IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අධිවේගයේදී සීය පැන්නොත් දඩ

සිකුරාදා රාත්‍රියේ සිට දක්ෂින අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් සියයේ වේගය ඉක්මවන රියදුරන්ට දඩ ගැසීමට යයි.

මෙම නීතිය දැඩි කිරීමට ආසන්න හේතුව වූයේ මාතර ඇලවේල්ලේ සහෝදරයෙකු හා සහෝදරියක පැයට කිලෝමීටර් 140 වේගයෙන්  යාම නිසා සිදුවු අනතුරෙන් මරණයට පත් වීමයි.

සියයේ වේගය ඉක්මවන රියදුරනට  රුපියල් දහසක දඩයක් නියම කෙරේ.

දැනට  අධිවේගී මාර්ගයේ අදි වේගයෙන් ගමන් කිරීම නිසා අනතුරු අටකදී එකොලොස් දෙනෙක් මිය ගිය බව අධිවේගී මාර්ග පාලකයෝ කියති.

නියමිත වේගය ඉක්මවූ 50 දෙනෙකුට පමණ මීට කලින් නඩු පවරා ඇත.

 



අදහස් (0)

අධිවේගයේදී සීය පැන්නොත් දඩ

රුවන් Saturday, 10 August 2013 10:29 AM

ඇයි ඕකට අධිවේග මාර්ගය කියන්නෙ ? අනතුරු වෙන්නෙ මාර්ගයට "අධිවේගි" නම දාල තිබුනට අධිවෙගයෙන් යන්න සුදුසු තත්වයක නැති හින්දයි.(ස)

:       0       0

තාරක Sunday, 11 August 2013 10:52 AM

දිගින් දිගටම වෙන අනතුරු වලට හොද පිලියමක් (දී)

:       2       10

ද සිල්වා බෙර්ලින් Monday, 12 August 2013 12:49 PM

ලංකාවේ මාර්ගවල වේගසිම පාලනය කරන්න අධිවේගී මාර්ගයෙන් පටන්ගනිමු , පළමුවෙන්ම ස්වයාක්‍රීය කැමරා අධිවේගී මාර්ගයේ සවිකර නිවසටම දඩ කොලේ එන්න ක්‍රමය අධිවේගී මාර්ගයෙන් පටන්ගමු , පස්සේ අනිත් මාර්ගවලට ව්‍යාප්ත කරමු , පොලිසිය මගින් රියදුරු බලපත්‍රය තබාගෙන දඩ ගැසීමේ ක්‍රමය නිසා පගාව මගින් විශාල බදු මුදලක් රජයට අහිමි වන අතර රියදුරන් අතරමග රස්තියාදු වීම අඩුකර ගත හැක (අ)

:       0       0

චමින්ද Saturday, 10 August 2013 10:43 AM

තමන් හොදට රිය පැදෙව්වත් අනිත් රියදුරන්දෙගේ වරදින් රිය අනතුරු විය හැකිය.

:       0       0

ප්‍රසන්න Saturday, 10 August 2013 10:43 AM

ඔය වේගය වැඩි නිසා සිදුවෙන ගොඩක් අනතුරු වලට රටේ සමහර දේශ පාලකයෝත් වගකියන්න ඕනේ... මම දැක්ක රූපවාහිනී පුවත් වල කෙනෙක් කියනවා මමත් ඔකේ 100 පැනල ගියා ඔයාලත් ගිහින් බලන්න කියලා.... (ස)

:       0       3

sarath Saturday, 10 August 2013 10:55 AM

අධිවේගී මාර්ගයක 100 කියන්නේ සාමාන්‍ය වේගයයි! ගොඩක් රටවල අධිවේගී මාර්ගවල වේගය 120යි! අනතුරුවලට මාර්ගවල ප්‍රමිතියත් රියදුරන්ගේ විනයත්, වාහනයේ තත්ත්වයත් බලපානවා! මහිදී මුණසිංහගේ අදහසත් යම්තාක් දුරට බලපානවා! (අ)

:       0       0

තිලක් Sunday, 11 August 2013 10:55 AM

වේග සිමාවනම් හොද දෙයක් (දී)

:       0       0

මහේෂ් Saturday, 10 August 2013 11:00 AM

ඒක ඇත්ත මගෙ යාලුවෙක් මීට දවස් දෙකකට කලින් අනතුරක් වෙලා මිනිහගෙ කිසිම් වැරද්දක් නෑ. අයිනෙන් ගිය එක්කාව හප්පගෙන ගිහින් වෑන් කාරයෙක්. (අ)

:       0       0

ඉෂාර Saturday, 10 August 2013 11:05 AM

අපේ ගොයියලා හිතන්නේ අධිවේගී එක රේස් ට්‍රැක් එකක් කියලා. කට්ටිය තර්ක කරයි පිට රට වල් වල නං අච්චරයි වේගය මෙච්චරයි කියලා. හැබැයි කමල් සහෝදරයා කිව්වා වගේ ඒ ඇත්න්ගේ විනයගරුක බව අපේ ඇත්තන්ට වඩා ඉහලයි. රේල් ගේට්ටුවටත් වෙට්ටු දාන අපේ සම-හරක් අධිවේගත් නොයනවා වෙන්න බෑ නෙ. (අ)

:       0       0

පී.ඩී. විදානගේ Saturday, 10 August 2013 11:12 AM

ප්‍රමිතියකට නැතිව පර හදලා , ආදී වේගීමාර්ගය මද වේගි වෙලා (අ)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 10 August 2013 11:15 AM

කලින් තවත් අය කිව්වා ටිකක වේගෙන් ගියාට කමක් නැහැ කියල. (අ)

:       0       0

කෙවීන් Saturday, 10 August 2013 11:20 AM

මේකේ නියම සිමාව 120 වේ. හැමදාම ලංකාවේ පාලකයෝ අතීසාරයට අබුඩ ගැහුවා. (අ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 12 August 2013 01:00 PM

මෙතන ප්‍රශ්නයකට තිබෙන්නේ අධිවේගී මාර්ගයේ පළල නෙවෙයි , ලංකාවේ රියදුරන්ගේ සහ වාහන වල ප්‍රමිතිය පිලිබඳව ප්‍රශ්නයක් , ලංකාවට වාහන සහ අමතරකොටස් ආනයනයේදී අයකරන විශාල බදු මුදල නිසා ලංකාවේ මිනිස්සු පෙළඹිලා පරණ ප්‍රමිතියකට නැති වාහන භාවිත කරන්න , ලංකාවේ රියදුරු පාසල් වලින් පුහුණුව ලබා පිටවන රියදුරන්ගෙන් 90% විතර පාරේ වාහන හරියට පදවන්න බැහැ. එමනිසා මිනිස් ජිවිත අනතුරේ මේ තත්වයට බළධාරීන් වගකිව යුතුයි (අ)

:       0       0

රුවන් Saturday, 10 August 2013 11:24 AM

වාහනේ හැටියට තවම පාරේ යන්න ඔනෙ. 140ට ඇල්ටෝ එකේ යනවා කියනේ මොලේ නැති එකෙක් (අ)

:       0       0

අප්පුහාම8ි Saturday, 10 August 2013 11:25 AM

පැ. කි. 100 කියන්නේ මහ ලොකු වේගයක් නෙමෙයි. ඔකේ යන සමහර අය කිසිම විනයක් නෑ. ඒකයි ප්‍රධානම හේතුව. (අ)

:       0       0

රනිල් Saturday, 10 August 2013 11:30 AM

මරුටි වගේ වාහන 120 වගේ වේගයකට කොහොමත් යන එක බයානකයි, බහුතරයක් ජපන් වාහන වල එහෙම ප්‍රශ්නයක් නෑ, මුණසිංහ කිව්වා හරි, කොහොමත් 120 ට වඩා අඩුවෙන් යනවනම් තමයි හොද, එක්කෝ ඉන්දියන් ටකරන් මේකේ යන්න දෙන්න හොද නෑ.(ස)

:       0       0

නිශාන්ත Saturday, 10 August 2013 11:35 AM

අපේ රටේ හැටියට මේ වගේ පාරක් දකින එකත් සම්පතක්. අපිට මේ මාර්ගය මන්තීරු 04 කින්වත් හදාගන්න තිබුනානම් හොදයි. එත් ඒ වියදම අපිට දරන්න බැරි නිසා ප්‍රවේසමෙන් මේක පරිහරණය කරන්න ඕනේ. ඩුබායි වගේ රටවල මන්තීරු 6ක් තියෙනවා නිදහසේ වටපිට බල බල උනත් යන්න පුළුවන් එත් ඔයාල අපේ අදිවේගී මාර්ගයේ යනවනම් මන්තේරු දෙක නිසා නිතරම ඇස්දෙක අවදානය පාරටම යොමු කරන්න මොකද යන්තමින් හරි ආරක්ෂක වැටේ වහනය වැදුනොත් පාලනයෙන් සම්පුර්ණයෙන්ම ගිලිහෙනවා. මියගිය අයට නිවන්සුව ලැබේවා! වාහන පදවන ඔබ සැම සියලුම දෙනාටම කතරගම කදසුරිදු පිහිට ලැබේවා ! වේගයෙන් පදවන එක ලොකු කමක් නෙමේ. වඩා වටින්නේ ආරක්ෂවයි. (ස)

:       0       0

දේශාන් Saturday, 10 August 2013 11:47 AM

අදි වේගී මාර්ගයක් වෙන්න නම් මන් තීරු 4ක් වත් තිබිය යුතුයි. (ස)

:       0       0

ගයාන් Saturday, 10 August 2013 11:53 AM

අධිවේගයේ නෙමේ සාමාන්‍ය පාරෙත් 90 ට 80 ට යන එකේ මම හිතන්නේ මේකේ 100 ට යන එක මදි කියලා. හේතුව මේකේ වැරැද්ද මේකේ නම වත් පාරේ අවුලක් නෙමේ. වැස්ස වෙලාවටත් 100 ටත් වැඩියෙන් යන්න හදන ප්‍රමිතියෙන් අඩු වාහනවල මේ වගේ 140 ට යන සහ බොහෝ දුරට නිදි මතෙන් සහ පල පුරුදු අඩු කම. දැන් බලන්න වෙනද ගාල්ල කොළඹ සාමාන්‍ය පාරේ අන්තුඅරක් අහන්නේ බොහොම කලාතුරකින් ඉස්සර එහෙමද ...සැලකිල්ලෙන් යන කෙනා කොහොම ගියත් හොඳට යනවා ...නොසැලකිලිමත් කෙනා තමා මෙහෙම කරගන්නේ. අනික මරුටියක ගියපු කෙනෙක් දන්නවා එකේ 140 ට යන්න බෑ මේ වගේ පාරක කියලා. මොකද පොඩ්ඩක් වාහනේ පැද්දුනොත් අනිවාර්යෙන් ඒක දෙපැත්තේ බැමිවල වදිනවා. එකෙක් මෝඩ කමක් කලා කියලා 100ක් කරනවට වඩා 110 හෝ 120 කලා නම හොඳ නැද්ද ...නැත්නම් ආයෙත් ගාලු පාරේ අනතුරු වැඩි වෙයි. එහෙන් යන්න ගිහින්. (ස)

:       0       0

රත්න Saturday, 10 August 2013 12:03 PM

හැම රියදුෙරක්ම තමාට මෙන්ම වාහනයටද ආදරය කළ යුතයි. ඉවසීමෙන් මාර්ග නීතිවලට ගරුකළ යුතුමයි. මත්පැන්, අදිකෙවිගය, දුරකථන බාවිතය,බොහෝ වේලාවක් දිගටම රිය පැදවිම, එකිෙනකා අතර තරග නොකළ යුතුය. රියදුරු බලපත් රහිතව රිය පදවන අයටත් නීතිය අකුරටම ක්‍රියාත්මක කළයුතුය. (ස)

:       0       0

රෝහන Saturday, 10 August 2013 12:14 PM

ඔය දක්ෂිණ අදිවේගය නමට විතරයි එකේ කිසිම ප්‍රමිතියක් නැහැ.මන් තීරු දෙකයි ඒ දෙකේත් තියෙන්න ඕන ප්‍රමාණයට පළල මදි. අනික ආදී වේගේ කියන්නේ හෙමිහිට යන එක නෙවෙයිනේ හැබැයි 140 නම් වැඩි තමයි. ගැලනිගම සිට දකුණට යන්න පටන් ගත්තම පාර රැලි සහිතයි.ඔවා පගාවට සහ ජරාවට හදපු පාරවල්. කාට හරි ඕන නම් සාක්ෂි ඇතුව දෙන්න පුළුවන්.(අ)

:       0       0

රොහාන් Saturday, 10 August 2013 12:18 PM

ඉක්මන් කොටි (අ)

:       0       0

කුමාර Saturday, 10 August 2013 12:18 PM

අධිවේගී මාර්ගයේ අනතුරු වෑඩි වශයෙන් සිදුවෙලා තියෙන්නේ කිලෝ මිටර 50 ක් පමණ ගියාම .ඒකට ප්‍රධාන හේතුව ගමනේ එකාකාරී ස්වභාවය නිසා නින්ද යාමයි .AC දමාගෙන විදුරු වගහෙන යනකොට ඔක්සිජන් අඩුවිමත් එක හෙතුවක් .නිදිමත ආ විට වාහනය නැවත්විය හැකි තැනක නවතා ටිකක් නිදාගෙන සිට එලවිම සුදුසු බව අධිවෙගි මර්ගයේ සේවය කරන පොලිස් නිලධාරියෙක් මට වරක් උපදෙස් දුන්නා (අ)

:       0       0

සුදත් Saturday, 10 August 2013 10:31 PM

පොලිසිය කියන දේවල් අපි කොහොමද විශ්වාස කරන්නේ? (නි)

:       0       0

චාරුක Saturday, 10 August 2013 12:22 PM

මම නම් හිතන්නේ එක පැත්තකින් පොඩි ජෝලියකුත් තියනවනේ අධි වේගයෙන් යනකොට පට්ට ෆන් නේ හිය්යෙන් යනකොට මම නම් මගේ වාහනයේ 200 විතර යන්නේ සුපිරිනේ (අ)

:       0       0

තාරක Saturday, 10 August 2013 12:24 PM

මේක ඇත්තටම අදි වේගී එකක් නවෙයි. කවුද කිව්වා වගේ මමත් 100 ට ගිය ඔයාලත් ගිහින් බලන්න කියල මරුටි සහ ඇල්ටෝ වලින් 100 ට යන්න බැහැ එකත් ඇත්ත.මන් තීරු 2 මදි එකත් ඇත්ත.පාර ගැස්සෙනවා එකත් ඇත්ත.දෙයියනේ මොකද කරන්නේ. මේකේ ආදායම අපිට එන්නෙත් නැහැ ඒකත් කොරියාවට නේද? ඒකත් ඇත්ත. හැබැයි මහත්තයෝ 100 නම් මදි 120 වත් කලොත් තමයි හොඳ..(අ)

:       0       0

අර්ෂා Saturday, 10 August 2013 12:40 PM

100 දැන් උපරීම වේගය කර තිබේ, මින් පසුවත් වාහන අනතුරු නොකඩවා සිදුඋවහොත් 80 ට බස්සවය්ද මන්දා..., සාමාන්යෙන් ලෝකයේ ඕනෑම අධිවේගී මාර්ගයක උපරීම වේගය 120, බර වාහන 100.මේක ප්‍රමිතියක් නැති අධිවේගේ.(අ)

:       0       0

විරාජ් Saturday, 10 August 2013 01:21 PM

අධිවේගී මාර්ග කීවම කොහොමත් පැයට කි.මී. 100 වඩා වැඩි වෙන්න ඕන. ඒත් ලංකාවේ අධිවේගී මාවතේ තියෙන ප්‍රමිතියේ මදි කම නිසා අනතුරු වීමට ඉඩකඩ වැඩියි. (ස)

:       0       0

ලසිත් Saturday, 10 August 2013 01:26 PM

මේකේ තියෙන්නේ ප්‍රමිතිය පිළිබද ප්‍රශ්නයක් නෙමෙයි. වාහනය එලවන කෙනාගේ මොලේ ප්‍රශ්නයක් සහ එලවන වාහනේ තත්වය පිළිබද ප්‍රශ්නයක්. ඇල්ටෝ මරුටි වගේ ඉන්දීයන් වාහන 140 ට නෙමෙයි 40 ට යන්න වත් බැහැ හරි නම්. එවැනි සැහැල්ලු වාහන වලට තමයි සීමාවක් පනවන්න ඕන. (ස)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 10 August 2013 10:45 PM

දේශාන්,අධිවේගී මාර්ගයක් වෙන්න නම් මං තීරු 4ක් වත් තිබිය යුතුයි.කට කට.ලංකාවේ එන්න අයට එක මං තීරුවක පාරක් පෙන්වලා කිව්වොත් මේක අධිවේගී කියලා හිස මුදුනින් පිළිඅරගෙන වැද නමස්කාර කරනවා. (නි)

:       0       0

ශානුක Saturday, 10 August 2013 01:47 PM

මේක ඇත්තක්ද ? බොරු නේද?(නදී)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 10 August 2013 10:47 PM

දේශාන්,හැබැයි වියදම නම් මංතීරු 6 ක් දා ගන්නත් ඇති. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Saturday, 10 August 2013 10:51 PM

අධිවේගී මාර්ග කියන්නේ නියම ප්‍රමිතියකට හදන පාරවල් මිසක් පස් ගොඩ කරලා තාර ටිකක් ගෙන ගිය පාරවල් නම් නෙමෙයි.අර ප්‍රමිතියකට නැහැ කියලා නඩු දාපු කෙනා තවම ඉන්නවද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 10 August 2013 10:54 PM

පැයට 80-100 ට යන්න අධිවේගී මාර්ග ඕනෑද?හරියට කෝටි ගානක් වියදම් කරලා පාලමක් හදලා දෙපැත්තේම බෝඩ් ගහලා තියෙනවා වගේ "මෙහි ගමන් කළ හැක්කේ පාපැදි වලට පමණකි" කියලා. (නි)

:       0       0

මායා Saturday, 10 August 2013 02:26 PM

100 නෙමෙයි ඊයේ පෙරේදා කාන්තාවක් 200 ට ගිහින් මාට්ටු වුනේ. මෙතන තියෙන්නේ වාහන එලවීමට නොදන්නා කම හා අදිවේගි මාර්ගයක ධාවනය කිරීමට නුසුදුසු වාහන ගමන් කිරීමට ඉඩ දීමත්ය. අප අසා ඇති කාරණාවක්නම් ජපානයේ වැනි රටවල ඔවුන් ඩීමෝ බට්ටා වර්ගයේ කුඩා ප්‍රමානයේ ලොරි රථද මරෑටි වර්ගයේ කුඩා ප්‍රමානයේ මෝටර් රථද පාවිච්චි කරන්නේ කෙටි දුර මගී හා භාන්ඩ ප්‍රවහනය කිරීමටත් පමනක් වන අතර මෙම කුඩා ප්‍රමාණයේ රථ අධිවේගී මාර්ග වල ගමන් කිරීමටද තහනම්ය. නමුත් අවාසනාවකට ලංකාවේ රථ වල රෝද 4 කැරකෙනවානම් ඕනේ මාර්ගයක යෑමට ඉඩ ඇත. (ස)

:       0       0

මැක් Saturday, 10 August 2013 02:45 PM

පාරට නීති දාන්නේ කාගේත් ප්‍රවෙසමට, අපේ රටේ හැටියට තමයි පාර හැදුවේ, මිනිස්සු ඉඩම් දෙන්නේ නැත්නම් මන්තීරු 5-6 ක් දාන්න බෑ. අනික දේපල විනාස වෙනවට මිනිස්සු කැමතිත් නෑ. කවුරු හරි අධිවේගී පාරට අකමැති නම් පරණ පාරේ ගියාට අපේ අකමැත්තක් නෑ. මට මතකයි කාන්තාවක් ඔය පාරේ ගිය 200 කට. ඒවා එයාලගේ හැකියාව අපේ රටේ අයගේ නොහැකියාවට පාර හදපු අයට දොස් කියන එක වැරදියි. (ස)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 10 August 2013 10:57 PM

කාටවත් තේරෙන්නේ නැහැනේ.නිකමට බලන්න අද වාහන වලට වැඩියෙන් එන්නේ ට්‍රාෆික් පොලීසියෙන්.මොකටද? (නි)

:       0       0

අල්සාන් Saturday, 10 August 2013 02:58 PM

ඇයි හත්තිලව්වේ මෙච්චර දවස් මක් කෙරුවද දඩ ගහන්නේ නැතිව.(නදී)

:       0       0

ධර්මසේන Saturday, 10 August 2013 11:00 PM

අසරණ මිනිසුන්ගෙන් ගසා කන්න විදියක් හොයනවාද කොහෙද? (නි)

:       0       0

ගුණතිලක Saturday, 10 August 2013 03:41 PM

මෙතන තියෙන ප්‍රශ්නේ මාර්ගය අධි වේගද නැද්ද හොයනවට වඩා අධිවේගයක් නම් අඩුම ගානෙ මෙච්චරවත් වේගෙන් යන්න දෙන්න ඕන නැතනම් කොහොමද මේක අධිවේගී මාර්ගයක් වෙන්නෙ කියන බොලඳ කතා කියන්නෙ නැතුව නීතියක් පනවා ඇතිනම් එම නීතියට අවනතව මාර්ගයේ වාහනය ධාවනය කිරීමයි. ලංකාව වැනි වැනි රටකට කිලෝමීටර් 97 ක් 100 ක් යන්න ඔය වේගය හොඳටම ඇති. නූගත් මෝඩයන්ට මාර්ගයේ ඉගිල්ලෙන්න ඕන වුනාට සාපේක්ෂව ඔවැනි කෙටි දුරක් යන්න පැ.කි.මී.100 කියන්නෙ හොඳටම ප්‍රමාණවත්. 120 ට ගියා කියල සාපේක්ෂව සැලකිය යුතු කාලයක් ඉතිරි නොවන අතර අතර එය තවත් අනතුරකට අතවැනීමක් වෙන්න පුලුවන්. මාර්ගයේ ධාවන තිරු දෙකක් පමණක් ඇති නිසාත්, ප්‍රමිතිය ගැන සැලකීමේදීත් පැ.කි.මී. 100 වේගයෙන් යාම ප්‍රමණවත් බවයි මගේ හැඟීම.(නදී)

:       0       0

කුමාර් Saturday, 10 August 2013 05:17 PM

මේක හැදුවේ මොකටද? (නි)

:       0       0

රෝහණ Saturday, 10 August 2013 05:26 PM

ඇත්තටම අධිවේගේ යන්න හොද වාහන තියෙන්න ඕනෑ. ඒවා හොදට හදන්න ඕනෑ. වෙලාවට ඒවගේ ටයර් මාරු කරන්න ඕනෑ. ලංකාවේ අය ටයර් මාරු කරන්නේ කට්ට නැති වුනාම. වාහනයක ටයර් ගැන හොදට හොයලා බලන්න ඕනෑ අධිවේගේ යනවා නම්. අනිත් දේවලුත් හොදට හදන්න ඕනෑ. මමත් ඔය පාරේ 160 ගිහින් තියෙනවා. නමුත් හොදට පෙනෙන දුරක් තියෙන තියෙන තැන්වල විතරක් එහෙම යනවා නම් තමන් හොද කල්පනාවෙන් එලවන්න ඕනෑ (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 10 August 2013 06:19 PM

අම්මප ඇත්තමයි මම නම් මේ බලන්නේ තාම කාටවත් අධිවේගී මාර්ගය හරස් කරලා උද්ගෝෂණයක් කරන්න කල්පනා නොවෙච්ච එක ගැන. (නි)

:       0       0

සමන් Saturday, 10 August 2013 06:23 PM

පොලිසියේ මහත්තුරුන්ට හොදට වාසි වෙයි වගේ (නි)

:       0       0

චන්දන Saturday, 10 August 2013 06:52 PM

අවමය 120 වියයුතුයි (අ)

:       0       0

කෝරාළ Sunday, 11 August 2013 03:24 AM

මන් තීරු අඩු කමක් තියෙන්න බෑ. කැනඩාවේ 401 අදිවේගී මාර්ගයේ කිමි 400 ක මන් තීරු දෙකයි එක පැත්තට තියෙන්නේ. අවම වේගය පැයට කිමි 100. උපරිම 120. එක දිනකට යන වාහන ගණන ලංකාවේ අදිවේගී මාර්ගයේ මාස තුනකට යන වාහන ගණනට වැඩියි. රිය අනතුරු සිදුවන්නේ ඉතාමත් කලාතුරකින්. මේවට හේතු ගොඩක් තියෙනවා. (නදී)

:       0       0

ශාන සෞදි Saturday, 10 August 2013 07:28 PM

වෙනත් රටවල අධිවෙගී මාර්ග වල මේයට වඩා වේගයෙන් යනවා, හැබයි එම රියදුරන් බොහෝ දෙනෙකුට විනයක්, මොලයක් තිබෙනවා මාර්ග සංඥා සහ මාර්ග නීති වලට අනුව කටයුතු කරනවා අප මෙහෙ උපරිම වේගය ලෙස සලකන්නේ පැයට කිලෝ මීටර් 120 අප සාමානයෙන් පැයට කිලෝ මිටර් 120 වාහන පදවනවා නමුත් මේ ආකාරයට අනතුරු වෙන්නේ නැ එකට හේතු තියනවා උපරිම වේගය පාලනය කිරීමට රේඩාර් යන්තර බාවිතා කරනවා යම් කෙනෙක් මේ වේගය එක්මවා ධවනය කලොත් රේඩාර් මගින් එය සටහන් වෙනවා එසැනින්ම එම අයගේ ජංගම දුරකටනයට කෙටි පණිවිඩයක් ලැබෙනවා ඔහු විසි ගෙවිය යුතු දඩ මුදල සදහන්ව එම දඩ මුදල නොගෙවා ඔහුට රියදුරු බලපත රථයේ බලපත් හා රටින් පිටවීමට වීස ලේබෙන්නේ නේ නැ යම් අයෙක් පොලිසිය මගෙන් අත් අඩංගුවට ගතහොත් ඔහුට පැය 24 අනිවාර්ය සිරදඩුවමක් හා රුපියල් 32000/= දඩයක් නියම වෙනවා මෙහිදී මුණසිංහගේ අදහසත් යම්තාක් දුරට බලපානවා අනෙක් දේ තමයි අපේ රටේ භාවිතා කරන වාහන බරින් අඩු වීම මන්ද ඉන්දන වියදම වැඩි නිසා අඩු බර වාහන බාවිතය වැඩිවෙලා තියනවා බරින් අඩු වාහන මේ ආකාරයේ අධික වේගයෙන් ධාවනය කරන විට පොලව සමග තියන සම්බන්දටව අඩු වීමෙන් තිරිංග යෙදුවත් රථයේ වේගය අඩු වන්නේ නේ නැ අප රටට ගැලපෙන වේග සීමාව පැයට කිලෝ මීටර් 80 තමා උපරිම විය යුත්තේ මේ රූපවල පෙන්වන ආකාරයට පොලිසිය මග රැක සිටිය යුතු නැ මාර්ගයේ කිලෝ මීටර් 10 හෝ 15 කැමරා සවි කිරීම මගින් රථය මාර්ගයෙන් පිටවන ස්ථානයෙන් දඩ මුදල අයකරගත හැකි ආකාරයට නවීකරණය කල හැකි (අ)

:       0       0

අශෝක Saturday, 10 August 2013 07:31 PM

අර ඇමති කෙනෙක් කිවුවේ 160 ගිය කියල (අ)

:       0       0

පෙරේරා Saturday, 10 August 2013 08:29 PM

කිලෝමීටර 97, 100 ට ගියොත් විනාඩි 58 කින් යා හැක. එම කිලෝමීටර 97 ම 120 ගියහොත් විනාඩි 49 කින් ගැලනිගමට හෝ ඉන් මෙහා තැනකදී පරලොවට යා හැක. (නි)

:       0       0

සේපාලි Saturday, 10 August 2013 08:29 PM

දේශපාලකයෝ සාමාන්‍ය වෙලාවටත් පාරවල් වල යන්නේ 120ට, තුන්වන මං තීරු ඉබේම ඇති කරගෙ‍න (නි)

:       0       0

කුමාර Saturday, 10 August 2013 08:33 PM

100 පනින්නත් බැරි නම් ඒක අධිවේගයක්ද? (නි)

:       0       0

පෙරේරා Saturday, 10 August 2013 08:42 PM

ශාන, අදහස හොඳයි. අහුවුණු කෙනා ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් හරි, අර ඇමතියෝ කට්ටියට ආවඩන කෙනෙක් හරි වුනොත් පොලිසියට සොරිම තමා. කැමරාවල් වලටත් දෙවි පිහිටයි ආරක්ෂාවයි. ප්‍රාදේශීය සභාකාරයන්ගේ කෙරුවාවල් මෙන්න. (නි)

:       0       0

චින්තක Saturday, 10 August 2013 08:47 PM

හැම වාහනයකටම එකම වේග සීමාව සුදුසු නැහැ. බි එම් ඩබ්ලිව් , මොන්ටෙරො , බෙන්ස් වගේ බර වැඩි විසි නොවෙන ඒවගෙ ගානට මරුටි , බට්ටා වගේ පපඩම් වෙන ඒව යන්න දුන්නොත් විසි වෙලා ගිහින් මැරෙනවම තමයි (නි)

:       0       0

යසස් අබේවර්දන Saturday, 10 August 2013 09:14 PM

අධිවේගයට ස්ටීර කැමරා සවි කළානම් අපිට විශ්වාසයි. පොලිසියෙන් කියන වේගවල් වලට අපි ගියා කියලා කොහොමද විශ්වාස කරන්නේ. වැඩි වේගෙන් ගිහින් තියනවා නම් පිටවන තැනදීම දැනුන් දෙන්න ඕනෑ. කොතැනදීද වරද වුණේ කියලා පොටෝ එක්කම. අපි කැමැතියි එතනම දඩේ ගෙවන්න. යන්න පුළුවන් උපරිම වේගෙයි අවම වෙගෙයි ලොකු බෝඩ් වල ප්‍රදර්ශනය කලා නම් තමා හොඳ. වහින වෙලාවට වේගෙ අඩු කළාට කමක් නැහැ. ඊළඟට හදන අධිවේගවල ප්‍රමිතිය අපි මිට වඩා හොඳට බලාපොරොත්තු වෙනවා. (නි)

:       0       0

රංජිත් Sunday, 11 August 2013 09:56 AM

අදිවේගයේ භාවිතා කරන හයි ස්පීඩ් මීටරයෙන් පොලිසියට හොර කරන්න නොහැකියි. හේතුව රේඩාර් බාවිතා කරලා වාහනේ අංකය රියදුරාගේ පොටෝ එක සහ වේගය පිටවන තැන් වල සටහන් වෙනවා. දඩේ ගෙවන්න පෙර පිටවන තැන් වල පරිගණකයෙන් බලන්න පුළුවන් කියලා රථවාහන පොලිසියේ ලොක්කෙක් රැස්වීමකදී කිව්වා.(නදී)

:       0       0

ප්‍රසන්න Saturday, 10 August 2013 09:46 PM

මුලින්ම ලංකාවේ රියදුරු පුහුණුව යාවත්කාලීන කළ යුතුයි. නව නීති රීති වගේම පුහුණුව විදිමත් කරන්න ඕනෑ. රියදුරන්ට වගේම මුළු රටටම විනයක් පුහුණු කළ යුතු කාලයක් මේක. (නි)

:       0       0

ජනා Sunday, 11 August 2013 10:22 AM

අතේ තියන් වේග මනින මීටර් ලංකාවේ තහනම් නේද? (දී)

:       0       0

අජිත් Saturday, 10 August 2013 09:55 AM

අධිවේගී මාර්ගයට වාහනයක් ඇතුල්වීමේදී නිකුත්කරන ප්‍රවේශ පත්‍රයේ වාහනයේ අංකය සහ ඇතුළුවූ වෙලාව සටහන් කරනවානම් ඔය රාජකාරිය පහසු වෙනවා. දැනට එහෙම වෙන්නේ නැහැ.(නදී)

:       0       0

ප්‍රියා Saturday, 10 August 2013 10:03 AM

මෙච්චර වේගයෙන් යනකම් පිරිමි 3 දෙනෙක් එදලත් මුකුත් කීවේ නැද්ද, මිනිස්සු නැති වෙන්නෙම තමුන්ගේම වරදින් තමා, ඇගිල්ලේ තරමට ඉදිමෙන්න.(ස)

:       0       0

මුණසිංහ Saturday, 10 August 2013 10:09 AM

මම නම් හිතන විදියට අදිවේගයේ දෙතුන් පාරක්වත් ගියපු අය මෙතරම් අදික වේගයෙන් යන්නේ නැහැ. කලාතුරකින් යන අය ඉබ්බා දියේ දාපු සතුටට වගේ යන්න පුළුවන් උපරිමයෙන්ම යන්න බලනවා. ඒක මෝඩ වැඩක් නේද? (ස)

:       0       0

කමල් Saturday, 10 August 2013 10:28 AM

වෙනත් රටවල අධිවෙගී මාර්ග වල මේයට වඩා වේගයෙන් යනවා, හැබයි එම රියදුරන් බොහෝ දෙනෙකුට විනයක්, මොලයක් තිබෙනවා මාර්ග සංඥා සහ මාර්ග නීති වලට අනුව කටයුතු කරනවා. අපේ රටේ අධිවේගී මාර්ගයේ නොව සාමාන්‍ය මාර්ග භාවිතා කරන සමහරක්ට කිසිම විනයක් හෝ මොලයක් නැහැ. මාර්ග විනය දඩ මුදල් ඉහල දැමීම මගින් හෝ ඇති කල කාලය එළඹ ඇති බවයි පෙනෙන්නේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 5136 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 3477 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 4256 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3595 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 829 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1554 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36223 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24148 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 520 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 225 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site