මැදවච්චිය ඇටඹගන්කඩ හා කුඩාවැව සැරිසැරූ මහකනදරාවේ අන්ධ ඇතා වෙඩි තබා මරා දැමූවන් ගැන තොරතුරු දෙන අයට වනජීවී භාරකාර අමුදලින් රුපියල් දෙලක්ෂයක තෑග්ගක් දීමට තීරණය කරයි. ඇතාගේ දළ දෙකද කපාගෙන ගොස් ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරන් කඩු හොරකමේ වගේ ඡායාරූපයක් පළ කළා නම් අපි දෙනවා ඔත්තුව. (නි)
ලුම්බිණි ,ඇත්දළ හොරකම් කරන්නේ ප්‍රදර්ශනයට තියන්න නෙමෙයි...සල්ලි සල්ලි සල්ලි...බල්ලොත් නොකන සල්ලී....නිසයි (ස)
දළ දෙක ලක්ෂ 2 ක් වත් වටිනවා ඇති (ස)
සුදු වෑන් අවශ්‍ය වේ නම් සැපයිය හැක. (නි)
තෑගි මුදල තව පොඩ්ඩකින් වැඩිකර හෝ මෙම අපරාධකරු අල්ලාගත යුතුයි. (නි)
හොඳ වැඩක් (ස)
මේ වගේ වැඩ කරන අය මරලත් මදි (ස)
වැඩේ පාඩුයි..මිනිහව අල්ලලා උසාවි දැම්මත් දඩය රු. 150000 යි. ඉතින් ඉතිරි රු. 50000 පාඩුයිනේ (ස)
දෑනට ලක්ෂ දෙක කොහෙද තියල තියෙන්නෙ! (ස)
ලක්ෂ දෙකක් දෙනවා කියන එකෙන්ම මොකක්ද පැහැදිලි වෙන්නේ? (නි)
අන්ධයෙකුගෙන්ම අහලා පින්තූරයක් ඇන්දා නම් හරි. (නි)
පහුගිය කාලේ අර කියපු දිගම දළ ඇති ඇතා මැරුව කතාවේ ඒ දළ දෙක දැන් තියෙන්නේ කොහේද? (නි)
ඔය කේස් එකත් අනුර මහත්තයාටම භාරදුන්නා නම් නිකන් මෙලහකට විසදලා ඉවරයි. (නි)
මෙහෙම අලි ඇතුන් මරන රටක කොහේද සංචාරක කර්මාන්තයක් දියුණු කරන්නේ? (නි)
ලංකාවෙ අයියලාගෙ හැටි වනජීවි එකේ මහත්තුරු දන්නවානෙ. ඉතිං එහෙනම් මේ අන්ධ ඇතා ගැන මීට වැඩිය සැළකිළිමත් වෙන්න තිබුණා නේද? (නි)
ඇත්තටම මේ ගැන අහනකොට බයක් ඇතිවෙනවා. මෙතරම් 'අලි' මුදලක් තෑගි ලබාගෙන ඔත්තුව දුන් අයට පසුව 'අලි' කරදරයකට මුහුණ දෙන්න සිදුවෙයි කියලා. (නි)
මහ පාපකර්මයක්. අනික මූ අන්ධ ඇතෙක්. නිසි දඩුවම් දියයුතුයි. (නි)
දළ දෙක උණු කරලා විකුණලාද ? (ස)
මේ අලියා මැරුව කෙනා අහුවුණහම එයාට අවුරුදු 10ක විතර සිරදඩුවමක් දුන්නා නම් හරි, ලොකු දඩයකුත් එක්ක. (නි)
එතකොට අලින් විසින් මිනිසුන් මැරූ කල අලින්ට දෙන දඩුවම කුමක් වේද? (නි)
මෙක ඉතින් හොයන්න වෙන්නෙ හිටපු සහ ඉන්න, පළාතෙ නම ගිය දේශපාලඥයන්ගෙ ගෙවල් වලින් තමයි. ඔය පැත්තෙ ඉතින් වැරදි වැඩක් කරන අය කවුද කියලා හැමෝම දන්නවා. ලක්ෂ දෙක වගේද දරු පවුලයි ජීවිතෙයි. ගමේ කඩ පිලට ගියානම් ලේසියෙන් හොයාගන්න තිබුණා. (නි)
අයියෝ! ඕක මොකක්ද? ඇතා මරපු කට්ටිය ලක්ෂ 10ක් දෙයි කියන්න එපා කියලා. (නි)
අනිවාර්යයෙන්ම කිසිම තොරතුරක් ලැබෙන්නේ නැහැ.. මොකද නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නිසා..!(නු)
මේ තිරිසන්නුන්ට යන්න අපායක් වෙනම මවන්න වෙයි. (නි)
මේ ගැනනම් මට මුකුත් කියන්නවත් හිතෙන්නේ නෑ (ස)
මේ මව් රටේ සුන්දර නැත මා දන්නේ කලුවර පමණි මට තනියට ළග ඉන්නේ ගස් ගල් වල හැපී වැටෙමින් මම යන්නේ අසරණ මටම කවුදෝ මේ ගිණි දුන්නේ (නි)
සරත්ගේ කතාව හරියට හරි. අන්තිමට වන්දි ගෙවන්න වෙන්නේ පවුල් පිටින්. (නි)
ගිය සතියේ වතුර ගේන්න ගිහින් අලියා ගහලා මරපු කාන්තාවගේ පවුලට වන්දියක්වත් දුන්නාද?... (නි)
මරපු මිනිහගේ හත්මුතු පරම්පරාවටම මේක බලපානවා. (නි)
දැනගත්තට කියන්න බෑනේ . බේරෙන්න කෝටියක්වත් යයි (ස)
දළ දෙක ගන්නද නැත්තම් ඇතා මරපු එකට දඩුවම් කරන්නද (ස)
දිට්ට ධම්ම වේදනීය කර්මය පළ දෙන්න ඕනෑ. (නි)
මුදල් දෙන නිසා ඔත්තුව නියමෙටම ලැබෙයි. (නි)
රජ කාෙල් දුන් දඩුවම වලින් එකකි ,අලියකු ලවා පාගා මැරවීම. අලින් මරන සියල්ලන්ටම ඒ දඩුවම ලබා දි එයාලගේ අඹු දරුවන්ට රජය මගින් ජීවත්වීමට ආධාරයන් ඒ දරුවන් වයස 18 වන තුරා ලබාදීමයි කළයුතු. (නි)
අපෝ කිව්වට පස්සේ දොෂාභියෝගයක් ගෙනාවොත් (ස)
සතාව මැරූ අයත් දවසක ඔය වගේම කුණුවෙලා යයි (ස)
මේක ඉතාම හොඳ වැඩක්. දෙන තෑගි මුදල තව වැඩි කලයුතුයි. මේ වගේ අපරාධ කරනවුන්ට කිසිම සමාවක් නොදිය යුතුයි. ඒ වගේම ඇත් දළ ප්‍රදර්ශනයට තියන එක නීතියෙන් තහනම් කල යුතුයි. (ස)
හොඳයි...මේ වාගේ මනුෂ්‍යත්වයට නොවටින වැඩ කරන අය අල්ලලා පණපිටින් දත් උගුල්ලන්න ඕනෑ... දැන් ඉතින් එකට වැඩේ කරපු උන්ම පාවා දෙයි ලස්සනට (ස)