නිකවැරටිය උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක් බාරව සිටි අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධරියකු සිය ගෝලයින් දෙදෙනාද සමඟ හොදටම මත් පැන්බී නිදා සිටි බවත් නිලධරයා අවදිකරවා ගැනීමට සෑහෙන වේලාවක් ගත වු බවත් එම මධ්‍යස්ථාන හදිසියේ පරීක්ෂාවට ලක් කළ වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ ජී එන් තිලකරත්න මහතා කියයි.
එම පිරිසට එරෙහිව විනයානුකූල පියවර ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය සේවයේ මැතිවරණ රාජකාරි, විභාග රාජකාරි කටයුතු වල යෙදෙන රාජ්‍ය නිලධාරීන් මේවා සාමාන්‍යයෙන් කරන දේවල්. කරුමෙට මෙයා මට්ටු උනා. සමහරවිට අල්ලපු මිනිස්සුත් කාලෙකට ඉස්සර මේවාම කරන්න ඇති. නීතියෙන් වැරදි උනත් ඔහුන්ට මේවා ඉතාම සාමාන්‍ය දේවල්. (දී)
ප්‍රයිඩ් රයිස් කාලා, බීලා, චණ්ඩි පාට් පුරුදු වෙන්නේ මොනවගේ දේවල් කරන්න ගියාමද කියලා අපි දන්නවා (නි)
මතට තිතද, තිතට මතද ආශ්චර්ය මාවතේ.... ? (නි)
ඒ මහත්තුරුන්ට සැප සේ නිදා ගන්න ඉඩ නොදී ඇහැරවපු එක බලවත් වරදක්. ඔවුන්ගේ මානව අයිතිවාසිකම් කඩ කිරීමක්. (නදී)
දැන් ලංකාවේ ඕවා හැම තැනම කෙරෙන දේවල් බීලා නිදාගන්නේ නැතුව උඩ පැන පැන ඉන්නද කියන්නේ. ඕක තමයි මහත් වරුණේ ආශ්චර්යය කියන්නේ. (නදී)
අධ්‍යාපනේ ඉහලම ඇත්තෝ සිසු දරුවන්ට කතාකරන්නේ බීපු මිනිස්සු වගේ හරියට සත්තු කියල හිතාගෙනනේ. ඉතින් කපුවා හිටගෙන කරන වැඩේ, ගෝලයෝ දුව දුව කෙරුවට කාරී නැහැයි කියනවා නේ. (නදී)
ස්ථාන මාරුවක් දීලා වැඩේ ඉවරයක් කරලාදාන්න.(අ)
අනේ ඕක මහා ලොකුවට ගන්න එපා, රටට මොන තරම් සේවයක් කරන මිනිස්සුද, ඇමතිලා වගේ සැප ගන්න අය නොවෙයිනේ, මිනීමරන, කුඩු විකුණනඅයට වඩා මේ දුප්පත් රජයේ සේවකයෝ හොද නැතිද, රට අපායක් වෙලා ඒවාට පිළියම් හොයන්නේ නෑ, මිනීමරුවන් හා, කුඩු කාරයෝ පිරුන රටක් ලංකාව. (අ)
මුළු රටේම විනය පිරිහිලා තියෙනකොට මේ මනුස්සයගෙන් විතරක් අපිට සාන්තුවරයෙක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ? එහෙමනම් ඉහල ඉඳන් පහලට එනකම් පටන් ගනිමු නේද? (අ)
සමහරවිට ඊළඟ දවසේ ප්‍රශ්න පත්‍රය මද්‍යසාර පිළිබඳව වෙන්න ඇති. (අ)
පේරාදෙණිය පැත්තේ විදුහලකත් විදුහල්පති තුමා පාසල් කාල වෙලාවේදී මත් පැන් පනය කරනවා ඉන් පසුව හසු වන සියලුම ළමියින්ට බැන වදිනවා. (නදී)
වගකීම රහිතව කටයුතු කරන නිලධාරියෙක් කල වැරද්දක් වගකීම නිසි ලෙස ඉටු කරන නිලධාරියෙක්ට අසුවෙලා. මේ කෙනුත් දේශපාලන වාසි ගන්න බලන තරමටම තව කට්ටියක් බංකොලොත් වෙලා. (නදී)
බීලා හිටි බව ඔප්පු කරන්න රජයේ රෝහලක දොස්තර කෙනෙකුට පෙන්නුවාද? මොකද සමහර බෙහෙත් බිව්වහමත් නින්ද යනවා. (නි)
මේවාට නිසි පරීක්ෂණ නොගත්තොත් රටට අනාගතයක් නැතිවෙනවා සිකුරුයි (දී)
කොල්ලන්ට රජ මගුල් ඇති (දී)
ළමයින්ගේ අනාගතය තීරණය කරන විභාගයේ පරීක්ෂක වරුන්ගේ හැසිරීම (දී)
ගත යුතු එකම විනයානුකුල පියවර මොවුන්ගෙන් යැපෙන දරුවන් නැතිනම් විශ්‍රාම වැටුපද හැකි තරම් කප්පාදු කර සේවයෙන් ඉවත් කිරීමයි .මේ මේ සෙල්ලම් කරන්නේ ජාතියේ අනාගතය සමගයි (දී)
කලා නිධි හොඳටම කාල බීල නිදි (අ)
ඔහොම කට්ටියම නිදියාගෙන වෙරි හිඳිලා නැගිට්ට ගමන් ප්‍රශ්න පත්‍ර වෙනුවට මොනවා බෙදාවිද දන්නේ නැහැ . (දී)
ළමයින්ටත් බොන්න දුන්නනම් හරිනේ. ..නියමයි. (දී)
කලා නිධි හොඳට කාල බීල නිදි (අ)
පාසල් සිසුන්ට මේක හොඳ ආදර්ශයක් (නි)
මේ මනුස්සයාගේ දින චර්යාව වෙන්න ඇති මේක. (නදී)
විනයානුකූල පියවර ගන්න (නි)
අනේ අපේ රාජ්‍ය සේවය! (නි)
සමන්, එහෙනම් වෙන රටකින් නිලධාරීන් ගෙන්නන්න වෙයිද දන්නෙ නැහැ (නි)
අනේ..අපි නොදන්න ඔය ගොල්ලො ගන්නා මහලොකු විනයානුකූල පියවර...එහෙම කලානම් කී දෙනෙකුඅ දඬුවම් දෙන්න වෙයිද දන්නේ නැහැ.(අ)
විභාග හා ඡන්ද මධ්‍යස්ථානත් දෙකම එක වගේ.(අ)
අනාගත පරපුරට දෙවියන්ගේම පිහිටයි,....ඇමති තුමාට ජයවේවා ,(අ)
අවදිකරන්න ආපු අය මත් පැන්බී හිටියේ නැද්ද?(අ)
මතට තිත ..ආශ්චර්ය (අ)
දැන් රටේ නීතිය විනය ඇත්තෙම නැහැ.ජනාදිපතිතුමාට මේ අයත් එක්ක අධ්‍යපනය කරන්න බැහැ. (අ)
අවදි වන් අවදි වන්න දීප්තිමත දිනකි උද වෙලා තියෙන්නේ (අ)
ගෙදරදී ලැබෙන්නේ නැති අවස්ථාව පිටදී ගත්තට.... ගත්ත තැන නම් හොඳ නෑ ලොක්කෝ රාජකාරිය මෙහෙම වුණාට ..බටා පාර පරක්කු වුණොත් .රොත්ත පිටින් පිකටින් ටින්ටින් ...රටේ දරුවන්ට ...දෙයියංගෙම පිහිටයි..(අ).
බොන අයට මෙහෙම වගකිමක් ඇති වැඩ දෙන්න එපා (නි)
මතට තිත පාඩම ඉගෙනගන්න හදන්න ඇති (නි)
මහන්සියට පොඩ්ඩක් ගන්න ඇති. ඕක උදේ වෙනකොට බැහැලා යයි (නි)
කොහොම වුණත් "කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ්‍රාහ්මනෝ" කෝ මේ අර තප්පුලන්නේ නැති අය කොහෙද ඉන්නේ? (නි)
හොඳටම නිදාගෙනනේ ඉඳලා තියෙන්නේ. පවු! ඇයි අවදිකළේ? (නි)
මෙන්න නියම ශ්‍රී ලාංකික රජයේ සේවකයා. (නි)
පව්! රැකියාව නම් නැතිකරන්න එපා. මේ රටේ කොපමණ දුෂණ වංචා කරනවද? (නි)
අහෝ රටකට ගිය කලක්! ලංකාවේ අධ්‍යාපනයට බුදු සරණයි!! (නි)
ගොඩක් මිනිස්සු බොනවා. පෙන්නන්නේ හරි ලොකු දෙයක් වගේ. රාජකාරියට යන හැටි පේනවනේ. ඒ අතරේ සාද වලදී අපිටත් ආරාධනා කරනවා " රෙඩ් වයින් ටිකක් ගත්තම මොකද වෙන්නේ කියලා". අපි දැනගන්න ඕනෑ මේ සෝබන වලින් ගැළවෙන්න. (නි)
අනේ අනිච්චං! (නි)
දැන් මේ අධ්‍යාපන සේවයේ පත්වීම් ලබාගෙන ඉන්නේ මොන සුදුසුකම් ඇති අයද කියලා පේනවානේ. වැඩි දේවල් නෙමෙයි, බොන නොබොන තැන දන්නා මිනිස්සු ටිකක්වත් මේ වැඩ රාජකාරි වලට සම්බන්ධ කර ගන්නේ නැහැ. (නි)