වරකාපොළ මියැදුරුපොල අඳ මව්පියන්ගේ දියණියක පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 185ක් ලබා කෑගල්ල දිස්ත්‍රිකයෙන් මුල්තැන පැමිණ සිටින්නීය.
රසාරා දිලිනිකා මධුෂානි ඇයයි. එම දැරිය පවසනුයේ පාසලේ ගුරුවරුන්ගෙන් හැර ටියුෂන් නොගිය බවයි.
ඇගේ පියා ඩබ් හේරත් මහතා ලොතරයි ටිකට් විකුණා දරුපවුල රකී.
ඩබ්ලිව්. එම්. හේරත් බණ්ඩා නමින් මහජන බැංකුවේ වරකාපොල ශාඛාවේ ගිණුමක් අරඹා ඇත.
054-2-001-3-4879372 ගිණුම් අංකයයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම අසරණ පවූලක් නොවේ.. වාසනාවන්ත පවුලක්.. සූදූ දූවේ ඔයා දෙමාපියන්ටත්, පාසලේ ගුරුවරුන්ටත්, ගමටත් රටටත් ආලෝකයකි. ඒ ආලෝකයෙන්ම ඉදිරියට යෑමට ශක්තිය ධෛර්යාය ලැබේවා...!!මට සිටිය එකම සහෝදර අයියා යූධ හමූදාවේ උතූරේ ක්‍රියාන්විතයේදී දිවි දූන් සහෝදරයා වෙනුවෙන් සහ ඔයාගේ මේ දක්ෂතාවයට තව තවත් ධෛර්‍යයක් වීමට මා කැමතියි. මුදලින් ආධාරයක් කිරීමට...,සූදූ දූවේ ඔයාගේ නමින් තියෙන බැංකූ ගිණූමේ අංකයත්,ඔයාගේ තාත්තගේ ටෙලිෆෝන් අංකෙත් මගේ මේල් ලිපිනයට ලැබෙන්න සළස්වන්න. ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන් මා විශේෂ ඉල්ලීමකුත් කරන්න කැමතියි..ඔබලා මත් පැන් වලට සහ දූමි පානයට මාසෙකට වැය කරණ මුදල රුපියල් වලින් ගණනය කලෝත් ලොකූ මුදලකි. මේ මුදල් මෙවැනි දරැවෙකූට හෝ දූගී දූප්පත් පවූලකට උපකාරයක් කිරීමට හැකිනමි මිල කළ නොහැකි අගනා සමාජ මෙහෙවරකි,පිනකි...බොරු කාරයින්, හොරුන්ට හසූ නොවී කෙලින්ම ඒ පුද්ගලයින් සමිබන්ධ කරගෙන යම් උපකාරයක් කිරීමට හැකි නමි මෙන්න අවස්ථාව.....!!! සූදූ දූවේ ඔයාට ජය නියතයි......!! (ස)
ප්‍රාදේශීය සභා අයට නම් මේ ළමයින්ව පෙන්නන්නවත් එපා. (නි)
ඔබ වැනි දරුවන් අපේ රටට වාසනාවන්. ඔබ ලකුණු 185 ක් ලැබුයේ සුපිරි පාසලක අධ්‍යාපනය ලබාගෙන නොවෙයි. අසීමිත දුක් කම්කටොලු මැද කුසට නිසි අහරක් නොලබා වන්න ඇති. ඔබ පෑ දක්ෂතාවයට මුළු රටම ආශීර්වාද කරාවි. ඔබේ මවුපියන්ගේ දුක් කදුළු ගඟ සතුටු කදුලින් උතුරා යන්න ජීවිතයේ සාර්ථක දිගු ගමනක් යන්න ඔබට සතර වරම් දෙවියන්ගේත් තුනුරුවන්ගේ සරණේත් ආශීර්වාදය ලැබේවා! (නි)
ඒ ළමයාගේ පාසල සහ දුරකථන අංකයක් ලබා දෙන්න. මට ආසයි ඒ ළමයා සමඟ ටිකක් කතා කරන්න. අනිවාර්යයෙන්ම මගෙන් ආධාරයක් එම ගිණුමට යවනවා. (නි)
පුංචි තාරකාවිය, ඔබේ දිවි මග වාසනා වේවා! (නි)
මේ මුළු ලෝකයම අන්දයි දුවේ . ඒ හැමගේම ඇස් අරින්න රත්තරන් .ඉදිරියටම යන්න .ඔයාට මමත් උදව් කරන්නම් (ස)
මම මේ ගිණුම් අංකයට උපකාරයක් කරන්නම්.. දුරකථන අංකයක් තියෙනවාද?(නු)
ඇත්තටම ගොඩක් සතුටුයි මේ දරුවා ගැන , ඔබට සුභ අනාගතයක් (ස)
රත්තරං නංගියේ ඔයාට තෙරුවන් සරණයි.. ඔයා ගොඩක් වාසනාවන්තයි. දෙමාපියන්ට ශක්තිමත් දරුවෙක්.. ඉදිරියටම යන්න..!(නු)
කරුණාකර තොරතුරු අවශ්‍යයි. (නි)
මවක් හැටියට මම හුගාක් සතුටු වෙනවා දුවේ.. ඔයාගේ අනාගතය හුගක් සාර්ථක වෙන්න මම පතනවා..!(නු)
දැස් නොපෙනුනත් ඒ දෙමව්පියන්ටත් ඕනි දරුවගේ දෑස් පාදන්න . හොඳින් ඉගෙනගෙන ඒ දෙමාව්පියන්ගේ ආශාව ඉෂ්ඨ කරන්න . වාසනාවන්ත අනාගතයක් පතමි (ස)
කරුණාකර ලිපිනය එවන්න. (නි)
හරිම සන්තෝෂයි. මේ පවුල ගැන මට ආඩම්බරයි. (නි)
රටක් වටින රත්තරන් කෙල්ලෙක්. ඔබේ අනාගතයට සුභ පතමු. (නි)
දුවේ, ඔබට තුණූරුවන්ගේම සරණයි. (නි)
මෙවන් දූලා තමයි ලෝකයේ ආලෝකය... (නි)
වාසනාවන්ත අනාගතයකට සුභාශිංශන පතමු. (නි)
පන්ති නොගිය බව ලොවටම කියන්න. (නි)
මේ මස වැටුපෙන් වෙන් කල හැකි තරමක් මෙම දැරියගේ ගිණුමේ තැන්පත් කිරීමට සිතා ගතිමි.වැලි කතරේ මහන්සියෙන් උපයනා ඩිනාර් වලින් මහඟු කාර්යකට දායක වීමට ලැබීම සතුටකි...(ස)
ස්තූතියි ලංකාදීප විස්තර ලබා දුන්නට . දැන් අපිට පුළුවන් මෙයාලට හැකි පමණින් උදව් කරන්න ..! (ස)
ඩබ්ලිව්. එම්. හේරත් බණ්ඩා නමින් මහජන බැංකුවේ වරකාපොල ශාඛාවේ ගිණුමක් අරඹා ඇත. ( 054-2-001-3-4879372 ) ගිණුම් අංකයයි. හැයි අය උදව් කරන්න (ස)
ඉදිරි දිවියේ සාර්ථකත්වය කරා යාමට පුංචි දුවට තව තවත් ශක්තිය හා ධෛර්යය ලැබේවායි සුහද සිතින් ප්‍රාර්ථනය කරමි.(ස)
කවදා හෝ ලෝකය දිනන්නට හැකිවේවා! (නි)
මේ දරුවන්ගේ ආරක්ෂාව සහ දියුණුව ප්‍රාර්ථනා කරන ගමන් අර මහජන බැංකු ගිණුමට පොඩි පොඩි ගණන් හරි දමමු අනේ... ගිණුම් අංකයත් සටහන් කරල තියෙනවනේ නේද.. ඒ දරුවටත් අනෙත් දරුවන්ට වගේම තෑගි බෝග ලැබෙන්න ඕන.(ස)
මව් පියන්ටත් රටටත් ආලෝකයක් !!!! (ස)
දෝණී, ලෝකය ජයගන්න ඔබට ශක්තිය ලැබේවා! ලොකු වුණහම අසරණ අම්මා තාත්තා හොදින් බලාගන්න. (නි)
කරුණාකර තොරතුරු දන්වන්න. (නි)
Like to help this child through Karuna Trust. >www.karunalanka.org>
හොදින් ඉගෙනගෙන හොද පුරවැසියෙක් වෙන්න වාසනාව ලැබේවා! (නි)
ඔයාට සුභ අනාගතයක් දුවේ! (නි)
සුභ පැතුම්! මම මේ දරුවන්ට උදවු කරන්න කැමතියි. (නි)
අමාවකට මැදිවුන මවුපිය දෙන්නා නැණවත් දියණියක් පවුලට ගෙන දුන්නා ආලෝකවත් කරමින් ගණඳුර පන්නා පුන්සඳ වගෙයි ඔබ අහසේ නැග එන්නා... (නි)
දුව, ඉදිරියටම යන්න ඔයාට සුභ පැතුම්! (නි)
මම කැමතියි මේ දරුවන්ට උදව් කරන්න , මෙයාගේ ගිණුම් අංකය ලබා දෙන්න..(ස)
අඩුපාඩුකම් මැද ලබපු ජයග්‍රහණයක්. ජයවේවා! (නි)
මොන අම්මාද සතුටු නැත්තේ
දුවේ ඔබ හරිම දක්ෂ දුවෙක් උත්සාහයෙන් ඉගෙනිම කරගෙන යන්න ශක්තිය ලැබේවා කියා පතනවා (දී)
නැතුව ,..... නැතුව
අසෝක අපේ රටේ අහිංසක දරුවන්ට උදව් කරන්න අපි සැදී පැහැදී ඉන්නවා..(ස)
ඔයාට සුභ අනාගතයක් දුවේ..(ස)
ලස්සන මාතෘකාවක්
ඇතුලාන්තය දුකයි
නෙත් අඳ මව්පියන් ගේ ජීවිත වලට ආලෝකය ගෙන එන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ! (නි)
අසෝක මහත්තයා ඔබේ යෝජනාව ඉතාම හොඳයි..අපි සූදානම් (ස)
දුවේ ඔයා රටට ජාතියට ආලෝකයක් වෙන්න , ඔයාට ඒකට ශක්තිය ධෛර්යය ලැබේවා (ස)
නුඹට ඉදිරියටම යන්න වාසනාවත්, ශක්තියත් ධෛර්‍යයත් ලැබේවා! ඒ සමඟම මම ලංකාදීප දයාබර පාඨකයන්ගෙන්( විදේශවල සිටින) කාරුණික ඉල්ලීමක් කරමි.නුඹලාට හැකිනම් මාසයකට එක යුරෝවක් මෙවන් දරුවන් වෙනුවෙන් වෙන්කරන්න. ඔබ ලංකාවට එන දිනක හෝ එයින් ඔබට මෙවැනම තවත් දරුවෙකුගේ අනාගතය යහපත් කරහැකිය.(ස)
ඔබලාගේ දරුවා ලෝකෙටම පෙන්නුවා දක්ෂ කම
කොහොම සතුටක් ඇතිද
දෙවියන්ට ස්තුති වේවා
අසරණ පවුලක වාසනා වන්ත දරුවෙක් සුදු දුවේ ඔබට අධ්‍යාපනෙය් ඉහලටම යන්න රත්නත්‍රෙය් පිහිට සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවායි පතමි (ස)
සන්තෝසයි
සුභපතනවා දුවේ නුබට
මෙවැනි දරුවන් රටට වාසනාවන්, (ස)
දෑස් නොපෙනුනද දුවේ නුඹේ දෙමාපියන් දකින සිහිනයක් ඇත..... ඒ නුඹත් නුඹේ අක්කාත් හොදින් ඉගෙනගෙන රටට දැයට යහපත් දරුවන් වනුයි ඒ සිහිනය ඉටු කරන්නට ඒකී සිහිනය යනු දුවේ ඉදිරියට හොදින් දෑස විදහා ලොව හිතන තරම් සුන්දර නොවන නිසා වාසනාවන්ත අනාගතයක් ......... (නි)
ඔබ රටට ආදර්ශයක්
ඒ අම්මලාට කොයි තරම් සතුටු ඇද්ද (දී)
වාසනාවන්ත අනාගතයක් දුවේ ! (නි)
හරිම ලස්සන දරුවන්. වාසනාවන්ත දෙමාපියන්. (නි)
මෙම දුප්පත් දරුවන්ගේ බැංකු ගිණුම් අංක දැන්වූවොත් ආධාරයක් කිරීමට හැකියි. (නි)
නිසෑකවම මෙම දරුවෝ දෙමව්පියන්ව අලෝකමත් කරාවි ......... සුබ අනාගතයක් (ස)
දියණියේ , ලෝකය ජයගන්න ඔබට ශක්තිය ලැබේවා (ස)
සතුටු නොවී කොහොමද
කරුණාකර මෙයාලගේ ෆෝන් නම්බර් එක එවන්න..(ස)
සුභපැතුම්
මේ පුංචි ලස්සන මුහුණ දකින විට සතුට වගේම ගොඩක් දුක හිතෙනවා.හොඳ අනාගතයක් ඇති දරුවෙක් .මට පුළුවන් තරමින් උදව්වක් මේ දෙමව්පියන්ට ලබාදෙන්න සලස්වනවා.(ස)
අපේ සුභපැතුම්
කැන දෙයක් දේශපාලනය ගාවාගන්නේ නැතුව නොකළොත් ඔක්කොම කොට උඩ තමයි. (නි)
ඔබට වරදින්නේ නැහැ
මේවා දෙයියනගේ වැඩ. (නි)