ආගම්වාදී ජාතිවාදී ගැටුම් අවශ්‍යව ඇත්තේ ආණ්ඩුවට බවත් ජනතාවගේ සෑබෑ ප්‍රශ්න යටපත් කොට ආගම්වාදය අවුලුවා එමගින් ජනතාවගේ අවධානය වෙනත් පැත්තකට යොමු කරවා ගැනීමටත් රතුපස්වල වෙඩි තැබීම නිසා නිර්මාණය වු ආණ්ඩු විරෝධි මතය යටපත් කැර ගැනීමටත් මෙවැනි සිදුවීම් ආණ්ඩුවට අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ කියයි.
එබැවින් ආණ්ඩුවේ පටු දේශපාලන වුවමනා ඉටු කරන මෙවැනි ගැටුම්වලට දායක නොවීමත් ඒවා හෙළා දැකීමත් සාධාරණයට ගරු කරන සියලු ජනතාවගේ වගකීම බවද අන්තවාදී ප්‍රචන්ඩත්වය පසුබිමේ ඇත්තේ ආණ්ඩුවේ දේශපාලන බලය හා අනුග්‍රාහය බවද එම පක්ෂය කියයි.
පසුගිය දහ වැනිදා කොළඹ ග්‍රෑන්ඩ්පාස් මුස්ලිම් පල්ලියකට පහරදීමේ සිදුවීම පිළිබදව ජවිපෙ නිවේදනයක් නිකුත් කරමින් මෙසේ කියා සිටී.
ඔවුන් මෙසේද කියයි.
හුදු එදිනෙදා පැවැත්ම පිළිබඳව පමණක් සැළකිලිමත් ආණ්ඩුවක අනුග්‍රහය ඇතිව දිගහැරෙන මෙවැනි ප්‍රචණ්ඩකාරී සිදුවීම් ආණ්ඩුව විශ්වාස කරන පරිදි ආණ්ඩුවේ බලය ශක්තිමත් කරන්නේද නෑ. ඒ වෙනුවට මෙවැනි සිදුවීම් පාර කපන්නේ රටටත් ජනතාවටත් ව්‍යසනය කැදවන තවත් අධිරාජවාදී මැදිහත්වීම්වලටය.බලපෑම්වලටය. මේ තත්ත්වය තුලදී ජාති වාදී හා ආගම්වාදී අන්තවායේ කිසිදු මැදිහත්වීමකට ඉඩ නොදිය යුතු බවත් අන්තවාදී ප්‍රචණ්ඩත්වයට නිලලත් හා නොලත් අනුග්‍රහය පළ කරන ආණ්ඩුවේ දේශපාලනය පරාජය කුල යුතු බවත් සිංහල,දෙමළ,මුස්ලීම් සියලු ජනතාවට දැනුම් දෙන බවද පැවසීය.එසේම ග්‍රෑන්ඩ්පාස් සිදු වීමට වගකිවයුතු සියලු පාර්ශවයන්ට එරෙහිව නීතීමය ක්‍රියා මාර්ගයන් ගත යුතු බව ආණ්ඩුවට බල කරන බවද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතිනම් ඔය වේදිකාවල සුළුජාතිකයනට අන්තවාදීන් විසින් අපහාස කරන කට්ටියට ආණ්ඩුව විසින් ගත්තු ක්‍රියාමාර්ග මොනවාද? සිහලුනේ නැගිටියව් ! (ස)
සත්‍යපාල මහත්තය හරියට හරි ..මෙයාල ඇගිල්ලක් දික් කලාම මෙයාලට ඇගිලි හතරක් එල්ල වෙනවා කියල මෙයාල දන්නේ නැති එක තමඊ ප්‍රස්නේ...
චීනේ බෞද්ධ රටක් කියල හිතන කට්ටියට අනාගතේදී බලාගන්න පුළුවන් (දී)
රටේ දේශපානය ගැන අවබෝධයකින් කතා කරනවානම් තමා වැඩිය සුදුසු අනුන් කියන දේවල් අහුලාගෙන කියනවට වැඩිය .මේ ආණ්ඩුවට එළිපිට කඩේ යන අය. ඒක නවත්වලා රටේ සිද්දවෙන දේවල් ගැන මීට වැඩිය වීවුත්‍ර මනසකින් හිතන්න පුරුදු වෙන්න .එතකොට කව්ද ඇත්ත කියන්නේ කියලා තමන්ටම අවබෝධ වේවි .නැතිව කාටවත් නින්දාකරලා, අපහසකරලා,ගරහාලා මේ ප්‍රශ්න විසදන්න බැහැ.තමන්ට තමන්ගේ හිත රවට්ටගන්න නම් පුලුවන්වේවි. නිදහස්සින් පසු ආපු හැම ආණ්ඩුවක්ම බලයට එන්න හා බලය රැකගන්න ජාතිවාදය,ආගම්වාදය හා කුලවාදය ඉතා නින්දිත ආකාරයට පාවිච්චිකලබව මේ රටේ බුද්දිමත් ජනතාව දන්නවා .අද මේ ආණ්ඩුව ඒක ඉතා නිර්ලජ්ජිත ආකාරයට පාවිච්චිකරනවා ඒවායේ ප්‍රතිපල තමයි ඔය ලැබෙන්නේ ඒවාට ,මේ රටේ මේ වගේ ආණ්ඩු පත්කරගන්න චන්දයදීපු අපිත් වකියන්න ඕන .ඒ වගකීම බාරගන්න බැරි අය තමයි මේ විදිහට අනිත් අයට චෝදනා කරන්නේ .මතක තියාගන්න්න තමන් එක ඇගිල්ලක් දික් කරනවිට තමන්ට ඇගිලි හතරක් දික් වෙන බව . (දී)
"ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ට්‍රෝලර් යොදවා මාළු ඇල්ලීමට චීනයේ සමාගමකට අයිතිය හිමිවන ගිවිසුමකට අනුව ඉදිරි කාලයේදී චීන නැව් හතළිහක් ශ්‍රී ලංකා කොඩිය ද සහිතව මෙරට මුහුදේ මාළු ඇල්ලීමට පටන්ගනු ඇත".රතු මල්ලිලා ඉඳලත් මෙහෙමනම් රතු මල්ලිලා නැතිනම් මේ වෙනකොටත් ලංකාව චීනෙට සින්නක්කරයටම විකුනම් කාල ඉවරයි. (ස)
මට කියන්න තියෙන්නේ සත්‍ය හරියට වතුරේ ඔබාගෙන ඉන්න රබර් බෝලයක් වැන්නය එය කොයි මොහොතේ හෝ මතුපිටට පැමිණේවි. (ස)
කවුරු කවුරුත් කරන මේ වැඩ දැන් හැමෝම හොදින් තේරුම් අරගෙන ඉන්නේ (නි)
අසේල, ඒකනම් ඇත්ත. අන්තවාදය ගැනත් ප්‍රචණ්ඩත්වය ගැනත් ඉතාම හොඳින් දන්නා කට්ටියක් ඒ ගැන කතාකරනකොට ඒකේ යථාර්තය අපි තේරුම් ගන්න ඕනෑ. (නි)
කපටි දේශපාලඥයෝ සහ මෝඩ මිනිස්සු...... (නි)
කතාව සම්පූර්ණ ඇත්ත. මේ විපාකය අද ඔබලා පමණක් නොවේ මුළු රටක්ම අත්විඳිනවා. (නි)
සමහරු හිතන්නේ තමන් කියන දේ තමයි හරි කියලා (නි)
කොහොම උනත් මේ අය කියන කතාවෙ යම් ඈත්තක් තියෙන බව පෙනෙනවා.මෙසේ සුලු ජන කොටස් වලට අසාධාරණ ලෙස පහර දිම හෙලා දෑකිය යුතුයි (ස)
සම්පුර්න ඇත්ත.අබ ඇටයක තරම්වත් මොලයක් නැති බත් බුදින වෘෂබයන්ට නොපෙනෙන ,නොදැනෙන ,සත්‍ය මෙයයි.රටේ අවාසනාවට බහුතරයක් සත්‍යට පයින් ගසා බොරුවට වශී වී බොරුව වැළඳ ගන්නවා.(ස)
මේ මිනිස්සු ඉතින් හැම දෙයකටම චුරු චුරු ගැන එක තමා කරන්නේ, කරන්න පුළුවන් ඇති වැඩකුත් නැහැ කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නැහැ.හැම දාම එකම තැන. මම පුංචි කාලේ ඉඳලම මේ මිනිස්සු කරන්නේ මේ දැන් කරන දෙයම තමා. (අ)
මේ ගොල්ලන් පක්ෂය නඩත්තු කරන්ඩ මොනා හරි හොයා හොයා ඉන්නවා මිසක් වැඩක් කරන කට්ටියක් නෙවෙයි. නැත්තන් රටට වැදගත් කොච්චර දේවල් තියනවද හිතලා බලල කරන්න. මමත් එක සැරයක් ඡන්දෙ දුන්න. දැන් ඒ ගැන දුක් වෙනවා. (ස)
පරණ කතාවක් තියෙනවා ""කාගේ කාගේ කිල්ලෝට වලත් හුණු තියෙනවා "" කියලා. ඒක තමයි ඇත්ත. (ස)
අග විනිසුරු දෝෂාභියෝගයට රිසානා , විදුලි බිලට හලාල් , පුෂ් බජට් එකට ආකාස වස්තු , වැලිවේරියට ග්රෑන්ඩ් පාස් . (ස)
අන්තවාදී ප්‍රචණ්ඩත්වයක් රටේ ඇති කරලා ජිවිත දේපල විනාසකෙරුව මදිවට දැන් බන කියනවද? (ස)
ඇත්තටම මෙම ප්‍රශ්න දිග හරින්නේ ආණ්ඩුවේ පාර්ශව බව අපට පැහැදිලි වෙනවා. (අ)
අපෝ ...ප්‍රචණ්ඩත්වය ගැන දන්නෙම නැති අයනේ..මෙයාලා. (ස)
දිනේෂ්,ඔයා කියන්නේ එහෙනම් ජවිපේ එකවත් කතා නොකර කටවල් වහගෙන ඉන්නද?මම හිතන්නේ සහෝදරවරුන්ට කඩේ යනවා වගෙයි . එකේම ඉන්න බව මතක තියාගන්නවා. (අ)
මේ රටේ අවුල් ඇති වෙනවට වඩාත්ම කැමති පිරිස තමයි මේ පිරිස..ඔවුන්ගේ පැවැත්ම තියෙන්නේ රට අවුල් වුණ තරමට තමයි.ඕනෑම ප්‍රශ්නයක්, ඕනෑම උද්ගෝෂණයක්, ඕනෑම ප්‍රචණ්ඩ ක්‍රියාවක පසු පස මෙයාලගේ බළල් අත් තියෙනවා.ඉස්පිරිතාල ලඟ ඉන්න මිනී පෙට්ටි කඩකාරයෝ වගේ මෙයාලත් බලන් ඉන්නේ කොතන හරි ප්‍රශ්නයක් ඇති කරලා දෙතුන් දෙනෙක් බාව ගෙන එ මළමිනී විකුණා විකුණා තමන්ගේ බංකලොත් දේශපාලනේ හෙළුව වහ ගන්න..මෙයාලට අවශ්‍ය පිළිතුර ජනතාව දීල තියෙන්නේ..යන්තම් පොන්සේකා මහත්තයට පින් සිද්දවෙන්න දෙතුන් දෙනෙක් පාර්ලිමේන්තුවට රිංග ගත්තට ලබන පාර ඕකත් නැති වෙනවා. (අ)
මේ ඔක්කොම එකයි (අ)
ඉස්සාගේ ඔලුවේ ජරාව තියාගෙන මම සුදනා කියනවලු.අපි නොදන්නා ජප්පෝ. (අ)
සුනෙත් ,රතුපස් වලදී මරුන නම් මිට වැඩිය හොදයි (අ)
රතුපස්සලට බැනපු අය ග්‍රන්පස්ස් සිදිය ගැන මොකද කියනේ. (අ)