.(නදී)
මෙහෙම ඇඳගෙන පුටුවක වාඩි වුනොත් ඉතිං කොහොමත් කතා හැදෙයි.(නදී)
කළමනාකරණ පීඨයෙන් උපාධිය දිනා බැංකුවක හෝ ලොකු සමාගමක ඉහළ රස්සාවකට යන්න. ඒ අතරේ රඟපාන්න. (ස)
මිනි ගවුම හොඳයි. අඳින්න නුපුරුදු සාරි පටලාගෙන ගිහින් පැටලිලා වැටුනොත් හෝ සාරිය ලිහුනොත් ඔයාටමනේ කරදරේ. මේකප් ගැන බනින අය දැක්කේ නැද්ද ලිපිය අවසානේ ඇති "හැඩ ගැන්වීම: රසන්දි සිංහරාජ" කියන කොටස? මේකප් වැඩිනම් වරද රසන්දිගේ නේද? උදාරිට බැනලා වැඩක් නැහැ නේද? (නදී)
මේකප් චුට්ටක් වැඩියි. චාම් විදිහ ඔයාට ගොඩක් ගැලපෙනවා. සුභ අනාගතයක්.(නදී)
මේකප් වැඩියි දැක්කාම අප්පරියයි (අ)
ඇත්තටම ඇයි මේ කාන්තාවන් මෙච්චර මේක් අප් පාවිච්චි කරන්නේ වැඩි ලස්සනක් ගන්න. සාමන්‍ය විදියට හිටියොත් මිනිස්සු නොබලන නිසාද? අනේ මන්දා.(නදී)
ඉදිරිය හොදට හිටියොත් හරි .. (ත)
අනේ මන්ද මටත් නම් මුහුණේ වෙනමම තට්ටුවක් පේනවා. කොහොම උනත් කමක් නැ දුවේ, ඔය ටෙලි නාට්‍ය ය කලාව ඉතින් දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග වගේ තමයි. ඒ වගේම මොඩ්ලින් කරන වෙලාවට ඒක කරන්න. අනික් වෙලාවට වැදගත් විදියට අදින්න. පළදින්න. බාහිරින් තීරණය කරන්න එපා කීවට ඔහොම ගියොත් බාල පරම්පරාව මොනවා අදීවිද? අධ්‍යාපනයට තැන දෙන්න. සුභ අනාගතයකට ආසිරි පතනවා.(නදී)
මේක් අප් නැතුව හිටියා නම් ලස්සනයි.(නදී)
අනේ නංගි අපි බලමුකෝ කොච්චරකල් ඉදි ද කියල හොදට.. (ත)
අනේ මන්ද මට නම් කිසිම ලස්සනක් නැහැ.(ත)