IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අනුන්ගේ බෑග් ගෙනවිත් දඩ කයි

 රුපියල් දස ලක්ෂ හැටදහසක් වටිනා  ජංගම දුරකතන හත්සිය අසූ පහක් සහ අයි ටැබ් ඇන්ඩ්‍රොයිඞ් සන්නිවේදන උපකරණ තිස්හතරක්  නීති විරෝධී ලෙස ඩුබායි සිට මෙරටට ගෙන ඒමට උත්සහ කළ ශ‍්‍රී ලාංකිකයෙකුට රුපියල් හතලිස් පන්දහසක  දඩයක් නියම කළ රේගුව එම උපකරණ  තොගය රාජසන්තක කළේය.

සැකකරු   දෙමටගොඩ  ප‍්‍රදේශයේ පදිංචි  තිස් නව හැවිරිදි  ජංගම දුරකතන උපාංග ව්‍යාපාරිකයෙක් බවත්  ඔහු  වෙනත් අයෙකුගේ  ගමන් මලු දෙකක් ගුවන්තොටුපොළෙන් පිට  කිරීමට උත්සහ කර ඇති බවට  පරික්ෂන වලදී අනාවරණය වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යන්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

මෙහු   ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 226 දරණ ගුවන්යානයෙන්  ඩුබායි සිට මෙරටට පැමිණ  රේගුවට භාන්ඩ කිසිවක් පෙන්වීමට නැති මගීන්ගේ මාර්ගය ඔස්සේ පැමිණ    කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටවීමට උත්සහ කර ඇත.

ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාට මේ පිලිබදව ලැබුනු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සතුව තිබූ ගමන් මළු දෙකක මෙම උපකරණ තිබුන බව රේගුව කියයි.

රේගු නිලධාරීන් විසින් සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී  අදාල ගමන් මළු දෙක වෙනත් අයෙකු  විසින්  ගුවන්තොටුපොළ ගමන් මලූ පතයේදී තමන්ට ලබා දුන් බවත් එය පිටතදී  යලි ලබා ගන්නා බවට  එම පුද්ගලයා පැවසූ බවත් රේගුවට පවසා ඇත.

අදාල ගමන් මලු පරික්ෂා කිරීමේදී ඒවා වෙනත් පුදගලයෙකුගේ නමින් නම් කර තිබූ බව රේගුව කියයි.  එමෙන්ම තමන්ගේ ගමන් මලු ගෙනයාමට පිටස්තර පුද්ගලයන්ට  බාර නොදෙන ලෙසත්  පිටස්තරයින්ගේ ගමන් මලු බාර ගෙන අනවශ්‍ය කරදර ඇතිකර නොගන්නා ලෙසත් රේගුව ජනතාවට දැනුම් දෙයි.

මේ පිළිබද විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී ව්ජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ  අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික‍්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන එච්.එන් විජේතුංග, සී විජේතුංග සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ඒ.ඒ.සී.පී ඩයස්, ඒ.එල්.එම්  ෆසීම්, කේ.ඊ.ජී සමීර, කේ.එල්.ටී කුමාර, ජේ.ජේ අබේසිරිවර්ධන, ඊ.පී නන්දසිරි යන නිලධාරීහු සිදු කළහ.

  
 



අදහස් (0)

අනුන්ගේ බෑග් ගෙනවිත් දඩ කයි

පුබුදු Sunday, 23 June 2013 06:47 AM

රේගු නිලධාරින්ට ස්තූතිය පුද කරමි ! (නි)

:       0       0

සෙනරත් Sunday, 23 June 2013 07:28 AM

ඉතින් ඔය එක ෆෝන් එක බැගින් අපිට බෙදා ගන්න බැරිද? (නි)

:       0       0

තුෂාරි Sunday, 23 June 2013 08:04 AM

ජංගම දුරකථන උපාංග ව්‍යාපාරිකයෙක් ජංගම දුරකථන ගෙනත් අහුවුනාම කියනවා අනුන්ගේ මලු දෙකක් නොදැන ගෙනිහින් දෙන්න බාර ගත්ත කියලා..??? (නි)

:       0       0

ලහිරු Sunday, 23 June 2013 08:20 AM

මම දන්නා කෙනෙක් ඉන්නවා. මිනිහ නිවාඩු මාසේ දෙතුන් පාරක් ලංකාවට ගිහින් එනවා ඩුබායි ඉදලා. ගෙනියන්නේ සිකරට් විතරයි සුට් කේස් එක පිරෙන්න. කිසි ප්‍රශ්නයක් නැතුව කාලයක් තිස්සේ හොරෙන් කරගෙන යනවා. මේවා නවත්වන්න පුළුවන් නම් අපේ කොල්ලන්ගේ ජිවිත අනතුරෙන් අඩුකරගන්න පුළුවන් නේද? (නි)

:       0       0

මොහමඩ් Sunday, 23 June 2013 03:12 PM

ගමගේ මහත්තයෝ, මොකද ඔයා සෑම දේම අසුබවාදී විදියට බලන්නේ? රේගු නිලදාරීන් කරන්නේ තමන්ගේ රාජකාරිය. ඔබ එන විට සමහරවිට පරික්ෂා කරලා ඇති. එය ඔවුන්ගේ රැකියාව. නිතරම හොඳ දෙයට හොදයි කියන්න පුරුදු වෙන්න. ඔවුන්ව තව දිරිමත් කරන්න. නොදැක්ක නොදන්නා අල්ලස ගෙන නොකියා. අල්ලස් ගන්න නිලධාරීන් ඉන්නවා තමා. එය මෙතනට අදාළ නොමැත (නි)

:       0       0

ආනන්ද Sunday, 23 June 2013 09:39 AM

මට මතක් වුනේ අර කිතුලට ගිය මිනිහ.තණකොළ කපන්න. (අ)

:       0       0

නාලක Sunday, 23 June 2013 03:39 PM

ඩුබායි වල ඉඳල කොළඹට එන වෙන මගියෙකුට අයත් බර ප්‍රමාණය සල්ලි වලට අරන් (කිලෝ එකට යම්කිසි රුපියල් ගණනක් ගෙවලා) කරපු වැඩක්ද මන්දා මේ. (නි)

:       0       0

ගමගේ Sunday, 23 June 2013 10:06 AM

මේවගේ එකක් දෙකක් අල්ලයි. ගානක් හම්බවෙලා නැතිව ඇති. අපි දන්නවා ගොඩක් අය ගානක් දීල කිසි ගානක් නැතිව ඔහේ එලියට අරන් යනවා ඕනෑතරම් බඩු. අපි අවුරුද්දකට දෙකකට වතාවක් එනකොට තමා අපේ බෑග් අවුස්සලා ඔක්කොම හොයන්නේ. එතකොටනම් මල පනිනවා මොනවා කරන්නද. තියෙන ටික පෙන්නලා තෑන්ක් යූ කියල එලියට යනවා.(අ)

:       0       0

ගැමුණු Sunday, 23 June 2013 10:21 AM

වෙන කෙනෙකුගේ බඩු පොදි වලට මෙයාගේ බඩු ගුවන් තොටුපලේදී දාගත්තේ නැහැනේ. (අ)

:       0       0

බමුණූආරච්චි Sunday, 23 June 2013 10:22 AM

ටැග එකෙන් නියම අයිතිකරු සොයා ගත්තම එයාට කියන්න බැහැනේ මේ මගේ බඩු නොවෙයි කියලා. (නි)

:       0       0

නීල් Sunday, 23 June 2013 10:35 AM

මොහු ඇත්තටම ගමන්මලු කොපමණ සංඛ්‍යාවක් ගෙනාවාදැයි ගුවන්සේවයේ සිස්ටම් දත්ත වලින් සොයගතහැකියි නේද?(අ)

:       0       0

ටුආන් Sunday, 23 June 2013 11:17 AM

දැන් කවුද මේකෙ වගකීම භාරගන්නෙ? (නි)

:       0       0

සුනිල් ලන්ඩන් Sunday, 23 June 2013 06:44 PM

ඔය වගේ දේවල් ඕනෑ තරම් අහල තියෙනවා.දෙන්නම එක්කෙනාම තමා. (නි)

:       0       0

දම්මික පෙරේරා Sunday, 23 June 2013 02:54 AM

පළමුව රේගු නිලධාරීන්ට ස්තුතිය පුද කරමි. ඔබගේ සේවය අගය කරමි. රජයට ලැබිය යුතු බදු මුදල් නොගෙවා හොර පාරෙන් නීති විරෝධී වෙළදාම කර රටේ මුදල් විදේශයට අදින හොර මිනිසුන්ට මෙය හොඳ පාඩමක් (නි)

:       0       0

නාලක Sunday, 23 June 2013 02:56 AM

මේ වගේ ගොඩක් දේවල් රාජසන්තක කරනවා. එහෙම රාජසන්තක කරන දේවල් වලට මොනවාද වෙන්නේ? (නි)

:       0       0

උපාලි Sunday, 23 June 2013 05:50 AM

ජංගම දුරකථන උපාංග ව්‍යාපාරිකයෙක් ජංගම දුරකථන ගෙනත් අහුවුනාම කියනවා අනුන්ගේ මලු දෙකක් නොදැන ගෙනිහින් දෙන්න බාර ගත්ත කියලා. පිස්සු හැදෙනවා අපිටත්... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1151 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2160 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1032 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 223 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2491 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1731 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37868 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24954 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site