මීට දින විසි පහකට ඉහතදී කොළඹ වරායේ සී.එෆ්.එස් 1 ගුදමේ ගින්නට හේතු වූ රසායනික ද්‍රව්‍ය ගෙන්වූ සමාගමේ අධ්‍යක්ෂවරු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.
ගින්නෙන් රුපියල් කෝටි හැටකට අධික අලාභයක් සිදු විය.
ගින්න හට ගන්නා අවස්ථාවේ 411 දෙනකුගේ භාණ්ඩ ගුදමේ තැන්පත් කර තිබිණි.
ගිනි ගන්නා සුළු අන්තරායකර රසායනික ද්‍රව්‍යයක් බව දැන ඒ සම්බන්ධයෙන් ලිපි ගොනු ඉදිරිපත් නොකර මෙම රසායනික ද්‍රව්‍යය ගුදමේ තැන්පත් කර ඇතැයි පරීක්ෂණවලදී හෙලි විය.
කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනිල් රේගුවේ වගකීම පටන්ගන්නේ රේගු බඩු ගෙවලා භාණ්ඩ නිෂ්කාශනය කරන්න ආපු තැන සිටයි. මේ බඩු තවම වරාය බාරයේ තියෙන්නේ. වරාය බඩු කෑල්ලෙන් කෑල්ල බලන්න විදිහක් ප්‍රායෝගිකව නැහැ. ඔවුන් බලන්නේ ආනයන ලියවිලි අනුවයි. ආනයන ලියවිලිවල බොරු ලියන එක බොහෝවිට ආනයනකරුගේ අනුදැනුම මත වාප්පු ලිපිකරු විසින් කරන දෙයක්. පළපුරුදු කපටි වාප්පු ලිපිකරුවෝ රේගු බදූ අඩුකිරීම සඳහා අඩු වටිනාකම් යොදනවා. "ස්ප්‍රීතු" වෙනුවට "තීන්ත" වගේ බොරු නමක් දෙනවා. කොහොම නමුත් ආනයනකරු මේ බොරුවලටත් වගකිව යුතුයි. හැබැයි බොරුව නිසා ඇතිවන අතුරු විපාකවලට (මෙතෙන්දි වුනා වගේ) ඔවුන් කොයිතරම් වගකිවයුතුද කියන කරුණ අධිකරණයට බාරයි. (නි)
රකිත් ඔබ හරියටම හරි (අ)
ගින්නක් නම් ඉතින් ජේ.වී .පී. එකේ වැඩක් නේ ..සුවර් එකට මේ දෙන්න ජේ .වී.පී එකේ තමයි.(නදී)
උපාලි, හරි විදියට කරුණු පහදලා දුන්නට ඔබට ස්තුතියි (නි)
හේතුව හොයාගන්න ගිය කල්? (නි)
ඡන්දෙකුත් ලංගම එනවා . (අ)
සුනිල්,ගෙනා එක නොවේ ප්‍රශ්නේ. ගෙනා දේ ගැන බොරු තොරතුරු දීම තමා වරද. ඔයා ගෙදරට බඩු ගේනකොට සීනි කියලා ලුණු ගෙනත් දුන්නොත් මොකද වෙන්නේ? රේගුව වුනත් සියලුම දේ හැම තිස්සෙම පරීක්ෂා කරන්නේ නැහැ. ගුවන්තොටුපලේ වුනත් සැක අයගෙන් තමා බොහෝවිට ප්‍රශ්න කරන්නේ. නීත්‍යනුකුලව යන වැඩි දෙනාට ඉන් කරදරයක් නැහැ. හැම කෙනාම 100% පරීක්ෂා කිරීම ප්‍රායෝගික නැහැ, ඒ වගේම අනවශ්‍ය හිරිහැරයක් (නි)
එතකොට අපේ වරායට එන බඩු කිසිම පරීක්ෂාවකින් තොරවද ගුදම්වල ගබඩා කරන්නේ? කවුරු හරි බෝම්බයක් පාර්සල් කරලා එව්වොත් දෙයියන්ගේම පිහිටයිනේ. පිට රට ඉන්න කොටි දැන ගත්තා නම් කොහොමද වැඩේ? (නි)
අසත්‍ය තොරතුරු සැපයීම හේතුකොටගෙන සිදුවන රේගු බදු වංචාවට මොවුන් වරද කරුවන් වගේම එසේ කිරීම නිසා උද්ගතවන මෙවැනි අතුරු විපාක වලටත් ආනයන කරුවන් වගකිවයුතුයි. අත්ලස් ලබා හෝ නොගෙන එහෙත් දැනුවත්ව ඊට සහයෝගය දෙන වාප්පු ලිපිකරුවන් ඇතුළු වෙනත් සේවකයන් හා/හෝ නිලධාරීන්ද උක්ත වැරදි වලට වක්‍රාකාරව වැරදිකරුවන් බැවින් ඔවුන්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කල යුතුයි. ඊට අතිරේඛව රාජ්‍ය සේවකයන්ට එරෙහිව ආයතන මට්ටමෙන් පරීක්ෂණයක්ද පැවැත්විය යුතුයි.(නදී)
ඕකත් එක්තරා නාට්‍යක් පමණයි. හෙට අනිද්දා වෙනකොට රස පරික්ෂකටයි නීතිපති ගාවටයි උපදෙස් ගන්න ගියාම වැඩේ ඉවරයි.(නදී)
මගේ අම්මෝ ශාන්ත, ඔයා ගිහින් තියෙන දුර!(නි)
බයවෙන්න එපා.......හෙට නිදහස් කරනු ඇත .(අ).
රේගුවේ වගකීම අනුන් පිට පටවන්න එපා. මව්බිමට ජය ශ්‍රී! (නි)
එතකොට තැන් තුනකින් ගින්න ඇතිවුනේ කොහොමද? ඒ හැමතැනම මේ රසායනය තියලා තිබුනද? කෝටි 500 ක අලාභයක් කියලා නේද කලින් කිවුවේ?මේවට උත්තර ටිකක් පරක්කු වෙයි නේද? දැන් හේතුව හොයා ගත්තා වගේ (නි)
ලෝකෙම ඔට්ටු අල්ලන්නෙත් ඉන්දියා වලට. පහුගිය දවස්වල සොබාදහමත් අපේ පැත්තේ (නි)
වෙච්ච පාඩුව ගෙවනවද ඔය දෙන්න,,,,,,,,,,,,, (ස)
හෙට ලක්ෂයක ඇප දීලා ගෙදර අරියි.(නදී)
මේ දෙන්නා එයාලගේ ගෙදර වැඩකටද ඔය රසායනික ද්‍රව්‍ය ආනයනය කිරල තියෙන්නේ?. ඔය කොම්පැනියෙන් අලාභය අය කරගත්තොත් බටහිරෙන් ඉර පායාවී. (නදී)
අනේ මෙහෙමත් විකාර! මේ දේවල් ලංකාවට ගෙන්නන්න තහනම් කියල කතාවක් තිබුනද? ඒවා රේගුවෙන් ගෙනියනකල් ඒවා බලාගන්න එක රේගුවේ වගකීම නේද? කැකිල්ලේ රජ්ජුරුවෝ අද හිටියනම් බෙල්ලේ වැල දා ගෙන පන නහගන්නවා ෂුවර්.(නදී)
අනේ පව් අහිංසකයෝ දෙන්න. (අ)
හි හි හි හතර හිනා.........(අ)
කෝටි 60 කට වැඩි අලාබය අදාල සමාගමෙන් අයකරගන්න.(නදී)