ඉතාලියේ මිලානෝ නගරයේ නේත්‍රා සංගීත කණ්ඩායම හැත්තෑව දශකයේ ජනප්‍රිය ගී ගයා සංගීත සන්ධ්‍යාවක් පවත්වා,ඉන් උපයාගත් ලක්ෂ තුනහමාරක් යුද්ධයෙන් ආබාධිත සෙබලෙකුවූ අනුරාධපුර හොරොව්පතාන පදිංචි කෝප්‍රල් රවින්ද්‍ර රූපසිංහහට පරිත්‍යාග කැරිණි.
හලාවත ශාන්ත මරියා පිරිමි පාසලේදී මිලානෝ කිතුනු සංඝයේ නිමල් ජයන් පියතුමා විසින් පිරිනැමීය.
හලාවත ශ්‍රී විජයාරාම විහාරාධිකාරී පණ්ඩිත සුමනසිරි හිමි, චාල්ස් තෝමස් සහෝදරතුමා,ලුතිනන් දයාරත්න,හලාවත නගරාධිපති හිලරි ප්‍රසන්න මහතා හා ලලී කොබ්බෑකඩුව මහත්මිය සහභාගී වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොඳ වැඩක්. සැමටම පින් (අ)
අනේ මේ මනුස්සයට අර චෝගම් එකට ගෙනාපු කාරෙකක් දුන්නනම් ඉවරයිනේ. මොකෝ අපි එපා කියනවයෑ.(නදී)
අදහස් දැක වූ ඔබ සියලුම දෙනාටම නේත්‍රා මිලානෝ සංගීත කණ්ඩායමේ අවංක ස්තුතිය පුද කරන්නෙමු.(නදී)
ඉතාලියේ ඉන්න ගොඩක් අය ප්‍රසිද්ධියේ මෙන්ම අප්‍රසිද්ධියේත් අන් අයට උදව් කරනවා. ඒ වගේ දේවල් අගය කිරීම හොඳ දෙයක්. (නදී)
මෙන්න ළමයිනේ ආදර්ශ නව පරපුරේ දරුවන්ගෙන්ම. 70 දශකයේ ගීත අගය කිරීම සහ උපයා ගත් මුදලින් කල පුණ්‍යමය කටයුත්ත දෙකම අපි අගය කරමු. ඔබලාට ඉදිරියට යන්න සියලු ශක්තිය ධෛර්‍ය ලැබේවා. (නදී)
මේ වෙන්නප්පුවේ කොල්ලෝ නේ....හොද වැඩක් (අ)
ගොඩක් හොඳ වැඩක්. සැමටම පින් ....(ත)
රණවිරුවෝ ,රණවිරුවෝ කියමින් බොරුවට කෑ ගසන අයට,රණවිරුවන් වෙනුවෙන් වටිනා සේවයක් කල දුලින්ද ප්‍රමුක නේත්‍රා මිලානෝ සංගීත කණ්ඩායම ,ආදර්ශයක්ම වේවා. මෙම කටයුත්තට අකුල් හෙලු අයට දැන්වත් මෙයාට සුභ පැතීමට සිතක් පහල වේවා ! (නදී)
ඉතාලියේ හොද වැඩ කරන ගොඩ දෙනෙක් ඉන්නවා. (ත)
ගොඩක් හොඳ වැඩක්. සැමටම පින්.(නදී);
විශිෂ්ටයි සන්තෝෂයි දරුවනේ (අ)
මේ වගේ දේවල් කරන අයට සහය දෙන්න ඔවුන්ට බොරු මඩ ප්‍රහාර ගැසීමෙන් වලකින්න.(නදී)
ගොඩක් පින් සිදු වෙන වැඩක්,ලොකු ආදර්ශයක්.."නේත්‍රා"ඔයාල හැමෝටම යහපත් අනාගතයක් වේවා! (අ)
ගොඩක් හොඳ වැඩක්..සුභ පැතුම්.(නදී)
නේත්‍රා, ගොඩක් අනගිභවනිය ශ්‍රේෂ්ට ක්‍රියාවක්. ඔබ සියලු දෙනාට ගොඩක් පින්. ඒ වගේ මෙම අවස්තාව සාර්ථක කරගැනීමට සහයෝගය ලබා දුන් සියලු දෙනාටත් තුති. තවද නිහඩව පවුලේ දු දරුවන් ශ්‍රී ලාංකික අසරණ රෝගී දු දරුවන් සදහා උදවු උපකාර කරන මිලානෝ වල විමල් මහතාටත් ගොඩක් තුති. ලංකාදීප කාර්‍යමඩුල්ල ඇතළු සියලුම දෙනාට සුභ නත්තලක් උදාවේවා !(නදී)
බොහොම පින් ඔයාලට. නේත්‍රා මිලානෝ... ඔබ සියලුම දෙනාට මගෙන් සුබ පැතුම්... (ත)
කළ යුතු දේ දකින නේත්‍රා ..සුභ පැතුම්! (ත)