ගුණාත්මකභාවය රැකගනිමින් සැමට සමානව අධ්‍යාපන අයිතිය ලැබෙන පරිදි මෙරට ප්‍රාථමික අධ්‍යාපනයට ස්ථිරසාර විසදුමක් ලබාගැනීම සඳහා යෝජනාවක් ජනාධිපතිට ලබා දීමට බලාපොරොත්තු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.
ලොව දියුණු රටවල වෛද්‍යවරුන්ගෙන් ගුණාත්මක සේවයක් ලබා ගැනීමට අධික පිරිවැයක් දැරුවද ලංකාවේ එම අභියෝගය වෛද්‍යවරුන්ගේ මූලික ගැටළු කිහිපයකට පමණක් විසදුම් ලබා දෙමින් බුද්ධිමත්ව ජයගෙන ඇති බව එම සංගමය පවසයි.
වෛද්‍යවරු දිරිගැන්වීමෙන් එහි ප්‍රතිලාභ ලබන්නේ රටේ රෝගී ජනතාව බව එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තර මහත්වරුන්ගේ යෝජනවානම් හරිම හොදයි. ලොව දියුණු රටවල වෛද්‍යවරු බිහිවීමට එම වෛද්‍යවරු තම අධ්‍යාපනය වෙනුවෙන් තම ධනය වියදම් කරන අතර ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් බදු මුදලින් බිහිවේ. විශ්මයනම් ඔව්න් ගුණාත්මක සේවයක් ලබා දීමට පෞද්ගලික රෝහල් කරා එකකින් එකකට මාරුවෙමින් යන අතර බදුමුදලින් යැපෙන නිදහස් අධ්‍යාපනයේ ඉහලම අවථාස්ද තම දරුවන් වෙනුවෙන්ම ඉල්ලා හඩ නැගීමයි.... (ර)
ඔය කියන්න හදනවා ඇත්තේ වෛද්‍ය වරුන්ට පමණක් හොඳට සලකන්න කියල වෙන්න ඇති. අපි නොදන්න වෛද්‍ය සංගමය. (ර)
ඔයගොල්ල බුද්දිමත් වෘතිකයන් පිරිසක් හැටියට මීට වඩා බුද්දිමත් මැදිහත්වීමක් වීමක් කරමින් සාදාරන විදිහට රට ගැනත් රටේ සන්වර්දනය ගැනත් හිතමින් වැඩ කලයුතු කාලයකි මේ. (ර)
හරියට සල්ලි දීලා ඉගෙනගත්ත වගේ කතාව වෙන රටවල් වගේ... ඔය ඉගෙනගත්ත හෑම කෙනෙක්ම මහජන මුදලින් නෙමේද ඉගෙන ගත්තේ දුප්පත් හිගන්නගේ පවා බදු මුදලින්... (ර)
රජයේ විශ්වවිද්‍යාලවලින් ෆ්‍රී ඉගෙනගෙන මේගොල්ලෝ දෙන ලොකු කතා දැක්කහම අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න ඕනි කියලා මට හිතෙනවා, අධ්‍යාපනය සැමට සමාන වෙන්න ඕනිනම් ලොකු ලොකු පාසල් ටිකත් සැමටම වෙන්න ඕනි, 5 ශිෂ්‍යත්වෙන් එන්න ඉන්න ළමින්ට තැන දෙන්න ඕනි. (ර)
කතාව නම් ඇත්ත. (ර)
මම නම් කියන්නේ ගම්බද පාසල් දියුණුකිරීමට වහා පියවර ගතයුතුයි (නි)
අධ්‍යාපනය සමානවුණ පළියට පුද්ගලයන්ගේ දක්ෂතා සමාන නොවේ. දක්ෂතා ගොඩනැඟෙන්නේ තමා ඉපිද හැදෙන වැඩෙන පරිසරයට අනුවයි. පුද්ගල දක්ෂතා හා ඔහුගේ අවශ්‍යතාව හඳුනාගන්න ක්‍රමයක් රටට වැදගත් වේ. (නි)
දැන්නෙ මේගොල්ලන්ට ඥානය පහළවෙලා තියෙන්නෙ. කොහෙද මොවුන් පහුගිය අවුරුදු 10යේ හිටියෙ ? (නි)
රටේ වත්කමින් සියලුම පළාත්වලට සාධාරණ වෙන්කිරීමක් නැහැ. ඒකයි මේ ගැටලුව. නගරයෙන් පිට පළාත්වල පාසල් වලට ප්‍රමාණවත් ලෙස මුදල් වෙන් කල යුතුයි. (ම)
රටේ පවතින ක්‍රමය බොහොම වැරදියි . 5 වසර ශිෂ්‍යත්වයෙන් හොඳ ළමයි ටික ලොකු ලොකු පාසල් වලට අරගෙන ලංකාවේ ඉහළම ප්‍රතිපල පෙන්නවා . ඉන්පසු ලොකු පුටුවල ඉන්නන ඒ අය තම පාසලේ අයට අවස්ථාව දෙන්න බලනවා . මහා ලොකුවට සමානතාව ගැන කතා කර කර තමාගේ ළමයි ලොකු ඉස්කෝලවලට දාන්න තමා වලි කන්නේ .ගමේ පාසල් දියුණු කරන්නේ කොහොමද ? (ම)