පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 600ක් වටිනා සිල් රෙදි බෙදාදීම සම්බන්ධයෙන් හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනාට අවුරුදු තුනක බරපතල සිරදඬුවම් නියම කිරිමට මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (7) නියෝග කළේය.
එක් අයකුට ලක්ෂ 20 බැගින් වු දඩ මුදලක් ද මිලියන 50 ක වන්දියක් ද විදුලි සංදේශන නියාමන කොමිසමට ගෙවන ලෙස ඔවුනට නියම කැරිණි.
මහ කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වි මඩ වැඩ අවසන් වෙමින් පවතියද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට තවමත් සහනාධාර පොහොර මුදල් නොලැබී ඇති බව ගො
රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ’’අම්බර්’’ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකුඅනුරාධපුර පූජා නගරයේදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිස
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
හම්බන්තොට සූරියවැව අඩි 100 මාර්ගයේ බැල්ලගස්වැව ප්‍රදේශයේදි වල් අලි දෙදෙනෙක් ද්වන්ධ සටනක යෙදී සිටියහ.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අනුෂ පැල්පිට - ලලිත් වීරතුංගට වසර තුනක සිරදඬුවම්
Siriseena Thursday, 07 September 2017 07:18 AM
මෙන්න නියම ව්‍යාපාර. මිලියන 600 කට ගෙවන්න ඕනේ , දඩය ලක්ෂ 20 අවුරුදු 3. කරනවානම් මල්ලි මෙන්න ව්‍යාපාර... බලන්න ඕනේ පොඩි මිනිස්සු රුපියල් 5000 මිසින් උනොත් කරන දේ......
danushka Thursday, 07 September 2017 07:19 AM
කකුළුවා නැළියේ දිය රත්වෙන තුරු දියකෙලි
senanaayaka Thursday, 07 September 2017 07:25 AM
රට යහමගට ගැනීමට ගිහාන් කුලතුංග වැනි නිර්බීත, අදූෂිත,අවංක විනිසුරන් බෙහෙවින් ලංකාවට අවශ්‍යව ඇත. විනිසුරුතුමනි, ඔබට අපගේ ගෞරවනීය ආචාරය පුදකරමු.
TOPA Thursday, 07 September 2017 07:31 AM
නියමයි
Rohan Thursday, 07 September 2017 07:33 AM
මේ අවබාවිත කල මුදල නම් සුළුපටු නොවේ.රු.600000000/- වෙනවා.බින්දුම කීයක්ද?
බුද්ධික Thursday, 07 September 2017 07:34 AM
ගරු ජනාධිපතිතුමනි කරුණාකරල මොවුන්ට ජනාධිපති සමාව දෙන්න නම් එපා. ගරු නීතිපතිතුමනි වැඩිකරන ලෙස ඉල්ලා අභියාචනා කරන්න
dahamThursday, 07 September 2017 07:59 AM
මේ මිනිස්සු හොරකම් කරලා නැහැ කීයක්වත්. සිල් රෙදි බෙදල මිසක් ගෙදර ගෙනිහින් නැහැ. ඡන්දයක් තියන්නකෝ, ජන මතය පෙන්නන්න.
SalindaThursday, 07 September 2017 08:23 AM
හොරකම් කරල නෑ ... වෙන අයට හොරකම් කරන්න දොර ඇරල දීල තියෙනවා. හොරකම් කරපු අයත් හොරකම් කරල යනකොට ගානක් සාක්කුවට දාල ගිහින් තියෙනවා. දොර ඇරියෙ මේ අය නිසා දොරේ තිබුනු ඇගිලි සලකුනු වලින් මෙයාල අහුවුනා ... නියම හොරා සහ හොරකම් කරපු මුදල් අහුවුනේ නෑ ... හොහොම වුණත් දොර ඇරල දීපු එකත් වරදියි .. මොකද මේ එයාලගෙ ගෙදර දොර නෙවෙයිනෙ ...
Anton austriaThursday, 07 September 2017 08:35 AM
දහම් සහෝ ඡන්දයක් තිබ්බොත් ජන මතය පෙන්වන්න ඔයාද කෝටි 1 ක ඡන්දය දන්නේ
HafeelThursday, 07 September 2017 08:53 AM
එක ඉතින් මහජන මුදලින්ද කරන්නොන? තමන්ගේ පුදලික ධනයෙන් කරන්න තිබුන. එකත් කළේ රට ජාතිය වෙනුවෙන්ද?
බුද්ධික Thursday, 07 September 2017 09:41 AM
දහම් ඔබට අනුව යමෙක් වැරදිකරු ද නිවැරදිකරු ද කියලා තීරණය කරන්නේ ඡන්දයෙන් ද? හොඳට හිටියි එහෙම කළොත්. මම කියන්නේ නීතිපතිවරයාට පුළුවන් අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන්න තවත් දඬුවම වැඩි කරන්න කියලා. එහෙම කරන්න ඕනෑ මේ රටේ මේ අශිෂ්ට දේශපාලන සංස්කෘතියට තිත තියන්න. නැතුව කාගෙන්වත් පලි ගන්න නොවේ. මිනිස්සුන්ට වැරදි නොකර ඉන්න ලැජ්ජා බය තියෙන්න ඕනෑ. ඒකට නීතිය තදින්ම තියෙන්න ඕනෑ
sanjeeva Thursday, 07 September 2017 07:38 AM
වීරතුංග මහත්මය කෙරුවේ එයාට අවශ්‍ය දෙයක් නෙවෙයි.. එයා කෙරුවේ එයාගේ ලොක්ක කියපු දේ. මේ මනුස්සයා මම දන්නා තරමින් බොහොම හොද කෙනෙක්.. පවු වැඩේ
NalinThursday, 07 September 2017 07:54 AM
මොනවා කරන්නද, ඒ දවස්වල මේ හැමෝම රුකඩ වගේනේ...
SalindaThursday, 07 September 2017 08:11 AM
ඔබතුමා නොදන්නව උනාට රජයේ සෙවකයන්ට එහෙම එක එක්කනා කිව්වා කියල ආයතන සංග්‍රහයට පිටින් වැඩකරන්න බෑ. විශෙෂයෙන්ම මහජන මුදල් මේ වගේ කොහෙත්ම අදාල නැති දේවල් වලට වියදම් කරන්න බෑ. මේ දෙන්නම් රාජ්‍ය සේවයේ බොහෝ අත්දැකීම් තියෙන ඉහලම නිලධාරීන්. මේ අය මෙව කරල තියෙන්න මේ සියල්ල දැනගෙන තමන්ට ලැබුනු වරප්‍රසාද රැකගන්න ඕන නිසා.
sanjeevaThursday, 07 September 2017 09:05 AM
ඔබතුමාගේ ප්‍රකාශය ඇත්ත..
Upali GunasekaraThursday, 07 September 2017 08:47 AM
ලලිත් වීරතුංග ඉතාම දක්ෂ අවංක නිලධාරියෙක්. ඉතාම හොඳ මහත්මයෙක්. නීතියේ හැටියට ලොක්ක කිව්වා නිසා කෙරුව කියන එක නිදහසට කරුණක් නොවන බව ඇත්ත. දුෂ්ඨ දේශපාලුවන්ගේ පව් වලට කරගහන්න ඔබට සිදුවීම ගැන මම සැබවින්ම දුක්වෙනවා.
sanjeevaThursday, 07 September 2017 09:15 AM
ඔබ හරි.. ඇත්තටම රජයේ සේවය කියන්නේ අවුරුදු 55-60 ට පෙර නම් කොච්චර ගරු ගාම්භීර රස්සාවක් ද ? ඉස්සර කාලයේ රජයේ සේවයේ කෙනෙක්ව හම්බවෙනවා කියන්නේ රජෙක් හම්බවෙනවා වගේ තත්වයක්. ඒ කාලයේ මන්ත්‍රීවරු කෙරුවේ අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් උපදෙස් අරගෙන එම උපදෙස් අනුව ක්‍රියා කරන එක. මොකද ඒ කාලේ හිටපු රජයේ සේවකයෝ ඉතාමත් බුද්ධිමත් උගත් කට්ටිය.
NaradhaThursday, 07 September 2017 01:07 PM
පව් කරේ වෙන කෙනෙක්, විදවන්නේ තව කෙනෙක්.
perakum Thursday, 07 September 2017 07:48 AM
තව කීදවසද...? අරගොල්ල ආපු ගමන් මේගොල්ල එළියේ...! ජනාධිපති සමාව...!!
upaliThursday, 07 September 2017 11:46 AM
පැරකුම්, ඔබත් පිලිගන්නවා තව දින කීපයකින් අරගොල්ල බලයට එන්ව කියල. ඒකියන්නේ මේගොල්ලෝ තව දින කීපයකින් යනවා. හා හා ....
ramani Thursday, 07 September 2017 07:49 AM
මිලියන 600 = අවරුදු 3 නම් බැඳුම්කර මගඩිය = අවුරුදු කීයද?
ව්යාග්රයා Thursday, 07 September 2017 07:58 AM
ඔන්න හොරු අල්ලන්න පටන් ගත්තෝ. මෙතන ඉඳන් ඔක්කොම ඇතුලට යවන්න පටන් ගත්තොත් 2020 ඡන්ඳෙ ඉවර වෙනකන් එලියට එන්න ලැබෙන්න නැහැ,
upaliThursday, 07 September 2017 11:48 AM
"2020 ඡනදේ ඉවර වෙනකන් එලියට එන්න ලැබෙන්න නැහැ" ඒකියන්නේ අනික් ඡන්දෙදි මේගොල්ල ඉවරයි
ravin Thursday, 07 September 2017 08:02 AM
රජ්‍ය නිලධරුවනි !!! දේශපාලුවෝ කියන නීත්‍යනුකුල දේ පමණක් කරන්න. ඔබලාගේ හිත සුව පිණිස සියලුම අවනිති පිලිබඳ අදාල ලිපිගොනුවල සටහන් තබන්න ගන්න.
nandanakumara Thursday, 07 September 2017 08:02 AM
තෝරු මෝරු ඉන්දැද්දි හාල්මැස්සන්ට දඩුවම්
ජගත් ලියනගේ Thursday, 07 September 2017 08:04 AM
අවුරුදු 5000 වත් දාන්න ඕනේ .
savanthThursday, 07 September 2017 08:39 AM
එතකොට බැඳුම්කර සෙල්ලමෙන් හොරාකාපු අයට අවුරුදු කීයක් දෙනවද. ත්‍රස්තවාදයෙන් අහිංසකයෝ මරපු එවුන්ව අවුරුදු කීයක්ද?
daham Thursday, 07 September 2017 08:04 AM
අනිවාර්යයෙන්ම අභියාචනයක් එයි. මේ දෙදෙනා සිල් රෙදි ගෙදර ගෙනිහින් නැහැ. කිසිවක් හොරකම් කරල නැහැ. සිල් රෙදි බෙදලා. එකලු වැරැද්ද. මරු නේ.
Nandaka Thursday, 07 September 2017 08:06 AM
සිල්රේදී බෙදුවේ අප්පච්චිට උපාසක උපාසිකා ඡන්දදායකයන්ගේ ඡන්දෙ ගන්න බලාගේනනේ ..... මිලියන 600 ක් කියන්නේ කජු ඇටද කොස් ඇටද ? මිලියනය ගානේ දුන්නත් ගේමක් නැතිව ගෙවල් 600ක් හදල දෙන්න තිබුන ගෙයක් දොරක් හදාගන්න වත්කමක් නැති දුප්පත් මිනිස්සුන්ට !
rohan Thursday, 07 September 2017 08:15 AM
මොකද මෙයාල විතරක් කෝ මහා හොරුන්ට දඩුවම් නැහැ.
පිටිගල මිලානෝ Thursday, 07 September 2017 08:19 AM
රාජ්‍ය සේවයේ පළපුරුදු නිලධාරීන් හැටියට ඔබලාගේ එක කාර්යයක් විය යුත්තේ ආත්මාරතකාමී දේශපාලකයන්ට කඩේ යන එක නොව අනුවන නම් ඔවුන්ටද යුතු අයුතුකම් සහ රාජ්‍ය රෙගුලාසි කියාදීමයි. රට කරවන්නේ දේශපාලකයන් වුනත් එම යාන්ත්‍රණයේ සවිමත් දැති රෝද රාජ්‍ය සේවා නිලධාරීන්ය. මෙය හැමෝටම හොඳ පාඩමක්.
Deepal Nirosh Thursday, 07 September 2017 08:22 AM
මෙන්න රජයේ නිලධාරීන්ට හොඳ පාඩම්, දේශපාලඥයන් මොන නියෝග දුන්නත් තමන් පිළිපැදිය යුත්තේ පවත්නා නීති රීතිවලට අනුකූලවයි. වැරදිකරුවන් වෙන්නෙ පිළිපැදපු නිලධාරි මිසක නියෝග දීල ගෙදර ගිය දේශපාලුවො නොවෙයි. මහ බැංකු බැඳුම්කර මගඩියේ විත්තිකරුවන්ටත් මෙපරිදිම දඬුවම් නියම විය යුතුයි.
mahesh Thursday, 07 September 2017 08:29 AM
ඉතාම හොඳ තීන්දුවක් ! දේශපාලකොයන්ට වැරදි කරන්න පුළුවන් වන්නේ රාජ්ජ්ය නිලදාරීන්ගේ සහය ලැබෙන්නේ නම් පමණි . අනෙකුත් අයත් මෙය ආදර්ශයට ගනිත්වා ! හිස කෙලින් තබාගන වැඩකරන පරිසරයක් නිර්මාණය කිරීමට ඔහුන්ට ශක්තිය ලැබේවා!
සන්ජේ ද සිල්වා Thursday, 07 September 2017 08:35 AM
සුපිරිම තීන්දුවක්. අනිත් හොරාකාපු එවුන්ටත් හොරාකන එවුන්ටත් මේ දේම ලැබෙන්න ඕනේ. නීතිය උපරිම ක්‍රියාත්මක උනොත් විතරයි රටක් දිවුණු වෙන්නේ.
chamara Thursday, 07 September 2017 08:37 AM
අන්තිමට පවු ගෙවන්න උනේ ලංකාවේ ඉදපු දක්ෂම රාජ්‍ය නිලදාරියෙක් උන ලලිත් වීරතුංගට. මෙතුමා අවංක දක්ස්ෂ නිලදාරියෙක්.
sachith Thursday, 07 September 2017 08:37 AM
මිලියන 600 වංචා ක්‍රම ගෙවන්න ඕනි මිලියන 104යි. එතකොට මිලියන 396 සුද්ද ලාභය... දේශපාලකයන්ට හැම දේටම යර්ස් බොස් කියනවට රාජ්‍ය නිලධාරීන්ට හොද පාඩමක්.
raveendra Thursday, 07 September 2017 08:40 AM
ramani මිය වෙත, ඔබගේ ගණන් සැදීම පිලිබදව සතුටු වෙන අතර අප සැමටම බැදුම්කර තක්කඩින්ගේ දඩුවම් ගැන නිගමනයකට ඒමට පුළුවන් වන බවපැහැදිලිය. කෙසේවෙතත් තම තමන්ගේ හිතට කිසිවකුට බොරුකළ නොහැක.
siri Thursday, 07 September 2017 08:49 AM
ඉස්පිරිතාලේ තව සුපිරි වර්ගයේ ඇඳන් දෙකක් ඉතුරුවෙලා තියෙනවද?
උත්තරා බන්ඩාර Thursday, 07 September 2017 08:53 AM
ඔන්න යහපලනයෙන් පලමු හොන්දම ක්‍රියාව , දැන් ඔය වාගෙ ඔක්කොම හොරුන්ට තරාතිරම නොබලා නඩු අසා තින්දු කිරීම අගය කරනවා
mahee Thursday, 07 September 2017 08:54 AM
රජයේ නිලධාරීන්ගේ විනය නීති සංග්‍රහයේ තියෙනවා 'ඇමතිවරයා කිව්වත් ඊට විරුද්ධව ඇමතිට පෙරලා කරුණු ඉදිරිපත් කල බවට ඔප්පුකල නොහැකි නම් ඇමති කිව්ව නිසා කළාය යන්න නිදහසට කරුණක් නොවන බව. රජයේ නිලධාරීන් මේ ගැන හිතන්න. ඇමතිය කිව්වත් මිනිහට වරද පෙන්වල දීල ඒත් කරපන් කියනවා නම් ඔප්පු කල හැකි සටහනක් තියා ගන්න. වීරතුංග, පැල්පිට මහත්වරුන් මේ කරුමෙට අහුවුනේ ඇයි කියල දැන් තේරුම් අරන් ඇති.
naradha Thursday, 07 September 2017 09:05 AM
මේ සිල් රෙදි බෙදා දීම් වෙන කාගේ හෝ බලකිරීමක් උඩ සිදු උනාද කියා සොයා බැලිය යුතුයි. සමහරවිට මොවුන් රජයේ සේවකයන් ලෙස තමන්ගේ රැකියාව, දරු පවුල රැක ගැනීමට, තමන්ට ඉහලින් ආ නියෝග පිළිපැද්දා විය හැකියි. එසේනම්, ඒ වරද ඇත්තේ මේ දේවල් වලට නියෝග දුන් අය අතයි. මෙය හරියට ජලය සැමවිටම පහත් තැනින් ගලා යනවා වැනියි.
Indra Thursday, 07 September 2017 09:18 AM
හොඳ තීරණයක් විනිසුරුතුමාට මහජන ප්‍රණාමය.
ලුම්බිණි Thursday, 07 September 2017 09:49 AM
මම හිතනවා මේක හොඳ ආදර්ශයක් හැම දෙනාටම.
rocky Thursday, 07 September 2017 10:01 AM
දහම්, ජන මතය කියන්නේ ඔබගේ තනි මතය නොවෙයි! වරද වරදමයි.
karunarathna gampola Thursday, 07 September 2017 10:46 AM
රාජ්යසේවයේ උසස් තනතුර ලබාගන්න මොනතරම් වාසනාවක් තියෙන්න ඕනද? ඒවගේම කැපවීමක් මහන්සියක් ගතයුතුද? බෞද්ධයින් හැටියට මේ සිදුවූ දෙය මොනතරම් නිහීනද? අඩුමතරමින් පවුල්පරම්පරාවලට අඹුදරුවන්ට සිදුවූ හානිය, ඉහත ආත්මවලදී කරනලද බරපතල අකුසලකර්මයක් මැදිකොට දිට්ඨාධම්මවෙදනීය කර්මය ඵලදුන් හැටි,
de silva Thursday, 07 September 2017 11:36 AM
අවරුදු 3 ම ඉස්පිරිතාලෙට වෙලා ඉන්න පුළුවන් මෙය අහුවුනට බැඳුම්කර හොර නම් කොහොම හරි බේරේවි
sampath Thursday, 07 September 2017 12:03 PM
කෝටි 60ක් වියදම් කරලා තියෙන්නේ මුළු රටේම බෞද්ධ උපාසක උපාසිකාවන්ට සිල් රෙදි බෙදන්න මිසක්, ඇමති මණ්ඩලයේ නිවාස අලුත් වැඩියා කරන්නවත්, වාහන ගෙන්වන්නවත් නොවෙයි. පෙර රජවරුන් මීට වඩා දේවල් බෞද්ධයා සහ බුද්ධාගම වෙනුවෙන් කරලා තියනවා. හොද වෙලාවට මහින්ද වෙහෙර විහාර හැදෙව්වේ නැත්තේ.
රසිකThursday, 07 September 2017 01:28 PM
ඒ ඒ රාජ්‍ය ආයතනවලට පැවරුනු රාජකාරි තියෙනවා. ආයතනවල මුදල් ඒ රාජකාරිවලට අමතරව හිතෙන හිතෙන ඒවට වියදම් කරන්න බෑ. 1. රටේ විද්‍යුත් තරංග කළමනාකරණයට පිහිටුවල තියෙන විදුලි සංදේශ නියාමන කොමිසමේ විෂය පථයට සිල් රෙදි බෙදීමක් අයිති නෑ. 2. ජනාධිපතිවරණය ප්‍රචාරණ කාලයේදී රාජයේ මුදල් වියදම් කරල අපේක්ෂකයෙක්ගෙ නම සිල් රෙදිවල ගහල බෙදල ප්‍රසිද්ධියක් දීම වැරදියි.
ranaviThursday, 07 September 2017 04:44 PM
සිල් රෙදි බෙදුවේ ඒ අයගේ ඡන්ද කෙරුවාවට මිසක් අසරණ මිනිස්සු ගැන හිතල නෙවෙයි.
Dasa Thursday, 07 September 2017 12:37 PM
නියමයි කරපන් කිව්වම කොයි එකටත් යේස් සර් කියන උඹල හැමෝටම මේවා හොඳ පාඩම්!
ධම්ම Thursday, 07 September 2017 12:42 PM
ගිහිල්ලා එන්න.
one srilankan Thursday, 07 September 2017 12:45 PM
රජයේ උසස් නිලදරින්ට දෙසපලුවන්ගේ අණට කීකරු වුණාම වෙන අවාසනාවන්ත සිදුවීම ,,, මුදල් රෙගුලාසි සහ අයතනසග්හය නොදන්නා උදවිය නම් කමක් නැත ,,කනගාටුයි
ranavi Thursday, 07 September 2017 01:35 PM
මෙතන හිරේ යන්න ඕන කවුද?තමන්ගේ මහන්තත්තකම ලොකුකම රටේ සල්ලි වලින් චන්ද මගඩියෙන් මිනිස්සු මුලා කරන්න හදපු නායකයද මේ අයද?
ජේමිස් බන්ඩා Thursday, 07 September 2017 03:03 PM
රජයේ නිලධාරීන්ට මේවා හොඳ පාඩම්
Padmini Friday, 08 September 2017 04:17 AM
දහම්,, සම්පත්, මැතිවරණයේදී මිනිස්සුන්ට කසිප්පු දුන්නමත් ඔබල කියාවි අනේ එයාල ගෙදර ගෙනිච්චේ නැහැ ජනතාවගේ පරිභෝජනයටනේ දුන්නේ කියල. අනේ මෙහෙමත් මොළ හෝදපු දෙන්නෙක්.
Rohana Friday, 08 September 2017 05:32 AM
රජයේ නිලදරින්ට හොද පුර්වාදර්ශයක්. කොන්දක් තිබෙන විනිසුරුතුමෙක්