කුලී රියකින් හික්කඩුවේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් කොලඹ බලා එමින් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෝ දෙදෙනෙක් රියැදුරා අතරමග දමා වාහනය රැගෙන ගියහ.
කොට්ටාව පිවිසුමට ඔවුන් පවසා ඇත්තේ රියැදුරා අතින් වාහනය අනතුරකට ලක් වූ බවයි.
වාහනයේ පිටුපස ද කුඩුපට්ටම් වී තිබිණි.තමා මග දමා ගිය බව රියැදුරා කුරුදුගහහැතැක්ම පිවිසුමට පැමිණිලි කළේය.
අද අලුයම පහයි පහළොවට වූ මේ සිද්ධිය වාර්තා කිරීමට ගිය ලංකාදීප මාධ්‍යවේදීයාට පොලීසිය නොයෙක් බධා කළේය.
ඒ බව ඔහු බස්නාහිර දකුණු දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාට පැමිණිලි කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට පේන්න ඇත්තේ ලොකුම අපරාධ කාරයා මාධ්‍ය වේදියා කියලයි. අනේ කාලේ ...කිව්වලු.(නදී)
පොලෝසිය හරියට රාජකාරිය කරලා. අපි ඒකාධිපතිවරයෙක් බිහිවෙනවාට කැමතියි.(නදී)
පොලිසියට මොකුත් හොයා ගන්න බැරි උනහම ඔහොම තමි ඉතින්.(අ)
එහෙම බැහැ,පත්තර කරින්ට සම්පුර්ණ නිදහස තිබිය යුතුයි . අනික සුද්දෝ කොහොමද එහෙම කරන්නේ , රටේ පොලිසියක් , නීතියක් තියෙනය, උන්ට දැඩි දඩුවන් දිය යුතුයි. (අ)
අල්ලලා දාන්න තිබ්බේ කුඩුවට (නි)
ඉංගිරිසි නොතෙරුනාම ඔහොම වෙනවනේ (අ)
සමහර රියදුරන් නොසැලකිලිමත් ලෙස වාහන එලවන හැටි දැක්කම, මිනිහව අහකට තල්ලු කරලා තමන්ම වාහනය පදවන්න හිතෙනවා වැඩි ආරක්ෂාවට. බීමත් කැබ් රියදුරා පසුපස ඉන්දවා මගියම කාර් එක ගෙනගිය ඇත්ත සිද්ධියකුත් මම දන්නවා. සමහරවිට මේකත් එහෙම එකක් වෙන්න පුළුවන්. ලංකාවේ රියපැදවීම් කරන නොසැලකිලිමත් ක්‍රමය අපිට පුරුදු වුනාට, විදේශිකයන්ට හරි බය හිතෙන දෙයක් (නි)
මේ රියදුරා වාහනේ එළවලා තියෙන්නේ මෝඩයෙක් වගේ. සුද්දා කිහිප වරක්ම අවවාද කලත් ඔහු ගණනකට ගත්තේ නැහැලු. කොහොමද අපේ අයගේ රිය පැදවීම. (නි)
මංජු ඔබ හරියට හරි. ඔතන තිබෙන්නේ ඉංග්‍රීසි දැනුමේ ප්‍රශ්නය. (නි)
එස් එල් ටී කේ, ඔබේ කතාවෙත් ඇත්තක් තිබෙනවා. (නි)
හරියට දෙයක් දන්නෙ නැතුව කාටවත් චෝදනා කරන එක වැරදියි (දී)