ළමා නිළියක මෙන්ම ළමා නිවේදිකාවක ලෙස කලාවට පිවිසි ඇය, සිය අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තාවකාලිකව කලාව අත්හැර නැවතත් ක්ෂේත්රයට පැමිණ සිටියි. නිමාශා සෙව්වන්දි වැන්ඩොර්ට් නම් ඇය, ඇගේ ඉදිරි කලා කටයුතු අප සමග පැවසුවේ මෙලෙසිනි.
ඔයාගේ නම් කිව්වොත්?
රැකියාවක් කරනවාද? ඉගෙන ගන්නවාද?
නැහැ. මම තාම ඉගෙන ගන්නවා. කැලණි විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම හදාරනවා.
මොන විෂය සම්බන්ධයෙන්ද?
ශාස්ත්‍රවේදී උපාධිය හදාරන්නේ
එතකොට නිරූපණය කරන්නේ?
විනෝදාංශයක් විදිහට
අධ්‍යාපන කටයුතු එක්ක නිරූපණය බාධාවක් නෙවෙයිද?
නැහැ. මං වෙලාව තියෙන විදිහට තමයි මේ දේවල් කරන්නේ. අධ්‍යාපන කටයුතුවලට තමා මුල්තැන දීලා තියෙන්නේ.
ඉහළ අධ්‍යාපන මට්ටමක ඉද්දි ගෙවල්වලින් අකමැත්තක් නැද්ද මේ දේවල් කරනවට?
ඇත්තටම තාත්තා නම් චුට්ටක්වත් කැමති නැහැ. ඒත් අම්මා මගේ ළඟින්ම ඉඳන් මේ දේවල්වලට උදව් කරනවා. මොකද මං ක්ෂේත්රයට ආවේ ළමා නිළියක් සහ නිවේදිකාවක් විදිහට පුංචි කාලේ.
ඒ ගැන කිව්වොත්?
මං වයස අවුරුදු 11දී තමා ළමා නිවේදිකාවක් විදිහට ටීවී චැනල් එකේ කටයුතු කළේ. ඊට පස්සේ ‘සපිරිවැර ටෙලි’ නාට්‍ය එකේ මාලනී ෆොන්සේකා මහත්මියගේ ළමා කාලය නිරූපණය කරන්න මට අවස්ථාව ලැබුණා.
දැන් රංගනයෙන් සහ නිවේදනයෙන් ඈත් වෙලාද ඉන්නේ?
ඔව්. අධ්‍යාපන කටයුතු එක්ක මේ දේවල් කරනවට තාත්තා කැමති වුණේ නැහැ. ඒ නිසා කාලයක්ම මේ දේවල්වලින් ඈත් වෙලා හිටියා. දැනට මාස 08කට විතර කලින් ඉමේෂ් අයියා හරහා නැවතත් නිරූපණ ක්ෂේත්රයට මං යොමුවුණා.
ඉදිරියේදී රංගනයට සහ නිවේදනය එකතු වෙන්න ආසාවක් තියෙනවාද?
රංගනයට නම් වැඩි කැමැත්තක් නැහැ. නිවේදනයට යොමුවෙන්න ආසාවක් තියෙනවා. ඒ සඳහා ඉදිරියේදී පුහුණු වීම් කරන්න බලාපොරොත්තු වෙනවා. නිරූපණය ක්ෂේත්රයට තුළ හෙමින් ගමනක් යනවා.
ඉදිරි කටයුතු ගැන කිව්වොත්?
නිරූපණ ක්ෂේත්රය තුළ වැඩ කටයුතු කිහිපයක් ඉදිරියේදී තියෙනවා. මේ දවස්වල උපාධියේ වැඩවලට වැඩිපුරම කාලය වෙන් කරලා තියෙන්නේ. ඊට අමතරව මම වෙළෙඳ දැන්වීමක් සඳහා දායක වුණා. ඒ සම්පත් බැංකුවේ. ඒකත් ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයි.
කවුරු හරි මතක් කරන්න පිරිසක් ඇති නේද?
ඔව් මගේ අම්මා, තාත්තා, නංගිව මතක් කරන්න ඕනේ. ඒ වගේම බුද්ධික අයියා, ඉමේෂා අයියා, ෂාන් අයියා, ඉෂාන් අයියා, චතුර රමේෂ් අයියවත් නිරූපණය ක්ෂේත්රයේ මගේ යාළුවෝ හැමෝමවත් මතක් කරන්න ඕනේ.
ඩිලාන් ක්‍රිෂාන්ත
ඡායාරූප - ඩිල්ෂාන් ජයසිංහ ( 0775256180 / 0712341429)
රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම ක
හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි
දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත
ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.
පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරක් තුළ සිදුකල පරීක්ෂණයකදී පිළිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත් දෙනකු රෝහල් ගත කළ බව පානදුර මූලික රෝහල් ආරංච
ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අධ්‍යාපන කටයුතු සමගින් කලාව ඉදිරියට කරගෙන යනවා