දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ ගැලනිගම අතර 8.2 කිලෝ මීටර් කණුව අසලදී අද රාත‍්‍රී කැබ් රියක් පෙරැලීමෙන් එහි සිටි නීතිඥයකු මියගොස් රිය පැදවූ තැනැත්තා බරපතල තුවාල ලැබූ බව කහතුඩුව පොලිසිය කියයි. මියගියේ ගාල්ල එලියට් පාරේ නීතිඥ ගාමිණී ඬේවිඞ් (69) මහතාය. ගාල්ලේ සිට කොළඹ බලා එද්දී කැබ්රිය අනතුරට පත්වී තිබේ. මහ මග පෙරලූණු කැබ්රියේ කොටසක් ගැලවී මාර්ගයෙන් ඉවතට විසිවී ඇතැයිද කැබ්රිය උඩුබැලි අතට පෙරැලී තිබූ බවද පොලිසිය කියයි. අනතුරින් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටකටද හානි සිදුවී තිබේ. අනතුරින් පසු එහි සේවකයින් වතුර බවුසර් ගෙනැවිත් පාර සෝදා දැමීය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතිං වැටට අලාභය ගෙවන්නත් වෙයි. (නි)
පරිස්සමට යන්නොනේ පාරේ යනකොට (දී)
අධිවේගී වුණත් පාලනය කරගන්න පුලුවන් තරම් වේගයකින් යන එක තමයි හොද. (නි)
මොකද්ද ඒ අපරාධය (දී)
මට නම් මේ හයිවේ එකේ කාපට් එක ෂුවර් නැහැ. පොඩි වැස්සකටත් ලිස්සනවා. (නි)
අධිවේගයෙන් ගියහම ඔහොම තමයි. වේග සීමාවක් තියෙන්නේ ඒකනේ. (නි)
දැන් කට්ටිය ඇවිල්ලා වැටට අලාභය ඉල්ලාවි. අපේ රටේ නීතිය ඒකනේ. (නි)
කනගාටු දායක පුවතක් (දී)
බලමු කොහොමද අලාභේ අය කරන්නේ කියලා (ස)
ඔබට නිවන් සුව ලැබේවා (දී)
මිනිස්සු මැරෙන එන ගැන ගාණක් නෑ .අලාභේ ගන්නනම් හදයි (ස)
අයියෝ මනුස්ස ජිවිතයක් (දී)
අදික වේගය මාරු කැදවයි (දී)
පාර සේදුවම මැරුණු කෙනාට පණ එනවද (ස)
පස් පුරවලා තාර දැම්ම පාරක්නේ.. (ස)
අධිවේගේ ආදායම හදන්නේ අලාභ වලට අයකරන මුදල් සමගද? (නි)