ව්‍යාජ නම්වලින් පුවත්පත්වල මංගල දැන්වීම් පළකර කාන්තාවන් දහයකට වැඩි ප‍්‍රමාණයක් රවටා ඔවුන් තානායම්වලට රැගෙන ගොස් අතවර කර රුපියල් ලක්ෂ 20 කට වැඩි රන් භාණ්ඩ වංචා කර අධිකරණය මඟ හැර සැඟවී සිටි බව කියන අනංගයෙක් පොලිස් අත් අඩගුවට පත්විය.
මාතලේ අලුවිහාරේ ප‍්‍රදේශයේ පදිංචි මෙම සැකකරු විවිධ ව්‍යාජ නම්වලින් පුවත්පත්වල මංගල දැන්වීම් පළ කර වැන්දඹු හා සැමියන් අතහැර ගිය කාන්තාවන් මුලා කර මෙලෙස අතවර කර රන් භාණ්ඩද වංචා කැර ඇතැයි පොලීසිය කියයි.
මොහුට විරුද්ධව දිවයිනේ අධිකරණ කිහිපයට නඩු 10 කට වඩා පවතින බවත් එම සියලූ නඩු මඟ හැර බෙලිඅත්ත ප‍්‍රදේශයේ සැඟව සිටියදී බෙලිඅත්ත පොලීසියෙන් අත් අඩංගුවට ගෙන කටුගස්තොට පොලීසියට භාර දී ඇති බවත් දැනගන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාද කරලා හැමදාම හැංගිලා ඉන්න බැහැ. කරපු අපරාධ මෙලොවදීම පටිසන් දෙන්න ඕනෑ. (නි)
වැන්දඹු හා සැමියන් අතහැර ගිය කතුන් අඹුසැමි ඇසුරට හදිස්සි වෙන්නේ ඔවුන් එහි සතුට දන්නා නමුත් දිගුකලකින් එය නොලත් නිසාත් කන්‍යාවන් නොවන නිසා ඊට බියක් නැති නිසාත් විය හැකිය. වරක් අසරණ වූ කතුන් බලන්නේ මනාලයා කෙසේ හෝ තමා වෙත රඳවා ගැනීමටය. මනාලයා එවැනි කතුන්ම සොයන්නේ ඒ නිසා විය හැකිය. පෙම් සම්බන්ධතා වලදීත් ගැහැණු ළමයි මීට වඩා ප්‍රවේසම් වෙනවා. වැඩිහිටියන් මේ ගැන අවධානයෙන් සිටිය යුතුය. බුලත් හෙප්පුව අල්ලන්නේ ඇඟ වැහෙන්න අන්දලානේ. ඒක විවාහය තෙක්ම තියාගන්න ඕනා.(නදී)
මෙන්න මෙහෙමලු උනේ (දී)
ඇයි කාන්තාවන් බඳින්න කලින් සතුට ගන්න යන්නෙ. මොළේ නැතුව නෙමෙයි නේද. (දී)
හෙලදෙරණේ නිතිය නැති වුණාට භීතිය වැඩියිනේ. (අ)
නිසි දඩුවමි.(අ)
ඕකත් පත්තරේ දාන්න දෙයක්ය.(අ)
නීතියක් නැති රටක මේවා සුළු දේවල්. (අ)
දුරදිග නොබලා වැඩ කිරීමෙන් වන විපත් පෙනෙනවා නේද සොහොයුරියනේ..මෝඩ විදිහට වැඩ කරලා අමාරුවේ නොවැටෙන්න මේ පුවත පාඩමක් කරගන්න. (ස)
මොන ජාතිකයෙක්ද දන්නේ නැහැ. (නි)
උසාවියෙන් වැරදිකාරයෝ වුණ අයත් බ්ලැක් ලිස්ට් කළා නම් හරි.අඩු ගානෙ බඳින්න කලින් බැඳලද කියලා හොයාගන්නවත්. නැත්නම් අහිංසක කාන්තාවන් පවු. නම් ගම් එක්ක දාන එකනම් එච්චර හරි නැහැ. මොකද තරහකාරයෙක්ට අහිංසක කෙනෙක්ට චෝදනා කරලා නම් ගම් දාලා ඒ මනුස්සයගේ චරිතය විනාශ කරන්නත් පුළුවන්. (නි)
මොනවා වුණත් වැඩකාරයෙක්. (නි)
පින්තුරය පළකරන්න අමාරුයි අසෝක (නි)
අපේ බවලතුන්ටත් අපි ටිකක් ඇහෙන් කොනෙන් බැලුවොත් තමා හරියට රිදෙන්නේ. මේවට ඉතින් මොනවා කියන්නද ? කුඩු කෑවා නම් නාසේ කස කස ඉන්නයි තියෙන්නේ නේද ? (නි)
අර අහවල් අනංගයාගේ මල්ලිද මෙයා? (නි)
අසෝකගේ කතාව හරි. එහෙම අදාල පුද්ගලයාගේ පින්තුරයක් සමගම නම ගම විස්තර දානවා නම් ඒක සියලුම දෙනාටම කරන යහපතක්. අල්ලපු ගෙදර මිනිහා වුණත් කව්රුත් දන්නේ නැහැ. (නි)
ඇයි මේ වගේ මිනිසුන්ගේ නම් ගම් එක්ක පින්තූරයක් දාන්නේ නැත්තේ? එහෙම දැම්මා නම් ඒක සමාජ සේවයක් වෙනවා. (නි)
ලුම්බිණි, අපි එහෙනම් මෙයාට කියමු "මහා අනග රජානෝ" කියලා. මොකද මෙයා මිනිස්සු රවටන්න දක්ෂයෙක්නේ. (නි)
ඔතන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. සමහර විවාහ දැන්වීම් වල කනවැන්දුම් හා සැමියා අතහැර ගිය කාන්තාවන් පත්තරේ දැන්වීම දාන්නේ ගුණගරුක ආදරේ හදුනන කෙනෙකුට නිශ්ශබ්ද විවාහයකට ආරාධනා කියලනේ. අන්තිමට නිශ්ශබ්දව සියල්ල සුද්ද කරලා නිශ්ශබ්දව මනාලයා මාරු (නි)
පෙරහැර ගිහින් කියන්නේ සියල්ල අවසානද? දන්නෙ නැති නිසයි අහන්නේ. (නි)
ලුම්බිණි, ඔබ හරි. කූට කට්ට කෛරාටිකයෙකුට ඒ නම අදාළ නැහැ. ඒ වගේම කැමැත්තෙන්, එකඟතාවයෙන් කරන දෙයක් 'අතවරයක්' නෙමෙයි. (නි)
මේ වගේ උන්නට දෙන්න ඕනෑ ආයෙත් මේවා නොකරන්න (නි)
පුවත්පතේ මංගල දැන්වීම දැම්මට ඇයි ගැහැණු අය තානායම් වලට යන්නේ. කාගේද වරද ? කසාද බදිනකම් ඒවා අකැපයි කිවුවා නම් හරිනේ. (නි)
ලංකාවේ කාන්තා උදවිය තාම හැටේ දශකයේ (නි)
අනන්ගයෝ රට පුරා අනන්තයි. දවසක් දෙකක් කතා කරපු පලියට අනන්තයටම ඉගිලිල්ලා යන්න ලැහැස්ති වෙන්න පෙර පොඩ්ඩක් ඔබත් හිතන්න පුරුදු වෙන්න. (නි)
කලින්ම වැඩේ අනාගෙනනේ... (නි)
අපේ රටේ බොහෝ කාන්තාවන් පළමුව හොදටම රැවටෙනවා බොරු ආටෝපෙට. ඇත්ත තේරෙන විට පෙරහැර ගිහින්. (ස)
මෙයාට අනඟ රජා කියන එක වැරදියි. (ස)